මංගලගෙ_ලේකම්_මාට්ටු

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මංගලගෙ_ලේකම්_මාට්ටු

    මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පුද්ගලික ලේකම් කොකේන්, හෂීස්‌, ඩාන්සින් පෙති තොගයක් සමඟ මාට්ටු

    2IsFO6y.jpg
    0r4zsjj.jpg

    මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී ගල්කිස්සේදී
    අත්අඩංගුවට ගෙන ඇත.

    එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්‌ස බීච් හෝටලයක්‌ තුළ සාදයක් සඳහා පැමිණෙන අයට විකුණන්නට මේවා රැගෙන යමින් සිට ඇත.
    රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී කොකේන් මිලිග්‍රෑම් 3000 ක්‌ද, ඩාන්සින් පෙති මිලිග්‍රෑම් 4500 ක්‌ද, හෂීස්‌ මිලිග්‍රෑම් 9740 ක්‌ද, විදේශීය මත්පැන් බෝතල් 18 ක්‌ද, නීති විරෝධී විදේශීය දුම්වැටි 48 ක්‌ද උල්පිහි දෙකක්‌ සහ සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ නිල හැඳුනුම්පතක්‌ද තිබී හසුවී තිබේ.
    මේ අය කඳාන,මාලඹේ,තලාහේන,මාතර පදිංචි අය වන අතර 42 හැවිරිදි ඇමැති පෞද්ගලික ලේකම්වරයා කඳානේ පදිංචි අයෙකි.
    ඔහු දන්වා ඇත්තේ පානදුර පොලිසිය වෙත ඒඑස්පී හමුවන්නට තමා ඇතුළු දෙදෙනා ගමන් කරමින් සිටි බවත් වාහනයේ අදාළ මත්ද්‍රව්‍ය තිබුණ බව නොදැන සිටි බවත්ය. ඒඑස්පී වරයා එම කතාව සනාථ කර ඇත.
    ඔවුන් ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමැති පෞද්ගලික ලේකම්වරයා ඇතුළු අනෙක් අය ඇප මත මුදා හැර තිබේ.
    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීප් මහතාගේ අධීක්‍ෂණය යටතේ එම බළකායේ මෙහෙයුම් අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක විමලරත්න ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කළහ.


    source : Gossiplanka
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ape gewal paththe pora Kandane
    2017 අගෝස්තු මස 08 දින
    මුදල් හා මාධ්‍ය අමාත්‍ය,
    ගරු මංගල සමරවීර මහතා,
    මුදල් අමාත්‍යංශය,
    කොළඹ 01

    ගරු ඇමතිතුමනි,

    මහජන සම්බන්ධතා නිලධාරී තනතුරින් ඉල්ලා අස්වීම

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (05) රාත්‍රී මා ඇතුළු සිව් දෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ අවාසනාවන්ත සිද්ධිය පාදක කර ගනිමින්, යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් ඔබතුමාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් දරන බව පෙනේ.

    මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ගල්කිස්ස පොලිසිය, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර මා ඇතුළු තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් 'බී' වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.

    මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා, පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය.

    මහේස්ත්‍රාත්තුමන් විසින් මා ඇතුළු තිදෙනෙකුට ඇප නියමකලේ ඒ අනුවය.

    එසේ මා සම්බන්ධයෙන් චෝදනාවක් නැතැයි මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් පවා අධිකරණය හමුවේ පවසා සිටියදී, ඇතැම් අන්තර්ජාල මාධ්‍යයන් ඉතාමත් සංවිධානාත්මක ලෙස ඔබතුමා වෙත 'මඩ' ගැසීමට මෙම සිද්ධිය යොදාගෙන ඇත.

    එම තත්වය කෙරෙහි අවධානය යොමුකරමින්, මෙම සිද්ධියට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වී මා නිර්දෝෂී පුද්ගලයකු ලෙස නම් කර නියෝගයක් ලැබෙන තෙක් ඔබතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

    එසේ තනතුරින් ඉල්ලා අස්විමට තීරණය කළ ද 2004 වසරේ සිට ඔබතුමාගේ කාර්යය මණ්ඩලයේ මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙහි කටයුතු කිරීමට ලැබීම ආඩම්බරයක් ලෙස සලකන මා, මෙතෙක් කලක් දේශපාලන කටයුතුවලදී ඔබතුමන් මා කෙරෙහි දැක්වූ විශ්වාසයට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි.

    කෙසේවෙතත්, මින් ඉදිරියට ඔබතුමාගේත්, අප විසින් පත්කළ යහපාලන ආණ්ඩුවේත් දේශපාලන ක්‍රියාමාර්ගයන්ට සක්‍රීය ලෙස දායකවන බව අවසන් වශයෙන් මෙයින් සපථ කර සිටිමි.

    මෙම ඉල්ලා අස්වීමේ ලිපියත් සමගම, මා වෙත ලබාදී ඇති රාජකාරි නිල වාහනය හා වෙනත් රාජකාරි ලියකියවිලි අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාරදීමට කටයුතු කරන බවද මෙයින් දන්වා සිටිමි.

    ස්තුතියි,
    මෙයට විශ්වාසී වූ,

    සමීර මනහර

    https://www.facebook.com/profile.ph...j_ZpocKhLnQSD4zSGE&pnref=story.unseen-section