භාවනා අබ්‍යාස කරන්න එන්න!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    බුදු හාමුදුරුවන්ගේ මග ගමන් කිරීම ප්‍රායෝගිකව ඉගෙන ගනිමු!

    එතකොට මට කියන්න මේ දේ හිතේ හට ගන්න මොහොත තේරෙනවද?

    ->. "ද්වේශය"

    ඒක මොන වගේ දෙයක්ද? ඔයා ඒක හදුනා ගන්නේ කෙසේද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    sihiyen hitiyoth handuna ganna puluwan...
    එතකොට, ඔයා දෙවේශය කියල හදුන්වන්නේ මොන වගේ හිතට දැනෙන දේවල්ද?

    දෙවේශයට මුල් වුන එක අවස්ථාවක් උදාහරණයක් එක්ක දෙන්න.

    ඔයා ඒ මොහොතේ සාමාන්‍යයෙන් කරන්නේ මොකක්ද?

    (අ) - වලක්වන්න හදනවා
    (ආ) - මුලින් උදුරා දමන්න හදනවා
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93

    ද්වේශය කියන්නේ ගැටීම හා නොඉවසන ස්වභාවය මුල් කරගෙන උපදින භාවයක්.
    උදා:- තරහව, ඉරිසියාව, පසුතැවිල්ල

    ද්වේශයක් ආ තැන මම නම් උත්සාහ කරන්නේ මගේ සිතට එන සිතිවිලි වලට ඒ විදියටම ඉන්න දීලා ඒවා දකින්න උත්සාහ කරන එක. නමුත් ඉතින් කිව්වට ක්‍රියාත්මක කරන එක තමා අමාරු වැඩේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    කෙලෙස්

    හිතට දැනෙන දේ​

    භූත -> ධාතු -> ගති​

    ආදීනව​

    ද්වේශයතරහව, ඉරිසියාව, පසුතැවිල්ල"තේජෝ" <- ගිනි ගන්න ස්වභාවයෙන් සමන්විත කුඩා අංශු (භූත). ද්වේශය කියල හදුන් වන්නේ මේවා රැලි සේ ඇවිත්, හිතේ ක්‍රියාකාරිත්වය සමග එකතු වන අවස්තාව. මේ අංශු ගෙට ගත්තොත්, ඒ කියන්නේ ඒක ගැන දිගටම හිතලා, රවුම් ගැහුවොත්, තේජෝ භූත - ධාතු වෙලා ශරීරයට උරා ගන්නවා. එකයි ඇඟ රත් වෙන්නේ. ඉන්පසු මේ වගේ තැන්පත් වන ධාතු ද්වේශ ගතියක් බවට පෙරළෙනවා. එකයි දිගෙන් - දිගට තරහ යන්නේ, පසුතැවෙන්නේ.තැන්පත් වන දේවේශ ගතිය පිත කෝප කරනවා. පිත කෝප වීම නිසා පිළිකා ඇතුලු නොයෙකුත් ලෙඩ රෝග ගෙන දෙනවා. දේවේශ ගතිය කලු කිරණ ශක්තියක් මුදා හරිනවා. මේවා තමන්ව සහ අවට පරිසරය කිලිටි කරනවා. මේවා නිසා තමගේ ගෙදර සහ අවට ඉන්න අයට කරදර ගෙන දෙනවා. මේ කිරන ශක්ති අපල වෙලා බලවත් ලෙස ආපහු කැරකිලා එනවා. ඉන්පසු දේවේශ කරපු එක්කෙනා සමග නය සම්බන්දයක් ඇති කරනවා. ඒක කවද හරි ගෙවන්න වෙනවා. කිලිටි වුන මනස නිසා ප්‍රේත, භූතයන්ට තමන්ව පාලනය කරන්න පහසු වෙනවා.

    ද්වේශයක් ආ තැන මම නම් උත්සාහ කරන්නේ මගේ සිතට එන සිතිවිලි වලට ඒ විදියටම ඉන්න දීලා ඒවා දකින්න උත්සාහ කරන එක.

    ඒ විදියටම ඉන්න දුන්නොත් වෙන්නේ ආදීනව උරුම වෙන එක නේ!
     
    Last edited:
    • Like
    Reactions: anunimous

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93

    කෙලෙස්

    හිතට දැනෙන දේ​

    භූත -> ධාතු -> ගති​

    ආදීනව​

    ද්වේශයතරහව, ඉරිසියාව, පසුතැවිල්ල"තේජෝ" <- ගිනි ගන්න ස්වභාවයෙන් සමන්විත කුඩා අංශු (භූත). ද්වේශය කියල හදුන් වන්නේ මේවා රැලි සේ ඇවිත්, හිතේ ක්‍රියාකාරිත්වය සමග එකතු වන අවස්තාව. මේ අංශු ගෙට ගත්තොත්, ඒ කියන්නේ ඒක ගැන දිගටම හිතලා, රවුම් ගැහුවොත්, තේජෝ භූත - ධාතු වෙලා ශරීරයට උරා ගන්නවා. එකයි ඇඟ රත් වෙන්නේ. ඉන්පසු මේ වගේ තැන්පත් වන ධාතු ද්වේශ ගතියක් බවට පෙරළෙනවා. එකයි දිගෙන් - දිගට තරහ යන්නේ, පසුතැවෙන්නේ.තැන්පත් වන දේවේශ ගතිය පිත කෝප කරනවා. පිත කෝප වීම නිසා පිළිකා ඇතුලු නොයෙකුත් ලෙඩ රෝග ගෙන දෙනවා. දේවේශ ගතිය කලු කිරණ ශක්තියක් මුදා හරිනවා. මේවා තමන්ව සහ අවට පරිසරය කිලිටි කරනවා. මේවා නිසා තමගේ ගෙදර සහ අවට ඉන්න අයට කරදර ගෙන දෙනවා. මේ කිරන ශක්ති අපල වෙලා බලවත් ලෙස ආපහු කැරකිලා එනවා. ඉන්පසු දේවේශ කරපු එක්කෙනා සමග නය සම්බන්දයක් ඇති කරනවා. ඒක කවද හරි ගෙවන්න වෙනවා. කිලිටි වුන මනස නිසා ප්‍රේත, භූතයන්ට තමන්ව පාලනය කරන්න පහසු වෙනවා.

    ඒ විදියටම ඉන්න දුන්නොත් වෙන්නේ ආදීනව උරුම වෙන එක නේ!
    මේ තොරතුරු කොහොමද හොයාගත්තේ ?
     
    • Like
    Reactions: kinkon

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Thanks 👍

    ඒ විදියටම ඉන්න දුන්නොත් වෙන්නේ ආදීනව උරුම වෙන එක නේ!
    ආදීනව කෙසේ වෙතත්, සිතට එන සිතිවිලි එලවන්න ගියාම උපදින්නේ ආයෙත් ද්වේශයමයි. මොකද ඒක ගැටීමක්, නොඉවසීමක්.
    කරන්න ඕනෙ ඒ සිතිවිල්ල එලවන්න වත් බදාගන්න වත් නොයා ඒ සිතිවිල්ල ඇතිවන බව දැන හඳුනාගන්න එකයි.
    ------ Post added on Oct 17, 2022 at 8:20 PM
     
    • Like
    Reactions: kinkon

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    ද්වේශයක් ආ තැන මම නම්, ඒ බව දැනගෙන ඒ සිතුවිල්ල හිතින් අයින්කරගන්න උත්සහ කරනවා.... ඒකියන්නේ නැවත පියවි සිහියට එනවා....ඇත්තටම නැවත පියවි සිහියට එන්න උතසහ කරනවා...
    මුලින් උදුරා දමන්නවා කියන්නේ මොකද්ද... ඒක කරන්න බෑනෙ... මුලින් උදුරා දැම්මොත් ආයෙ ද්වේශයක් එන්න බෑ නේ....
     
    • Like
    Reactions: Candid-B

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කේන්තිය ආව නම් ආව කියන සිහියේ ඉන්න ඕනේ නේ

    නැත්තම් අර ආපු සිතුවිල්ල දිගේ ගිහිල්ල නොමනා වචන පාවිච්චි කරලා ගැටුම් දක්කවා යන නිසා

    සිහිය තිබ්බ නම් ආවේ කේන්තියක් කියල අඳුරගන්න එවෙලෙයිම සමනය වෙනවා නේ ?
     
    • Like
    Reactions: Saradiyal Putha

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    කේන්තිය ආව නම් ආව කියන සිහියේ ඉන්න ඕනේ නේ

    නැත්තම් අර ආපු සිතුවිල්ල දිගේ ගිහිල්ල නොමනා වචන පාවිච්චි කරලා ගැටුම් දක්කවා යන නිසා

    සිහිය තිබ්බ නම් ආවේ කේන්තියක් කියල අඳුරගන්න එවෙලෙයිම සමනය වෙනවා නේ ?
    ඔව්. හැබැයි සිහියෙන් ඉන්නඑක තමයි අමාරුම...සහ කවුත් කරන්නෙ නැත්තෙම... සිහියෙන් ඉන්නඑක කරන්න පුළුවන් ඒක පුරුදු කලොත් විතරයි....
    සිහියෙන් ඉන්නඑක තමයි වැඩියෙන්ම පුරුදු කරන්න ඕන, භාවනා කරනවටත් වඩා..ඵතකොට තමයි භාවනාවත් හරියන්නේ.....
     
    • Like
    Reactions: GobbaSira

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මුලින් උදුරා දමන්නවා කියන්නේ මොකද්ද... ඒක කරන්න බෑනෙ... මුලින් උදුරා දැම්මොත් ආයෙ ද්වේශයක් එන්න බෑ නේ....
    මුලින් උදුරා දාන්න පුලුවන්. නමුත් ඊට පෙර පොඩි අභ්‍යාසයක් තියෙනවා කරන්න.

    අභ්‍යාසය 01 - හිතේ විනිවිද දැක ගැනීම​

    ඔය ගොල්ලෝ අහලා ඇති මිතුරාට පෙර හතුරා ගැන දැන ගැනීම වැදගත් කියලා! ඇයි ඒ? හතුරාට කරන්න පුලුවන් හානිය වඩාත් බලවත් වන නිසා. එතකොට, අපි මේ අභ්‍යාසය කරන්න හදන්නේ "ද්වේශය" නැමති හතුරා ගැන තමන්ගේම හිත පසු විපරම් කර දත්ත එකතු කරන එක.

    අපි පාසලේ, පන්තියේ ඉගෙන ගන්න විද්‍යාව මේ වගේ

    අ ) දැනුම : අපේ ඇහැට, කනට නහයට තේරෙන දේ ගැන ඉගෙන ගැනීම
    ආ) පරීක්ෂණය : ඉන්පසු පරීක්ෂණ පවත්වා ඉගෙන ගන්න දේ ඇත්තටම වෙනවද කියා දැක ගැනීම.

    බුදු හාමුදුරුවන්ගේ විද්‍යාව ටිකක් වෙනස්. ඒක මේ වගේ.

    අ ) දැනුම : කෙලෙස් කියන්නේ මොනවද, කෙලෙස් උදුරා දාන මාර්ගය ඇතුලත් චතුරාර්ය සත්‍ය ගැන දැනුවත් වීම්.
    ආ) පරීක්ෂණය : ඉන්පසු කෙලෙස් උපදින ආකාරය තමගේ තිතෙන්ම පසක් කොට දැක ගැනීම.

    එතකොට, ද්වේශය මුලින් උදුරා දැමීම අපේ එක ඉලක්කයක් වෙනවා.

    නමුත් ඉලක්කය කරා යන්නට පෙර, හිතේ ඇති වන කෙලෙස් වල ක්‍රියාකාරිත්වය දැකලා හදුනා ගන්න වෙනවා. නිවැරිදිව කෙලෙස් උපදින අකාරය හදුනා ගෙන නැතිනම් උදුරන්න බැරි වෙනවා!

    (a) ද්වේශ ගින්න ඇති වෙන්නට පෙර හිත මොන වගේද?
    (b) ද්වේශය ඇති වෙන හේතුව දැක්කද?
    (c) ද්වේශ ගින්න නිවුන බව දැක ගත්තාද?

    U_wave.png.png

    ආදී වශයෙන් දැනගෙන සිටීම වැදගත් වෙනවා මාර්ගය වඩන්න.
     
    Last edited:
    • Like
    Reactions: Has1991 and ksujith

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    භාවනා අරමුන තදින්ම අල්ලගත්තොත් එහෙම වෙනවා.....!
    Void එකක් හිත හිත භාවනා කරාම හරි නේද? ඒ කියන්නෙ කිසිම දෙයක් නොහිත හිස් බවක් void එකක් කිසිම සිතුවිල්ලක් ශුන්‍යක හිත තියන් හිටියම හරි නේ? මට නම් එහෙම ඉන්න බෑ. මොකුත් නොහිත ඉන්න හිතෙන සිතුවිල්ලම සිතුවිල්ලක් වෙනවා. 🌚