බොයිලර් චිකන් කන්න කලින් දැනුවත් වන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොයිලර් චිකන් කන්න කලින් දැනුවත් වන්න

    බොයිලර් චිකන් කන්න කලින් දැනුවත් වන්න.....

    තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.

    බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.

    රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ‘ලංකාදීපය‘ ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.
    ‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා. මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.‘
    ‘ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.‘
    ‘සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.‘
    ‘මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.‘

    පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.


    උපුටාගැනීම - ලංකාදීප
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආසනික් තියෙන නැති ඒවා දැම්ම නම් තමයි වටින්නේ,නැත්නම් කිසි වැඩක් නෑ :cool:
     
    • Like
    Reactions: jayanathek

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    හරි විදිහට ලොකු කරපු free range කුකුලන්ගේ මස් කනවා නම් කුකුළු මස් තමා මිනිස්සුන්ගේ ඇගට හොදම.හරක් මස්,ඌරු මස්,එළු මස්, ඇගට හොදම නැහැ.කොලෙස්ටරෝල් ගුලිය.මම නම් කියන්නේ ලංකාවේ ඇගට හොද කිසිම මසක් නැහැ.මාළු වලත් ෆෝමලීන්නේ.එළවලු වලත් තනිකරම වස.අහෝ ලංකාව.:(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Thanks 13+


    බොයිලර් චිකන්


    rep given


    ආසනික් තියෙන නැති ඒවා දැම්ම නම් තමයි වටින්නේ,නැත්නම් කිසි වැඩක් නෑ :cool:


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරි විදිහට ලොකු කරපු free range කුකුලන්ගේ මස් කනවා නම් කුකුළු මස් තමා මිනිස්සුන්ගේ ඇගට හොදම.හරක් මස්,ඌරු මස්,එළු මස්, ඇගට හොදම නැහැ.කොලෙස්ටරෝල් ගුලිය.මම නම් කියන්නේ ලංකාවේ ඇගට හොද කිසිම මසක් නැහැ.මාළු වලත් ෆෝමලීන්නේ.එළවලු වලත් තනිකරම වස.අහෝ ලංකාව.:(
    :(
     
    • Like
    Reactions: jayanathek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    http://newsroom.wiley.com/press-rel...oultry-feed-arsenic-more-problematic-assumed-

    අපේ උනුත් ඉන්ටනෙට් එකෙන් මොකක් හරි ලබ්බක් හොයන් තමන්ගෙ පර්යේෂණයක් විදිහට කියෝනව. මුන්ට පඩියට කීයක්ද ගෙවනව නේද පර්යේශන කරනව නම්.

    මොකක් උනත් කතාවෙ ඇත්තක් තියෙනව. චිකන් ලිවර් / සොසේජස් කන එක අඩු කලා නම් හොඳයි
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    හරි විදිහට ලොකු කරපු free range කුකුලන්ගේ මස් කනවා නම් කුකුළු මස් තමා මිනිස්සුන්ගේ ඇගට හොදම.හරක් මස්,ඌරු මස්,එළු මස්, ඇගට හොදම නැහැ.කොලෙස්ටරෝල් ගුලිය.මම නම් කියන්නේ ලංකාවේ ඇගට හොද කිසිම මසක් නැහැ.මාළු වලත් ෆෝමලීන්නේ.එළවලු වලත් තනිකරම වස.අහෝ ලංකාව.:(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(