භාවනා උපදේශ සංග්‍රහය : අජප යෝග භාවනා ක්‍රමය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වසර 2000 කට පමණ පෙර ඉන්දියාවේ සිට ඉසිවරු පිරිසක් අජප නම් වූ ස්වසන අභ්‍යාස ක්‍රමයක් හුරු කළහ. මේ ක්‍රමය කල්යාමේදී ඉන්දීය යෝගීන් වෙතින් අතුරුදහන් විය. නමුත් තිබ්බතයේ සිද්ධාශ්‍රම නම් වූ යෝගාශ්‍රමයේ විසූ යෝගීහු මේ ක්‍රමය පරම්පරාගත රහසක් ලෙස පවත්වාගෙන ආහ. 1860 දශකයේ දී තිබ්බතයේ චාරිකා කළ ඉන්දීය යෝගියෙකු වූ පුර්ණානන්ද පරමහංස තිබ්බතයට ගොස් මෙම අභිරහස් භාවනා ක්‍රමය ඉගෙනීමට සමත් විය. අද දක්වා අජප යෝග භාවනා ක්‍රමය ආරක්ෂා කර ගැනීමට ඔහුගේ ගෝල පරපුර සමත්වුහ. අජප යෝග ක්‍රමයේ වර්තමාන ගුරුවරයා වන ගුරුප්‍රසාඩ් ඉන්දියාව තුළ අජප ආශ්‍රම 5 ක්‌ ඇරඹීමට සමත් විය. තවමත් තරුණ විය නොඉක්ම වූ ඔහු මේ දක්වා අජප යෝග ක්‍රමය ප්‍රසිද්ධ කිරීමට වෙහෙසෙයි.

    අජප යෝග ක්‍රමය පුහුණු වන අයුරු

    අජප යන්නෙහි තේරුම ජප නොකිරීම යන අරුතයි. සැබැවින්ම අජප යෝග ක්‍රමයේදී ජප කිරීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට ස්වසනය අධ්‍යයනය කර ස්වසන රිද්මය හැසිරවීම සිදු කෙරේ. අජප යෝගය බිහි කළ මහා ඉසිවරුන් හෙළිදරව් කර ඇති පරිදි අප ආශ්වාස ප්‍රශ්වාස කරන විට පහත වගුවේ දක්වා ඇති පරිදි සියුම් කම්පන නිකුත් වෙයි.


    හුස්ම ගන්නා / හෙළන තැන

    ආශ්වාසය

    ප්‍රශ්වාසය

    මුඛය

    අ ශබ්දය ඇතිවෙයි

    හ (හ් +අ) ගබ්දය ඇතිවේ.

    නාසය

    උම් ශබ්දය ඇතිවෙයි

    හුම් (හ් + උම්) ශබ්දය ඇතිවේ.

    ආශ්වාසයෙදී ඇති නොවන හ් ශබ්දයක් ප්‍රශ්වාසය ට එක්වන බව ඔබට පැහැදිලිය. සෘෂිවරුන් කියන පරිදි මේ හ් ශබ්දය නගා පිටවී යන්නේ ජීව ශක්තිය යි. ඔබ මහන්සි වූ වෙලාවට හ් ශබ්දය වැඩියෙන් පිටවන බවට ඔබට මතක ඇත. යම්කිසි විදියකට හ් ශබ්දය පිටවීම පාලනය කරතොත් ඔබට සිරුර තුළ අධික ප්‍රාණ ශක්තියක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත. එය නිරෝගි බවට ද අධිමානසික බල ලැබීමට ද හේතු වෙයි. මේ සඳහා කළ හැකි අභ්‍යාස කීපයකි

    මූලික අභ්‍යාසය

    ආශ්වාස ප්‍රශ්වාස කරන විට හ් ශබ්දය නොනැගෙන පරිදි අවධානයෙන් යුතුව ස්වසනය කිරීම මූලික අභ්‍යාසයයි. මෙය කාලයක් ප්‍රගුණ කර අනතුරුව ඊළඟ අභ්‍යාසයට යා යුතුය.

    ඕම් අභ්‍යාසය

    හ් ශබ්දය නොනැගෙන සේ ඕම් ශබ්දය නැගෙන ලෙස ස්වසනය කිරීම දෙවන ක්‍රමයයි. මෙය ක්‍රම දෙකකට කළ හැකිය.

    1. හ් ශබ්දය නොනැගෙන සේ කටින් හුස්ම ගෙන නාසයෙන් හුස්ම පිට කිරීම
    2. නැතහොත් හ් ශබ්දය නොනැගෙන සේ නාසයෙන් හුස්ම ගෙන කටින් හුස්ම පිට කිරීම
    මේ ක්‍රම දෙකෙන් එකක් පුහුණු වීමෙන් අජප යෝග ක්‍රමයේ කෙළ පැමිණිය හැකිය. අජප යෝග ක්‍රමයේ කෙළ පැමිණි යෝගීන් සෑම විටම ස්වසනය කරනුයේ මේ ක්‍රම දෙකෙන් එකකට ය. එබැවින් ඔවුන්ගේ සිරුරු තුළ ප්‍රාණ ශක්තිය ආරක්ෂා වී ඇතැයි කියනු ලැබේ.

    උපුටා ගැනීම : නිලන්ත හෙට්ටිගේ මහතාගේ "භාවනා උපදේශ සංග්‍රහය" කෘතියෙනි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    බාවනා කරල හිත එකග කොරගන්න පුලුවන් ද බන්
    මට නන් බෑ, හිත වටේ යනව ඇස් පියාගත්ත ගමන්
    ඇස් අර ගත්ත්ම කෝමත් බෑ
    Htihen ayn unama hari.hith dekai tiyenne yamak tiyenawa kiyana hitai yamak ne kiyana hitai.oya dekenma ayn unama sitha ivarai.hitha wate yanakota amaru sithiwili tiyenawa kiyala hitena ekane.anith eka tama ne kiyala hitena eka.oya dekenma ayn unama hitha ivarai.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බාවනා කරල හිත එකග කොරගන්න පුලුවන් ද බන්
    මට නන් බෑ, හිත වටේ යනව ඇස් පියාගත්ත ගමන්
    ඇස් අර ගත්ත්ම කෝමත් බෑ
    ඇස් වහගන්ඩ පුලුවන්, හිතත් එකඟකරගන්ඩ පුලුවන් කනට ඇහෙන සද්ද නිසා හිත එහෙ මෙහෙ යන එක තමා අවුල.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇස් වහගන්ඩ පුලුවන්, හිතත් එකඟකරගන්ඩ පුලුවන් කනට ඇහෙන සද්ද නිසා හිත එහෙ මෙහෙ යන එක තමා අවුල.

    ඒකනෙ ඉතින්
    මට නන් මලාට බාවනාවක් කරන්න බෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    ඇස් වහගන්ඩ පුලුවන්, හිතත් එකඟකරගන්ඩ පුලුවන් කනට ඇහෙන සද්ද නිසා හිත එහෙ මෙහෙ යන එක තමා අවුල.
    Oya okoma awula tamanta kiyala sithak tiyenawa kiyala hitan inna eka.oya idea eken ayn unama etanama eka ivarai
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බාවනා කරල හිත එකග කොරගන්න පුලුවන් ද බන්
    මට නන් බෑ, හිත වටේ යනව ඇස් පියාගත්ත ගමන්
    ඇස් අර ගත්ත්ම කෝමත් බෑ
    ඇස් වහගන්ඩ පුලුවන්, හිතත් එකඟකරගන්ඩ පුලුවන් කනට ඇහෙන සද්ද නිසා හිත එහෙ මෙහෙ යන එක තමා අවුල.
    ඒකනෙ ඉතින්
    මට නන් මලාට බාවනාවක් කරන්න බෑ

    ඔය කියන්නේ භාවනාව ගැන නෙවෙයි නේද? භාවනා ඉරියව් ගැනනේ? හැමෝටම එකම ඉරියව්ව ගැලපෙන්නේ නැහැ. එක එක්කෙනාගේ චරිත සොබාව අනුව භාවනාවට ගැළපෙන ඉරියව්ව වෙනස් වෙනවා කියල විශුද්ධි මාර්-ගයේ (බුද්ධඝෝෂ හිමි ලියපු පොතක්) තියෙනවා. කාලෙකට කලින් කියවපු හින්ද මතක නැහැ. හොයල බලල දාන්නම්. මතක හැටියට විසිරෙන හිතක් තියෙන අයට ආනාපානසතිය ගැළපෙන්නේ නැහැ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බාවනා කරල හිත එකග කොරගන්න පුලුවන් ද බන්
    මට නන් බෑ, හිත වටේ යනව ඇස් පියාගත්ත ගමන්
    ඇස් අර ගත්ත්ම කෝමත් බෑ
    මේක භාවනාවක් නෙවෙයි බන් යෝග ක්‍රමයක්.. හ් සද්දේ නොඑන විදිහට හුස්ම ගන්න පුරුදු වෙන්න තියෙන්නෙ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    මේක භාවනාවක් නෙවෙයි බන් යෝග ක්‍රමයක්.. හ් සද්දේ නොඑන විදිහට හුස්ම ගන්න පුරුදු වෙන්න තියෙන්නෙ..
    Owa karanna gihin mun mareida danne.owata daily morning exercise routine ekakuth tiyenawane follow karanna tibet wala wage :P
     

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    නිලන්ත හෙට්ටිගේ මහතාගේ "භාවනා උපදේශ සංග්‍රහය"

    ගයාන් සදකැලුම් තට්ටයා රාවනා විකුනලා හම්බකරගත්තා වගේ තමයි මූත් ඉස්සර කුන්ඩලිනි වවාගෙන විකුනගෙන කෑවා.
    මොන විහිලුද මේවා. ඕම් කියලා භාවනා කරද්දි වැඩෙන්නෙ සමතය
    නැතිව හහ් හුහ් ශක්තියක් ,භාවනාවක් නෑ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බාවනා කරල හිත එකග කොරගන්න පුලුවන් ද බන්
    මට නන් බෑ, හිත වටේ යනව ඇස් පියාගත්ත ගමන්
    ඇස් අර ගත්ත්ම කෝමත් බෑ
    එකපාර කොහොමත් බෑ බන්...ඒකට සෑහෙන්න කාලයක් පුරුදු වෙන්න ඕනෙ..අනික පලපුරුදු කෙනෙක් ඇසුරේ තමයි භාවනා කරන එක ඇඟට ගුණයි..

    නිලන්ත හෙට්ටිගේ මහතාගේ "භාවනා උපදේශ සංග්‍රහය"

    ගයාන් සදකැලුම් තට්ටයා රාවනා විකුනලා හම්බකරගත්තා වගේ තමයි මූත් ඉස්සර කුන්ඩලිනි වවාගෙන විකුනගෙන කෑවා.
    මොන විහිලුද මේවා. ඕම් කියලා භාවනා කරද්දි වැඩෙන්නෙ සමතය
    නැතිව හහ් හුහ් ශක්තියක් ,භාවනාවක් නෑ
    නිලන්ත හෙට්ටිගේ ගැන මගෙත් ඒ හැටි පැහැදීමක් නෑ බන්...මිනිහගෙ පොත්වල බොරුවයි අතිශෝක්තියයි සෑහෙන්න වැඩී කියල හිතෙනව
    ------ Post added on Oct 4, 2022 at 12:01 PM
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    එකපාර කොහොමත් බෑ බන්...ඒකට සෑහෙන්න කාලයක් පුරුදු වෙන්න ඕනෙ..අනික පලපුරුදු කෙනෙක් ඇසුරේ තමයි භාවනා කරන එක ඇඟට ගුණයි..


    නිලන්ත හෙට්ටිගේ ගැන මගෙත් ඒ හැටි පැහැදීමක් නෑ බන්...මිනිහගෙ පොත්වල බොරුවයි අතිශෝක්තියයි සෑහෙන්න වැඩී කියල හිතෙනව
    ------ Post added on Oct 4, 2022 at 12:01 PM
    ඔව්, උට ඕන උනේ පොත් විකුනගෙන හම්බකරගන්න විතරයි