මංගලගෙ_ලේකම්_මාට්ටු
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පුද්ගලික ලේකම් කොකේන්, හෂීස්, ඩාන්සින් පෙති තොගයක් සමඟ මාට්ටු
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී ගල්කිස්සේදී
අත්අඩංගුවට ගෙන ඇත.
එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්ස බීච් හෝටලයක් තුළ සාදයක් සඳහා පැමිණෙන අයට විකුණන්නට මේවා රැගෙන යමින් සිට ඇත.
රථය පරීක්ෂාවට ලක් කිරීමේදී කොකේන් මිලිග්‍රෑම් 3000 ක්ද, ඩාන්සින් පෙති මිලිග්‍රෑම් 4500 ක්ද, හෂීස් මිලිග්‍රෑම් 9740 ක්ද, විදේශීය මත්පැන් බෝතල් 18 ක්ද, නීති විරෝධී විදේශීය දුම්වැටි 48 ක්ද උල්පිහි දෙකක් සහ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිල හැඳුනුම්පතක්ද තිබී හසුවී තිබේ.
මේ අය කඳාන,මාලඹේ,තලාහේන,මාතර පදිංචි අය වන අතර 42 හැවිරිදි ඇමැති පෞද්ගලික ලේකම්වරයා කඳානේ පදිංචි අයෙකි.
ඔහු දන්වා ඇත්තේ පානදුර පොලිසිය වෙත ඒඑස්පී හමුවන්නට තමා ඇතුළු දෙදෙනා ගමන් කරමින් සිටි බවත් වාහනයේ අදාළ මත්ද්‍රව්‍ය තිබුණ බව නොදැන සිටි බවත්ය. ඒඑස්පී වරයා එම කතාව සනාථ කර ඇත.
ඔවුන් ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමැති පෞද්ගලික ලේකම්වරයා ඇතුළු අනෙක් අය ඇප මත මුදා හැර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීප් මහතාගේ අධීක්ෂණය යටතේ එම බළකායේ මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක විමලරත්න ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.
source : Gossiplanka

ලේකම් විතරක් නෙමෙයි boy friendsලත් ඇති