
අනුමත කරන්නෙ නෑ. නමුත් ඕක එච්චර ගණන් ගන්නෙවත් හිත රිද්දගන්නේවත් නෑ . එතන ඉන්න පොඩි හාමුදුරුවරු දැක්කම හිතෙනවා මේ ලොකු හාමුදුරුවෝ පීතෘ වරයෙක් වගේ ඉන්නවා ඇති කියලා.
ඒ පොඩි හාමුදුරුවරු ගෙවල් දොරවල් අත හැරලා කොච්චර දුකකින්ද ඉන්නවා ඇත්තේ.
බෞද්ධයෙක් විදිහට මේක ගැන මම judge කරන්නේ නැහැ. හැම දේකම හොඳ නරක තිබේ. ඉතින් move on.....
එහෙනම් ගෙදර ගිහින් ඇරලුවා නම් හරිනෙ
මහනකමේ තේරුමවත් දන්නෙ නැතිව පන්සලේ තියාගෙන වැඩක් නෑනෙ.
"එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.
කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.
භික්ෂූන් හට සංග්රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්රය දෙසූ සේක.
මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ"