බුදුන්වහන්සේ සම්පූර්ණ ආර්‍ය සත්‍යය දේශනා කරලා තියෙන්නේ "ස්කන්ධ පංචකය" තුළයි.
ඒ හැර අනිත් සියළුම භාවනා ලෞකික බමුණු භාවනායි...
සමසතලිස් කමටහන් භාවනා, හුස්ම අදින භාවනා, බුරුමයෙන් ගෙනාව බඩ පුම්බන භාවනා අතුළු සියළුම ඒවා අනාර්ය ලෞකික භාවනායි....
-----------------------------------------------------------
බුරුමයෙන් ආනයනය කරපු වසංගත "බඩ පුම්බන භාවනා" ත්‍රිපිටකයේ කොහේවත් නෑ...
ඔසවමි, තබමි කියලා කරන ඔය ලෞකික භාවනා වලට ධර්මයක් ඕනෙම නෑ...
නිරවශේෂ නිරෝධය වෙන්නේ ධර්මයේ සරණින්...
රූප අරමුණට තණ්හා උපාධානයෙන් අනාගතයට හේතු ඉතුරු කරන එකට කියනවා "පමාව" කියලා.....
සත්ත්වයා සසරේ පමා වෙන්නේ ඒකෙන්.
-----------------------------------------------------------
"වර්තමානය" කියන්නේ ස්කන්ධ පංචකයටයි...
මේ රටේ තියන භාවනා මධ්‍යස්ථාන එකක වත් "සත්‍යඥාන" නෑ...
නිකං සමාධියක් වඩනවා විතරයි.
ඒ ලෞකික ධ්‍යාන චේතනාවේ තියෙන්නේ මෝහයයි.
-----------------------------------------------------------
භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා..
ආනාපානාසති කියන්නේ හුස්ම ගන්න එක කියලා හිතන අය නහයේ හුස්ම වදින හැටි තේරෙන්නේ නැති වුනාම බඩ දිහා බලන්න හදාගත්ත භාවනාවක් තමයි බුරුමයෙන් ආනයනය කරපු පිම්බීම් හැකිලීම් භාවනාව...
බන දන්නේ නැතුව කරන ඔය භාවනා සේරම බමුණන්ගේ ඒවා.
-----------------------------------------------------------
දවස් කීපයක් coca cola, coca cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් අද වඩන්නේ බමුණන්ගේ ඔය මිච්ජා සමාධියයි.
-----------------------------------------------------------
අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.
සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ
සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි
-----------------------------------------------------------
පෙර සැබැඳි
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි
Last edited: