මේක ඔච්චර උඩ පනින්න තරම් දෙයක් නෙමෙයි කියලා මං දන්නවා. ඒත් මං ලංකාව ගැන Foreign YouTube Channels වල හදපු Content විදිහට මෙච්චර කාලෙකට දැකලා තිබ්බේ WION එකෙන් සහ Ozzy Man Reviews එකෙන් ශ්‍රී ලංකාව චාටර් කරලා හදලා තිබ්බ Videos ටිකයි, ලංකාවේ Economic Crisis එක Explain කරලා හදලා තිබ්බ Videos ටිකකුයි, Geography ගැන තියෙන YouTube Channels වල ලංකාව ගැන තිබ්බ videos ටිකකුයි, අපේ Cricket team එකේ videos ටිකකුයි, තව ශ්‍රී ලංකාව ගැන Travel YouTube Channels වලින් හදපු videos ටිකකුයි විතරයි. ඒත් බං අපේ Cricket Team එකේ සමහර videos වල හැරෙන්න ශ්‍රී ලංකාව ගැන "ආඩම්බර" වෙන්න තරම් හේතුවක් නම් මට ඒ එක YouTube Video එකකින්වත් හම්බෙලා නෑ. මොකද Travel YouTube Channels වල හදපු videos වල පවා ඒ කට්ටිය ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් කරුණු වලට වඩා ලංකාව ගැන "අනුකම්පා" හිතෙන ජාතියේ කරුණු තමා වැඩිපුර උලුප්පලා පෙන්නන්නේ. (ඔය ලංකාවේ වයසක දුප්පත් සරමක් ඇඳගෙන ඉන්න සීයා කෙනෙක් අහිංසක විදිහට හිනාවෙලා ඉන්න close-up video clips වගේ එව්වනේ Travel YouTube Channels වල වැඩිපුර පෙන්නන්නේ.) ලෝකේ අනිත් රටවල් මේ ලෝකෙට සිදු කරන මහා පරිමාණ ආර්ථික හා දේශපාලන බලපෑම් ගැන හැමවෙලේම හැදෙන videos සමඟ ශ්‍රී ලංකාව ගැන හැදිච්ච ඒ videos ටික compare කරලා බලද්දී මට "ශ්‍රී ලංකාව කියන්නේ මේ ලෝකෙට එච්චර වැදගත්කමක් නැති නිකන්ම නිකං වැඩකට නැති රටක් විතරයි" වගේ හැඟීමක් එනවා. මට එහෙම හිතිලා තියෙද්දී එකපාරටම සෑහෙන්න වටින information තියෙන ඇත්තටම මේ ලෝකෙට වැදගත් YouTube Channel එකක ඊයෙ Upload කරපු video එකක පොඩි උදාහරණයකට හරි ශ්‍රී ලංකාව mention කරාම මට ඇත්තටම පට්ට ලොකු සතුටක් දැනුනා. ඒ වෙලාවේ දැනුන සතුට වගේ සතුටක් මට මීට කලින් දැනිලා තියෙන්නේ World War Z (2013) Movie එකේ ශ්‍රී ලංකාව Mention කරපු අවස්ථාවකයි, Martin Garrix ගෙ High On Life Music Video එකේ ලංකාවෙ කොඩිය පෙන්නපු අවස්ථාවකයි, Peaky Blinders TV Series එකේ Ceylon කියලා ලංකාව Mention කරපු අවස්ථාවකයි විතරයි. තව Indiana Jones Movie එකක ලංකාව සම්බන්ධ scene එකක් තියෙනවා කියලා මට යාළුවෙක් කිව්වා. ඔයගොල්ලොන්ටත් මෙහෙම ලංකාව ගැන mention වෙච්ච අවස්ථා හම්බෙලා තියෙනවනම් පල්ලෙහයින් දාගෙන යන්න. දැනගන්න ආසයි.

