බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද?
පැහැදිලිවම.
"සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති."
(මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය]
බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය]
(සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.)
සමාධිය කියලා තිබ්බ පලියට ඒක බුදුන්වහන්සේ දේශනා කලා කියන්න එපා.
හිතට වෙන අරමුනක් එන්න දෙන්නේ නැතුව වඩන ඒවා තිබුනේ බමුණන්ගේ.
රතන සූත්‍රයේ බුදුන්වහන්සේ "බුද්ධසෙට්ඨෝ පරිවන්නයී සුචිං සමාධි" කියලා වර්ණනා කළේ "සුචිං සමාධිය" යි
ඔය කියන හිතට අරමුණන් එන්නේ නැතුව ගන්න සමාධි "අසුචිං සමාධි"
සුචිං සමාධි තියෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් උඩටයි.
පෘතජනයා Coca-cola Coca-cola කිය කිය දවක් කීපයක් හිටියත් සමාධියක් එනවා. ඒවා "අසුචිං සමාධි"
බුදුන්වහන්සේ වර්ණනා කලේ "සුචිං සමාධි"ය හෙවත් "ආනන්තරික සමාධිය"යි. ඒක තියෙන්නේ ලෝකෝත්ත්තර ධ්‍යාන වල විතරයි. බණ දන්නේ නැතුව කරන භාවනා වලින් ලැබෙන්නේ "අසුචිං සමාධියි. සිවුරක් ඇඳන් කළත් ඒවා බමුණන්ගේ භාවනා...
දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි.