පොඩ්ඩක් හොදට බලපල්ලා මේ වීඩියෝ එකේ තියෙන ඇක්සිඩන්ට් ටික විතරක්. කිසිම එකෙක් අනෙත් එකාට පරදින්න කැමති නෑ. ජීප් එක දකුණට හරවන්න ඒකේ ඩ්‍රයිවර් කන කට්ට බලපන්. ඌ වාහනේ පාරට දානවා දැක දැකත් අර බයික් කාරයා කෙලගෙන ඇවිත් වදිනවා. කිසිම එකෙක් තත්පරයක් නවත්වන්න කැමති නෑ. හොදට බලපල්ලා මෙතන තියෙන්නේ මුන්ගේ විනයක් නැතිකම. ඉවසීමක් නැතිකම. කාලකණ්නිම සෙට් එකක් මේ රටේ ඉන්නේ.
සම්පුර්ණ ඇත්ත මචන්. වාහන එලවන ගොඩක් මිනිස්සු තමන්ගේ පුහු මාන්නයක් හිතට ආරුඩ කරගෙන අනිත් එවුන් පහතින් තියාගන්නවා. තමන්ව ඉස්සර කරන්න හදන අතුරු පාරකින් පාරට දාන්න ඉන්න කෙනාට ඉඩ දෙනවා කියන්නේ තමාට වෙන මදිකමක් විදියට දකින්නේ. විනයක් ඇතුව ඉවසීමෙන් පාරේ වහනයක් පදවන රියදුරන් කවදා දකින්න වෙයිද කියලා සැකයි.
සහතික ඇත්ත කතාව. කිසි කෙනෙක් නවත්තන්න බලාගෙන නෙමෙයි එන්නෙ.
හරවන වාහන භාගයක් හැරෙවුවට පස්සෙ. පැත්තෙන් එන පොඩි වාහන බ්ලයින්ඩ් ස්පොට් එකට අහුවෙලා නොපෙනී යනව. ඇවෙන්ස එකේ හැප්පුන බයික් එකත් ඇතුලුව ඒ වගේ සීන් ගොඩක් දැක්ක.
වාහනයක් බාගෙට පාරට දාල තියෙද්දි ඉතුරුවෙන ඉඩෙන් රිංගන්න දඟලන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්න ඕනෙ.
ඒ වගේමයි හරවන වාහනත්, 80කට විතර එන වාහන වලට දාන්න යන්නෙ නැතුව පාර ක්ලියර් වෙනකල් ඉවසන්න දැනගන්න ඕනෙ.
ඔය වගේ අතුරු පාරක්, කහ ඉරක් තියෙනකොට ඊට ඉදිරියෙන් මාර්ඝ සංඥා වලින් පෙන්නුම් කරනව. අපේ මිනිස්සු ඒව දිහා බලන්නවත් පුරුදුවෙලා නෑ. යන ස්පීඩ් එකෙන්ම යන්නයි බලන්නෙ.