භික්ෂූන්ටත් රියදුරු බලපත්
භික්ෂූණ්ට රියදුරු බලපත් ඉල්ලා නඩු දමති
June 25, 2013 at 1:05 am | lanka C news
භික්ෂූණ්ට රියදුරු බලපත් ඉල්ලා නඩු දමති
බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.
භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ, වර්තමානයේ ශ්රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්රශ්නවලට මුහුණ දෙමින් සිටින බව පැවසූහ.
එබැවින් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්ර නිකුත් කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව අහෝසි කළ යුතු බවයි, අධිකරණයට යොමු කළ පෙත්සමකින් උන්වහන්සේ ඉල්ලා සිටිති.
ථෙරවාදී බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති.
“බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල,” එහිමියෝ පැවසූහ.
මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්රතික්ෂේප කළ අභියාචනාධිකරණය, පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය