මගේ පඩිය හිරකරලා

beethoven

Member
Apr 21, 2016
52
12
0
පානදුර
මගේ පඩිය හිරකරලා

මම ආණ්ඩුවේ රැකියාවක් කරන්නේ බන්. මගේ පඩිය 50,000 ක් වගේ. මගේ පඩියෙන් රුපියල් 36,000ක් ලෝන් එකකට කැපෙනවා. ලෝන් එක අරන් තියෙන්නේ පඩි වැටෙන බැංකුවෙන්. බැංකුව මහජන බැංකුව. මේ සැරේ අවුරුද්දට ඊයේ පඩි දුන්න.

ඒත් බන් මට ඒ ලැබුණු පඩිය ගන්න බැහැ ඔක්කොම. ලෝන් එකට සල්ලි කපාගන්නේ හැම මාසෙම 4 වෙනිදා. ඒත් මට ලැබුණු පඩියෙන් රුපිය්යල් 36000ක් ගන්න බැරි විදියට හිර කරලා. මට available balance තියෙන්නේ රුපියල් 13,000 ගානක්. ලබන මාසේ 4 වෙනිදා කැපෙන්න තියෙන loan වාරිකෙට දැන්ම ඉඳන්ම මගේ account එකේ සල්ලි ගන්න බැරි වෙන්න හිර කරන්න පුලුවන්ද බැංකුවට?

වෙනදා මට පඩි වැටෙන්නේ 25 වෙනිදා. ඒත් ඒ සල්ලි ඔක්කොම ගන්න පුළුවන්. 4 වෙනිදා වෙද්දී loan වාරිකේ කැපෙන්න ඉතුරු කරලා හෝ සල්ලි දාල තියන්න තමයි ඕනේ. මේ සැරේ මගේ පඩිය එහෙම් පිටින්ම හිර කරගෙන. මෙහෙම කරන්න පුලුවන්ද බැංකුවකට?