බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ක්‍රිස්තියානි කෙනෙක් හොද දෙයක් කලත් ඒක පිනක්/කුසල කර්මයක් වෙන්නෙ නැද්ද ඔහු ඒක කරන්නෙ ඒක දෙවියන්ගේ කැමැත්ත කියල හිතාගෙන කරන නිසා.. ?

    හොදක් කලොත් පිනක් වෙනවා. . ඔහුට ඒ පින මේ සසරේ සැපයයි හදුන්වන දේ ලැබීමට උපකාරී වෙනවා. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදක් කලොත් පිනක් වෙනවා. . ඔහුට ඒ පින මේ සසරේ සැපයයි හදුන්වන දේ ලැබීමට උපකාරී වෙනවා. .

    නමුත් හොඳ කරන්නෙ මිත්‍යාඩෘශ්යික හේතුවක් නිසානෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ක්‍රිස්තියානි කෙනෙක් හොද දෙයක් කලත් ඒක පිනක්/කුසල කර්මයක් වෙන්නෙ නැද්ද ඔහු ඒක කරන්නෙ ඒක දෙවියන්ගේ කැමැත්ත කියල හිතාගෙන කරන නිසා.. ?

    මේ කාරණාව ගොඩක් සරල කරල කියන තරමට පහසුයි... පුංචි දරුවෙකුට හොරකම් කරන්න එපා කියල අපි පුංචි කාලේ තරවටු කරනවා... එතකොට පුංචි දරුවා අනුන් සතු දේ ගැනීම වරදක් විදියට තේරුම් නොගත්තත් ඇතැම් විට දඩුවමට බයේ හොරකමෙන් වැළකෙනවා.... එතනින් පස්සේ නුවණින් මුහුකුරා යත්ම ඔහු තේරුම් ගන්නවා අනුන් සතු දේ ලබා ගැනීම වරදක් බව... ඒ ඔහුගේ සිත පුහුණු කිරීම මත සිදුවන දෙයක්.... ඒ වගේම තමයි මෙතනත්... අපේ බෞද්ධ අයත් ගොඩක් වෙලාවට මෙතනදී වරද්දගෙන තියෙනවා... ඔවුනුත් හිතාගෙන ඉන්නේ කවුරු හරි පින් පව් පොතක ලියනව කියලා... බුදුන්ගේ දේශනාව අනුව අපගේ ගැලවීමට අහසේවත්, පොළවේවත් මහා සාගරයේවත් කිසිවෙකු නැත... ගැලවීමේ මාර්ගය සොයා ගත යුත්තේ අපමයි.... ඒකෙන්ම වැටහෙනවා අපි අපගේ මනස සිතිවිලි අවබෝධයෙන් හසුරුවා මේ සිය`ඵම සංස්කාර බැඳීම්වලින් ගැලවීමට කටයුතු කිරීම බෞද්ධ දර්ශනයේ මූලික හරය බව... ඉතිං කවුරුන් හෝ මේ සසරට බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට සිත පුරුදු පුහුණු කරනවා නම් ඔහුට බුද්ධ ඉගැන්වීමේ අන්තිම ඵලය නෙලා ගන්න පුලූවන් බව පැහැදිලි වෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හොදක් කලොත් පිනක් වෙනවා. . ඔහුට ඒ පින මේ සසරේ සැපයයි හදුන්වන දේ ලැබීමට උපකාරී වෙනවා. .

    අවබෝධයෙන් තොරව පිනක් කලා කියල ඒකෙන් ඇති ඵලය කුමක් ද? ඒකෙන් සසර බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට පුහුණුවක් ලැබෙනවද? මේ වෙන කොට ජනපි‍්‍රය බෞද්ධ ඇදහිල්ලෙත් තියෙන්නේ ඔන්න ඔය පටලවා ගැනීමම තමා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවබෝධයෙන් තොරව පිනක් කලා කියල ඒකෙන් ඇති ඵලය කුමක් ද? ඒකෙන් සසර බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට පුහුණුවක් ලැබෙනවද? මේ වෙන කොට ජනපි‍්‍රය බෞද්ධ ඇදහිල්ලෙත් තියෙන්නේ ඔන්න ඔය පටලවා ගැනීමම තමා....

    :nerd: :nerd: ඔය කියන්නෙ මේක වෙන්න ඇති

    සරලව කියන්නම්. .

    පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. .
    දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. .
    පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. .
    ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. .

    කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. .

    මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. .

    මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. .

    අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. .
    ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. .

    මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නමුත් හොඳ කරන්නෙ මිත්‍යාඩෘශ්යික හේතුවක් නිසානෙ...

    බුදුදහම ආගමක් නෙවෙයි. . පටලව ගන්න එපා. . කලිනුත් කිව්වනේ බුදුවරයෙක් පහල වෙන්නේ මේ විශ්වයේ පවතින සත්යය කියාදෙන්න කියලා. . ඉතින් බුදුවරයෙක් පහල වුනත් නැතත් බුදුදහම තිබ්බත් නැතත් පව නම් පවමයි පිනනම් පිනමයි. .

    අවබෝධයෙන් තොරව පිනක් කලා කියල ඒකෙන් ඇති ඵලය කුමක් ද? ඒකෙන් සසර බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට පුහුණුවක් ලැබෙනවද? මේ වෙන කොට ජනපි‍්‍රය බෞද්ධ ඇදහිල්ලෙත් තියෙන්නේ ඔන්න ඔය පටලවා ගැනීමම තමා....

    දැන් මන් පලවෙනි කමෙන්ට් එකෙන්ම කිව්වා පින සහ කුසලය කියන්නේ දෙකක් ඒ දෙක උපකාර වෙන්නේ දෙවිදියකට කියලා. . ආයේ ඒ කමෙන්ට් එක කියවන්න. . මේ තියෙන්නේ. .

    සරලව කියන්නම්. .

    පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. .
    දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. .
    පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. .
    ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. .

    කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. .

    මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. .

    මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. .

    අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. .
    ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. .

    මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මස් කන එක පවක් නෙමෙයි, සතෙක් මරණ එකයි පව..
    පින් කලොත් බෞද්ධයා විතරක් නෙමෙයි, මුස්ලිම් කතෝලික ඕනෙ කෙනෙක් දිව්‍ය ලෝකෙ යයි,,
    :yes::yes:

    බුදු හාමුදුරුවෝ බණ කියලා තියෙන්නෙ බෞද්ධයන්ට නෙමෙයි, සියළු සත්ත්වයාට දෙව් මිනිස්,,,,
    ඔන්න ඕකයි කෙටියෙන්ම කාරණාව...
    :D:D
     
    • Like
    Reactions: Duper

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදුදහම ආගමක් නෙවෙයි. . පටලව ගන්න එපා. . කලිනුත් කිව්වනේ බුදුවරයෙක් පහල වෙන්නේ මේ විශ්වයේ පවතින සත්යය කියාදෙන්න කියලා. . ඉතින් බුදුවරයෙක් පහල වුනත් නැතත් බුදුදහම තිබ්බත් නැතත් පව නම් පවමයි පිනනම් පිනමයි. .

    දැන් මන් පලවෙනි කමෙන්ට් එකෙන්ම කිව්වා පින සහ කුසලය කියන්නේ දෙකක් ඒ දෙක උපකාර වෙන්නේ දෙවිදියකට කියලා. . ආයේ ඒ කමෙන්ට් එක කියවන්න. . මේ තියෙන්නේ. .

    අපි පින් කරන්න ඕනේ ඇයි...? අපිට කි‍්‍රකට් මැච් එකක් ගහන්න හොඳ පිච් එකක්, හොඳ කාලගුණයක් තියෙන්න ඕන.... ඒ වගේම අපිට කුසල් වඩන්න හොඳ වාතාවරණයක් අපි හදාගන්න ඕන.... පොඞ්ඩක් හිතන්න අපි ගමේ නැති බැරි අයට උපකාර කරලා, පොදු වැඩ වලට උදව් කරල ඉන්නවා... එතකොට අපි සමාජයට පි‍්‍රය පුද්ගලයෙක් වෙනවා.... අපිට මිනිස්සුන්ගෙන් සිදුවිය හැකි අපවාද, අනතුරුවලින් යම්තාක් වැළකිල අපගේ ජිවිතයට හොඳ වාතාවරණයක් ලැබෙනවා... ඒ ඔස්සේ අපිට කුසල් වඩන්න හොඳ පසුබිමක් සැකසෙනවා... ඉතින් කි‍්‍රස්තියානි අයෙක් ඒ වගේ හොඳ වැඩ කරල පසුබිම හදාගන්නවා වෙන්න පුලූවන්... ඒ කියන්න පිං අයිති වෙන වැඩ කරනවා... හැබැයි වැදගත්ම කාරණය තමයි එතනින් එහාට ඔහුට ගමනක් තියෙනවාද කියන එකයි.... (අපේ බෞද්ධයනුත් වැඩිපුරම පින් කරනවා කියලා අනවබෝධයෙන් වැරදි පාරක යන බව කි‍්‍රයාවෙන්ම ඔප්පුවෙනවා නේද...?*
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සමත හා විදර්ශනා කියලා බාවනා වර්ග දෙකක් තියෙනවා. .
    ඒ වගේ තමයි පින සහ කුසලයත්. .

    මෙහෙම කියන්නම්කෝ. . පහනක් තියෙනවා පහන පත්තුවෙනවා තෙලුත් පහන්තිරෙත් තියෙනවා. .
    දැන් පහන නිවීම නිවන යයි සිතමු. .
    පින් / පව් කරාම වෙන්නේ පහන තව තවත් පත්තුවෙන්න අවශ්ය ඉන්දන (පොල්තෙල් කියලා ගමු) දැමීම. . පොල්තෙල් දාන්න දාන්න පහනේ නිවීමක් වෙන්නේ නෑ. .

    පහනේ කොපමන තෙල් තිබුනත් පහනට අවශ්ය ඔක්සිජන් නැතිකලොත් පහන ඉබේම නිවෙනවා. . නැත්තන් සුලගක් කියලා ගන්න තද සුලගක් ආවොත් පහන් දැල්ල නිවන්න පුලුවන්. . කුසලයෙන් කරන්නේ ඔක්සිජන් නතර කිරීම හෝ තද හුලගක් හැමීම. .

    ඔය උදාහරනෙම පහන් දැල්ල වින්CHආනයට (සරලව සිත කියලා ගමු) සමාන කරන්න පුලුවන්. .
    පහන, ඉන්දන, තිරය, ඔක්සිජන් සතර මහා දාතුන්වලට සමාන කරන්නත් පුලුවන්. .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් ගොඩක් අය පින - පව අර්ථ දක්වන විදියට බුදු දහම විකෘති වෙනවා.... මම කලින් කිව්ව වගේ ගොඩක් අය හිතන් ඉන්නේ අපි කරන පින් පව් අපේ මනසෙන් පරිබාහිර වූ තැනක හෝ අයෙකු ළග රෙකෝඩ් වෙනවා කියලා.... (හරියට සර්වබලධාරි දෙවියෙක් ගැන විශ්වාසය වගේ) ඉතිං අපි කාටදෝ පේන්න කිසිම අර්ථයක් නැතිව පින් එක් රැස් කරන්න පිස්සෝ වගේ දගලනවා... ඔවුන් මොහොතකටවත් හිතන්නේ නෑ කුසල් වඩා මේ සංස්කාර ධර්මයන් අත්හල යුතු බවක්... පින - පව - කුසල් - අකුසල් ඔක්කොම පටලවගෙන... බලපුවහම අන්‍යාගමිකයයි බෞද්ධයි අතර වෙනසක් නෑ කියල හිතෙන තරමට බෞද්ධයා නොමග ගිහින්.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෝ, කොටින්ම කිව්වොත් ක්‍රිස්තියානි කෙනෙක්ට නිර්වානය අවබෝද කරගන්න බෑ මිත්‍යාඩෘශ්ටිය නිසා, නමුත් පින් කරල තාවකාලික සැපක් විඳින්න පුලුවන්. :cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

    050fe21ffb68d71488870fb3c5553e1e03c140.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මස් කෑම පැත්තක තිබ්බොත් ඒබ්‍රහම් ගෙ ආගම් ඔක්කොම මිනී මැරීම යම් යම් අවස්ථාවලදි කරන්න කියල උපදෙස් දීල තියෙනව. එතකොට ඒ ආගම්වල අය ඒ පොත් පිලිගෙන ඒ අනුව වැඩකරනව නම් බුදු දහමට අනුව කරගන්නෙ පාප කර්ම.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ පැහැදිලි කිරීම කියන්නද , මේ සමාජෙන් මාව කොන් කරයිද දන්නේ නෑ මේක කියල .. මේකයි ..

    ඉස්සෙල්ලම මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලහන්කෝ ,ඒ කිව්වේ ඔය ප්‍රශ්නේ අන්‍යාගමික කියන කැල්ල ඉවත් කරහන් ,

    අපේ මේ පෘථිවියේ මිනිස්සු කියල සත්තු කොට්ඨාශයක් ජීවත් වෙනවා , උන් හොඳ දේවල් කරොත් ඒවායේ විපාක උන්ට , උන් නරක දේවල් කරොත් ඒවායේ විපාකත් උන්ට , කොටින්ම මේ ලෝකේ බෞද්ධ කියලවත් දෙයක් නෑ බන් , තියෙන්නේ හොඳ සහ නරක එක්කෝ පින් සහ පව් විතරයි .. ඒ දෙකත් එක එක සමාජ ක්‍රමේට සංස්කෘතියට අනුව වෙනස් වෙනවා , සරලවම කියනවා නං අපිට පොඩි කාලේ උගන්නන දේ අනුව සහ අපේ විශ්වාස අනුව ඔය දෙක වෙනස් වෙනවා .. ඔය ආගම් වලට දාගෙන තියෙන නම් සේරම නිකන් ලේබල් විතරයි ..
     
    • Like
    Reactions: Duper

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සෝ, කොටින්ම කිව්වොත් ක්‍රිස්තියානි කෙනෙක්ට නිර්වානය අවබෝද කරගන්න බෑ මිත්‍යාඩෘශ්ටිය නිසා, නමුත් පින් කරල තාවකාලික සැපක් විඳින්න පුලුවන්. :cool:

    නිර්වාණ අවබෝධයට බෞද්ධ කි‍්‍රස්තියානි කියල ලේබල් ගහන්න බෑ බං.... බුද්ධාගම ඇදහීමක් නෙවෙයි... ඒක දර්ශනයක්.... බෝධියක් වටා ගාථා කියලා ඇවිදලාවත්, අල්තාරයක දෑත් දිගු කරන්වත් ඔය කියන නිර්වාණය ළගා කරගන්න බෑ...

    අනිත් එක පින් කළහම සැප ලැබෙනවා කියන එක මොකක්ද? ‘සැප’ අර්ථ දක්වන්නේ කොහොමද? කෙනෙකුට වාහනයක ගමන් කරන එක සැපයක් වෙන කොට තවත් කෙනෙක්ට පයින් යන එක සැපයක් වෙනවා... පින් කරන්නේ සැප ලබන්න කියල හිතාගෙන නම් එතන ආයෙත් තියෙන්නේ අල්ලා ගැනීමක්.... ඒකේ සීමාවක් නෑ.... පින අර්ථ ගැන්විය යුත්තේ කුසල් වැඞීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමක් විදියටයි.... එතකොට අපිට සංස්කාරයන් අත්හැරීමට අවැසි වට පිටාව ක‍්‍රමාණුකූලව සකස් වෙනවා... ගැඹුරින් ජීවිතාවබෝධය ලැබෙන කොට තේරෙනව සැප යනු දුක වටා එතිල තියෙන සියුම් පටලයක් කියල.... අපි සැප හොයන්න හොයන්න අන්තිමට අපිට ගොඩ ගැහෙන්නේ දුක කියන සාධකය විතරයි.... බුද්ධ ඉගැන්වීමේ ඉපදීම දුකක් කියල කියන්නේ ඒ නිසයි... ඉපදීම දුකක් වුණහම ජීවත් වීම සැපයක් වෙන්නේ කොහොමද...? මේ යථාවබෝධය තේරුම් ගන්නට උඹට පුලූවන්නම් උඹ උපතින් බෞද්ධයෙක් ද, කි‍්‍රස්තියානියෙක් ද කියන එක වැදගත් නෑ.... බුදුන්ගේ දෙසූ මාර්ගයේ ගමන් ගැනීමට ජාතිය, ජන්මය, ආගම ආදිය බාධකයක් වෙන්නේ නෑ... උඹ සත්‍ය තේරුම් ගන්නවා යැයි කියන්නේ ඔය ආගම්වල සියලූම ඉගැන්වීම්වලින් උඹ ඈත් වෙනවා කියන එකයි.... උඹ කි‍්‍රස්තු දහම අදහමින් බුදු දහම ඒ හා සසඳමින් තර්ක කිරීම මෝඩකමක්.... :yes:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මගේ පැහැදිලි කිරීම කියන්නද , මේ සමාජෙන් මාව කොන් කරයිද දන්නේ නෑ මේක කියල .. මේකයි ..

    ඉස්සෙල්ලම මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලහන්කෝ ,ඒ කිව්වේ ඔය ප්‍රශ්නේ අන්‍යාගමික කියන කැල්ල ඉවත් කරහන් ,

    අපේ මේ පෘථිවියේ මිනිස්සු කියල සත්තු කොට්ඨාශයක් ජීවත් වෙනවා , උන් හොඳ දේවල් කරොත් ඒවායේ විපාක උන්ට , උන් නරක දේවල් කරොත් ඒවායේ විපාකත් උන්ට , කොටින්ම මේ ලෝකේ බෞද්ධ කියලවත් දෙයක් නෑ බන් , තියෙන්නේ හොඳ සහ නරක විතරයි .. ඒ දෙකත් එක එක සමාජ ක්‍රමේට සංස්කෘතියට අනුව වෙනස් වෙනවා , සරලවම කියනවා නං අපිට පොඩි කාලේ උගන්නන දේ අනුව සහ අපේ විශ්වාස අනුව ඔය දෙක වෙනස් වෙනවා .. ඔය ආගම් වලට දාගෙන තියෙන නම් සේරම නිකන් ලේබල් විතරයි ..
    :yes::yes:
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    සත්තු උපද්දලා තියෙන්නේ මිනිස්සුන්ට කන්න කියන එකේම තියෙන්නේ මිථ්‍යාව.... මිථ්‍යා මතයක පිහිටන මනුස්සයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙනවා... එතනින් එහාට ඔහු කරන කියන දේ බුද්ධාගමේ කිසිදු ඉගැන්වීමකට අනුගත වෙන්නේ නෑ.... :yes:
    සිරාවට :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

    පින්මාළු වලේ කුසල්හාමි මාළු බානවා ,සාදු ඒක දැක්කම අහනවා ඇයි පව් පිරෙන වැඩ කරන්නේ කියල එත් පින්හාමි වත් සාදුටවත් මහමුහුදේ මහා පරිමානේ මසුන් මැරීම පේනවද අහනවද
    චේතනාව මොකක් වුනත් වී වපුරන්න එළවලු හිටවන්න කියල මහපොළවට උදළු පාරක් ගැසුවොත්
    ක්ෂුද්‍රජීවින් පනුවන් වගේ සතුන් මැරෙනවා නේද :no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පින්මාළු වලේ කුසල්හාමි මාළු බානවා ,සාදු ඒක දැක්කම අහනවා ඇයි පව් පිරෙන වැඩ කරන්නේ කියල එත් පින්හාමි වත් සාදුටවත් මහමුහුදේ මහා පරිමානේ මසුන් මැරීම පේනවද අහනවද
    චේතනාව මොකක් වුනත් වී වපුරන්න එළවලු හිටවන්න කියල මහපොළවට උදළු පාරක් ගැසුවොත්
    ක්ෂුද්‍රජීවින් පනුවන් වගේ සතුන් මැරෙනවා නේද :no::no:

    කර්මයක් වෙන්න චේතනාවක් තියෙන්න ඕනි.ඔතන පොලවට කෙටීමේ චේතනාව එලවළු වවන්න පොළව සැකසීමනම් එතනදී සතුන් මරන කර්මය සිද්ධවෙන්නේ නෑ.හැබැයි පොළවට කොටන්නේ පනුවෙක්,පත්තෑයෙක් වගේ සතෙක් මරන අදහසින් නම් එතනදී කර්මයක් සිදුවෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පින්මාළු වලේ කුසල්හාමි මාළු බානවා ,සාදු ඒක දැක්කම අහනවා ඇයි පව් පිරෙන වැඩ කරන්නේ කියල එත් පින්හාමි වත් සාදුටවත් මහමුහුදේ මහා පරිමානේ මසුන් මැරීම පේනවද අහනවද
    චේතනාව මොකක් වුනත් වී වපුරන්න එළවලු හිටවන්න කියල මහපොළවට උදළු පාරක් ගැසුවොත්
    ක්ෂුද්‍රජීවින් පනුවන් වගේ සතුන් මැරෙනවා නේද :no::no:

    උඹ ගොඩාක් සරල තර්කයක් උඩ ඉන්නේ..... බුද්ධාගම කියන්නේ ඉස්ලාම් ආගම වගේ ඔක්කොම බෞද්ධයන් විතරයි ඉන්න ඕන කියන ආගමක් නෙවෙයි.... බුද්ධ දේශනාව තියෙන්නේ තමා උපමා කොට ජීවත් වෙන්න කියලා.... ධීවරයා මාලූ අල්ලයි.... දඩයම්කාරයා සත්තු මරයි... ඒත් ඔබ යා යුත්තේ නිවැරදි මාර්ගයේ ය.... මන්ද යත් මේ පෘථිවි තලයේ වෙසෙන සියල්ලන්ම නිර්වාණය අවබෝධය සඳහා සුදුස්සෝ නොවෙති.... ඇතැම් අය ඊට ළං වෙමිනුත්, ඇතැම් අය එයින් ඈත් වෙමිනුත් ජීවත් වෙනවා....