බෝසතෙක් - ලොකු පුතේ උඹ මරපු - තාත්තා...

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,213
    8,207
    113
    M-Town
    නිමිත්ත : මහ ගෙදරට සහ ඉඩම වෙනුවෙන් ඇති වූ කතා බහකදී පුතු විසින් සිය පියාට එල්ල කල පහරකින් තුවාල ලැබූ පියා දින කිහිපයකින් මිය යයි.පුතු ඉන් බේරීමට සැගව සිටී. මේ අතරේ තම මව විසින් පියා පිලිබද පැවසූ සිදුවීමක් අසන්නට ලැබී මිනී මරු පුතුද ගෙල වැලලාගෙන මියයයි. එලෙස පුතුට දැන ගන්නට ලැබුනු මව පැවසූ සංවේදී කතාව...

    ( නිහඩ ආදරයක සංවේදී නික්මයාම )
    මුහුණු පොත තුලින් උපුටා ගන්නා ලදී ...🙏🙏🙏🙏

    ************************************************

    ලොකු එකා - මගෙ බඩේ
    ඉන්නකොට - පෙර එදා...

    මේ මිනිහ - ඇවිදේ
    රජ්ජුරුවො - වගෙ එදා...

    පන්සලේ - බෝ පැලේ
    පැං කලෙන් - නාවලා...

    කිව්වේම - ලොකු එකා
    සිල්වතෙක් - වෙයි කියා

    අකුරු ටික - මග දාල
    ටවුමටම - ගිය නිසා...

    ඉන් පසුව - ආවෙ නෑ
    මං වදපු - ලොකු පුතා...

    ටවුමෙ උන් - එක්කලම
    රංචුවේ - ගිය නිසා...

    තුන් වේල - බී ගත්තු
    වසලයෙකි - ලොකු එකා...

    ඒ හරබෙ - අවසානේ
    ලොකු එකා - පැරදුනා...

    වකුගඩුත් - කුණු උනේ
    උගෙ මෝඩ - වැඩ නිසා...

    පණ යන්න - දගලද්දි
    ලොකු එකා - විදවලා...

    වකු ගඩුත් - දීල උට
    බේරුවේ - මහ එකා...

    බඩ පැලුම් - පේන විට
    දුක් වේවි - ලොකු එකා...

    ඒ බවක් - නොදැනෙන්න
    කමිසයෙන් - හැංගුවා...

    මහ එකා - නැහුනේම
    මූ මත්තෙ - වන නිසා...

    පොඩි එකත් - හැම විටම
    මහ එකා - කොන් කලා...

    ඒ දුකත් - හිත අස්සේ
    හංගගෙන - හිනහිලා...

    දරුවොමයි - මැරෙනකල්
    ඇදැහුවේ - මහ එකා...

    ගුටිකාල - වාට්ටුවෙ
    ඇද උඩම - වැතිරිලා...

    ඒ වෙලෙත් - ඇහුවේම
    ලොකු එකා - කෝ කියා...

    ඒ වචන - ඇහෙන කොට
    මගේ හිත - පිච්චුනා...

    අන්තිමට - කියෙව්වෙත්
    ලොකු එකා - පව් කියා...

    මේ වගේ - තිරිසනෙක්
    වැදුවෙ මං - වන නිසා...

    සහ ගහවි - මගෙ වලට
    තුන්වේල - දින පතා...

    අහගනිං - ලොකු පුතේ
    ඒ උබේ - තාත්තා...

    බෝසතෙක් - ලොකු පුතේ
    උඹ මරපු - තාත්තා...

    FB_IMG_1660707246524.jpg