"ආ... එහෙමද ඔවා වැඩිය ගණන් ගන්න එපා මල්ලි. ප්රශ්න නැත්තේ කාටද බං" කඩේ අයියා කියාගෙන ගියා.
"මං කොත්තුව දිග ඇරගෙන කන්න පටන් ගත්තා." දවල්ටත් කාල හිටියේ නැති නිසා මං පුදුම බඩගින්නකින් හිටියේ.
"ආ... මල්ලී මේක මං ගානේ." කඩේ අයියා කොකා කෝලා බඩියක් මේසේ උඩින් තියන ගමන් කිව්වා.
"Thanks.."
" මොකක්ද මල්ලි ප්රශ්නේ! උබට අවුලක් නැත්නම් මට කියලා හිත නිදහස් කර ගනින්. "කඩේ අයියා පුටුවක් ඇදලා ඉඳගන්න ගමන් කිව්වා.
මං කොත්තුව කන ගමන් කඩේ අයියට මගේ දුක කිව්වා. ඇන්ටිව මරපු සිද්දිය කියන්න බැරි නිසා මං ගෙදරින් තරහා වෙලා ආපු විත්තිය ක් කිව්වා.
" ආ ඔවා පොඩි දේවල්නේ බං. ඔය වයසට ගොඩක් උන් ගෙදරින් තරහා වෙලා එනවා. ඕක සතියෙන් දෙකෙන් අඩු උනාම උබටම ආයේ ගෙදර යන්න හිතෙයි."
කාලා බීලා මං කඩෙන් එළියට බහිද්දි 8ට විතර ඇති. දැං යන එනමක් නෑ මට. මං ලයිට් කණුවේ අලවලා තියෙන පෝස්ටරයක් දැක්කා.
"එක් පුද්ගලයකු සදහා නවා තැන් පහසු කම් ඇත."
Comment ko
------ Post added on Apr 9, 2022 at 9:10 PM