ආ මෙන්න උසස් එතකොට එහෙම පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේවල් විශ්වාස කරන එක මිත්‍යාවක් නෙවෙයිද? ඔය සංකල්ප ඔක්කොම මිනිස්සු මේ ලෝකේ දකින දේවල් පැහැදිලි කරගන්න හදාගත්ත පට්ටපල් බොරු ටිකක් විතරයි.
ඔලුව කොහේ හරි තදින් වැදිලා වගේ
ආ මෙන්න උසස් එතකොට එහෙම පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේවල් විශ්වාස කරන එක මිත්‍යාවක් නෙවෙයිද? ඔය සංකල්ප ඔක්කොම මිනිස්සු මේ ලෝකේ දකින දේවල් පැහැදිලි කරගන්න හදාගත්ත පට්ටපල් බොරු ටිකක් විතරයි.
100% Agreed.
(දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)
100% Agreed.
අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්.. දැන් කෝකද ඔය දෙකෙන් හරි?
Classical Physics වැරදි නම් ඇයි තාම ඒ බොරු ගොඩ උගන්නන්නේ??
දැන් කියන්න එපා Modern Physics පැහැදිලි කරන්න Classical Physics ඕනි කියල.. මොකද එතකොට Modern Physics පදනම් වෙලා තියෙන්නේ Classical Physics මත වෙන නිසා.. Modern Physics නිවැරදි නම් පැහැදිලි කරන්න Classical Physics මොකටද?
කලිනුත් කවුද එක්කෙනෙක් පාත්‍රය උඩු ගං බලා කියලා විද්‍යාවෙන් ඔප්පු කරා.. ජීවිතේ දැකපු ලොකුම විහිළු වලින් එකක්.. එහෙම බැලුවම මොන කුපාඩියා ගිහින් අදාළ පාරිසරික සහ භෞතික තත්වේ යටතේ පාත්‍රයක් තිබ්බත් උඩු ගං බලා යන්න ඕනි..
නිවුටන් නියම දාන්න කලින්ම කියනවානේ ඒකාකාරී ත්වරණ කතාවක්.. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරී නොවුන ගමන් නිව්ටන් ගොළු වෙනවා.. දැන් මේ කියන්න හදන්නේ නිව්ටන් වැරදි කියල නෙමෙයි.. නිව්ටන් 100% නිවැරදියි එයාගේ රාමුව ඇතුලේ.. හැබැයි රාමුවෙන් එලියට ගත්තොත් අනාතයි.. අනික් ගොඩක් දේවල් උනත් මෙහෙම තමා..
ලොකුම බොරු ගොඩ තියෙන්නේ රසායන විද්‍යාවේ.. ලැජ්ජා නැතුව මේවා බොරු කියලයි උගන්නන්න පටන් ගන්නේත්
බුදුදහම කියන්නේ සොබාදහමේ නීතිය (AFAIK).. මේ කියන සොබාදහමේ නීතිය පැහැදිලි කරන්න අපි මේ ඉගෙන ගන්න අන්ධ විද්‍යාවෙන් බෑ.. ඒ වගේම අපිට භෞතිකව පෙනෙන, දැනෙන මානයන් විතරක් පාවිච්චි කරලත් වැඩක් නෑ..
කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විද්‍යාවට බෑ තාම බයිසිකලයක් ස්වයං ස්ථායි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න.. දැන් උත්තර හොයන් එන්න එපා.. මොකද ප්‍රශ්නයකට තිබිය හැක්කේ එක උත්තරයයි.. ඒ උත්තරේ දුන්නම ප්‍රශ්නය මැකිලා යන්න ඕනි.. එහෙම නොවෙනවා නම්, උත්තර එකකට වඩා තියෙනවා නම්, එක්කෝ ප්‍රශ්නය අහපු විදිය වැරදි, නැත්තන් උත්තරය දෙන්න දාපු නිගමන, නියම වැරදි ...
අපි නිදා ගන්නේ ඇයි?
ඈනුම් යන්නේ ඇයි?
ඇයි වමත්කරුවන්ට වඩා දකුණත් කරුවන් වැඩි?
ඇයි පෘථුවිය ගෝලාකාර? පෘථුවිය විතරක් නෙමෙයි, ඇයි හැම ග්‍රහයෙක්ම ගෝලාකාර? ගුරුත්වාකර්ෂණය නිසා??? හරි .. එතකොට මොකක්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ?![]()
මේ වගේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඇයි ඒවාට උත්තර නැත්තේ? උත්තර හොයාගෙන නෑ?? ඇයි තාම හොයාගෙන නැත්තේ?? විද්‍යාව තාම දියුණු නෑ?? ඉතින් එහෙම විද්‍යාවක් අරන් බුදුදහම Scientifically Proven කරන්න හදන එක හරිද???
(දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)
ඔය "විද්‍යාව" කියන්නේ උඹ උසස් පෙලට ඉගෙනගත්ත බොරු ටික විතරක් නෙවෙයි. තව පට්ටපල් බොරු ගොඩක් ඔකේ තියෙනවා. අයින්ස්ටයින්ගේ සාපෙක්ෂතාවාදය කියන එකේ "අවකාශ කාලයේ වක්‍රතාව" කියල පල් බොරුවක් තියෙනවා. ඌ කියන්නේ පොල් ගෙඩි වැටෙන්නේ ඒක හින්ද කියල. මේ හැම දෙයක්ම ලෝකේ පෙනෙන දේවල් විස්තර කරන්න හදපු බොරු කතන්දර විතරයි. ගුරුත්වාකර්ශනයවත්, අවකාශ කාලයේ වක්‍රතාවවත් ඉන්ද්‍රිය ගෝචර දේවල් නෙවෙයි, බොරු සංකල්ප විතරයි.
සමහරු අහනවා විද්‍යාව කියන එකෙන් වැඩ ගන්න නිසා එක බොරු වෙන්න බෑ කියල. එතකොට මිනිස්සු "මම" කියන සංකල්පය පාවිච්චි කරලා වැඩ කරගන්නේ නැද්ද? එහෙම වැඩ ගන්න පුළුවන් වෙච්ච පලියට "මම" කියන සංකල්පය ඇත්තක් වෙලා "මම" කියල කෙනෙක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියපු එක බොරු වෙනවද?
science walin loke tiyena hama prashnayakatama uttara denna bari bawa atta , .. habai uba mona padhanamaka indanda ethakota kyianne Buddhism eken loke tiyena hama dey ganama sadahan ,widyawata wada diunu deyak kiyala ?
මචන්, වැඩේ දන්න කෙනෙක් එක්ක වාද කරහන්.. හරකෙක් එක්ක මස්කැම ගැන වාද කරලා තෙරුමක් නැනේ.. ඒ වගේ ටිකක් දැනගත්ත එකෙක් එක්ක වාද කරන එක අමාරුයි. ඊට ලේසියි බුදු හාමුදුරුවො එක්ක වාද කරන එක. මොකද ඒ උත්තමයා සබ්ජෙක්ට් එක දන්නවාඔක්කොම බොරු නම් සංකල්පත් බොරු නේ ..වැඩත් බොරු නේ ? ඇයි බොරු වැඩ කරන්නේ ?
ඔක්කොම බොරු නම් සංකල්පත් බොරු නේ ..වැඩත් බොරු නේ ? ඇයි බොරු වැඩ කරන්නේ ?
ඕක තමයි බුදු හාමුදුරුවොත් කිව්වේ හැම දෙයක්ම අනාත්මයි, ගත යුත්තක්, හරයක් නෑ කියල. නිවන් දකින්නනම් ඔය ඔක්කොම බොරුවක් කියල තේරුම් ගන්න ඕනේ. අපට හරි මනස දියුණු කරපු අයට හරි ඉන්ද්‍රිය වලට ගෝචර වෙන සංකල්ප බොරු තමයි. කාගේවත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැති, දකින දේවල් පැහැදිලි කරගන්න කියල හිතාගෙන ගොතන "ගුරුත්වාකර්ෂණය" වගේ කතන්දර ඊටත් වඩා පට්ටපල් බොරු.

මං ඔය ටික කිව්වහම ඉතින් මං හම්බයෙක් ගේ පුතෙක් කියල රෙප් කපාගෙන යන බෞද්ධයොත් ඉන්නවා නේ බන් ..ඒකයි දුක
![]()