බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

dickensian

Well-known member
  • සහතික ඇත්ත නෙවෙයි :no: ඒක වැරදි :no: විද්‍යාවක් කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව ඕක තේරෙන්නේ නෑ .. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවට විතරක් ම නෙවෙයි :)

    buddhism is a philosophy..
    so there is a circumscription where you can justify it scientifically..:)
     
    Last edited:

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    බුදු හාමුදුරුවො ජීවිතයේ යථාර්ථය අවබෝධකරගෙන් සියල්ල අත්හැර දැමූ බෝධිය ලඟ අද කාලේ මිනිස්සු සියල්ල බදා ගෙන වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ධර්මය අවබෝධ කරගන්න කිසිම උවමනාවක් නැතුවයි වැඩ කරන්නේ.

    සමාජයේ වැරදි වැඩ කරන මිනිහට ලෙඩක් දුකක් හැදුනොත් බෝධි පූජා තියලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හොද උනාට පස්සේ නැවතත් සුපුරුදු ජීවිතයටම බහිනවා.
    කාසාදය පරක්කු උනොත් බොදි පූජා තියනවා.
    පවුලේ ප්‍රශ්න වලට බෝධි පූජා තියනවා.

    මේකට නම් බොධි පූජාව කියන්නේ, ඒ අර්ථ දැක්වීමේ ලොකු වැරැද්දක් තියෙනවා.

    :yes::yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕක බොරු ලිපියක් මචන්. "විද්‍යාව කියන එක තමයි ඇත්ත" කියල හිතාගෙන හීනමානයෙන් ඉන්න එවුන් තමයි ඔය වගේ නිවට ලිපි ලියන්නේ. උන්ට බුදු හාමුදුරුවෝ කියපු ඒවා විශ්වාස කරන්න පණ නෑ, ඒවා "විද්‍යාව" කියන එකට ගැලපෙනවා කියල බොරු කතාවක් අටවාගෙන බොළඳ ආතල් එකක් ගන්නවා.

    ඔය "විද්‍යාව" කියල කියන්නේ කිසිම ශක්තිමත් පදනමක් නැතිව හදාගත්ත බොරු දැනුම් පද්ද්ධතියකට. බුදු හාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්ත බුදු දහම ඇත්තද කියල බලන්න ඔය "විද්‍යාව" කියන එක පාවිච්චි කරන එක තරම් විහිළුවක් තවත් නෑ.

    දැන් පොල් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියල ඔය බොරු විද්‍යාවෙන් කියනවා. ඔය ගුරුත්වාකර්ෂණය දැකපු මිනිහෙක් හරි දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මේ විශ්වයේ කොහෙවත් ඉන්නවද? එහෙම තුන් ලෝකෙන්ම කවුරුවත් දැකලත් නැති, අහලත් නැති, රස බලලත් නැති, අල්ලලත් නැති, ඉඹලත් නැති ගුරුත්වාකර්ෂණය මුන් විශ්වාස කරනවා. එත් බුදු හාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් දැකල කියපු දේවල් පිළිගන්න මුන් විද්‍යාවෙන් සාක්කි හොයනවා.

    බුද්ධාගම "විද්‍යාත්මක" කරන්න යන එක පට්ටපල් විහිළුවක්. දැන් පොල් ගෙඩිය බිමට වැටෙද්දී විභව ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වෙනවා කියල කියල ඊට පස්සේ එක කාගේ හරි ඔලුවට වැටුනොත් එහෙම උනේ එයාගේ කර්ම ශක්තිය ඔය චාලක ශක්තියට එකතු වෙලා කියල කියන්න පුලුවන්ද?

    aaka thamai widyawa kiyanne patta pal boru , mey api use karana pc eka , internet , athulu anith okkoma boru dewal ban science walin hoyagatta
    uba gava tiyena oya dewal tika deepan lamekta :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුදු හාමුදුරුවො ජීවිතයේ යථාර්ථය අවබෝධකරගෙන් සියල්ල අත්හැර දැමූ බෝධිය ලඟ අද කාලේ මිනිස්සු සියල්ල බදා ගෙන වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ධර්මය අවබෝධ කරගන්න කිසිම උවමනාවක් නැතුවයි වැඩ කරන්නේ.

    සමාජයේ වැරදි වැඩ කරන මිනිහට ලෙඩක් දුකක් හැදුනොත් බෝධි පූජා තියලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හොද උනාට පස්සේ නැවතත් සුපුරුදු ජීවිතයටම බහිනවා.
    කාසාදය පරක්කු උනොත් බොදි පූජා තියනවා.
    පවුලේ ප්‍රශ්න වලට බෝධි පූජා තියනවා.

    මේකට නම් බොධි පූජාව කියන්නේ, ඒ අර්ථ දැක්වීමේ ලොකු වැරැද්දක් තියෙනවා.

    :( කැතම සිද්දිය කියන්නේ , විභාගෙට කලින් පන්සල් ගිය වෙලාවේ දැක්කේ අපේ අම්මගේ යාලුවෙක් බෝදියට නෙලුම් මල් 100ක් පුජ කරනවයි කියල භාරයක් වෙලා ළමය විභාගේ පාස් වුනොත් :( ඔන්න ඔහොමයි දැන් ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය හැඩ ගැහෙන්නේ :(
     
    Last edited:

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    :( කැතම සිද්දිය කියන්නේ , විභාගෙට පන්සල් ගිය වෙලාවේ දැක්කේ අපේ අම්මගේ යාලුවෙක් බෝදියට නෙලුම් මල් 100ක් පුජ කරනවයි කියල භාරයක් වෙලා ළමය විභාගේ පාස් වුනොත් :( ඔන්න ඔහොමයි දැන් ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය හැඩ ගැහෙන්නේ :(

    ඒක හරියට අල්ලස් දෙනවා වගේ වැඩක් .......:nerd::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    buddhism is a philosophy..
    so there is a circumscription where you can justify it scientifically..:)

    අනිවාර්යයෙන්ම :yes: මං කියන්නෙත් නෑ 100% පුළුවන් කියල .. එත් බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් විද්‍යාවක් තමයි , ඒ විද්‍යාව තේරුම් ගන්න තරම් අද අපි පාවිච්චි කරන මේ නවීන විද්‍යාව දියුණු මදි .. එච්චරයි ඔතන තියෙන කතාව .. ඕක මේ ත්‍රෙඩ් එකේ කතා වෙන ලිපියෙන්ම පැහැදිලි වෙනවා :)
     
    dickensian

    Well-known member
  • අනිවාර්යයෙන්ම :yes: මං කියන්නෙත් නෑ 100% පුළුවන් කියල .. එත් බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් විද්‍යාවක් තමයි , ඒ විද්‍යාව තේරුම් ගන්න තරම් අද අපි පාවිච්චි කරන මේ නවීන විද්‍යාව දියුණු මදි .. එච්චරයි ඔතන තියෙන කතාව .. ඕක මේ ත්‍රෙඩ් එකේ කතා වෙන ලිපියෙන්ම පැහැදිලි වෙනවා :)

    what i personally do is when there is a confrontation between buddhism and science, i go with buddhism..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    :( කැතම සිද්දිය කියන්නේ , විභාගෙට කලින් පන්සල් ගිය වෙලාවේ දැක්කේ අපේ අම්මගේ යාලුවෙක් බෝදියට නෙලුම් මල් 100ක් පුජ කරනවයි කියල භාරයක් වෙලා ළමය විභාගේ පාස් වුනොත් :( ඔන්න ඔහොමයි දැන් ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය හැඩ ගැහෙන්නේ :(

    හැම තැනම ඔය වගේ භාර වෙනවා බන්. ඔන්න දේවියන්ට භාර උනා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    ඉස්සර අපේ මුතුන් මිත්තෝ බුදු ගුණ වඩන නිවන් පතපු බෝධියට අපි කරපු හරිය තමයි බන්. ඒ අය ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරපු බෝධිය අද අපි විභාග පාස් වෙන්න බෝධියට භාර වෙන මට්ටමට අද අපි වැටිලා ඉන්නේ. අපිමයි බන් වරද්ද ගත්තේ. කවුද කැමති පන්සිල් රකින්න? කීයෙන් කීදෙනාද රකින්නේ? සමහර බෞද්ධයෝ පන්සිල් රකින එකාටත් කින්ඩිය දානවා. ගොඩක් අය නමට විතරයි බෞද්ධ.

    වැඩියෙන් මිනිස්සු පන්සලට එන්නේ,
    හාමුදුරුවො චතුරර්‍ය සත්‍ය දේශනයක් පවත්වනවා කිව්වොත්ද?
    විභාගය සඳහා විශේෂ බෝධි පූජාව කිව්වොත්ද?

    සංඝයාව අපිම ඒ තත්වෙට ඇදලා දාලා අපි සංඝයාට චෝදනාත් කරනවා. මේවා ලියන්නත් ලැජ්ජයි බන්. වෙනත් ආගම්වල අන්තවාදියෝ මේවා කියවද්දි උන්ට හිනාත් යනවා ඇති. අපි ඒ තරමට පිරිහිලා. ගොඩ යෑමක් පේනතෙක් මානේක නෑ.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    හැම තැනම ඔය වගේ භාර වෙනවා බන්. ඔන්න දේවියන්ට භාර උනා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    ඉස්සර අපේ මුතුන් මිත්තෝ බුදු ගුණ වඩන නිවන් පතපු බෝධියට අපි කරපු හරිය තමයි බන්. ඒ අය ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරපු බෝධිය අද අපි විභාග පාස් වෙන්න බෝධියට භාර වෙන මට්ටමට අද අපි වැටිලා ඉන්නේ. අපිමයි බන් වරද්ද ගත්තේ. කවුද කැමති පන්සිල් රකින්න? කීයෙන් කීදෙනාද රකින්නේ? සමහර බෞද්ධයෝ පන්සිල් රකින එකාටත් කින්ඩිය දානවා. ගොඩක් අය නමට විතරයි බෞද්ධ.

    වැඩියෙන් මිනිස්සු පන්සලට එන්නේ,
    හාමුදුරුවො චතුරර්‍ය සත්‍ය දේශනයක් පවත්වනවා කිව්වොත්ද?
    විභාගය සඳහා විශේෂ බෝධි පූජාව කිව්වොත්ද?

    සංඝයාව අපිම ඒ තත්වෙට ඇදලා දාලා අපි සංඝයාට චෝදනාත් කරනවා. මේවා ලියන්නත් ලැජ්ජයි බන්. වෙනත් ආගම්වල අන්තවාදියෝ මේවා කියවද්දි උන්ට හිනාත් යනවා ඇති. අපි ඒ තරමට පිරිහිලා. ගොඩ යෑමක් පේනතෙක් මානේක නෑ.

    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    what i personally do is when there is a confrontation between buddhism and science, i go with buddhism..

    :) බෞද්ධ දර්ශනය එක , විද්‍යාව දෙක :yes:

    හැම තැනම ඔය වගේ භාර වෙනවා බන්. ඔන්න දේවියන්ට භාර උනා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    ඉස්සර අපේ මුතුන් මිත්තෝ බුදු ගුණ වඩන නිවන් පතපු බෝධියට අපි කරපු හරිය තමයි බන්. ඒ අය ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරපු බෝධිය අද අපි විභාග පාස් වෙන්න බෝධියට භාර වෙන මට්ටමට අද අපි වැටිලා ඉන්නේ. අපිමයි බන් වරද්ද ගත්තේ. කවුද කැමති පන්සිල් රකින්න? කීයෙන් කීදෙනාද රකින්නේ? සමහර බෞද්ධයෝ පන්සිල් රකින එකාටත් කින්ඩිය දානවා. ගොඩක් අය නමට විතරයි බෞද්ධ.

    වැඩියෙන් මිනිස්සු පන්සලට එන්නේ,
    හාමුදුරුවො චතුරර්‍ය සත්‍ය දේශනයක් පවත්වනවා කිව්වොත්ද?
    විභාගය සඳහා විශේෂ බෝධි පූජාව කිව්වොත්ද?

    සංඝයාව අපිම ඒ තත්වෙට ඇදලා දාලා අපි සංඝයාට චෝදනාත් කරනවා. මේවා ලියන්නත් ලැජ්ජයි බන්. වෙනත් ආගම්වල අන්තවාදියෝ මේවා කියවද්දි උන්ට හිනාත් යනවා ඇති. අපි ඒ තරමට පිරිහිලා. ගොඩ යෑමක් පේනතෙක් මානේක නෑ.

    මං ඔය ටික කිව්වහම ඉතින් මං හම්බයෙක් ගේ පුතෙක් කියල රෙප් කපාගෙන යන බෞද්ධයොත් ඉන්නවා නේ බන් .. :lol: ඒකයි දුක :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1535.gif
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මම හිතන්නෙ ගුරුත්වාකර්ශනය ගැන කතා කරපු සහෝදරයා උසස් පෙල විද්ද්යාව නෙමේ කරල තියෙන්නෙ. බලයන් කියන ඒව අල්ලන්න රස බලන්න බෑ බන්. උබ ඔය කියන විදිහට විද්යාව බොරැ නම්, ගුරුත්වාකර්ශනයක් නැත්තම් උබ ඔය ටිවි එකේ ලයිව් දෙන ක්‍රිකට් මැචුත් බොරු වෙන්න ඕනි මොකද ඒව පෙන්නන්නෙ චන්ද්‍රිකා තාක්ශනය යොදාගෙන. චන්ද්‍රිකා කක්ශ ගත කරන්නෙ ගුරුත්වාකර්ශනය සම්බන්ද සමීකරන යොදාගෙන.

    විද්යාව පරම සත්ය නෙමෙ. ඒත් විද්යාව කියන්නෙ අපිට පිලිගන්න පුලුවන් තරමට සත්යයි කියල ඔප්පු කරපු දෙවල් වලට පරික්ශන සහ එවගෙ ප්‍රතිපල වල එන නිගමන නිසා. ඒ වගේම සහෝදරයා විද්යාවෙන් දැනට ඔප්පු කරන්න බැරි දේවල් බොරුයි කියල කොහෙදි වත් කියල නෑ.

    බුදු දහමයි විද්යවයි ගලපන්න යන්න එපා. බුදු දහම කියන්නෙ තුන් කල් දකින බුදු කෙනෙකු විසින් දේශනා කරන පරම සත්යට. විද්යාව කියන්නෙ මිනිස්සු තමන් අවට සිදුවෙන දෙවල් පිලිගන්න පුලුවන් ක්‍රමවත් පිලිවලකට පැහදිලි කර ගැනීමකට.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ආ මෙන්න උසස් පෙලට "විද්‍යාව" කරපු පඬි තුමෙක් ඇවිල්ලා. දැන් උඹම කියනවනේ ගුරුත්වාකර්ෂණය, බලය වගේ මගුල් අල්ලන්න රස බලන්න බෑ කියල. ඒ කියන්නේ ඒවා පංචෙන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නෑ කියන එක. එතකොට එහෙම පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේවල් විශ්වාස කරන එක මිත්‍යාවක් නෙවෙයිද? ඔය සංකල්ප ඔක්කොම මිනිස්සු මේ ලෝකේ දකින දේවල් පැහැදිලි කරගන්න හදාගත්ත පට්ටපල් බොරු ටිකක් විතරයි.

    චන්ද්‍රිකා යවන එකෙන් ගුරුත්වාකර්ෂණය ඔප්පු වෙනවනම් ගුරුත්වාකර්ෂණය කියල එකක් නෑ කියලඅයින්ස්ටයින් කියපු කතාව බොරුද?

    සමහරු අහනවා විද්‍යාව කියන එකෙන් වැඩ ගන්න නිසා එක බොරු වෙන්න බෑ කියල. එතකොට මිනිස්සු "මම" කියන සංකල්පය පාවිච්චි කරලා වැඩ කරගන්නේ නැද්ද? එහෙම වැඩ ගන්න පුළුවන් වෙච්ච පලියට "මම" කියන සංකල්පය ඇත්තක් වෙලා "මම" කියල කෙනෙක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියපු එක බොරු වෙනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    නොපෙනෙන දේවල් බොරුයි කියන්නත් බැ. පෙනන දේවල් බොරුයි කියන්නත් බැ. අපි විශ්වයේ වැලි ඇටේක තරම් දෙයක්වත් විද්යාවෙන් හොයාගෙන තහවුරුකරලා නැ තාම. මීට අවුරුදු 100ක කලින් හිටපු එකෙකුට කිව්වොත් අන්කටිකක් ඔබලා හතරැස් පෙට්ටියකින් වයර් නැතුව ලොකේ අනික් කෙලවරේ ඉන්න එහෙකුට කතා කරන්න පුලුවන් මොබයිල් ෆොන් කියලා ජතියක් තියනවා කියලා. එක්කො ඌ කියයි, අපිට පිස්සු කියලා. නැත්තම්, මිත්යා දුශ්ටිකයෙක් කියයි. ඒ එදාට සාපේක්ශව මිනිස්සුන්ගේ දැනුමේ ප්‍රමානය. ඒ නිසා අපිට කියන්න බැ බුදුන් වැරදියි කියල හො එතුමාගේ දේශනා විද්යාවෙන් ඔප්පු කරන්න බැ කියලා. උත්තරේ තාම විද්යාව එතරම් දියුනු නැ.
     
    einstein kothanakadi wath kiyala na gravity force kiyala ekak na kiyala .. ubata pissuda bn? ai boru kiyanne? ethakota ubata hitha allannai rasa balannai puluwan da? ethakota ekath boru wenna epai..

    okay. uba kiyapanko balanna ai gahaken gediyak watunama eka pahalata watenne udata yanne nathuwa kiyala?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "විද්‍යාව" කියන පට්ටපල් බොරුව පිළි ගත්තොත්....... "විද්‍යාව" කියන බොරුව පස්සේ යන්න ඕනේ නෑ. .

    අද තියන විද්‍යාව පට්ටපල් බොරුවක් නම් ඇයි බන් උබ භාවනා කරලා සිත දියුණු කරගෙන ටෙලිපති වගේ ක්‍රමයකට මිනිස්සුත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ නැතුව ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ ? වඩා සාර්ථක ඉන්ටනේට්ද බන් ? විද්‍යාවනම් බොරු හැබැයි එළකිරි එකේ අපි අදහස් හුවමාරු කරගන්න එකනම් ඇත්ත නේද බන් ? බොරුද ?

    ගවේෂණයට නොව ඇදහිල්ලට හිර වූ මිනිසුන් දැනුමට බියය ......
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    නොපෙනෙන දේවල් බොරුයි කියන්නත් බැ. පෙනන දේවල් බොරුයි කියන්නත් බැ. අපි විශ්වයේ වැලි ඇටේක තරම් දෙයක්වත් විද්යාවෙන් හොයාගෙන තහවුරුකරලා නැ තාම. මීට අවුරුදු 100ක කලින් හිටපු එකෙකුට කිව්වොත් අන්කටිකක් ඔබලා හතරැස් පෙට්ටියකින් වයර් නැතුව ලොකේ අනික් කෙලවරේ ඉන්න එහෙකුට කතා කරන්න පුලුවන් මොබයිල් ෆොන් කියලා ජතියක් තියනවා කියලා. එක්කො ඌ කියයි, අපිට පිස්සු කියලා. නැත්තම්, මිත්යා දුශ්ටිකයෙක් කියයි. ඒ එදාට සාපේක්ශව මිනිස්සුන්ගේ දැනුමේ ප්‍රමානය. ඒ නිසා අපිට කියන්න බැ බුදුන් වැරදියි කියල හො එතුමාගේ දේශනා විද්යාවෙන් ඔප්පු කරන්න බැ කියලා. උත්තරේ තාම විද්යාව එතරම් දියුනු නැ.

    Hariyatama hari :):):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕක බොරු ලිපියක් මචන්. "විද්‍යාව කියන එක තමයි ඇත්ත" කියල හිතාගෙන හීනමානයෙන් ඉන්න එවුන් තමයි ඔය වගේ නිවට ලිපි ලියන්නේ. උන්ට බුදු හාමුදුරුවෝ කියපු ඒවා විශ්වාස කරන්න පණ නෑ, ඒවා "විද්‍යාව" කියන එකට ගැලපෙනවා කියල බොරු කතාවක් අටවාගෙන බොළඳ ආතල් එකක් ගන්නවා.

    ඔය "විද්‍යාව" කියල කියන්නේ කිසිම ශක්තිමත් පදනමක් නැතිව හදාගත්ත බොරු දැනුම් පද්ද්ධතියකට. බුදු හාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්ත බුදු දහම ඇත්තද කියල බලන්න ඔය "විද්‍යාව" කියන එක පාවිච්චි කරන එක තරම් විහිළුවක් තවත් නෑ.

    දැන් පොල් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියල ඔය බොරු විද්‍යාවෙන් කියනවා. ඔය ගුරුත්වාකර්ෂණය දැකපු මිනිහෙක් හරි දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මේ විශ්වයේ කොහෙවත් ඉන්නවද? එහෙම තුන් ලෝකෙන්ම කවුරුවත් දැකලත් නැති, අහලත් නැති, රස බලලත් නැති, අල්ලලත් නැති, ඉඹලත් නැති ගුරුත්වාකර්ෂණය මුන් විශ්වාස කරනවා. එත් බුදු හාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් දැකල කියපු දේවල් පිළිගන්න මුන් විද්‍යාවෙන් සාක්කි හොයනවා.

    බුද්ධාගම "විද්‍යාත්මක" කරන්න යන එක පට්ටපල් විහිළුවක්. දැන් පොල් ගෙඩිය බිමට වැටෙද්දී විභව ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වෙනවා කියල කියල ඊට පස්සේ එක කාගේ හරි ඔලුවට වැටුනොත් එහෙම උනේ එයාගේ කර්ම ශක්තිය ඔය චාලක ශක්තියට එකතු වෙලා කියල කියන්න පුලුවන්ද?

    100% Agreed.

    අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්.. දැන් කෝකද ඔය දෙකෙන් හරි?
    Classical Physics වැරදි නම් ඇයි තාම ඒ බොරු ගොඩ උගන්නන්නේ??
    දැන් කියන්න එපා Modern Physics පැහැදිලි කරන්න Classical Physics ඕනි කියල.. මොකද එතකොට Modern Physics පදනම් වෙලා තියෙන්නේ Classical Physics මත වෙන නිසා.. Modern Physics නිවැරදි නම් පැහැදිලි කරන්න Classical Physics මොකටද?

    කලිනුත් කවුද එක්කෙනෙක් පාත්‍රය උඩු ගං බලා කියලා විද්‍යාවෙන් ඔප්පු කරා.. ජීවිතේ දැකපු ලොකුම විහිළු වලින් එකක්.. එහෙම බැලුවම මොන කුපාඩියා ගිහින් අදාළ පාරිසරික සහ භෞතික තත්වේ යටතේ පාත්‍රයක් තිබ්බත් උඩු ගං බලා යන්න ඕනි.. :lol::lol:

    නිවුටන් නියම දාන්න කලින්ම කියනවානේ ඒකාකාරී ත්වරණ කතාවක්.. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරී නොවුන ගමන් නිව්ටන් ගොළු වෙනවා.. දැන් මේ කියන්න හදන්නේ නිව්ටන් වැරදි කියල නෙමෙයි.. නිව්ටන් 100% නිවැරදියි එයාගේ රාමුව ඇතුලේ.. හැබැයි රාමුවෙන් එලියට ගත්තොත් අනාතයි.. අනික් ගොඩක් දේවල් උනත් මෙහෙම තමා..

    ලොකුම බොරු ගොඩ තියෙන්නේ රසායන විද්‍යාවේ.. ලැජ්ජා නැතුව මේවා බොරු කියලයි උගන්නන්න පටන් ගන්නේත් :lol::lol::lol:

    බුදුදහම කියන්නේ සොබාදහමේ නීතිය (AFAIK).. මේ කියන සොබාදහමේ නීතිය පැහැදිලි කරන්න අපි මේ ඉගෙන ගන්න අන්ධ විද්‍යාවෙන් බෑ.. ඒ වගේම අපිට භෞතිකව පෙනෙන, දැනෙන මානයන් විතරක් පාවිච්චි කරලත් වැඩක් නෑ..

    කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විද්‍යාවට බෑ තාම බයිසිකලයක් ස්වයං ස්ථායි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න.. දැන් උත්තර හොයන් එන්න එපා.. මොකද ප්‍රශ්නයකට තිබිය හැක්කේ එක උත්තරයයි.. ඒ උත්තරේ දුන්නම ප්‍රශ්නය මැකිලා යන්න ඕනි.. එහෙම නොවෙනවා නම්, උත්තර එකකට වඩා තියෙනවා නම්, එක්කෝ ප්‍රශ්නය අහපු විදිය වැරදි, නැත්තන් උත්තරය දෙන්න දාපු නිගමන, නියම වැරදි ...

    අපි නිදා ගන්නේ ඇයි?
    ඈනුම් යන්නේ ඇයි?
    ඇයි වමත්කරුවන්ට වඩා දකුණත් කරුවන් වැඩි?
    ඇයි පෘථුවිය ගෝලාකාර? පෘථුවිය විතරක් නෙමෙයි, ඇයි හැම ග්‍රහයෙක්ම ගෝලාකාර? ගුරුත්වාකර්ෂණය නිසා??? හරි .. එතකොට මොකක්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ? :nerd::nerd:

    මේ වගේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඇයි ඒවාට උත්තර නැත්තේ? උත්තර හොයාගෙන නෑ?? ඇයි තාම හොයාගෙන නැත්තේ?? විද්‍යාව තාම දියුණු නෑ?? ඉතින් එහෙම විද්‍යාවක් අරන් බුදුදහම Scientifically Proven කරන්න හදන එක හරිද??? :eek::eek::eek:

    (දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    einstein kothanakadi wath kiyala na gravity force kiyala ekak na kiyala .. ubata pissuda bn? ai boru kiyanne? ethakota ubata hitha allannai rasa balannai puluwan da? ethakota ekath boru wenna epai..

    okay. uba kiyapanko balanna ai gahaken gediyak watunama eka pahalata watenne udata yanne nathuwa kiyala?

    ඔය "විද්‍යාව" කියන්නේ උඹ උසස් පෙලට ඉගෙනගත්ත බොරු ටික විතරක් නෙවෙයි. තව පට්ටපල් බොරු ගොඩක් ඔකේ තියෙනවා. අයින්ස්ටයින්ගේ සාපෙක්ෂතාවාදය කියන එකේ "අවකාශ කාලයේ වක්‍රතාව" කියල පල් බොරුවක් තියෙනවා. ඌ කියන්නේ පොල් ගෙඩි වැටෙන්නේ ඒක හින්ද කියල. මේ හැම දෙයක්ම ලෝකේ පෙනෙන දේවල් විස්තර කරන්න හදපු බොරු කතන්දර විතරයි. ගුරුත්වාකර්ශනයවත්, අවකාශ කාලයේ වක්‍රතාවවත් ඉන්ද්‍රිය ගෝචර දේවල් නෙවෙයි, බොරු සංකල්ප විතරයි.