මගෙ තත්වෙ දැන්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ තත්වෙ දැන්

    අවුරුදු 30 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත

    මොකක්ද බන් මෙ ජීවිතෙ ?? :(:(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කරදරමයි ජීවිතයට ...............හැමදාම
    මරණයටයි ටිකටිකවත්..............ලංවීම
    පින පමණයි තරමකවත්............සෑහීම
    නිවන තමයි අපි කාගෙත්........සැනසීම

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    කරදරමයි ජීවිතයට ...............හැමදාම
    මරණයටයි ටිකටිකවත්..............ලංවීම
    පින පමණයි තරමකවත්............සෑහීම
    නිවන තමයි අපි කාගෙත්........සැනසීම

    :( :( :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland

    කරදරමයි ජීවිතයට ...............හැමදාම
    මරණයටයි ටිකටිකවත්..............ලංවීම
    පින පමණයි තරමකවත්............සෑහීම
    නිවන තමයි අපි කාගෙත්........සැනසීම



    එහෙම ගොඩ එකෙක් පෙන්නහන් බලන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අවුරුදු 28 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    ඉතුරුවක් ඇත. ලොකුවට නැතත් පොඩියට
    කසාද බැඳ නැත. කෙල්ලෙක් නැත
    ලෝන් අරන් නැත
    salary වැටෙනවා salary කැපෙනවා​
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Check this bro


    කෙටිම පිළිතුර වෙන්නේ "නැත" යන්නයි. දැන් කට්ටිය දුවගෙන එන්න එපා, 'නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ' කියාගෙන..


    ලංකාවේ බෞද්ධ අපි, බුදුදහම ගැන දන්නේ මොන තරම් අල්ප මාත්‍රයක් ද කියල තේරෙන්නේ ඊට අදාළ පොතපත අහම්බෙන් අපේ පෙර වාසනාවට කියවන්න ලැබුනට පස්සේ. ඇත්තටම මම උනත් මේක තමයි බුදු දහම කියන්නේ කියල හිතන් හිටියේ මේ අවුරුදු ගණනාවටම, දහම්පාසලෙන් අවුරුදු 4ක් විතර ලබපු ඉතා ස්වල්ප දහම් අධ්‍යාපනයයි, හාමුදුරු කෙනෙක් බණකට කියන ටිකයි, internet එකේ ඉදල හිටලා කියවන ලිපි දෙකතුනකුයි, පත්තරෙක් දකින article එකක අඩංගු සරල දහම් කරුණුයි විතරයි.

    නමුත් බුදුදහමේ ඇතුලාන්තය හෙවත් සම්පූර්ණ හරය ඇතුලත් වෙලා තියෙන්නේ "අභිධර්මය" කියන කොටසේ කියන එක මං පොඩි කාලේ ඉදල අහල තිබුනත්, ඒ ගැන ඉගෙනගන්න ආසාවක් වත් නොලැබෙන විදිහට වැඩ සිද්ධ උනේ අපේම ඇතැම් හාමුදුරුවරු, ගුරුවරු සහ යාළුවො, ඒ ගැන දක්වපු ආකල්පය නිසා.. මොකද "අභිධර්මය" කියල කියන්නේ ඉතා ගැබුරුයි, ඒක සාමාන්‍ය ගිහියෙක්ට අනවශ්‍යයි, තේරුම් ගන්න බෑ, ඒක හොද හාමුදුරුවන්ට වගේ අදහස් අදත් ඉතා සුලභව සමාජයේ තියෙනවා.. මේ මතය සමාජගත උනේ කාගේ උවමනාවකටද කියල කියන්න නම් මං දන්නේ නෑ.

    නමුත් පෙර වාසනාවකට මට අහම්බෙන් හම්බුනා රේරුකානේ චන්දවිමල හිමියන් අභිධර්මය ගැන ඉතා සරලව ලියපු පොතක්.. ඒ තමයි "අභිධර්මයේ මුලික කරුණු" කියන පොත. ඒ පොත කියවන යද්දී මට තේරුනා, බුදුදහම ගැන කෙස් පැලෙන තර්ක එළකිරියේ වගේම වෙනත් එදිනෙදා කතාබහේදී අපි කරන්නේ, සුත්‍ර පිටකයේ අන්තර්ගත කරුණු උඩින් පල්ලෙන් අතගාල කියවන එක මිසක් සැබෑ බුදුදහමේ අන්තර්ගතය ගැන 1% ක් වත් දැනගෙන නෙමෙයි කියන දේ.

    බුදුන්වහන්සේගේ අසූ හාරදාහක් ධර්මස්කන්ධයෙන්,

    සුත්‍රපිටකයේ ධර්මස්කන්ධ 21,000
    විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000
    අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000

    මේ පිටක 3 න් , අභිධර්ම පිටකයේ තියෙන කරුණු වල ගැබුරු බව ඔයාලට පෙන්වන්න, චන්දවිමල හිමිගේ පොතේ සංඥාපානයෙන් ගත්තු එක පිටුවක් දාන්නම්






    මේ පොතේ විශේෂත්වය වෙන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ගැබුරු ධර්මය, ඉතාම සරලව පාලි භාෂාව නොදන්නා කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලියල තිබීම. මට නම් ඇත්තටම මේ පොතේ පලවෙනි පිටු 10 කියවගෙන යනකොට මම බුදුදහම ගැන මේ දක්වා දැනගෙන හිටියේ මොනවද කියල හිතුනා. ඒ වගේම මගේ හිතේ තිබුන යම් යම් ප්‍රශ්න වලට උත්තර සියල්ලම මේ අභිධර්ම පිටකයේ ලියලා තියෙනවා කියල මට තේරුණා.. අපි ධර්මය ගැන සැක සංකා ඇති කරගන්නේ අපේම මෝඩකමට මේ දේවල් නොකියව, නොඅසා සිටීම නිසා නේද කියල හිතුනා.ඉතින් මං ඒ අදුරු වලාකුලෙන් මිදුනා වගේම, ඇත්තටම අභිධර්මය කියන්නේ ගිහියන්ට අවශ්‍ය නොවෙන කොටසක් කියන මිත්‍යා මතයේ ඉන්න මං වගේ අයට හරි පාර කියල දෙන්න තමයි මං මේ පොස්ට් එක දාන්නේ.

    අපේ සිත, භවය, නැවත උපතක් ඇති වෙනකොට සිත සකස්වෙන ආකාරය ගැන මේ තරම් පැහැදිලිව කරුණු කාරනා කියල නැතුව ඇති වෙන කිසිම පොතක. ඒ නිසා download කරන හැමෝම, මේ පොත කියවල බලන්න කියල කාරුණිකව ඉල්ලලා සිටිනවා..

    මං මේ පොතේ පිටු කීපයක් මේකේ share කරන්නම්.





    සමහරවිට මේ කියල තියෙන කරුණු එක පාරටම නිරවුල් ව අපේ ඔලුවට යන එකක් නෑ. ඒ වෙලාවට ඒ කොටස නැවත කියවල බැලුවොත් ඒ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙයි.







    පහතින් දාන්නේ සත්වයාගේ භවය ඇති වීමට අදාළ කරුණු..













    මේ ටික කියවද්දී මාර හැගීමක් එනවා මචන්, අපේ මනස ගැන යතාර්ථය වෙන කිසිම කෙනෙක්, කිසිම විදිහකට කියල නැති නිසා.. මේ දේවල් ගැන තමයි බුදුදහම පිළිගන්න සුද්දෝ ඇවිත් ඒ රටවල් වල ඉන්න හාමුදුරුවන්ගෙන් අහන්නේ. ඒකට අපේ රටේ ඉන්න බෞද්ධයෝ කරන්නේ අසවල් හාමුදුරුවන්ගේ කාර් එකේ වර්ගය වගේ දේවල් හොයා හොයා එක එකා වාද කර කර ඉන්න එක.


    මං දැක්ක කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඉතා තරයේ කියල තියෙනවා, මේ යුගයේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න කිසිම ඉඩක් නෑ කියල. ඉතින් මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් ඔහොම දෙයක් කිව්වම, අර සුත්‍ර පිටකය ගැන විතරක් දන්න 99% ක් බෞද්ධයෝ ඒ කීම විශ්වාස කරනවා. නමුත් නිකමට වත් නුවනින් විමසලා බලන්නේ නෑ, බුදුන් වහන්සේගේ ධර්මය අකාලික නම්, උන් වහන්සේගේ නිවන් මාර්ගය අකාලික නම්, උන්වහන්සේ පිරිනිවන්පාල අවුරුදු 500 ක් ගියාට පස්සේ රහතන් වහන්සේලා පහළවෙන එක නැවතෙන්නේ කොහොමද කියල..


    මේ ගැන හොදට විස්තර කරලා තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය" කියන පොතේ..





    කැමති අයට මේ පොත download කරගන්න පුළුවන් පහලින්..


    විදර්ශනා භාවනා ක්‍රමය



    සෑහෙන වෙලාවක් අරන් ලියපු මේ post එක, නිවන් මාර්ගය අනුගමනය කරන්නට වෙර දරන සියලුම පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වේවා, කියල අන්තිමට මේක ඉවර කරන්නම්..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අවුරුදු 31 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත
    salary වැටෙනවා salary කැපෙනවා ඔය SMS තාම එන්නේ​
    :yes::yes::yes:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mmm good thread mage balaporoththuwa resort ekak patan ganna horana patte. e patta aulak nadda?? idamak nam tiyanawa. resort ekak kerena
    kenek idea ekak dennako mulinma kohomada podiyata patan ganne kiyala??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    mmm good thread mage balaporoththuwa resort ekak patan ganna horana patte. e patta aulak nadda?? idamak nam tiyanawa. resort ekak kerena
    kenek idea ekak dennako mulinma kohomada podiyata patan ganne kiyala??

    Ohe yatawemawane ganwathura?resort beach side ekaka danna.toursim sides wala
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අවුරුදු 30 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත

    මොකක්ද බන් මෙ ජීවිතෙ ?? :(:(:(:(

    yakooooo mth ohomamaine .:oo::oo:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අවුරුදු 30 යි - ජීවිතයක් ඇත
    ඩිග්‍රි ඇත - හොද අද්යාපනයක් ඇත
    රස්සාවක් ඇත - ආදායම් මාර්ගයක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත - සකසුරුවම අවැසිව ඇත
    කසාද බැඳ නැත - ජීවිතය විදින්න සැරසෙන්න
    ලෝන් අරන් ඇත - ගෙවීමට බැදී ඇත

    මොකක්ද බන් මෙ ජීවිතෙ - ඉපදීම දුකකි
    කර්මය ඇත්නම් ගෙවිය යුතුය
    එය අප විසින්ම කවදා හෝ පෙර බවයක හෝ නිර්මාණය කර ගත් දෙයකි .....

    '' ජිවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ ....
    සොයමි සෑම වේලේ සිතු දේ පැතු දේ .....''
     
    Oct 17, 2018
    264
    28
    0
    අවුරුදු 23යි
    රස්සාවක් ඇත
    ලෝන් අරන් නැත
    ඉතුරුවක් නැත
    කෙල්ලෙක් ඇත

    ලංකාවෙන් පැනගන්න ක්‍රමයක් හොයන්න. මාත් දමල ගහල යනවා. මේ කැරි වේසිගෙ පුතාලා අපිව මරන් කනවා. අනේ මේ බනින ඒවා කිටද ඇහෙන්නෙ. අපි ලංකාවෙ ඉපදුනේ කරුමෙකට.