බෝදිලිමුවා-&-මයි-මෙමරීස්
පොඩි කාලේ අපි කාටත් තියනවානේ සුන්දර මතකයන්.
ඒ මතකයන් එක වෙලාවකට අපිව හිනස්සවනවා,අඬවනවා.
එහෙම අඬන අය කියන්නෙ ජීවිතය මහා දුකක්,පවක් කියලා.
ඒත් ඒ වගේ බහුතරයක් අතරින් මගේ අවංක හෘද සාක්ෂිය අනූව මම විඳවලා නෑ.
මම හැකි තරම් ජීවිතය වින්දා .
මට හිටියා හෙන යාලුවෝ සෙට් එකක්.එතන හිටියා එක එක විදියේ අය වෙනසක් කියලා නෑ.
එක පොකුරෙ මිදි වගේ තමයි.
ඉස්සර රෑට නිදා ගන්නෙත් උන් එක්ක කරපුවා මතක් කර කර මහ හයියෙන් හිනා වෙවී.
ඔය අතරෙ එක්කෙනෙක් ඕ ලෙවල් ලියලා ඉවරවෙලා පවුල පිටින් uk ගියා.
ඌ නැති අඩුව දැනුනත් මිනිහා ස්කයිප් වලින්,ෆෝන් එකෙන් ඉඳලා ඉඳලා කතා කරන නිසා කාලයක් යනකොට ඒකත් සාමාන්‍ය දෙයක් උනා.
මේ අවුරුද්දෙ ඒ ලෙවල් ලියලා ගෙදර ඉන්න ගමනුයි.සමහර දේවල් මට තේරෙන්නෙ.
සෙට් එකේ හිටපු දෙතුන් දෙනෙක් ආපහු ඒ ලෙවල් කරන්න පන දාගෙන වැඩ.
මම ස්ලිට් එකට යන්න හදනවා.
තව උන් ටිකක් එක එක කෝස් වලට පනින්න හදනවා.
පුදුමයි.ඒ වගේම දුකයි.
පොඩි කාලේ ඉඳන් එක පවුලේ සහෝදරයෝ වගේ ඉඳලා ටිකෙන් ටික වයසට යනකොට ඒ සතුට දැන් ජීවිතය අපෙන් හොරා ගන්නවා වගේ.
ඉස්සර වගේ සෙට් වෙලා කයියක් දාන්න විදියක් නෑ.
එකෙක්ට වැඩ නැති වෙනකොට අනිත් එකාට වැඩ.
කලාතුරකින් එහෙම කවුරුත් සෙට් වෙලා ගියපු ගමනක අත්දැකීම් වලින් තමයි මේ ත්‍රෙඩ් දෙක දැම්මෙත්.
රූමස්සල|Roomassala[My Journey]
Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]
අෆ්ෆා වෙලාවකට හිතෙනවා ජීවිතේ සංකීර්ණබව වැඩි නොවෙන්න මිනිසා පරිනාමය නොවී ගල් යුගයේම හිටියා නම් හොඳයි කියලා.
ඒත් ඉතිං මොනවා කරන්නද.
මේ දවස් වල නිදා ගන්න යන හැම අවස්ථාවකම වගේ පොඩි කාලේ වෙච්ච දෙයක් එහෙම නැත්නම් කරපු කියපු මොකක් හරි මල විකාරයක් මතක් වෙනවා.
ඔන්න ඒක නිසා හිතුවා මේ මහ රෑම මතක් වෙච්ච වෙලාවේ ඒ අත්දැකීම බෙදාගන්න
මෙන්න මේ ත්‍රෙඩ් එක මගේ එක සුන්දර මතකයක් අවුස්සලා ගත්තා.
http://www.elakiri.com/forum/showthread.php?p=8674246#post8674246
මේ දේවල් මගේ අන්තිම හුස්ම පිට වෙනකොටත් මතක් කරලා කට කොනකින් හිනා වෙන්න පුලුවන් බව මට විශ්වාසයි.
මම ඕ ලෙවල් කරේ 2007.
පන්ති කියලා ගෙදරින් පිට උනාට අන්තිමට ගියපු පන්තියක් නැති නිසා exam කිට්ටු වෙනකොටම
බයටම වගේ හරේට මෙහේට ගිහින් වැඩ කර කර exam එකට ලෑස්තිවෙන්න යැවුනා.
ඕ ලෙවල් වලට මුලින්ම තියෙන්නෙ සිංහලනේ.
ඔන්න ඉතින් සිංහල paper එකට දවස් 2ක් තියලා
හවස අපි ගියා පොඩි කාලේ ඉඳලම අපිට බොහෝම කරුනාවෙන් සිංහල,සමාජ අධ්‍යයනය උගන්නපු ගුරුවරයෙක් ලඟට.
එතුමා කලාතුරකින් දකින්න පුලුවන් බොහොම දක්ෂ ගුරුවරයෙක්.
එහේට අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 5ක් විතර ඇති.බයිසිකල් වලිනුයි ගියේ.
එහේ ගියාම අපිට වෙලාවක් කලාවක් නැති නිසා.
පිට වෙනකොට රෑ 10ට විතර ඇති.
ඔය යන එන පාරේ තියනවා හොඳ කොත්තු කඩයක්.
ඒකේ කෑම මරු.මරු කියන්නෙ මරේ මරු.
ඉතින් ගත්තෙ නැතෑ කොත්තු 3ක්.
උනු උනුවෙන් රස්නෙ නිව නිව වතුර ටැංකි පිටින් බිබි කනකොට 10.45 වගේ උනා.
එකත් ඉවර වෙලා ඔන්න දැන් පාරෙ දිගේ ටිකක් සද්දෙන් කතා කර කර එනවා.
ඔය අතරේ ඉස්සර මගේ ලඟ තිබුනු k750iමොබයිල් ෆෝන් රාජයාට එනවා ගෙදරින් කෝල් එකක්.මලා .....
ගෙදරින් බය වෙලා.
මම ශේප් එකේ කිව්වා තව මිනිත්තු 10 ගෙදර බය වෙන්න එපා කියලා.
යන්තන් ඇති ඒක ශේප් .......
එහෙම ෆෝන් එක සාක්කුවේ දාගත්තම.
මම කලින් කිව්වෙ uk ගියපු එකා ඇදලා ගත්තා බෝදිලිමුවෙක්ගෙ කතාවක්.
(වැඩිය දකින්න නැති උනත් බෝදිලි මුවා කියන්නෙ මහ තඩි කටුස්සෙක්.)
මමත් ඕක ලාවට අහලා තිබ්බා.
බෝදිලිමුවා හොල්මනක්ලු.බිම පෙරලි පෙරලිලු යන්නෙ.
තරුන කොල්ලොන්ගේ ලේ බොනවාලු.
කොහොම හරි මාතර පැත්තෙ චන්ඩි ඉන්න පලාතක් තමයි තුඩාව කියන්නෙ.
එහේ ඉන්නවා මිනීමරන,කුඩු විකුනන ඕන ජාතියක චන්ඩි.
උනුත් රෑට එලියට බහින්නෙ නැතිලු ඔය බෝදිලිමුවෙක් නිසා.
කොහොම චන්ඩිද නේ?...ඉතින් බොරු කියන්නෙ මොකටද එන පාරේ ඉඳලා හිටලා යන වහනයක් විතරයි ....
මම ටිකක් බය උනා.ඒ බයත් එක්කම ටිකක් දුර ආවා.දැන් ගෙදරට ගොඩක් ලඟයි.
හරියටම කිව්වොත් මාතර නගරයේ තියන ලොකුම හන්දිය.
නූපේ හන්දිය ලඟ.හිතා ගන්න උනේ නෑ එක පාරටම බව්වෙක්ගේ බා(ර්)ක් එකකුත් එක්කම අපේ uk මෑන් කෑගැහුවා.
පිටි පස්ස හැරිලා බැලුවා.මෙන්න මූ බයිසිකලෙන් වැටිලා.අනිත් එකයි මායි හනික ගිහින් මූව නැගිට්ටුවා.
දැන් මූ කෑ ගහනවා බෝදිලිමුවා බෝදිලිමුවා අන්න අන්න කියලා.... මම නං අම්බානක් බය උනා.
මගේ ජිවිතේට මම බය වෙච්ච හොඳම දවස.....
මූ කෑගහපු සද්ද ඇහිලා නූපේ ත්‍රීවීලර් පා(ර්)ක් එකේ හිටපු දෙතුන් දෙනෙක් ආවා.
ඒ අය බැලින්නම් මේ කොහෙවත් යන බෝදිලිමුවෙක් නෙවෙයි.
කලු තඩි බල්ලෙක්.
බල්ලා ඇවිත් තියෙන්නෙ මිනිහව හපන්න.
ඒත් මිනිහා කෑගහපු සද්දෙට බල්ලා බයේ ගිහින් හැංගිලා පොඩි බස් හෝල්ට් එකක් අස්සෙ.
හොඳ වෙලාවට මෑන්ස්ට තුවාල තිබුනේ නෑ.
ඇඳුම් වල ගෑවිච්ච දූවිලි විතරයි.ඉතින් ත්‍රීවිල(ර්) පා(ර්)ක් එකේ කස්ටියට තැන්ක්ස් කියලා.
වතුරත් ඉල්ලගෙන බීලා.
ශේප් එකේ මිනිහාවත් ගෙදරට දාලා අනිත් එකයි මායි ගෙවල්වල ගිහින් නිදාගත්තා.
කිව්වා වගේ මිනිහා ඉඳලා හිටලා කෝල් එකක් දුන්නම අපි තාමත් කින්ඩි දාන්නෙ ඔය කතාව කියලා තමයි.

හොඳ වෙලාවට මෑන්ස්ට තුවාල තිබුනේ නෑ.ඇඳුම් වල ගෑවිච්ච දූවිලි විතරයි.ඉතින් ත්‍රීවිල(ර්) පා(ර්)ක් එකේ කස්ටියට තැන්ක්ස් කියලා.

Last edited: