බොරුව_ඇත්තවගේ_ කීම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරුව_ඇත්තවගේ_ කීම

    බැල්කනියෙන් වැටී කකුල් දෙකට හානි වී ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර රෝහලේ ප්‍රතිකාර ලබන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිතුමා සමග ඉකුත් සිකුරාදා (17දා) උදේ 7.50 ට පමණ දුරකථනයෙන් මම ඔහුට කතා කළෙමි.

    ඇමැතිවරයාගේ ජංගම දුරකථනය දිගටම නද දුන්නේය.

    හලෝ....... යෑයි කියමින් ඔහු මා ඇමැතුවේ තද නිදිබර ගතියෙනි. මා ඔහු සමග කතාවට වැටුණි. කටහඬින් මා කවුදැයි කියා ඔහු හඳුනාගත්තේය. තාමත් මෙහේ මහා පාන්දර යෑයි කීවේය.

    සමාවෙන්න ඇමැතිතුමා නින්දට බාධා කළාට. අපේ රාජකාරියට වෙලාවක්‌ නැහැනේ කියමින් සිනාසුනෙමි.

    පිළිතුරු නැහැ නැහැ. ඒකට කමක්‌ නැහැ. අපි කතා කරමු.

    කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිතුමා සමග තවදුරටත් දුරකථන සාකච්ඡාව කරගෙන යැමේ අරමුණ ඇතිව මම ප්‍රශ්න මතු කළෙමි.

    ප්‍රශ්නය - ඇමැතිතුමා ඔබට සිදු වූ අනතුර ගැන මෙහේ එක එක විදිහේ කතා පැතිරෙනවා.

    පිළිතුර - කට කතා ඕනෑ කෙනෙකුට පතුරවන්න පුළුවන්. ඒ වගේම අනතුරක්‌ ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්. ඒවා ඔක්‌කෝම හිතා මතා වෙන දේවල් නොවේ.

    මාව බැල්කනියෙන් ලිස්‌සලා වැටිලා කකුල් දෙකටම හානි වුණා.

    ප්‍රශ්නය - ඉතින් කවදාද ශ්‍රී ලංකාවට එන්නේ.

    පිළිතුර - ඒක දැන්ම කියන්න බැහැ. ලබන අඟහරුවාදා තවත් සැත්කමක්‌ තියනවා. තව දුරටත් ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙනවා.

    මෙහේ වෛද්‍යවරු ඒ වගේම ඇමෙරිකාවේ ඉඳලත් විශේෂඥ වෛද්‍යවරයෙක්‌ මා වෙනුවෙන් මෙහේ ඇවිත් ඔස්‌ටේ්‍රලියාවේ සිටින දක්‍ෂතම වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ මා ගැන ඉතාමත් උනන්දුවෙන් ක්‍රියා කරනවා. මම හිතන හැටියට තවත් සති දෙක තුනක්‌වත් මට ප්‍රතිකාර ලබන්න සිදුවෙයි.

    ප්‍රශ්නය - ඔබව බලන්න ශ්‍රී ලංකාවෙන් කවුද ඔය පැත්තේ ආවේ.

    පිළිතුර- අපේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ආවා. එයාව එව්වේ අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයයි. ඒ වගේම අපේ ගෙදර පවුලේ කට්‌ටියත් මෙහේ ඇවිත් ඉන්නවා. මගේ සුවදුක්‌ බලන්න ඔස්‌ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ හුඟ දෙනෙක්‌ මෙහේ එනවා. ඒගොල්ලේ හැම කෙනෙකුම සමග කතා බස්‌ කරන්න ඕනෑ. එයාලා හුඟ දෙනෙක්‌ කනගාටුව පළ කළා. මාව දිරිමත් කළා. අද හෙටම සුව තත්ත්වයට පත් වෙන බව කාගේත් විශ්වාසයයි.

    ප්‍රශ්නය - ආරංචිද මෙහේ සිද්ධ වෙන දේවල්.

    පිළිතුර- අපොයි ඔව්. නිතර නිතර ශ්‍රී ලංකාවේ තොරතුරු ලැබෙනවා. තෙල් ප්‍රශ්නය ගැන, හලාවත වෙච්ච සිද්ධිය වෙනදා ඔය සිදුවීම් වෙනු වෙන් ජනමාධ්‍යයට කියන්නේ මමනේ.

    ශ්‍රී ලංකාවට පැමිණි පසු අපි හමුවෙමු. ඔය කට කතා පතුරවන අයට උත්තර දෙන්නම් කියමින් ඇමැතිවරයා ජංගම දුරකථන සම්බන්ධය නතර කළේය.


    http://www.divaina.com/2012/02/19/news09.html

    බලාපල්ලා දැන් ලංකාව උදේ 7.50 කියන්නේ මෙල්බර්න් වල දවල් 1 වගේ වෙලාව . කොහොමද බොරුව අතේ පත්තු වුන හැටි. ජාතික පුවත් පතක් මෙහෙම බොරු කියලා මිනිසුන්ව රවටන එක හරිද ?