මගේ තාත්තා සහ රැකියාව

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මගේ තාත්තා සහ රැකියාව

    :love:මගේ තාත්තා සහ රැකියාව:love:

    PBbUS7V.jpg


    මගේ තාත්තා ගැන වෙනම පොස්ටුවක් ලියන්නේ මගේ තාත්තා යනු කවරෙකුද කියා ,"පුංචි කාලේ රස කථා" , "බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා" පොස්ටුව හරහා ඔබ සැමම දන්නා පසුබිමක ය .

    විශ්‍රාම යනතෙක් කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ මගේ පියාගේ ජිවිතයේ මුලික අඩිතාලම හැදෙන්නට උර දුන්නේ මගේ සීයා ගේ මග පෙන්වීම යැයි කියන්නට පුළුවන් වන්නේ එතුමා වුරතීමය වශයෙන් විදුහල්පතිවරයකු මෙන්ම ගමේ පන්සලේ ප්‍රධාන දායකයා ද වූ නිසා ය .
    මගේ පියා ගේ වුර්තිමය ආරම්බය වතු අධිකාරී වරයකු වශයෙන් වීම සහ පසුකාලීනව රැකියාව ගමන්ගත් අයුරු අතිශය රසවත්ය . එයින් ගත හැකි පාඩම් බොහොමයි කියා මට හැගෙන්නේ මගේ ජිවිතයේ රැකියාවේ අබියෝග ජය මෙන්ම පැරදුම් ද අත්දැකීමට හැකි වීම නිසාය කියන්නට පුළුවන් ය .

    පියා ගේ වුර්තිමය ආරම්බය වතු අධිකාරී වරයකු වශයෙන් හැටන් දික්ඔය වනරාජා සමුහයේ ආරම්භ කර ඔහු ඉන් වසර කිහිපයකට පසු එම තනතුරට සමු දෙන්නේ එවකට කීර්තිමත් දේශපාලකයකු වූ ද , මහවැලි වියාපාරයේ පුරෝගාමී සුවිශේෂී චරිතයක් වූ ද ගාමිණී දිසානායක මහතා හමු වීමත් සමගය .
    251g5z7.jpg

    එතුමාගේ ආරාධනයකට අනුව මහවැලි වියාපාරය හා සම්භන්ද වූ තාත්තා පසුව ගාමිණී දිසානායක මහතා LTTE ය විසින් මරා දැමීමට වසර දහයකට පමණ පෙර මහවැලියට සමු දුන්නේ
    orYvO9m.jpg

    එවකට රජයේ නිල වෙළෙන්දා වූ සතොස ට අපරාධ පරීක්ෂක නිලධාරියෙක් ලෙස සම්භන්ද වීමත් සමගය .
    qAIy376.gif

    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රවී කරුණානායක ඇමති යටතේ තිබු සතොස පැය 24 ම විවුර්ත කර තැබූ යුගයේ , සතොස පාඩු ලබන ආයතනයක් ය කියා එය වසාදැමීමට තීරණය කිරීමත් සමග සිය සේවා කාලය අවසන් වීමට ප්‍රථම සියලු සේවකයන් කැමැත්තෙන් විශ්‍රාම ගැන්වවිමේ වැඩ පිළිවෙල අනුව මෙගේ පියා ට විශ්‍රාම ගන්නට සිදු විය . එකල සේවකයන් ට රැකියා අහිමි වූ අතර මුළු රටටම කියා තිබුණ සතොස මිනිසුන්ට අහිමි කරවී ය . රජයට ස්වකිය නිල වෙළෙන්දා අහිමි වූ අතර පුද්ගලික අංශය හිතුමතේ භාණ්ඩ මිල උච්චාවචනය කිරීම එකල ගමේ මිනිහා ට මෙන්ම ටවුමේ මහත්තයාට ද දැරිය නොහැකි සාධකයක් විය .

    රවී කරුණානායක සතොස වැසීමට පෙර සතොස සතුව එකම වෙළද නාමයක් යටතේ රාජ්‍ය ආයතනයකට තිබුණ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ලොරි එකතුව අයිතිව තිබුණි .ඒ ජපානයේ සුප්‍රසිද්ධ ඉසුසු ලොරි එකතුව ය. සතොසට නැව් පවා තිබුණු ඒ යුගයේ අද KDH මෙන් එකල වටිනා ම වැන් රථ මාදිලියක් වූ ඉසුසු ෆර්ගෝ රථ වැඩිම එකතුවක් තිබුණි . පසුකලෙක එය Mitsubishi L300 වැන් වලට පරිවර්තනය වූ අතර ලංකාවට (එදා) පළමුව ආයතනයක් විසින් ආනයනය කර විශාලතම විශාලතම වෑන් තොගය වූ Mercedes-Benz MB140
    BX0s3qV.jpg

    ද සතොස විසින් ගෙන්වා ගත්තේ ය . තවද ලංකාවේ සුප්‍රසිද්ධ Walkers Tours සමගම සතුව පවා නොතිබුන තාලයේ high luxury ඉසුසු වර්ගය බස් රථයක් ද සතොස සතුව තිබුණි . නුවරඑළියේ අතීත බ්‍රිතාන්‍ය යටත් විජිත සාමය සිහි ගන්වමින් ඒ අනුව තනා තිබුන විශේෂ බංගලාවක් ද සතොස සතුව තිබුණි .ඊට අමතරව කතරගම ද බංගලාවක් සතොස සතුව තිබුණි.

    එකල කුඩා අවධියේ සිටි මට සතොස යනු වෙනම ලෝකයක් විය . මම ආස කරන බොහෝ දේ සතොස සතුව තිබුණි . ඇතැම් සෙනසුරාදා දිනවල තාත්තා සමග සතොසට යන මම එහි වූ අපුර්වතම ලෝකයේ ජිවත් විය . සතොස මුලස්ථානයේ වූ සෝපානයෙන් යාමට ම ප්‍රිය කර අතර උඩම තට්ටුවට ගොස් පහල බැලීමට මම ප්‍රිය කලේ යම් බියක් ද සහිතව ය . දිනක් පියා විසින් භාණ්ඩ ප්‍රවාහන සෝපානයෙන් මා එක්කන් ගිය හැටි ද අදටත් මට මතකය ය .
    මැද කොලබ සතොසට ගිය මට තාත්තා වඩාගෙන ගොස් වරාය උඩ සිට පෙන්වූ අයුරු මතකය . තාත්තා නිසා හෝ වෙන යම් කරුණක් නිසා සියලු සේවකයන් මට බොහෝ ආදරය කළෝ ය . හතරවන හරස් විදියේ සතොස තොග වෙළද සංකීරණයටද තාත්තා කිහිප වතාවක් මා එක්කන් ගිය හැටි මතක් වෙනවා ය . රුපියල් 1000 කොලය එකල විශාලතම මුදල් නෝට්ටුව වූ සමයේ සෙනසුරාදා එක් වරුවක අදායම හිතාගන්නවත් බැරි විශාල මුදල් ප්‍රමාණය එහි වූ පාලකවරයා විසින් වඩාගෙන ගොස් මට පෙන්විය . මෙවැනි දේ මෙන්ම මේ අතර මතක් වන්නේ දළදා ප්‍රදර්ශනය නැරබීමට කුඩා කල නුවර ගිය හැටිය ය . මහා රෑ නුවරට පැමිණි අප පිළිගත්තේ සතොස මහනුවර මුල්තැන විසින් ය . අපට දළදාව වන්දනා කරන්නට උදව් කරේ එකල මගේ පියාගේ ආයතනික හිතවතියකගේ ස්වාමිපුරුෂයා (හමුදා වේ ඉහල තනතුරක් හෙබවූ) විසින් ය .

    ඔය අතර මා හිච්චි එකා සන්ධියේ සතොස හරහා අපිට ලංකාව වටේම සංචාරය කරන්නට හැකි විය . පාරෙන් එකක් තරම් විශාල වූ high luxury ඉසුසු වර්ගය බස් රථය පාරේ යද්දී මිනිසුන් ඒ දෙස බලද්දී මට අමුතුම ආඩම්බරයක් දැනුන අතර පසු කලෙක මට මම ගැනම සිනා පහල විය . ඔය අතර මට අදටත් අමතක නොවන කතාවක් කියන්නට තිබේ . දවසක් අපි Mercedes-Benz MB140 වර්ගයේ වැන් රථයෙන් කතරගම ගොස් එන අතර තිස්ස හරියේ පෙරහරක නිසා පාරේ වූ තද බදයක් නිසා වහනය අනෙක් වාහන සමග ඉතා සෙමින් ඉදිරියට ගියේය . මම වාහනයේ සිට් එක කඩාගෙන නිදා ගෙන වගේ මගේ කුඩා ප්‍රමාණයේ වීඩියෝ ගේම් එක එක්ක ක්‍රීඩා කරමින් සිටි අතර තාත්තා කැ ගසා කිවේ
    "පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි.
    ඔය ගිය ට්‍රිප් අතර මට එපාකරපු ට්‍රිප් ද තිබුන බවලියන්නට උවමනා ය . එකදවසක් නුවරඑලි සංචාරය සදහා පිටත්ව ගිය අප නොදන්වත් කමින් යන අතර මග නුවර පාරේ වූ අලුත්නුවර දේවාලය දැකබලා යන්නට ය . වාහනය වුයේ අලුත් ම අලුත් Mercedes-Benz MB140 වර්ගයේ වැන් රථයක් විය .දේවාලයෙන් පිටතට පැමිණ නුවර පාරට දමනවත් සමග වාහනයේ ගෑස්කට් ගිය බව රියදුරු තැන විසින් අපට දැන් වූ අතර ඒ අනුව සමාන වෙනත් වහනයක් කොලබ සිට පැමිණෙන තෙක් අපට බලන් ඉන්නට විය . කාලය ගෙවී ගිය බව නොදැනුනේ පහල ඇති ඇළ පාරේ නා හොදහැටි විනෝද වූ නිසා ය . එදා කෑ අදටත් මතක රස කිරි ආප්ප කවදාවත් අමතකනොවන්නේය .

    මේ අතර තාත්තා විසින් ඇල්ලු සුප්‍රසිද්ධ පරිප්පු හොරකම නිසා කාලයක් යනතෙක් තාත්තා ට ආරක්ෂාවට පොලිසියේ නිලධාරියෙක් දීමට එකල රජයට සිදුවිය . තවද රවී කරුණානායක පාලන යුගයේ විශේෂ පරීක්ෂාවන් සදහා යාමට සිදු වූ විට ආයුධ සන්නද්ධ(මතක විදියට AK47) පොලිස් නිලධාරින් 4 දෙනෙක් ද ලැබුන බව කිව යුතුය . මෙය මට එපාකරපු කාරණයක් උවද තාත්තා වෙනුවෙන් වූ දෙයක් නිසා මම තාත්තාට මගේ අකමැත්ත කියන්නට නොගියෙමි.

    තාත්තා තද UNP කාරයෙක් උවද UNP යට කිසි විටෙක කඩේ නොගිය අතර සේවය වෙනුවෙන් පමණක් කැපු උන චරිතයක් විය . එකල කම්කරු ඇමති පසුව ධිවර ඇමති සහ පසුකලෙක අගමැති සහ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා පවා තාත්තා විසින් අතිතතේ සිට හොදින් දන්නා හදුනන චරිතයක් විය. තාත්තා පසුකලෙක හදවත් සැත්කමක් වෙනුවෙන් කොලබ ජාතික රෝහලට ඇතුලත් කර අතර එදා ඔහු බලන්නට පවා මහින්ද රාජපක්ෂ මහතා පැමිණි බව මට මතක ය . එදා UNP යෙන් කියා පැමිණියේ එකල සංචාරක ඇමති ව සිටි ගාමිණී ලොකුගේ මහතා පමණකි . දවසක් රෝහලේ දී තාත්තා කිවේ මම UNP කාරයෙක් උනාට බලන්නට අවේ ශ්‍රීලංකා කාරයන් ය යන වග ය . මහින්ද ජනාධිපති බලය අතහැර යන්නට මාස කිහිපයකට පමණ පෙර (ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නොමැති අවධියක) අපේ නිවසට හදිසියේ පැමිණ තාත්තා සමග කෙටි පිළිසදරක නිරතවූ අතර "තේ එකක් තියෙනවනම් හොදයි " යනුවෙන් පැවසුවා අදටත් මට මතකය . ඒ කියද්දී ත් අම්මා තේ මේසයක් සුදානම් කරමින් තිබු අතර තාත්තා කිව්වේ "සර් කියල ආවනම් වටිනවා " කියල . " නෑ , නෑ මට මේ යනගමන් ආටිගල මතක් උනා , ළමයින් ට කිව්වා මෙපැත්තට හරවන්න කියල " එදා ඔහු දේශපාලනය ගැන වචනයක් වත් කතානොකර අතර මහින්ද ජනාධිපති ද එසේම විය . මෙතරම් හිතවත් කමක් තිබ්බද මගේ විවාහය UNP ට වත් ශ්‍රීලංකා එකේ කාටවත් නොකියන්නට ඔහු වගබලා ගත් අතර තාත්තා ට අනුව දේශපාලනය යනු අප්ප්‍රසන්න මාතකාවකි .
    GtAqXaN.jpg

    නිවසේ උත්සවද එසේ ය . මරිවින් සිල්වා ද සතොස සේවකයකු වූ අතර එකල සතොස පොදු ජන සේවක සංගමයේ සභාපති වූ බව තාත්තා මට පැවසුවේ දිනක් මංගල උත්සවයක් අවස්ථාවක ඇමති මවින් සිල්වා තාත්තා ලගට ඇවිත් "සර් , මෙහෙ මොකද කරන්නේ?" යනුවෙන් යනුවෙන් පැවසු අවස්ථාවක ඔහු කතාකර ගිය පසුව ය .

    තාත්තා සහ සතොස ගැන පොතක් ලියන්නට පවා කරුණු කරනා තිබුනද වෙලාව අනුව මෙතනින් නවතිනවා ය . අද වන විට මගේ ආදරණිය පියා නිදහසේ විශ්‍රාම සුවයෙන් නිවසට වී සිටින අතර පාළුව මකා යන්නට ඉදහිට වික්ටර් අයිවන් ඇතුළු කිහිපදෙනෙක් පැමිණෙනවා ය .


    https://magelokaya01.blogspot.com/2017/12/blog-post_11.html
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔබතුමාගේ පියා ඇමති කෙනෙක්ද?
    :love:
    නෑ මචං , තමන්ගේ පාඩුවේ වැඩ කරපු අවංක විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    "පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි.

    adeee... ape thattath mata nodani purudu karapu deyak machan....
    meka marama watina deyak...
    machn....
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Den lankawe awankawa hitata ekagawa weda karana puluwan KOndak tiyana minissu aduiii.... Me kramaya tula Desapaluwa wisin uge pewethmata siyala wenas krla iwarai.... :( hitiyath oyage thahtta wagema wisramikai... ... nettam jiwatun atara ne... minisunta awankawa weda karana puluwan eth mokaddo hetuwakata un kuhaka wela hetuwa Mudalda ? balayada ? ahankarakamada ? ...