සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කවුරුත් කියන බණ අහන්නේ නැතිව තනිවම ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වෙන්න බැරිද එතකොට ?

    පුළුවන්. එහෙම අයට කියන්නේ "සම්මා සම්බුද්ධ" හෝ "පච්චේක බුද්ධ" (පසේ බුදු) කියලයි
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒත් ඇත්තටම වියෝ දුකට හේතුව මගේ ය කියා අල්ලා ගැනීම නේද? යමක් මගේ යැයි අල්ලා ගැනීමක් නැත්තම් එය නැති වීමේන් දුකක් ඇති වෙන්නේ නෑ නේද? ඉතින් අපිට "මගේ" යැයි අල්ලා නොගත් දේ වෙනුවෙන් වියෝ දුක හටගනී නම්, අපි මැරෙණ හැම කෙනෙක් වෙනුවෙන්ම හැඩිය යුතුය.කැඩෙන බිදෙන හැම දෙයක් වෙනුවෙන්ම ශෝක විය යුතුය. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කලේ නම්, මම ය මාගේ ය යැයි යමක් නැති බව අවබෝධ කර ගත්තේ නම්, ඇයි වියෝ දුක ඇතිවෙන්නේ?
    ඒක තමයි ප්‍රශ්නෙ. එක පාරට වැඩේ තේරුණ පමණින් නැති නොවෙන එක. එක පාරට නැති නොවෙන නිසානෙ බන් මාර්ගයක් වඩන්න කියල පෙන්නල දීලම තියෙන්නෙ. බුද්ද දේශනාවත් එහෙමයි. අත්දැකීමත් එහෙමමයි. අනන්ත සංසාරයක් රාගෙට, ද්වේශේට මොහෙට පුරුදු කරපු හිත එක පාරට අනිත් පැත්තට යන්නෙ නැහැ. වැඩිය ඕනෙ නෑ. කාලයක් අරක්කු සිගරට් හරි කුඩු හරි පාවිච්චි කරපු එකෙකුට කිව්වොත් ඕක තේරුමක් නෑ නවත්තල දාපන් කියල ඌ කරයිද? තේරුමක් නැහැ කියල දැන දැනත් ඒකම කරනවනේ. මිදෙන්න නං යම් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ඒකට ටිකින් ටික හිත පුරුදු කරන්න ඕන. නිවන් මගටත් ඒක එහෙමයි. එක පාරට නැති වෙනවනං මාර්ගයක් ඕන නැහැනෙ. අවුරුදු 7ක් යන්නෙත් නැහැනෙ. සතර සතිපට්ටානය ඕනෙත් නැහැනෙ. ඊට වඩා නං ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මට තේරෙන්නෙ නෑ මචන්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    • Love
    Reactions: indika_sam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,773
    167,436
    113
    එකමත් එක රටක
    පුළුවන්. එහෙම අයට කියන්නේ "සම්මා සම්බුද්ධ" හෝ "පච්චේක බුද්ධ" (පසේ බුදු) කියලයි
    එහෙම බැලුවොත් දැන් කාටවත් සෝවාන් වෙන්න බෑ නේ බන්. :rolleyes: මොකද දැන් මාර්ග පල ලබලා කියන ඉන්න හාමුදුරුවෝ තව කෙනෙක්ගෙන් බණ අහලද එහෙම වෙලා කියලා කියන්නේ ? එහෙම බණ කියන්න තව ඒ වගේ කෙනෙක් වත් ඕන නේද ??
    එහෙම බැලුවම කාටවත් බෑ ආයිත් සෝවාන් වෙන්න බුදු කෙනක් එනකන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒක තමයි ප්‍රශ්නෙ. එක පාරට වැඩේ තේරුණ පමණින් නැති නොවෙන එක. එක පාරට නැති නොවෙන නිසානෙ බන් මාර්ගයක් වඩන්න කියල පෙන්නල දීලම තියෙන්නෙ. බුද්ද දේශනාවත් එහෙමයි. අත්දැකීමත් එහෙමමයි. අනන්ත සංසාරයක් රාගෙට, ද්වේශේට මොහෙට පුරුදු කරපු හිත එක පාරට අනිත් පැත්තට යන්නෙ නැහැ. වැඩිය ඕනෙ නෑ. කාලයක් අරක්කු සිගරට් හරි කුඩු හරි පාවිච්චි කරපු එකෙකුට කිව්වොත් ඕක තේරුමක් නෑ නවත්තල දාපන් කියල ඌ කරයිද? තේරුමක් නැහැ කියල දැන දැනත් ඒකම කරනවනේ. මිදෙන්න නං යම් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ඒකට ටිකින් ටික හිත පුරුදු කරන්න ඕන. නිවන් මගටත් ඒක එහෙමයි. එක පාරට නැති වෙනවනං මාර්ගයක් ඕන නැහැනෙ. අවුරුදු 7ක් යන්නෙත් නැහැනෙ. සතර සතිපට්ටානය ඕනෙත් නැහැනෙ. ඊට වඩා නං ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මට තේරෙන්නෙ නෑ මචන්.
    එහෙම නෙවෙයි මචන්. දැන් (ඔයා කියන විදිහට) සෝවාන් මාර්ගයට පිවිසි කෙනා (ඒ මාර්ගය වඩන කෙනා) සෝවාන් ඵලය ලබාගත්තට පස්සේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරුවෙනව නම්, සක්කාය දිට්ඨිය නිසා හටගන්නා විප්පයෝග දුක්ඛය නැතිවිය යුතුයි නේ. මාර්ගය පෙන්වලා තියෙන්නේ ඵලය ලබාගන්න නම් ඵලය ලබාගත්තට පස්සේ අරමුණ ඉටු වෙලා අවසානයිනේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් පලමු සංයෝජන තුන බිද දමනවා. අන්න ඒ බිද දැමීම නිසා ඔහු සෝවාන් ඵ්ලය ලබා ගන්නවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා. නැවත් සෝවාන් මාර්ගය වැඩීමක් ඔහුට නෑ. දැන් ඔහු සකෘදාගාමි මාර්ගයට පිවිසිලා ඉන්නේ.

    ඔයාගේ උදාහරණයම ගත්තොත්,
    කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. කවුරු හෝ කෙනෙක් ඔහුට කියලා දෙනාවා මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව. ඉතින් ඇබ්බැහි වූ කෙනා ඒ ඇබ්බැහි වීමෙන් මිදෙන්න කිසියම් ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරනවා. අවසානයෙහි ඔහු ඇබ්බැහි වීමෙන් මිදෙනවා. තවදුරටත් ඔහුට මත්ද්‍රව්‍ය සද වූ ඇබ්බැහි වීම නෑ. ඇබ්බැහි වීම නිසා හටගන්න ආදීනව දැන් හටගන්නේ නෑ. ඔන්න ඔය කාරණාව සක්කාය දිට්ඨිය සහිත පුද්ගලයට ආදේශ කරලා බැලුවොත්, ඒ කියන්නේ "සක්කාය දිට්ඨිය" සහිත පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට කෙනෙක් ධර්මය දේශනා කරනවා සක්කායදිට්ඨියෙහි ආදීනව පිළිබද. ඉතින් ඔහු සක්කාය දිට්ඨිය දුරු කිරීමේ ප්‍රතිකාරය වන "සෝවාන් මාරගයේ" ගමන් කරනවා. අවසානයෙහි ඔහු සක්කාය දිට්ඨියෙ මිදෙනවා. තව දුරටත් ඔහුට සක්කාය දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨියේ ආදීනව වන විප්පයෝග දුක්ඛත් නෑ.
    ඉතින් එහෙනම් කොහොමද සක්ඛාය දිට්ඨි සහිත පුද්ගලයාට විප්පයෝග දුක්ඛය ඇති වෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,343
    2,211
    113
    විකෘති බණ අහලා පිස්සු අයිඩියා ටිකක් ඔලුවට දාගත්තම කාවහරි NGO නිකායේ බෞතිස්ම කරන්න හරි ලේසි නේද බං...😄😄😄

    ek_rosh කියන ඩයල් ඒකත් උබලගේම fake එකක් නේද ??
    ඔරිජිනල් එකක් නම් පව් ඒ ඩයල් එක.

    එදා සීනි බොල ප්‍රශ්න අහ අහා thead දැම්මා.. දැන් NGO ශ්‍රාවකයේ ක් වෙලා..පෝස්ට් අනුමත කරනවා..😆😆😆

    Naa ban... mama tama independant... mama kagewat ewa anumatha karanne naa ban... mama danna deyin uttara denawa.... btw...uba mama ahapu seeni bola prashnawalatat uttara deeganna bari una ne.... :p:p

    එතකොට විදර්ශනා භාවනාව වැඩීමෙන් සෝවාන් වෙන්න බැරිද? ධර්මය ඇසීමෙන් පමණම ද සෝවාන් වෙන්න පුළුවන්? ඔය හමුදුරුවෝ දේශනා කරන විදිහට "සක්කාය දිට්ඨි" කියන්නේ මොකද්ද?

    Panchaskandaya pilibanda athi waradhi dusthiya (view) eka tamai askkaya ditti kiyanne... meka tamai main problem eka..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එහෙම නෙවෙයි මචන්. දැන් (ඔයා කියන විදිහට) සෝවාන් මාර්ගයට පිවිසි කෙනා (ඒ මාර්ගය වඩන කෙනා) සෝවාන් ඵලය ලබාගත්තට පස්සේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරුවෙනව නම්, සක්කාය දිට්ඨිය නිසා හටගන්නා විප්පයෝග දුක්ඛය නැතිවිය යුතුයි නේ. මාර්ගය පෙන්වලා තියෙන්නේ ඵලය ලබාගන්න නම් ඵලය ලබාගත්තට පස්සේ අරමුණ ඉටු වෙලා අවසානයිනේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් පලමු සංයෝජන තුන බිද දමනවා. අන්න ඒ බිද දැමීම නිසා ඔහු සෝවාන් ඵ්ලය ලබා ගන්නවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා. නැවත් සෝවාන් මාර්ගය වැඩීමක් ඔහුට නෑ. දැන් ඔහු සකෘදාගාමි මාර්ගයට පිවිසිලා ඉන්නේ.

    ඔයාගේ උදාහරණයම ගත්තොත්,
    කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. කවුරු හෝ කෙනෙක් ඔහුට කියලා දෙනාවා මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව. ඉතින් ඇබ්බැහි වූ කෙනා ඒ ඇබ්බැහි වීමෙන් මිදෙන්න කිසියම් ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරනවා. අවසානයෙහි ඔහු ඇබ්බැහි වීමෙන් මිදෙනවා. තවදුරටත් ඔහුට මත්ද්‍රව්‍ය සද වූ ඇබ්බැහි වීම නෑ. ඇබ්බැහි වීම නිසා හටගන්න ආදීනව දැන් හටගන්නේ නෑ. ඔන්න ඔය කාරණාව සක්කාය දිට්ඨිය සහිත පුද්ගලයට ආදේශ කරලා බැලුවොත්, ඒ කියන්නේ "සක්කාය දිට්ඨිය" සහිත පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට කෙනෙක් ධර්මය දේශනා කරනවා සක්කායදිට්ඨියෙහි ආදීනව පිළිබද. ඉතින් ඔහු සක්කාය දිට්ඨිය දුරු කිරීමේ ප්‍රතිකාරය වන "සෝවාන් මාරගයේ" ගමන් කරනවා. අවසානයෙහි ඔහු සක්කාය දිට්ඨියෙ මිදෙනවා. තව දුරටත් ඔහුට සක්කාය දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨියේ ආදීනව වන විප්පයෝග දුක්ඛත් නෑ.
    ඉතින් එහෙනම් කොහොමද සක්ඛාය දිට්ඨි සහිත පුද්ගලයාට විප්පයෝග දුක්ඛය ඇති වෙන්නේ.
    @Hipapotemas මූ රට පටලවගෙන ඉන්නෙ. පුළුවන්නන් මේ කාරණේ පැහැදිලි කරල දීපන් මචන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @Hipapotemas මූ රට පටලවගෙන ඉන්නෙ. පුළුවන්නන් මේ කාරණේ පැහැදිලි කරල දීපන් මචන්.
    හරි මචන්. මම පටලවා ගෙන ඉන්නෙ කොතනද කියලා කියහන්කො.

    Panchaskandaya pilibanda athi waradhi dusthiya (view) eka tamai askkaya ditti kiyanne... meka tamai main problem eka..
    ඒ වැරදි දෘෂ්ටිය විදර්ශනාවෙන නැති කරන්න බැරිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,343
    2,211
    113
    හරි මචන්. මම පටලවා ගෙන ඉන්නෙ කොතනද කියලා කියහන්කො.

    ඒ වැරදි දෘෂ්ටිය විදර්ශනාවෙන නැති කරන්න බැරිද?

    Isella muchan, taman inne waradi dusithiyaka innawa kiyala terum ganna oni... anna eka terum gatta ekkena tamai sowan kiyanne...(sakkaya dittiyen miduna/ dustiya waradi kiyala terum gatta)...

    widarshanawa mulin karanawa kiyanne...hariyata waradda mokadda kiyala danne nathiwa uttaraya hoyanawa wage wadak..
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Isella muchan, taman inne waradi dusithiyaka innawa kiyala terum ganna oni... anna eka terum gatta ekkena tamai sowan kiyanne...(sakkaya dittiyen miduna/ dustiya waradi kiyala terum gatta)...

    widarshanawa mulin karanawa kiyanne...hariyata waradda mokadda kiyala danne nathiwa uttaraya hoyanawa wage wadak..
    උබ හිතන විදිහට විදර්ශනා භාවනාවේදි මොකද්ද කරන්නේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Naa ban... mama tama independant... mama kagewat ewa anumatha karanne naa ban... mama danna deyin uttara denawa.... btw...uba mama ahapu seeni bola prashnawalatat uttara deeganna bari una ne...
    musawada kiyanna epa ban..
    inbox balapan dapu answer tika. ..aparade ubata answer karapu time eka.. kisima therumak neha...
    ubata therum ganna taram molayak neti ekata mama mona karannada gunamakuwa .😁
    penawa uba independant kiyala..walasmullege talks denakota..😆😆😆😆😆
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එතකොට විදර්ශනා භාවනාව වැඩීමෙන් සෝවාන් වෙන්න බැරිද? ධර්මය ඇසීමෙන් පමණම ද සෝවාන් වෙන්න පුළුවන්? ඔය හමුදුරුවෝ දේශනා කරන විදිහට "සක්කාය දිට්ඨි" කියන්නේ මොකද්ද?

    සක්කායදිට්ඨිය කියන්නේ ජීවිතේට එක සැරයක් කඩන එකක් නෙවෙයි.
    අරමුණෙන් අරමුණට කඩන එකක්
    සක්කාය කියන්නේ "මේ කය" නෙවෙයි. ඒක තමයි බමුණන්ගේ ලෞකික අර්ථය
    ත්‍රිපිටකයේ "කය" කියන්නේ එකක්, "කාය" කියන්නේ තවත් එකක්
    ඔය දෙකම එකක් කියලා හිතාගන ඉන්නේ බමුණෝ

    කාය කියන්නේ රූප, වේදනා, සංඥා සංඛාර, විඥ්ඥාන කියන ස්කන්ධ පංචකයටයි
    ඔය ටික මම , මගේ කියලා ගන්න එක (සත් කියලා ගන්න එකයි ) සක්කාය කියන්නේ

    ඔය වීඩියෝ එක අහන්න
     
    • Love
    Reactions: indika_sam

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,343
    2,211
    113
    උබ හිතන විදිහට විදර්ශනා භාවනාවේදි මොකද්ද කරන්නේ?

    sowan wenakota hariyata terum gatta...anicca dukka anatta wadana eka tamai.. (habai nikan kiya kiya inna eka newei)

    musawada kiyanna epa ban..
    inbox balapan dapu answer tika. ..aparade ubata answer karapu time eka.. kisima therumak neha...
    ubata therum ganna taram molayak neti ekata mama mona karannada gunamakuwa .😁
    penawa uba independant kiyala..walasmullege talks denakota..😆😆😆😆😆

    koheda ban man walasmulle talks dala tiyenne... :p
    uba ona ekak ahapan...mama dena uttara anuwa balapan mama kaage ekekda kiyala...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එතකොට සක්කාය දිට්ඨිය බිද දමපු කෙනෙක්ට ශෝක නූපදි, වියෝ දුක නූපදි.ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක නූපදි. එහෙමද?

    සක්කාය කියන්නේ පංචඋපාධානස්කන්ධයටයි

    ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.
    (මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/41?s=143

    රූප, වේදනා, සංඥා, සංඛාර කියන "කාය 5" "සත්" කියලා ගත්තම සක්කාය වෙනවා. "සත්" කියන්නේ නිච්ච සුඛ අත්ත සුබ කියන එකයි

    පංචස්කන්ධය නිච්චයි, සුඛයි, අත්තයි, සුබයි කියලා ගන්න එක නිසයි පංචඋපාධානස්කන්ධය හැදෙන්නේ
    --------------------
    *අනිච්ච දේ නිච්චයි කියලා
    *දුක්ඛ දේ සුඛ කියලා
    *අනත්ත දේ අත්ත කියලා
    *අසුබ දේ සුබ කියලා අරගන අසෘතවත් පෘතජනයා විපල්ලාස 4ක් හදාගන ඉන්නේ

    විපල්ලාස කියන එකට වචන ගොඩයි
    අවිද්‍යාව, මඥ්ඥනාව, මෝහය, ප්‍රපංච, මිත්‍යාදිට්ඨි, අයෝනිසෝමනසිකාරය, යථාභූතය නොදන්නාකම

    සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා
    * සංඥාවිපර්‍ය්‍යාස,
    * චිත්තවිපර්‍ය්‍යාස,
    * දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා

    සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ
    නිච්ච, අත්ත කියන 2ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා

    දිට්ඨි විපල්ලාස වල (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි
    සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)
    චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)

    සෝවාන් පුද්ගලයාටත් උපාධානස්කන්ධයක් ගොඩ නැඟෙනවා, ඒත් දෘෂ්ඨියක් නෑ (දිට්ඨි විපල්ලාස වල නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම සම්පූර්ණයෙන්ම ඉවර නිසා)

    ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය නැති නිසා සක්කායදිට්ඨිය නෑ

    ඔන්න ඕකයි සෝවාන් පුද්ගලයාට සක්කායදිට්ඨිය නෑ කියලා කියන්නේ.

    ඔන්න ඔය කිව්ව ටික මෙන්න මෙහෙමයි තියෙන්නේ

    "මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි."
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, මහා වර්ගය, විපල්ලාසකථා)
    https://www.thripitakaya.org/tipitakaya/Index/686?s=24127
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,343
    2,211
    113

    සක්කායදිට්ඨිය කියන්නේ ජීවිතේට එක සැරයක් කඩන එකක් නෙවෙයි.
    අරමුණෙන් අරමුණට කඩන එකක්
    සක්කාය කියන්නේ "මේ කය" නෙවෙයි. ඒක තමයි බමුණන්ගේ ලෞකික අර්ථය
    ත්‍රිපිටකයේ "කය" කියන්නේ එකක්, "කාය" කියන්නේ තවත් එකක්
    ඔය දෙකම එකක් කියලා හිතාගන ඉන්නේ බමුණෝ

    කාය කියන්නේ රූප, වේදනා, සංඥා සංඛාර, විඥ්ඥාන කියන ස්කන්ධ පංචකයටයි
    ඔය ටික මම , මගේ කියලා ගන්න එක (සත් කියලා ගන්න එකයි ) සක්කාය කියන්නේ

    ඔය වීඩියෝ එක අහන්න

    Na ban, eka waradi.. sakkaya dittiya kadenne eka sarayai.....sakkata dittiya kaduna kena sowan...nattam aramunen aramunata sowan wenna wenawa...:no:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හරි මචන්. මම පටලවා ගෙන ඉන්නෙ කොතනද කියලා කියහන්කො.
    පටලවාගෙන ඉන්නෙ නිවන් මග. මම මචන් දේවල් අහල හිත නිවාගන්න ඕන හරය අවබෝද කරගෙන ඒක කරල රාග, ද්වේශ, මෝහ නිවාගන්න ප්‍රයෝගිකව උත්සහ ගන්නව මිසක් කෙස් පැලෙන තර්ක වාද කර කර, ත්‍රිපිටකය හෝ වෙන අහුවෙන අහුවෙන පොත් පත් කියව කියව ඒවා මතක තියාගෙන මොලේ කර කරගෙන කටින් බතල හිටව හිටව ඉන්නෙ නෑ. මම මොන thread එකේ හරි ධර්මය ගැන මොන විදිහෙ විග්‍රහයක් කරත් ඒ හැම දෙයක්ම මාර්ගය වඩන ගමන් ප්‍රයෝගිකව මගෙ අවබෝදයෙන් මම අත් විඳින දේවල් තමයි දාල තියෙන්නෙ. ඒවා අනිත් අයට ඒ විදිහටම ගෝචර වෙනවද කියල මම දන්නෙ නැහැ. එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියන යහපත් අදහසින් පොස්ට් කරනව විතරයි. උඹේ ප්‍රශ්න වැලිඩ් වෙන්න පුළුවන් නමුත් ඒවා මට ගෝචර වෙන දේවල් නෙමෙයි. ඒක උඹේ ප්‍රශ්නයක්නෙ. මට මගේ මාර්ගය වඩනකොට ඕව ප්‍රශ්න විදිහට ඇවිල්ල නැහැ. හැබැයි උඹට වගේම මටත් වෙන වෙන ප්‍රශ්න ආව සහ එනව. ඒ ආවම කරන්නෙ පුළුවන් තරම් ත්‍රිපිටක මුලාශ්‍ර වලින් සහ ධර්ම දේශනා අහල ඒවායින් කරුණු ගලපල අවබෝද කරගෙන මාර්ගය නිවැරදි කර ගන්න එක. මොන මුලශ්‍රයෙන් ගත්තත් criteria එක තියාගන්න ඕන ඒ දෙයින් ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන්න පුලුවන්ද කියන එක. ඔය වෙලා තියෙන්නෙ, කාලාන්තරයක් ඔලුවට දාගෙන තියෙන අපබ්බ්‍රන්ස නිසා වෙච්ච පැටලිලි. මගේ range එක ඇතුලේ මට පුළුවන් ටික මම පැහැදිලි කරල දුන්න. ඒ ටිකත් ඇති හිත නිවාගන්න ප්‍රඥාවයි පිනයි තියෙනවනන්. ප්‍රතිපල තියෙනවා. උඹලට ඕනේ දෙයක් කරල හිත නිවෙනවද කියල ප්‍රයෝගිකව අත්විඳලා බලන්න නෙමෙයිනෙ. මොකක් හරි තමන් ඉන්න දෘෂ්ටිවාදයක් ඉස්සරහට දාල එකෙනුත් ආශ්වාද විඳින්නයි ඇවිලෙන්නයිනෙ. මම ඒවාට දර දිය අදින්න ලැස්ති නෑ. ප්‍රශ්නෙට පුළුවන් කෙනෙක් උත්තර දෙයි. ඒකයි refer කලේ
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Na ban, eka waradi.. sakkaya dittiya kadenne eka sarayai.....sakkata dittiya kaduna kena sowan...nattam aramunen aramunata sowan wenna wenawa...:no:

    සෝවාන් වුන කෙනාට අරමුණෙන් අරමුණට කඩන්න නෑ.
    එයාගේ නිච්ච, සුඛ, අත්ත විදිහට (ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා'ති" විදිහට) දිට්ඨි විපල්ලාසයක් නැති නිසා.
     
    • Love
    Reactions: indika_sam

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,922
    4,330
    113

    Me hamuduruwan gena dannawada kawruhari?

    ඕක මේකේ ඉන්න උන්ගෙන් අහල වැඩක් නෑ බන්.. හැමෝම කියන්නේ මම දන්න එක හරි, අනිත් උන් සේරම වැරදි කියලා

    මං නම් කියන්නේ අහලා බලපන්..
    තව දෘෂ්ටියක බැදෙන්න නෙවේ. තියෙන දෘෂ්ටි ටික ගලවගන්න හිතාගෙන අහපන්..

    :love:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඒත් ඇත්තටම වියෝ දුකට හේතුව මගේ ය කියා අල්ලා ගැනීම නේද? යමක් මගේ යැයි අල්ලා ගැනීමක් නැත්තම් එය නැති වීමේන් දුකක් ඇති වෙන්නේ නෑ නේද? ඉතින් අපිට "මගේ" යැයි අල්ලා නොගත් දේ වෙනුවෙන් වියෝ දුක හටගනී නම්, අපි මැරෙණ හැම කෙනෙක් වෙනුවෙන්ම හැඩිය යුතුය.කැඩෙන බිදෙන හැම දෙයක් වෙනුවෙන්ම ශෝක විය යුතුය. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කලේ නම්, මම ය මාගේ ය යැයි යමක් නැති බව අවබෝධ කර ගත්තේ නම්, ඇයි වියෝ දුක ඇතිවෙන්නේ?

    1. ඔය මුලින් අහපු ප්‍රශ්නෙ සක්කාය දෘෂ්ඨි කියන්නෙ මොකක්ද කියල.

    2. දැන් ප්‍රශ්නය "ඉතින් සක්කාය දිට්ඨිය දුරු කලේ නම්, මම ය මාගේ ය යැයි යමක් නැති බව අවබෝධ කර ගත්තේ නම්, ඇයි වියෝ දුක ඇතිවෙන්නේ?"කියන එක

    3. මේ ප්‍රශ්න දිහා බැලුවම මට පෙන්නෙ ඔයට මුලින්ම දැනගන්න ඕන උනේ සෝවන් වෙන්න මොනවද කරන්න ඕන කියන එක.
    ඔයා දැනගන්නව සෝවන් වෙන කෙනෙක් "සක්කාය දෘෂ්ඨි/ විචිකිව්වා /ශීල වෘත පරාමාස " කියන රැහන් තුන කඩාගන්න ඕන කියන එක.
    ඊට පස්සෙ ඔය උත්සහ කරනව "සක්කාය දෘෂ්ඨි/ විචිකිව්වා /ශීල වෘත පරාමාස " කියන දේවල් තුන වෙන වෙනම තෙරුම් ගන්න.

    4. "සක්කාය දෘෂ්ඨි/ විචිකිව්වා /ශීල වෘත පරාමාස " කියන වචන තුන තෙරුම් ගන්නව වගේම තුන එකට බිඳෑන හැටිත් තේරුම් ගන්න ඕන.
    ඒකට මෙක බලන්න

    5. ඊට පස්සෙ "සම්පසාදනීය සූත්‍රය" කියවන්න. මේකේ තියෙන්නෙ සැරියුත් රහතන් වහන්සෙ බුදුහාමුදුරුවො ගැන කරන වර්ණනාවක්.
    ඒකෙන්
    !. විචිකිව්වා කියන රැහන ප්‍රහීන වෙනව
    !!. බුදුහාමුදුරුවො කරපු දේශනා වළ සාරා0ශයක් තියෙනව

    https://www.thripitakaya.org/tipitakaya/Index/77?s=33

    6. ඔයා 4ය් 5ය් කියනදේවල් කලාම, 2 තියෙන ඔයගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔයටම තේරෙනව
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,343
    2,211
    113
    එහෙම නෙවෙයි මචන්. දැන් (ඔයා කියන විදිහට) සෝවාන් මාර්ගයට පිවිසි කෙනා (ඒ මාර්ගය වඩන කෙනා) සෝවාන් ඵලය ලබාගත්තට පස්සේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරුවෙනව නම්, සක්කාය දිට්ඨිය නිසා හටගන්නා විප්පයෝග දුක්ඛය නැතිවිය යුතුයි නේ. මාර්ගය පෙන්වලා තියෙන්නේ ඵලය ලබාගන්න නම් ඵලය ලබාගත්තට පස්සේ අරමුණ ඉටු වෙලා අවසානයිනේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් පලමු සංයෝජන තුන බිද දමනවා. අන්න ඒ බිද දැමීම නිසා ඔහු සෝවාන් ඵ්ලය ලබා ගන්නවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා. නැවත් සෝවාන් මාර්ගය වැඩීමක් ඔහුට නෑ. දැන් ඔහු සකෘදාගාමි මාර්ගයට පිවිසිලා ඉන්නේ.

    ඔයාගේ උදාහරණයම ගත්තොත්,
    කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. කවුරු හෝ කෙනෙක් ඔහුට කියලා දෙනාවා මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව. ඉතින් ඇබ්බැහි වූ කෙනා ඒ ඇබ්බැහි වීමෙන් මිදෙන්න කිසියම් ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරනවා. අවසානයෙහි ඔහු ඇබ්බැහි වීමෙන් මිදෙනවා. තවදුරටත් ඔහුට මත්ද්‍රව්‍ය සද වූ ඇබ්බැහි වීම නෑ. ඇබ්බැහි වීම නිසා හටගන්න ආදීනව දැන් හටගන්නේ නෑ. ඔන්න ඔය කාරණාව සක්කාය දිට්ඨිය සහිත පුද්ගලයට ආදේශ කරලා බැලුවොත්, ඒ කියන්නේ "සක්කාය දිට්ඨිය" සහිත පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට කෙනෙක් ධර්මය දේශනා කරනවා සක්කායදිට්ඨියෙහි ආදීනව පිළිබද. ඉතින් ඔහු සක්කාය දිට්ඨිය දුරු කිරීමේ ප්‍රතිකාරය වන "සෝවාන් මාරගයේ" ගමන් කරනවා. අවසානයෙහි ඔහු සක්කාය දිට්ඨියෙ මිදෙනවා. තව දුරටත් ඔහුට සක්කාය දිට්ඨිය නෑ. සක්කාය දිට්ඨියේ ආදීනව වන විප්පයෝග දුක්ඛත් නෑ.
    ඉතින් එහෙනම් කොහොමද සක්ඛාය දිට්ඨි සහිත පුද්ගලයාට විප්පයෝග දුක්ඛය ඇති වෙන්නේ.

    Uba meka serious ahanne kiyala hitala uttarayak dennam... (type karanna kammali...;))

    Kenek innawa biwwahama life time eka diga wenawa kiyana waradi view (dushtiya) eka matha... dan wena kenek awilla kiyanawa uba inna dushtiya waradi..biwwahama life time eke aduwenawa kiyala.... (meka bana aseema wage)... dan aruta terenawa uu hitya dusthiya waradi kiyala..ee ekkama uge waradi dushtiya (biwwahama life time eka wadi wenawa) kiyana eka nathi wenawa (meka sowan step eka wage)..habai uge dishtiya kaduna kiyala uu bona eka eka paratama nawattanne naa.... habai uu ara terum gatta dee menehi (baawana) kaloth nitarama uta bona eken ain wennawa... (nirwanaya)..

    meka example ekak witarai...vachana wala patalenna epa...adahasa ganna..