කටුපිලමගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))
මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.
අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...
පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....
බොහොම පිං......