බෞද්ධ යාලුවෝ එන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු




    2-එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එ‍හෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
    නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?
    මිත්‍රයා......
    කළිනුත් කිව්වා අධ්‍යයනය කරල කියන්න.......ඔබේ නොදන්න කම මේකේ ෂෝකේස් එකේ දාන්න එපා......
    1-විඥාණය කියන දේ ඕනෑම භෞතික දේක තියනවා....ජීවයේ විතරක් නෙවෙයි ...තේරුණා ද?

    2-මනුස්සයෝ...හද පෙන්නුවාම ඇගිල්ල දිහා බල්ලන්න එපා...එතකොට පේන්නේ තමන් ගේ ගොං කම.....
    මේ ලෝකේ කෙළ කෝටි ගණනක් වන ජීවීන් ගේන්( ඔව් බැක්ටීරියාත් ඇතුළුව) මනුසත් බව ලබල තියෙන්නේ කීදෙනා ද කියල හිතනවා. එතකොට තේරෙයි ඒක දුර්ලභයි කියලා..............
    පෘථිවියේ පමණක් නෙවෙයි ජීවය ියෙන්නේ කියල කීපාරක් කියන්න මනුස්සයෝ තමුන් ට.................
     
    • Like
    Reactions: රඹා

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    "විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි "

    ආයෙ පාරක් වතුර ගැන කියපු දේ පරිස්සමට කියවල බලන්න.

    "කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු "



    http://www.budurashmiya.net/2010/06/blog-post.html
    ඕපපාතික කියන වචනෙ ගැන දැන ගන්න මේ ලිපිය කියවල බලන්න.එහෙම ඕපපාතික අය පහළ වෙන හැටිත් එක්කම දැන ගන්න.ඒ වගේ දෙයක් පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.මේ ලිපිය කියවල බලන්න ජාන ගැන බුදු දහමෙ කියවෙන දේත් එක්කම ඔය දේත් තේරුම් ගන්න.




    "එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එ‍හෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
    "

    පොඩි වැඩක් කරන්න, කූබි ගුලක් හරි වේ තුබසක් හරි ගාවට ගිහින් බලන්න ජීවීන් කී දෙනෙක් ඉන්නවද කියල.ඔයින් දෙකක තුනක ඇති දැනට මුලු ලෝකෙම ජනගහනයට සමාන සංඛ්‍යාවක් ජීවීන්.ඉපදෙන එක මනුස්සයෙක්ට අයිති අඩියයි කියල හිතන්න ලෝකෙන්ම ඒත් දාන්න පුළුවන් වෙයිද මුළු ලෝකෙම ඉන්න සත්තු මනුස්සයො උනොත්.
    මම ඒකයි අර අන්තිමට කිව්වෙ මේ සත්‍යයෙ හිල් හොයන්න ඔයාට කොහෙත්ම බෑ.එහෙම කරන්න කරන්න අහු වෙන්නෙ ඔයාගෙම අඩුපාඩුම තමා.ඔයා අබ ඇටයක් විතර දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න අමාරුවෙන් හරි ඊගාව පාරට ඒ වගේ දහ ගුණයක් තේරුම් ගන්න හැකියාව ලැබෙයි.



    "නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?
    "

    ඔව් පෘතුවියෙ ජීවය නැතිවෙයි.පෘතුවිය කියල එකකුත් නැතිවෙයි.කල්ප විනාශය කියල කියන්නෙ එහෙම දෙයක්.ඊට පස්සෙ ආයෙ පාරක් විශ්වයේ අලුත් වටය පටන් ගත්තම මිනිස් වාසයට සුදුසු තැනක් හැදෙයි.

    මේක හොදට මේ බ්ලොග් එකේ පැහැදිලි කරල තියෙනව.කියවල බලන්න ඔය ගැටළු ගොඩකට උත්තර ලැබෙයි


    http://www.budurashmiya.net/2013/03/blog-post_3193.html


    දීල තියෙන ලින්ක් වල තියෙන ලිපි කියවල ඊගාව උත්තරය ලියන්න.නැත්තන් අපි දෙන්නගෙම කාලෙ අපරාදේ


    පස්සේ කියවලා බලන්නම් දැන් කම්මැලියි කියවන්න :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ubalge watina kalaya me wage apthayek wenuwen nathi karaganna epa.
    ;) අපි දෙන්නෙ ඉල්ලුමට සැපයුම. මේ වගෙ ත්‍රෙඩ් වලින් බලාපොරොත්තු වෙන දෙ නොදැන නෙමෙයි අපි රිප්ලයි කරන්නෙ ;) :lol::lol:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මිත්‍රයා......
    කළිනුත් කිව්වා අධ්‍යයනය කරල කියන්න.......ඔබේ නොදන්න කම මේකේ ෂෝකේස් එකේ දාන්න එපා......
    1-විඥාණය කියන දේ ඕනෑම භෞතික දේක තියනවා....ජීවයේ විතරක් නෙවෙයි ...තේරුණා ද?

    2-මනුස්සයෝ...හද පෙන්නුවාම ඇගිල්ල දිහා බල්ලන්න එපා...එතකොට පේන්නේ තමන් ගේ ගොං කම.....
    මේ ලෝකේ කෙළ කෝටි ගණනක් වන ජීවීන් ගේන්( ඔව් බැක්ටීරියාත් ඇතුළුව) මනුසත් බව ලබල තියෙන්නේ කීදෙනා ද කියල හිතනවා. එතකොට තේරෙයි ඒක දුර්ලභයි කියලා..............
    පෘථිවියේ පමණක් නෙවෙයි ජීවය ියෙන්නේ කියල කීපාරක් කියන්න මනුස්සයෝ තමුන් ට.................

    එහෙම වෙන්නේ කොහොමද විඥාණය කියන්න සරල තේරැම ඡිවය ,පන කියන එකයි සියලු ඕනෑම භෞතික දෙයක තියෙන්නේ කොහොමද? කිසිම පැහැදිලි කිරිමක් නැතුව නිකම්ම කිව්වට පිලිගන්න බෑනේ .විඥාණය කියන්නේ පංච උපාදාන්ස්කන්ධයේම තවත් කොටසක් .එ කියන්නේ පංචස්කන්දයම විඤ්ඤානය ඔය පංචස්කන්දෙයන් ගන්න සංඥා තමයි විඤ්ඤානය

    ඇසට රෑප වැටුනම ඇසෙන් මොලයට ලැබෙන සංඥා
    කනෙන් අසන ශබ්දය
    ස්පර්ශය
    මේ සංඥා වලින් ලැබෙන අරමුණු තමයි විඤ්ඤානය කියන්නේ එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා හයකට බෙදනවා ඔයා ඔය කියන විඤ්ඤාණය මොකද්ද මට තේ‍රෙන්නේ නෑ :no:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බෞද්ධයන්ට විඤ්ඤාණය ගැන ‍වෙනම තේරෙඩ් එකක් දාලා කියා දෙන්න ඔනේ :D
     
    Jan 7, 2013
    182
    16
    0

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

    විශ්වයේ කොහේවත් ජීවයක් නැහැ කියලා උබ කොහොමද කියන්නේ? :confused::confused: අනික පරමාණු බෝම්බ ගැහුවා කියලා අපායවල් නැතිවෙනවද? දිවයලෝක නැතිවෙනවද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම වෙන්නේ කොහොමද විඥාණය කියන්න සරල තේරැම ඡිවය ,පන කියන එකයි සියලු ඕනෑම භෞතික දෙයක තියෙන්නේ කොහොමද? කිසිම පැහැදිලි කිරිමක් නැතුව නිකම්ම කිව්වට පිලිගන්න බෑනේ .විඥාණය කියන්නේ පංච උපාදාන්ස්කන්ධයේම තවත් කොටසක් .එ කියන්නේ පංචස්කන්දයම විඤ්ඤානය ඔය පංචස්කන්දෙයන් ගන්න සංඥා තමයි විඤ්ඤානය

    ඇසට රෑප වැටුනම ඇසෙන් මොලයට ලැබෙන සංඥා
    කනෙන් අසන ශබ්දය
    ස්පර්ශය
    මේ සංඥා වලින් ලැබෙන අරමුණු තමයි විඤ්ඤානය කියන්නේ එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා හයකට බෙදනවා ඔයා ඔය කියන විඤ්ඤාණය මොකද්ද මට තේ‍රෙන්නේ නෑ :no:

    උඹ පටලවගෙන.. හොයල බලපං රූප,වේදනා , සංඥා , සංඛාර , විඤ්ඤාන කියන්නෙ මොකද්ද කියලා... මෙතන ඉන්න හැමෝටම බුදු දහම ගැන ලොකු දැනුමක් නෑ... මොකද බුඳු දහම කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක්... ලොකූ විෂය පථයක් තියෙන දෙයක්...
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උඹ පටලවගෙන.. හොයල බලපං සංඥා , සංඛාර , විඤ්ඤාන කියන්නෙ මොකද්ද කියලා... මෙතන ඉන්න හැමෝටම බුදු දහම ගැන ලොකු දැනුමක් නෑ... මොකද බුඳු දහම කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක්... ලොකූ විෂය පථයක් තියෙන දෙයක්...

    උබල ඔය ගන්දම්බ කියන එකත් එක්ක පටලගෙන තියෙන්නේ ඔව ඔය හින්දු ආත්ම සංකල්ප වලින් ආපුව ඔව ඔක්කොම පටල ගෙන සම්‍‍බොල කරගෙන ඉන්නේ. අදාල දේ දන්නෙත් නෑ ආදාල නැති දේ දන්නෙත් නෑ අන්තිමට කියනවා සියලුම භෞතික දේත් විඤ්ඤාන කියලා :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා බෞද්ධ යාලුවන්ගෙන් අහන්න .මේක අහන්නේ බුද්ධාගමට අගෞරව කරන්න නම් නෙවෙයි .දන්නවනම් උත්තරක් දීලා යන්න මේන්න මේකයි ප්‍රශ්ණය.

    babytalk-fetus.jpg


    බුද්ධ ධර්මයට අනුව ඉපදීම දුකක් (වැරදි නම් නිවැරදි කරන්න ) මිය යාම දුකක් ,ප්‍රය යන්ගෙන් වෙන්වීම දුකක් ලෙඩ දුක් හැදෙන එක දුකක් එ දුක නැති කරගන්න නම් නිර්වානය කරා ලගා වෙන්න ඔනේ නේද?( එ කියන්නේ නැවත ඉපදීමක් නැත)එ කියන්නේ බෞද්ධයන්ගේ මුලික අරමුණ නැවත ඉපදිම අවසන් කරගැනීම නේද ? එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද? ඡාති ඡරා මරණවල ආයේත් ආරම්භයට මුලක් නේද? එක බුද්ධ ධර්මයේ මුලික හරයට පටහැනි නැද්ද?දිගින් දිගටම වර්ගයා බෝකරමින් තව තවත් සසර දික්කරගන්න බැදිම් වලට බැදේනවා නේද ? දන්න අයෙක් ඉන්නවනම් මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි

    දිගින් දිගට ළමයි හැදීමෙන් තව තවත් සසරේ බැදීම් එක්ක බැදෙනවා තමයි. ඇයි ඒ ?? ඒ පෘථග්ජනයා ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය සහ චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කර නොගත් නිසා. කෙනෙකු ඉපදුන පමණින් ඔහුට චතුරාර්්‍ය සත්‍යය වැටහෙන්නේ නෑ ඒ සදහා දහමේ කරැණු පිළිපැදගෙන ඉස්සරහට යන්න ඕනේ.
     
    • Like
    Reactions: Toy Boy

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබල ඔය ගන්දම්බ කියන එකත් එක්ක පටලගෙන තියෙන්නේ ඔව ඔය හින්දු ආත්ම සංකල්ප වලින් ආපුව ඔව ඔක්කොම පටල ගෙන සම්‍‍බොල කරගෙන ඉන්නේ. අදාල දේ දන්නෙත් නෑ ආදාල නැති දේ දන්නෙත් නෑ අන්තිමට කියනවා සියලුම භෞතික දේත් විඤ්ඤාන කියලා :lol:

    ඉස්සෙල්ලා මේක ක්ඉයපංකෝ.... උඹෙ මුල් ප්‍රශ්නෙට උත්තර දුන්නා ඔක්කොම ටික.... උඹ නිකමටවත් කිව්වේ නෑ ඒක පැහැදිලි වුනා කියලවත්... ඊට ප්ස්සේ කරන්න ගත්තෙ එක එක්කෙන කියන ඒවගෙන් කෑලි කෑලි අල්ලන් දඟලන එක... උඹට තියෙන අනිත් ප්‍රශ්න ටික ඔය මුලින්ම ඇහුවා වගේ පිලිවෙලට දාපන්කෝ බලන්න...

    උඹ ඔය උඩින් කියලා තියෙන කිසි දෙයක් අදාල නෑ... මොකද උඹ කවුරුත් කියන එකක් හරියට අහන්නේ නෑ... එකක් කිව්වහම ඒකෙන් කෑල්ලක් අල්ලන් එන එකක් කියනවා... උඹලගේ පොතේ ලියලා තියෙන ආගම වගේ මැනුවල් එකක් නෙමෙයි බුද්ධාගම කියන්නෙ... මේකේ ඉන්නවා මට වැඩිය දන්න උන්... අන්න ඒ අය උඹට උත්තර දෙයි... :yes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචන් උඹගෙ සැබෑ අරමුණ උඹට අපැහැදිලි තැන් පැහැදිලි කරගැනීම නම් උඹට ඔය අදාල නැති වලට උත්තර නොදී මෙතන කියන වටිනා කරුණු ඇසුරෙන් ඉස්සරහට යන්න තිබ්බ.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එක තමයි එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නැද්ද බුද්ධ ධර්මයෙන් සුවිශේෂි පුද්ගලයන් විතරයි වැඩක් ගන්නේ
    සුවිශේෂි පුද්ගලයන් කියලම කියන්න බෑ.නමුත් ධර්මය අවබෝධ කරගන්න යම්කිසි බුද්ධිමත් බවක් අවශ්‍යයි
    එක තමයි සෑම බෞද්ධයක්ගේම අවසාන බලාපොරොත්තුව නිවන නේද? මම කියන්නේත් එක තමයි නැවත ඉපදිමක් නැති තත්වයකට පත් වන්න සාරසං්‍ය කල්ප ලක්ෂ ගනන් පෙරැම් පුරන්නේ නැතිව ඊට වඩා ලේසිවිදියට කරන්න පුලුවන් නේද කියන එකයි

    උඹ කියන ඔය ලේසි විදිය ගැන කියපු හැම තැනකදිම උඹ උපකල්පනයකටනෙ ආවෙ මෙහෙම වුනොත් කියල.අපි මෙහෙම කියමුකො.ඔය එක පාරට ලෝක විනාසෙ සිද්ධ වෙන්න යන කාලය ඔය කියන පෙරුම් පුරන දීර්ඝ කාලයටත් වඩා පස්සෙ සිද්ධ වෙන දෙයක් නම්?
    අනික උඹේ ලෝක විනාස කරන ක්‍රම (ප්‍රායෝගික නැති) වලින් ලෝක විනාසය සිද්ධ කලත් ඊට පස්සෙ ඒ සත්තු මිනිස්සුන්ට සිද්ධ වෙන දේ ගැන මෙතන කීප දෙනෙක් පැහැදිලිවම කියල තියනව.
    අනික උඹේ ඔය ක්‍රම සියදිවි නසා ගැනීමක් වගේ වැඩක්නෙ.එහෙම පුලුවන්නම් ඒක ධර්මයෙ පැහැදිලිව තියනව විස්තර කරල.එහෙම බැරි බව කට්ටිය පැහැදිලි කරල තියනව.එහෙම බැරිද කියල තව තවත් අහන්නෙ ඇයි කියල මටනම් තේරුම් ගන්න අමාරුයි

    ඔක ගැනත් කතා කලා ස්තුතියි අදහස් එකතු කලා‍‍ට

    කතා කලා කිව්වට උඹ එක තැනකවත් කියල නෑනෙ තේරුණාද,එකඟයිද කියල.ඒක නිසා කවුරු හරි උත්තරයක් දුන්නම ඒකට එකඟ නොවෙන හේතුව කියපන්.උඹ වෙනුවෙන් තව එකෙක් වැය කරන කාලෙ ගැන හිතලවත්.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් &#3505

    මෙන්න මේක කියවන්න ඉතුරු ටික මේ ලින්ක් එකේ තියෙනව.
    http://si.wikibooks.org/wiki/මහාබයිබල_සූත්‍රය_ii

    සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.


    තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම ‍දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන්
    21

    වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාර‍යෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය.
    එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ
    " අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ.

    කම්මැලි නැති අය විතරක් කියවල බලන්න
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    පිළිතුරු ලැබී තිබුනත් නිසි සේ.
    කියවන පාටක් නම් නැහැ පෙනෙන්නේ.
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් වලියට බරවෙන්නේ.
    සුපුරුදු හම්බ ගඳකි මටනම් දැනෙන්නේ.
    :rofl::rofl::rofl:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න විදිහට මිනිස්සුන්ට විතරයි පින්කම් කරලා කුසල් රැස් කරන්න පුලුවන්. ඒකනේ අපි ඔය දෙවියන්ටත් පින් දෙන්නේ

    අනිත් ආගම් වලටත් ඕක පොදුයිනේ බං. දෙවියෝ මිනිස්සුන්ට ආදරේ නම් කෙලින්ම ස්වර්ගේ හරි අර virginලා 72 ඉන්න තැන හරි මවන්න තිබුනනේ

    :cool::cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕන්න යාලු උබ දෙකොන පටලවාගෙන .... මෙහමයි යාලු බුදු දහම සරලව ගත්තොත් පිට කියන්න පුලුවන් දුක නතිකිරිමේ මග කියල.. අපි කොහොමද දුක නැතිකරගන්නෙ?? ඒකට මුලින්ම දුක කියන දේ තේරුම් ගත යුතුයි ඉතාම සරලව බැලුවොත් ඉපදීම නැති උනාම දුක නැතිවෙනව තමා ඒත් ලමයි හම්බ උනේ නෑ කියල දුක නැතිවෙන්නෙ නෑ

    මම හිතන්නෙ උබ දන්නෙ නෑ යාලු සසර දුකින් එතරවෙන්න චතුර්යසත්ය තේරුම්ගත යුතුයි.. ඒ සදහා මනුශයයෙක් වෙලා උපදීම අනිවාර්යයි තිරිසනෙකුට හෝ අමුනුස්සයෙකුට කිසිදා නිවන් දැකිය නොහැකී ඉතින් යාලු බුධ්ද ධර්මය අදහන්නෙක් දරුවෙක් හදන්වා කියන්නෙ තවත් දුකක් මේ ලෝකයට එකතුකිරීම නොව සංසාර ච්‍රක්‍රයේ දුකේ ඇලී ගැලී නානාවිද ආත්ම වල ඉපිද සසර දුකින් එතර වන්නට බලාසිටින්නෙකුට ඒ සදහා අවස්තාවක් උදාකරදීමක්