මං හිතන්නෙ වෝට්ස් වල ප්‍රතිශත මීට වඩා ගොඩක් වෙනස් නොවෙයි ඉදිරියට. වෝට් කරාට තෑන්ක්ස්. මේ තියන නම්බර්ස් වලින් අදහසක් ගන්න පුලුවන්. මම poll එක දාන්න හේතු දෙකක් තිබුන: පළවෙනි එක ෆොටෝස් එහෙන් මෙහෙන් දැක්කට පාරෙ ගමනක් බිමනක් යන්න නැති නිසා යන උන්ගෙන්ම අහල දැනගන්න. දෙවනි එක උඹලගෙ සහකම්පනයත් ටිකක් ටෙස්ට් කරල බලන්න

.
මට එහෙම තාම ලොකු අදහසක් නෑ ඇත්තම
තත්ත්වෙ ගැන මම ලංකාවෙ නැති නිසා. ඒත් ලංකාවෙ වාහන වලින් බහුතරය නියෝජනය කරන ත්‍රීවිල්/මෝටර් බයික් අර බස් අස්සට ගහල පොඩිප්රමාණයක ඔටෝමොබයිල් ටිකට වෙනම ලේන් එකක් දෙන එක ටිකක් රුවිතෙට හිතනව වගේ නැද්ද. සිංගප්පූරුවෙ ඉන්න මිත්‍රයෙක් මේ ගැන ගිය සංවාදෙකදි බුකියෙ දක්වපු අදහස උනේ උන්ගෙ රටේ කාර් වල ගණන් අඩු උනාට කාරෙක පාරට දාන්ඩ තරමක් විශාල මුදලක් ගෙවන්න නියම කරල තියෙනවලු එකා දෙන්නට යන්න කාර් වෑන් පාරෙ වැඩි වෙලා වෙන ට්‍රැෆික් ජෑම් අවම කරවන්න..මිනිස්සුන්ව පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට හුරුකරවන්න. අපේ ලේන් නියම කරපු එකෙන් කියවෙන්නෙ නිදහසේ යන්ඩ ඕනෙ නම් කාරෙකක් ගනින් වගේ පණිවිඩයක්...අනිත් අතට කාර් ගෙන්නන්නෙත් නෑ, ඒ මදිවට ගිනි ගනන්.
මම තැන් දෙක තුනක වීඩියො ක්ලිප් ටිකක් දැක්කා (මේක හුදෙකලා උදාහරණයක් නම් කියන්න) බස් ලේන් එකේ වාහන ටික හිරවෙලා සයිඩ් එකෙන් කාර්/ලොරි විදගෙන යනව බලන් ඉන්නව. මේ poll එකේ වැඩිපුර වෝට් වැටිල තියෙන්නෙ "හොඳ අදහසක්- මම කාර් හිමියෙක්" කියන එකට. අවුලක් නෑනෙ ඔය ත්‍රීවිල් මෝටර්බයිසිකල් වල යන උන්ට යන්න වැදගත් ගමන් හදිසි රාජකාරි එහෙම නෑනෙ නේද...උඹලට ඇරෙන්න.
මං හිතන්නෙ ඕක ටික දවසකින් වෙනස් කරාවි, සස්ටේනබල් නෑනෙ.