මුලින් උදුරා දමන්නවා කියන්නේ මොකද්ද... ඒක කරන්න බෑනෙ... මුලින් උදුරා දැම්මොත් ආයෙ ද්වේශයක් එන්න බෑ නේ....
මුලින් උදුරා දාන්න පුලුවන්. නමුත් ඊට පෙර පොඩි අභ්‍යාසයක් තියෙනවා කරන්න.
අභ්‍යාසය 01 - හිතේ විනිවිද දැක ගැනීම
ඔය ගොල්ලෝ අහලා ඇති මිතුරාට පෙර හතුරා ගැන දැන ගැනීම වැදගත් කියලා! ඇයි ඒ? හතුරාට කරන්න පුලුවන් හානිය වඩාත් බලවත් වන නිසා. එතකොට, අපි මේ අභ්‍යාසය කරන්න හදන්නේ "ද්වේශය" නැමති හතුරා ගැන තමන්ගේම හිත පසු විපරම් කර දත්ත එකතු කරන එක.
අපි පාසලේ, පන්තියේ ඉගෙන ගන්න විද්‍යාව මේ වගේ
අ )
දැනුම : අපේ ඇහැට, කනට නහයට තේරෙන දේ ගැන ඉගෙන ගැනීම
ආ)
පරීක්ෂණය : ඉන්පසු පරීක්ෂණ පවත්වා ඉගෙන ගන්න දේ ඇත්තටම වෙනවද කියා දැක ගැනීම.
බුදු හාමුදුරුවන්ගේ විද්‍යාව ටිකක් වෙනස්. ඒක මේ වගේ.
අ )
දැනුම : කෙලෙස් කියන්නේ මොනවද, කෙලෙස් උදුරා දාන මාර්ගය ඇතුලත් චතුරාර්ය සත්‍ය ගැන දැනුවත් වීම්.
ආ)
පරීක්ෂණය : ඉන්පසු කෙලෙස් උපදින ආකාරය තමගේ තිතෙන්ම පසක් කොට දැක ගැනීම.
එතකොට,
ද්වේශය මුලින් උදුරා දැමීම අපේ එක ඉලක්කයක් වෙනවා.
නමුත් ඉලක්කය කරා යන්නට පෙර, හිතේ ඇති වන කෙලෙස් වල ක්‍රියාකාරිත්වය දැකලා හදුනා ගන්න වෙනවා. නිවැරිදිව කෙලෙස් උපදින අකාරය හදුනා ගෙන නැතිනම් උදුරන්න බැරි වෙනවා!
(
a) ද්වේශ ගින්න ඇති වෙන්නට පෙර හිත මොන වගේද?
(
b) ද්වේශය ඇති වෙන හේතුව දැක්කද?
(
c) ද්වේශ ගින්න නිවුන බව
දැක ගත්තාද?
ආදී වශයෙන් දැනගෙන සිටීම වැදගත් වෙනවා මාර්ගය වඩන්න.