භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බණ අසා එකපාර්ටම සෝවාන්, රහත් වෙනවනම් පැය 24ම පිරිත්, සූත්‍ර ධම්ම චක්ක, අනත්ථ ලක්ඛණ අහන මේ ඇත්තන් අඩුම තරමේ සෝවාන් ඵලයවත් නොලබන්නේ පොතේ කරුණු වැරදි නිසාද? එහෙම නැතිනම් පාරමී පිරී නැති නිසාද?

    ඔබ දෙන පිළිතුර මම දනිමි, පාරමී පිරී නැති නිසා කියල තමයි වැඩි දෙනෙක් පිළිතුරු දෙන්නේ. ඉතින් බුද්ධ දේශනාව පාරමී පිරී ඇති දෙවි මිනිසුන්ට නොවේද? ඒ මන්ද ඔහුනට දම් පද පරමාර්ථයෙන් ගැලපිය හැක චතුර ලෙස.

    අපි අද දකින දම් පද අසා රහත්වත් අඩුම තරමේ සෝවාන්වත් වීමට නොහැක්කේ, ඒවා පරමාර්ථයෙන් දකින්න බැරි වීම විනා වෙන කිසිවක් නිසා නොවේ. නැත්තන් පැය 24 පුරා බණ කියන, බණ අහන මේ ලක් දෙරණේ රහතුන්ගෙන් අඩුවන් නොවනු ඇත.

    සැමට සම්මා සම්බුදු සරණයි.

    බුදු දහමෙදි අගයන්නේ ඥාණ මාර්ගය විතරයි, භක්ති මාර්ගය නෙවෙයි. රහත් වීම ඉඛෙම වෙන දෙයක් වත් අහම්ඛෙන් වෙන දෙයක් වත් නෙවෙයි. කාලයක් තිස්සේ මනස දියුණු කරල තියෙන්නේ ඔනෙමයි. මම ඔක කලින්ම කිව්වා සහෝදරයා

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.
    ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
    ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    බුදු දහමෙදි අගයන්නේ ඥාණ මාර්ගය විතරයි, භක්ති මාර්ගය නෙවෙයි. රහත් වීම ඉඛෙම වෙන දෙයක් වත් අහම්ඛෙන් වෙන දෙයක් වත් නෙවෙයි. කාලයක් තිස්සේ මනස දියුණු කරල තියෙන්නේ ඔනෙමයි. මම ඔක කලින්ම කිව්වා සහෝදරයා

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ


    චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.
    ඇත්තම කිව්වොත් තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මම ගිහියෙක් නෙවෙයි .රහතන් වහන්සේ කෙනෙක් .අඩුම ගානේ මාර්ග ඵල ලාභියෙක්.නමුත් මම ඒක ගැන දන්නවා .
    ලංකාවෙ ඉන්නවා චතුරාර්ය සත්‍ය වගේ ගැඔූරු දහම් දේශනා කරන දක්ෂ ස්වාමීන් වහන්සේලා .ඒ අය සියලු කෙලෙසේ ප්‍රහීරණය කරපු රහතන් වහන්සේලා නෙවෙයි .උන් වහන්සේලා මෙ ගැන හොඳට දන්නවා .ඒත් තේරෙන්නේ නෑ.අන්න ඒකයි වෙනස... දන්නවා ,ඒත් තේරෙන්නේ නෑ....නැත්තම් අපි හැමෝම රහත් වෙන්න ඔනේ නේද.. එහෙම වෙන්නේ නෑත්තේ අපිට ඒවා නුවණීන් අවබෝධ කරගන්න බැරි හන්දා..

    හේතුප්‍රත්‍යයෙන්ම විසඳමු
    http://elakiri.com/forum/showthread.php?p=9661515#post9661515

    අපේ සම්මුතියේ බාලයා වනුයේ
    අධර්මයේ හැසිරෙන පස් පවින් පෝසත්
    මෝහයෙන් පිරි තැනැත්තා
    |

    පස් පව් කරන්නේ ඇයි?
    |

    ඇස, කන, නාසය දිව ශරීරය ඇලීමකින්
    පිනවන්නා අතින් සිදුවන්නේම පව්ය.

    මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය බාලයා ලෙස හඳුනා ගත් කල්හි
    එහි ආදීනව දැක නොඇලී සිටින්නා
    පණ්ඩිතයෙකි. මෙම ඇලීම නිරුද්ධ කළ කල්හි
    බාලයෙක් නැත. තම උච්ච කරගත් සිතය.
    අන්න ඒ සිත තමයි පුද්ගලයෙක්ව පණ්ඩිතයා කරන්නේ.

    මෙන්න මෙහෙමයි පරමාර්ථයෙන් දකින්නේ. හේතුඵල දහමෙන්ම ධර්ම ගැටළු විසඳන්න පුරුදු පුහුණු කරන්න පුළුවන් නුවනැත්තන්ටමයි. ඉතින් ඔබලත් නුවණැත්තන් වන්නේ නම් බුදු සසුනට ඉමහත් ලාභයකි.
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    අපි කෙනෙක්ගේ ධර්මයක් අසනවිට එය සැක සහිතනම් විනයටයි, සූත්‍රයටයි ගලපන්න ඕනේ.

    ඒක කරන්නේ කොහොමද කියල ඇහුව්වට මට පිළිතුරු දෙන්න බැහැ. ඒකට හේතුව මට කියා දෙන්න තේරුමක් නැතිබව. හැබැයි යම් දවසක පුළුවන් වේවි කියන විශ්වාසය අධිෂ්ඨානය තියෙනවා.

    මට පෙනුන විදියට සුරංග මහත්මයා හරි දේ කියා තියෙනවා. එහෙත් සුරංග මහත්තයා හිත් වේදනාවකින් තමයි මේවා මේ ඇත්තන්ට පහදා දෙන්න උත්සහ කරල තියෙන්නේ. ඉතින් ඒක දකින අය දැක ඇත්තේ වෛරී චේතනාවකින් ඔහු පරමාර්ථය ගැලපුවා කියලා.

    අපි බුද්ධිමතුන් හැටියට යමක් උකහ ගැනීමේදී,

    1.
    එකපාරටම ප්‍රතික්ෂේප කරන්න එපා
    2. එකපාරටම භාරගන්නත් එපා
    3. බුදුන්ගේ අඩි පාරේ ගොස් විසඳන්න බලන්න

    එතකොට සත්‍ය තේරේවී. අපි නොදැනුවත්වම කරන අපහාස අවලාද ආනන්තරීය වෙන්න පුළුවන්

    ඒ මන්ද ඇත්ත ඇති සැටියෙන් අපිට එකපාරටම නොතේරෙන්නේ අපිට එච්චර නුවණක් නැති නිසාවෙනි. ඉතින් අපි නොදැන එක් එක් පුද්ගලයන්ට කරන අපහාස අවලාද ආනන්තරීය වී අපිටම පත්තු වන අවස්ථා එමටය.

    රහතුන් වුවත් බිම බලාගෙන යන සිරිතක් නෑ. මොකද රහත් වුවත් පෙර පුරුදු අත හරින්න බැරි අවස්ථාත් එමටයි.

    අර එක්තරා රහතන් වහන්සේ නමක් දානෙකට වඩින විට පොඩි වතුර වලකින් වඳුරෙක් වගේ පැන්නා. ඒක දැකපු දායක මහත්තයා "අපෝ මූට කිසි සීලයක් නැතැයි සිතා දානේ පමණක් දෙන්නෙමි, පිරිකර නොදෙන්නෙමියි" සිතා ගත්තා. ඒ බව ණුවනින් දැක්ක රහතන් වහන්සේ ලොකු වතුර වලෙන් නොපැන වතුර වලට බැහැගෙනම ගියා. ඉතින් දායකය ඇහුවා ඇයි මේ ලොකු වතුර වලෙන් පැන්නේ නැත්තේ කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කීවා "අනේ මේකෙන් පැන්නෝතින් මට දානෙත් නැතිවෙයි කියා". ලැජ්ජාවට පත් දායකයා බුදුරදුන් හමු වී මේ බව සැල කළවිට බුදුන් කීවේ "ඒ රහතුන් ගිය භවයේ වඳුරෙකුව ඉපිද මේ භවයේදිද රහත් වෙලත් පුරුද්ද අත හැර නොහැකිව සිටින බවකි"

    ඉතින් මෙන්න මේකයි සත්‍ය.

    ඉතින් පින්වතුනේ කාටවත් ඔහුන්ගේ තරම නොදැන අපහාස අවලාද කරන්නෝ නරකාදියටමයි යන්නේ. ඒක නිසා කාටවත් කිසිම අයුරකින් අපහාස නොකර මෛත්‍රි සිත් ඇති කරගෙන ජීවත් වෙමු!
     

    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    ඔක තමයි සහෝදරයා අපිත් මෙච්චර වෙලා කිව්වෙ...:yes:. බුදු සරණයි......

    අනේ මගේ කට. මේක noble විස්තරකරනකන් ඔක්කොම ණයට කැහැ කැහැ හිටියා. noble යස අගේට විස්තර කරල දුන්නට පස්සේ "ඔක තමයි සහෝදරයා අපිත් මෙච්චර වෙලා කිව්වෙ". ඕක උඹත් කිව්වනම් noble විස්තර කරන්න ඉස්සෙල්ලා විස්තර කරන්න තිබ්බනේ.

    මුන් පොතේ කරුණු අලියා දිවුල් ගිලිනවා වගේ ගිලලා, ධර්මය ලස්සනට අර්ථවත්ව දැන උගත් noble වගේ අය පහදා දෙන කොට මුන්ට ඇහේ කටු ඇනෙනවා.

    මොනා උනත් උඹල
    noble ඉදිරියේ මෝඩයෝ වෙලා ඉවරයි. මේ පෝස්ට් කියවන ඕනෙම එකෙක්ට තේරෙනවා උඹලව noble ලඟින් අහලකින්වත් තියන්න බැරි බව. :rolleyes:
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0

    එතකොට භාවනා කරන්න බාධා වෙනවයි කියල කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අහවල් කෙංගෙඩියකටද? දෙයියන්ට කුද ගහගන්න කියල පංචස්කන්ධය ඇසුර මුළුමනින්ම ඉවත් කරල භාවනා කළාම හරිනේ...

    as1005164-1.jpg


    එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති.

    දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය ලබා දීමේ පින් කටයුත්තට අත ගැසීමට කැමැත්තෙමි. සූත්‍රය යනු මාර්ග පටිපදාවකි.

    කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද?


    අප අසා ඇත්තේ මෙසේය. වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය. එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.

    Quote:
    අට්ඨ කථාව යනු, ධර්මය විසඳීමට නොහැකි කල්හි (ධර්මය හරි හැටි නොතේරෙන කල්හි) බුදුගොස් (බුද්ධඝෝෂ ) වැනි පන්ඩිතයන් එය අර්ථවත් කිරීමට ගෙතූ කථාවන්ය. මාර්ගඵල නොලත් ඔහුන් ධර්මය පරමාර්ථයෙන් නොදැකම පොත් ලියන්නට විය. එතැන් පටන් අද දක්වාම අපේ බෞද්ධයා අඳුරේ අත පත ගාන්නාක් මෙන් බුදුදහම අත පත ගාති.

    නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.
    මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.

    කරණීයමත්ත කුසලේන
    යං තං සන්තං පදං අභිසමෙච්ච

    මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී, මෙසේ කිව හැක.

    ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?, හේ මෙසේ කටයුතුය ලෙසය.

    එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි. නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.

    මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි. එම පද පේලිය මෙසේය.

    දිට්ඨිංච අනුපගම්ම සීලවා
    දස්සනෙන සම්පන්නෝ
    කාමෙසු විනෙයියගේදං
    නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.

    මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.
    දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්, දර්ශනයට පත් වෙයි.
    පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි (දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී). නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත. ලෙසය.

    එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක. එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය. එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක. අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.

    අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.

    අපි නියම බුද්ධ පුත්‍රයෝ වෙමු. එය අපිට නිර්භයව සිංහනාද කළ හැක. අපි මෙය නිර්භයව දෙසන්නේ මෙය අප පරමාර්ථයෙන් දැක ඇති නිසාවෙනි.

    කරණීයමෙත්ත සූත්‍රය නිවන් සඳහම මිස යකුන් එළවීමට නොවේ. මතුවට මුළු කරණීයමෙත්ත සූත්‍රයම පරමාර්ථයෙන් ගැලපා දීමට කැමැත්තෙමි. එය නිවන් පිණිසම හේතු වාසනා වේවා!

    සැමට තෙරුවන් සරණයි!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එසේ නම් රතන සූත්‍රය විශාලා මහනුවර තුන්බිය දුරුකිමට යොදාගත් සදහනද මෙළෙසම වීද??
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    එසේ නම් රතන සූත්‍රය විශාලා මහනුවර තුන්බිය දුරුකිමට යොදාගත් සදහනද මෙළෙසම වීද??

    ඔව්, එය එසේමය. රතන සූත්‍රයෙන් නිවන් මාර්ගය මනාවට පිළිඹිඹු වේ.
    රතන සූත්‍රය, බුද්ධ, ධම්ම, සංඝ, යන ත්‍රිවිධ රත්නය උපයෝගී කරගෙන නිවන් දකින ආකාරය සවිස්තර කරයි.

    බුදුන් වැඳීම - එනම් මාර්ගයේ විසීම
    ධර්මය වැඳීම - චතුරාර්‍ය සත්‍ය හෝ ආර්ය මාර්ග ධර්මය, දෙසීම සහ ඇසීමය
    සංඝයා වැඳීම - ආර්ය මාර්ගයේ ගමන් කොට අනුත්තර පුඤ්ඤකෙත බවට පත්වීමය

    තුන්වන ගාථා පදය පමණක් ඉදිරිපත් කරමි

    ඔබට
    තුන්වන ගාථා පදය පුද්ගලික මෙසේජ් එකකින් එය සවිස්තරව දක්වා එව්වෙමි

    ප්‍රසිද්ධියේ මේවායේ අර්ථයන් නියම ලෙස දක්වන්ට බැහැ. මොකද ධර්මය ගැන හරි හැටි නොදන්නා කෙනෙකුගෙන් සිදුවන අපවාද අවලාද වලින් අපාගත වන්නේ මා නොව ඔහුන්මය. එබැවිනුයි මෙය පුද්ගලිකව එවන්නේ.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl:

    කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

    ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

    රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

    කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

    ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ.

    කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

    නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes:

    තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

    එළකිරි එකේ සියලු දෙනාට - බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

    කරුණාකර මොහු ධෛර්‍යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.