බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    Samarahara Hamudurwo Kiyanawa Mas,Malu kaawata Paw sidda wen na lu, Samahara Aya Kiyanawa Paw Sidda wenawalu. But Hari Kokada Dan na.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Samarahara Hamudurwo Kiyanawa Mas,Malu kaawata Paw sidda wen na lu, Samahara Aya Kiyanawa Paw Sidda wenawalu. But Hari Kokada Dan na.

    Meka Balanna
    Ven Walpola Gothama Thero | 2015-09-19 (ආමගන්ධ සුත්‍රය) නිර්මාංශි වීම සහ බුද්ධ දර්ශණය

    Link Eka - https://www.youtube.com/watch?v=kHquLdYWS_8&t=144s
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Othana thiyenne chethanawa api kukulek marala uwa kanna ona kiyala hithuwoth ho rasayata gijuwela kana eka pawak namuth hudek shariraya pawathwagena yanna ahara maruna ho marapu (thamanta udesa marapu nathi) prashnayk na
    Jesus kiyapu nisama nemeine godak aya mas kanne mas rasata giju kama nisa,samaharunta saththu maranna thiyena kamaththata ithin ethakota paw sidda wenawa
     
    • Like
    Reactions: KasunKDP

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

    wena agam wala ona papayak karala dewiyan gawata gihin pawu kama karanna puluwan neh bn.. budu dhahame ehema neh.. karmaya (kusala/akusala) aithi thamaata ... eka wena kenek ta pawaranna beh ...

    karmaya kiyana eka geburata katha wenawa ... mam nikan udin ubata kiwwe.. budu dhameth puluwan samahara karma kusal karala yata path karanna.. namuth athi bahula pramanayak ehema karanna beh...

    uba mas kathawak kiwwa neh .. mam ekata budu dhame kathawak kiyannam (uba buddhagame nemei nisa samahara dewal danne nethiwa athi ) budu hamuduruwoo ekthara athmayaka malu allana thenakata yanawa ... maalu dela godata edila enakota eke inna malu uda paninna heti dekala hithin sathu wenawa ..eka hithin kara gatta akusalayak ... maranayak dekala sathutu weema... gawuthamayan wahanse piriniwan panne le athi saare hedila kiyala thama kiya wenne.. ekata hetu wela thiyenne ara kiyala sada han wena bn.. ekai mam udadi kiwwe boho karma ahosi wenne neh...

    tawa athmayaka mallawa pora pitiyakadi anikakge konda kadala jaya aran tiyenawa lu.. eka nisa gawuthamayan wahanse dirga kaalina konde amaruwak tibila tiyenawa ...:dull::dull:

    හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ
    eka thama machn agamak saha dharshanayak athara wenasa... agamak thamata awashya widiyata wenas wenawa ... budu dhahama mula medatath , meda agatath aga mulatath sambadhai... budu dhahame mulatama kiyala thiyenen sathun merimen wiramanaya wenna kiyala... namuth minissu eka ekkena eka malu mass walata hada gena... ara pitiduwe siridhamath kewe uru mass... eka gena mam katha karanne neh mokada threkoti parishudda shilaya poddak hari danna kena okata hina wenawa man uru mass karala kiyapu deeta...

    palamuwath dewanuwath bawudda nam mass kanna beh.. eka kiyala thiyenne gawuthamayan wahanse... uba dannawa neh meke rules neh ne muslim wage.. buddhagame inne followers la.. kemathi nam follow karanna puluwan nettam nikan inna puluwan ... gawuthamayan wahanse deshana karala tiyenne mokak da wenne kiyala... :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා වෙන්නද හොඳට හිටියොත් හොඳ විපාක පව් කලොත් නරක විපාක එච්චරයි :yes: :yes:
    දැන් බෞද්ධයො වෙලා ඉන්න හැමෝමත් බුද්ධාගමට අනුව සංසාරෙ කල්ප ගනං මිථ්‍යා දෘශ්ඨීන්හි පිහිටල හිටපු අය :yes: :yes:
     
    • Like
    Reactions: Duper

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සත්ව ඝාතනය ගැන ආගම් එක්ක පටලව ගන්න අවශ්‍ය නෑ. මාව, මගේ දෙමව්පියන් දූ දරුවන් සහෝදරියන් යහළුවන් කාව වත් වෙනත් කෙනෙකු මරණවට මම කැමති නෑ වගේම, හරක් කුකුලන් ඌරන් බැටළුවන් එළුවන් මාළු වගේ සත්තුත් තමන්ගේ හා තමන්ගේ හිතවතුන්ගේ මරණයට කැමති නෑ. තේරුම් ගන්න අවශ්‍ය කෙනෙකුට ඔය ටිකම ඇති ඒත්, ඕවා තේරුම් ගත්තා කියලා බත් කනකොට දිවට ආතල් එකක් දැනෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: KasunKDP

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සත්තු උපද්දලා තියෙන්නේ මිනිස්සුන්ට කන්න කියන එකේම තියෙන්නේ මිථ්‍යාව.... මිථ්‍යා මතයක පිහිටන මනුස්සයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙනවා... එතනින් එහාට ඔහු කරන කියන දේ බුද්ධාගමේ කිසිදු ඉගැන්වීමකට අනුගත වෙන්නේ නෑ.... :yes:
     
    • Like
    Reactions: Duper and KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මස් කන එක පවක් වෙන්නෙ චේතනාව අනුවනෙ. හොඳ චේතනාවකින් කෑවොත් පවක් වෙන්න විදියක් නෑනෙ.. මන්දබුද්දිකයෙක් මස් කෑවමත් පවක් වෙන්නෙ නෑනෙ... :confused:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මස් කන එක පවක් වෙන්නෙ චේතනාව අනුවනෙ. හොඳ චේතනාවකින් කෑවොත් පවක් වෙන්න විදියක් නෑනෙ.. මන්දබුද්දිකයෙක් මස් කෑවමත් පවක් වෙන්නෙ නෑනෙ... :confused:
    prana gathaya kohoamda hoda chethanawak wenne kiyahan ko issellama... :dull::dull: mass ibe enne neh ne... wishesha awashaya thiyena kenekta mulika dewal wath therenne neh ne bn . itin ethana pehediliwama chetanawa neh ..

    uba question ekata answer karama waten gihin wena ekak aran aai mulatama enna balana gathiya tiyenawa ... kohen awath answer eka mul eka thama :baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

    සරලව කියන්නම්. .

    පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. .
    දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. .
    පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. .
    ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. .

    කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. .

    මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. .

    මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. .

    අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. .
    ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. .

    මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .
     
    • Like
    Reactions: Duper

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මස් කන එක පවක් වෙන්නෙ චේතනාව අනුවනෙ. හොඳ චේතනාවකින් කෑවොත් පවක් වෙන්න විදියක් නෑනෙ.. මන්දබුද්දිකයෙක් මස් කෑවමත් පවක් වෙන්නෙ නෑනෙ... :confused:

    බුද්ධාගමේ ඉගැන්වීම්වල අන්තිම ඵලය නිර්වාණයයි.... ඒ අරමුණ කරා ළගා වීමට සිත පුහුණු කිරීමයි වැදගත් වෙන්නේ.... මන්ද බුද්ධිකයෙක් මස් කෑම හෝ නොකෑම යන කාරණා දෙකේ දී ම හැසිරෙන්නේ එකම ආකාරයටයි... ඔහු නිර්වාණය කියන අන්ත ඵලය ලබා ගැනීමට මනස හැඩ ගස්වා ගන්නා අයෙක් නෙවෙයි.... ඔහුට ඒ උතුම් ඵලය ලබා ගැනීමට තරම් සිත පුහුණු කර ගැනීමට තවත් භව කීයක් යාමට සිදුවෙයිද කියලා කවුරු දනිත්ද? බුද්ධාගම යනු අවබෝධයයි... අවබෝධයෙන් තොරව කරන හොඳ හෝ නරක කිසිදු දෙයක ප‍්‍රතිඵලය ශූන්‍යයයි....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    prana gathaya kohoamda hoda chethanawak wenne kiyahan ko issellama... :dull::dull: mass ibe enne neh ne... wishesha awashaya thiyena kenekta mulika dewal wath therenne neh ne bn . itin ethana pehediliwama chetanawa neh ..

    uba question ekata answer karama waten gihin wena ekak aran aai mulatama enna balana gathiya tiyenawa ... kohen awath answer eka mul eka thama :baffled::baffled:

    ක්‍රිස්තියානි කෙනෙක් හිතන්නෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ගෙ පරිබෝජනයට කියල. එතකොට මස් කද්දි ක්‍රිස්තියානි එකාට තමන් කරන්නෙ වැරද්දක් කියන හැගීම එන්නෙ නෑ... මන්දබුද්ද්කයෙක් කෑව වගේ තමයි. :baffled:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

    ආගම් දෙකේම තියෙනවනේ තමන් වපුරපු දේ තමයි නෙළා ගන්නේ කියල, සතුන්ගේ ජීවිතය ගැන තැකීමක් නැතිව කවුරු හරි කියපු දෙයක් මෝඩ විදිහට විචාරයක් නැතුව පිළිගෙන සත්තු ඉන්නේ කන්න කියල සත්තුන්ගේ ජීවිත නැති කරොත් ඒ විදිහටම කාගේ හරි මෝඩ අදහසක් නිසා තමාගේ ජීවිතය නැති වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට පව පින මේක හැම ආගමේම තියෙන ලිස්ට් ටික බලබල ඉන්න ඕනේ නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මස් කන එක පවක් වෙන්නෙ චේතනාව අනුවනෙ. හොඳ චේතනාවකින් කෑවොත් පවක් වෙන්න විදියක් නෑනෙ.. මන්දබුද්දිකයෙක් මස් කෑවමත් පවක් වෙන්නෙ නෑනෙ... :confused:

    ප්‍රානගාතයක් සිදුවෙන්න කරුනු කීපයක් සම්පූර්න වෙන්න ඕනා. .
    හොද චේතනාවකින් නම් මස් කන්න බෑ ආහාරයක් ලෙස සිතල මස් කන්න පුලුවන්. .
    මන්දබුද්දික කෙනාගේ කතාවයි හොදින් සිහිය තියෙන මනුස්සයෙක්ගේ කතාවයි ගොඩක් වෙනස්. .

    මේකයි බුදුදහගම කියන්නේ මස් කන්න හෝ කන්න එපා කියලා නීති දාපු දර්ශනයක් නෙවෙයි. .
    ස්වබාව දර්මයේ සත්යය මේ විශ්වයේ සත්යය නේ බන් කියන්නේ ඉතින් මේක කලොත් මේක වෙනවා කියනදේයි කියන්නේ. .

    මේ මස් ප්‍රශ්නෙනම් බුදුදහමත් එක්ක ගත්තොත් පොඩි අතදරුවෙක් "අ" "ආ" කියනවා වගේ විශ්වවිද්යාල ආචාර්ය උපාදිය වගේ ගොඩක් ගැබුරු කරුනු බුදුදහමේ තියෙනවා. .
    මටත් තාම අබිදර්ම කරුනු තේරුම් ගන්න අමාරුයි. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධාගමේ ඉගැන්වීම්වල අන්තිම ඵලය නිර්වාණයයි.... ඒ අරමුණ කරා ළගා වීමට සිත පුහුණු කිරීමයි වැදගත් වෙන්නේ.... මන්ද බුද්ධිකයෙක් මස් කෑම හෝ නොකෑම යන කාරණා දෙකේ දී ම හැසිරෙන්නේ එකම ආකාරයටයි... ඔහු නිර්වාණය කියන අන්ත ඵලය ලබා ගැනීමට මනස හැඩ ගස්වා ගන්නා අයෙක් නෙවෙයි.... ඔහුට ඒ උතුම් ඵලය ලබා ගැනීමට තරම් සිත පුහුණු කර ගැනීමට තවත් භව කීයක් යාමට සිදුවෙයිද කියලා කවුරු දනිත්ද? බුද්ධාගම යනු අවබෝධයයි... අවබෝධයෙන් තොරව කරන හොඳ හෝ නරක කිසිදු දෙයක ප‍්‍රතිඵලය ශූන්‍යයයි....

    ක්‍රිස්තියානි කෙනෙක් හොද දෙයක් කලත් ඒක පිනක්/කුසල කර්මයක් වෙන්නෙ නැද්ද ඔහු ඒක කරන්නෙ ඒක දෙවියන්ගේ කැමැත්ත කියල හිතාගෙන කරන නිසා.. ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ක්‍රිස්තියානි කෙනෙක් හිතන්නෙ සත්තු ඉන්නෙ මිනිස්සුන්ගෙ පරිබෝජනයට කියල. එතකොට මස් කද්දි ක්‍රිස්තියානි එකාට තමන් කරන්නෙ වැරද්දක් කියන හැගීම එන්නෙ නෑ... මන්දබුද්ද්කයෙක් කෑව වගේ තමයි. :baffled:

    ක්‍රිස්තියානි ආගම නෙවෙයි මේ විශ්වයේ පවතින සත්යය. . මුලින්ම ඒක තේරුම් ගන්න ඕනා. . ජේසුස් හා මරියතුමිය මේ සසරේ ගමන්කරන අපිවගේම දෙන්නෙක් විතරයි. .

    ක්‍රිස්තියානි කෙනෙක් මස් කනවා කෙසේ වෙතත් සතෙක් මැරුවොත් ප්‍රානගාත අකුසලය සිදුවෙනවා. . ඒක අනිවාර්යයි. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ප්‍රානගාතයක් සිදුවෙන්න කරුනු කීපයක් සම්පූර්න වෙන්න ඕනා. .
    හොද චේතනාවකින් නම් මස් කන්න බෑ ආහාරයක් ලෙස සිතල මස් කන්න පුලුවන්. .
    මන්දබුද්දික කෙනාගේ කතාවයි හොදින් සිහිය තියෙන මනුස්සයෙක්ගේ කතාවයි ගොඩක් වෙනස්. .

    මේකයි බුදුදහගම කියන්නේ මස් කන්න හෝ කන්න එපා කියලා නීති දාපු දර්ශනයක් නෙවෙයි. .
    ස්වබාව දර්මයේ සත්යය මේ විශ්වයේ සත්යය නේ බන් කියන්නේ ඉතින් මේක කලොත් මේක වෙනවා කියනදේයි කියන්නේ. .

    මේ මස් ප්‍රශ්නෙනම් බුදුදහමත් එක්ක ගත්තොත් පොඩි අතදරුවෙක් "අ" "ආ" කියනවා වගේ විශ්වවිද්යාල ආචාර්ය උපාදිය වගේ ගොඩක් ගැබුරු කරුනු බුදුදහමේ තියෙනවා. .
    මටත් තාම අබිදර්ම කරුනු තේරුම් ගන්න අමාරුයි. .

    උඹ කියන එක හරි .. මට දැන් තියන ප්‍රශ්නෙ ක්‍රිස්තියානි මනුස්සයෙක් හොඳ දෙයක් කරත් ඒක පිනක්/කුසලයක් වෙන්නෙ නැත්ද කියන එක..

    මිත්‍යා ඩෘශ්ටියකයි මන්ද බුද්දිකයයි වෙනස්ද බුදුදහමට අනුව ඔය පවු පින් කුසල අකුසල කාරනාවේදී?