වසර 2000 කට පමණ පෙර ඉන්දියාවේ සිට ඉසිවරු පිරිසක් අජප නම් වූ ස්වසන අභ්‍යාස ක්‍රමයක් හුරු කළහ. මේ ක්‍රමය කල්යාමේදී ඉන්දීය යෝගීන් වෙතින් අතුරුදහන් විය. නමුත් තිබ්බතයේ සිද්ධාශ්රම නම් වූ යෝගාශ්‍රමයේ විසූ යෝගීහු මේ ක්‍රමය පරම්පරාගත රහසක් ලෙස පවත්වාගෙන ආහ. 1860 දශකයේ දී තිබ්බතයේ චාරිකා කළ ඉන්දීය යෝගියෙකු වූ පුර්ණානන්ද පරමහංස තිබ්බතයට ගොස් මෙම අභිරහස් භාවනා ක්‍රමය ඉගෙනීමට සමත් විය. අද දක්වා අජප යෝග භාවනා ක්‍රමය ආරක්ෂා කර ගැනීමට ඔහුගේ ගෝල පරපුර සමත්වුහ. අජප යෝග ක්රමයේ වර්තමාන ගුරුවරයා වන ගුරුප්රසාඩ් ඉන්දියාව තුළ අජප ආශ්‍රම 5 ක් ඇරඹීමට සමත් විය. තවමත් තරුණ විය නොඉක්ම වූ ඔහු මේ දක්වා අජප යෝග ක්‍රමය ප්‍රසිද්ධ කිරීමට වෙහෙසෙයි.
අජප යෝග ක්‍රමය පුහුණු වන අයුරු
අජප යන්නෙහි තේරුම ජප නොකිරීම යන අරුතයි. සැබැවින්ම අජප යෝග ක්‍රමයේදී ජප කිරීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට ස්වසනය අධ්‍යයනය කර ස්වසන රිද්මය හැසිරවීම සිදු කෙරේ. අජප යෝගය බිහි කළ මහා ඉසිවරුන් හෙළිදරව් කර ඇති පරිදි අප ආශ්වාස ප්‍රශ්වාස කරන විට පහත වගුවේ දක්වා ඇති පරිදි සියුම් කම්පන නිකුත් වෙයි.
ආශ්වාසයෙදී ඇති නොවන හ් ශබ්දයක් ප්‍රශ්වාසය ට එක්වන බව ඔබට පැහැදිලිය. සෘෂිවරුන් කියන පරිදි මේ හ් ශබ්දය නගා පිටවී යන්නේ ජීව ශක්තිය යි. ඔබ මහන්සි වූ වෙලාවට හ් ශබ්දය වැඩියෙන් පිටවන බවට ඔබට මතක ඇත. යම්කිසි විදියකට හ් ශබ්දය පිටවීම පාලනය කරතොත් ඔබට සිරුර තුළ අධික ප්‍රාණ ශක්තියක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත. එය නිරෝගි බවට ද අධිමානසික බල ලැබීමට ද හේතු වෙයි. මේ සඳහා කළ හැකි අභ්‍යාස කීපයකි
මූලික අභ්‍යාසය
ආශ්වාස ප්‍රශ්වාස කරන විට හ් ශබ්දය නොනැගෙන පරිදි අවධානයෙන් යුතුව ස්වසනය කිරීම මූලික අභ්‍යාසයයි. මෙය කාලයක් ප්‍රගුණ කර අනතුරුව ඊළඟ අභ්‍යාසයට යා යුතුය.
ඕම් අභ්‍යාසය
හ් ශබ්දය නොනැගෙන සේ ඕම් ශබ්දය නැගෙන ලෙස ස්වසනය කිරීම දෙවන ක්‍රමයයි. මෙය ක්‍රම දෙකකට කළ හැකිය.
උපුටා ගැනීම : නිලන්ත හෙට්ටිගේ මහතාගේ "භාවනා උපදේශ සංග්‍රහය" කෘතියෙනි.

හුස්ම ගන්නා / හෙළන තැන | ආශ්වාසය | ප්‍රශ්වාසය |
මුඛය | අ ශබ්දය ඇතිවෙයි | හ (හ් +අ) ගබ්දය ඇතිවේ. |
නාසය | උම් ශබ්දය ඇතිවෙයි | හුම් (හ් + උම්) ශබ්දය ඇතිවේ. |
ආශ්වාසයෙදී ඇති නොවන හ් ශබ්දයක් ප්‍රශ්වාසය ට එක්වන බව ඔබට පැහැදිලිය. සෘෂිවරුන් කියන පරිදි මේ හ් ශබ්දය නගා පිටවී යන්නේ ජීව ශක්තිය යි. ඔබ මහන්සි වූ වෙලාවට හ් ශබ්දය වැඩියෙන් පිටවන බවට ඔබට මතක ඇත. යම්කිසි විදියකට හ් ශබ්දය පිටවීම පාලනය කරතොත් ඔබට සිරුර තුළ අධික ප්‍රාණ ශක්තියක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත. එය නිරෝගි බවට ද අධිමානසික බල ලැබීමට ද හේතු වෙයි. මේ සඳහා කළ හැකි අභ්‍යාස කීපයකි
මූලික අභ්‍යාසය
ආශ්වාස ප්‍රශ්වාස කරන විට හ් ශබ්දය නොනැගෙන පරිදි අවධානයෙන් යුතුව ස්වසනය කිරීම මූලික අභ්‍යාසයයි. මෙය කාලයක් ප්‍රගුණ කර අනතුරුව ඊළඟ අභ්‍යාසයට යා යුතුය.
ඕම් අභ්‍යාසය
හ් ශබ්දය නොනැගෙන සේ ඕම් ශබ්දය නැගෙන ලෙස ස්වසනය කිරීම දෙවන ක්‍රමයයි. මෙය ක්‍රම දෙකකට කළ හැකිය.
- හ් ශබ්දය නොනැගෙන සේ කටින් හුස්ම ගෙන නාසයෙන් හුස්ම පිට කිරීම
- නැතහොත් හ් ශබ්දය නොනැගෙන සේ නාසයෙන් හුස්ම ගෙන කටින් හුස්ම පිට කිරීම