මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

    http://www.divaina.com/2013/03/12/news04.html

    තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

    එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

    එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා.

    සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

    මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

    එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..
     

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    Of course bro
     
    • Like
    Reactions: Lahiru120

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    100% true
     
    • Like
    Reactions: Lahiru120

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    100%
     
    • Like
    Reactions: Lahiru120

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    agree...
     
    • Like
    Reactions: Lahiru120

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    True 100% :yes:
     
    • Like
    Reactions: Lahiru120

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    http://www.divaina.com/2013/03/17/feature15.html
    lady1.jpg


    ඒඩ්ස්‌ (AIDS) යන කෙටි යෙදුමෙන් අර්ථවත් වන්නේ "පරිචිත ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‍ෂණය" (Aqnirev immunity Deficiency Syndrome) යන්නයි. මේ දක්‌වා මෙම වෛරසය ශරීරගත වූ සෑම පුද්ගලයකුටම මරු හා යැමට සිදුවූයේ, මේ දක්‌වා මෙම වෛරසය මගින් පහත දමන ශරීරයේ පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය යළි නගාසිටුවීමට සමත් ඖෂධයක්‌ සොයා ගැනීමට මේ මිහිපිට කිසිවකු සමත් නොවුණ බැවිනි.

    එසේ වුවත් එම අඳුරු යුගය නිමා කිරීමට සමත් වන සොයා ගැනීමක්‌ පිළිබඳව පසුගියදා වාර්තා පළ වී තිබිණි. එම වාර්තාවල සඳහන් වී තිබුණේ මාරාන්තික ඩෙංගු රෝගය සඳහා ඖෂධයක්‌ සොයාගත් අම්බලන්ගොඩ, අළුත්වල තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම මෙම ඖෂධය ද සොයාගෙන ඇති බවයි. තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම ඒඩ්ස්‌ සඳහා ද ඖෂධයක්‌ සොයාගෙන ඇති බව සැලවූ සැනින්ම අපට නම් මෙනෙහි වූයේ ඩෙංගු සඳහා ඖෂධයක්‌ සොයා ගත් අවස්‌ථාවේදී ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අපට තමන් ඒඩ්ස්‌ වැනි රෝග සඳහා ද ඖෂධයක්‌ සොයා ගැනීමේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින බවට ඇය කළ ප්‍රකාශයයි.

    තරංගා වික්‍රමසූරිය වෛද්‍යතුමියම සඳහන් කරන ආකාරයට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදා ගනිමින් මාස 6 ක කාලයක්‌ පුරා අදාළ ඖෂධය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇත. එම පර්යේෂණ මගින් පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය පිරිහී තිබූ ඒඩ්ස්‌ රෝගීන්ගේ ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය මසක්‌ වැනි කාලයක්‌ තුළ සියයට සියයකින්ම ඉහළ යන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් එමෙන්ම එම පර්යේෂණ මගින් එච්.අයි.වී. පොසිටිව් තත්ත්වය මසක්‌ තුළ සියයට සියයකින්ම නෙගටිව් වන බවත්, මෙම ඖෂධය මගින් වෛරසය විනාශ කර රක්‌තානු පිරිසිදු කිරීම සිදු කරන බවත් තහවුරු වූ බවත් වෛද්‍යතුමිය පවසන්නීය.

    එසේ වුවත් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය අප හා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ තමා විසින් සොයාගත් ඖෂධය තවදුරටත් පර්යේෂණයන්ට භාජනය කරන බවයි. ඒ යටතේ දැනට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදාගෙන කරන ලද පර්යේෂණ තවදුරටත් එම රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදු කිරීමට අපේක්‍ෂිතය. මෙම පර්යේෂණ අභිනවයෙන් සොයාගත් ඖෂධයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්‌ ද වනවා ඇත.

    කෙසේ වුවත් මෙම ඖෂධයේ විශ්වසනීය භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රශ්න මතු කරන බව නම් පැහැදිලිය. ඩෙංගු රෝගය සඳහා ඖෂධය සොයාගත් අවස්‌ථාවේදී එම ඖෂධය ලබාගෙන සුව වූ රෝගීන් පිළිබඳව අප විමසා සිටි අවස්‌ථාවේදී, සුව වූ රෝගීන්ගේ නම් සහ ලිපින පමණක්‌ නොව දුරකථන අංක පවා ඇය විසින් අපට ලබාදුන්නාය. එම අවස්‌ථාවේදී එම ලිපින සහ දුරකථන අංක ඔස්‌සේ අප ද එම පුද්ගලයන්ගෙන් ඩෙංගු සඳහා සොයාගත් ඖෂධ පිළිබඳව විමසා සිටි අතර, ඔවුහු සෑම කෙනෙක්‌ම ඒ වෙනුවෙන් පෙනී සිටියහ.

    එහෙත් මෙම අවස්‌ථාවේදී නම් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය ඒඩ්ස්‌ සඳහා සොයාගත් ඖෂධය ලබාගෙන තම රෝගී තත්ත්වය සුව අතට හරවාගත් ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව නම් අපට විමසීමේ හැකියාවක්‌ තිබුණේ නැත. ඒ ඒඩ්ස්‌ යනු බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ වන බැවින් සහ එම රෝගයට ගොදුරු වූවන් සමාජයට වසන් වී සිටීමට උත්සාහ දරන නිසාය. එබැවින් තරංගා කුමාරි වික්‍රසූරිය වෛද්‍යතුමියගේ පර්යේෂණයට භාජනය වූ ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව අප පරීක්‍ෂා කිරීමට යැම නොකෙරෙන වැඩක්‌ බැවින් අප ඒ සඳහා වෙහෙස නොවුණෙමු.

    එසේ වුවත් මෙම කාර්යයේදී ඇයට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහයෝගය හිමි වී ඇත. එම සහයෝගය සමගින් මෙම ඖෂධය ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සහතික කර ගැනීමට ඇය සමත් වුවහොත්, මෙම ඖෂධය පිළිබඳව කුමන පාර්ශ්වයක්‌ සැකසංකා මතු කළත්, ඒ සියල්ල පහව යනවා ඇත.

    ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය සාර්ථක උත්සාහයක්‌ දරා තිබෙන්නේ අනුහස්‌පාමින් සිටිනා බටහිර වෛද්‍ය ක්‍රමය, ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට අසමත්ව සිටියදීය. තරංගා කුමාරි වික්‍රමසූරිය පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට ඇය මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ සිංහල වෛද්‍ය ක්‍රමය අනුව යමින් දේශීය ඖෂධීය ශාක යොදා ගෙනය.

    ඇය ඒ සඳහා පොළඹවා ඇත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඇයට ඇති දැනුම සහ ඇයගේ පියා සර්ප වෙදකමට දක්‌වන ලද පරිචය විසිනි.

    බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ ලාක්‍ෂණික ප්‍රතිකාර පමණයි. එයට වෛරස්‌ විනාශ කිරීමට බැහැ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද්‍රව්‍ය ගුණ විඥනය කියල එකක්‌ තිබෙනවා. ඊට අනුව කිසිදු රෝගයක්‌ සඳහා බෙහෙත් නැහැ කියල කියන්න බැරි බව පෙර අවස්‌ථාවකදී ඇය අප හා පැවසීය. ඒ අනුව යමින් සිදු කරන ලද පර්යේෂණ ඔස්‌සේම ඇය විසින් මෙම ඖෂධය ද සොයාගෙන ඇති බව පැහැදිලිය.

    කෙසේ වුවත් බටහිරයන්ට බැරි කිසිවක්‌ අපට කරන්න බැහැ කියල සිතන මිනිසුන් සිටින සමාජයක ජීවත් වන ඇය විසින් දරන ලද මෙම උත්සාහය පවා අප අගය කළ යුතුව ඇත. එය කෙසේ වුවත් ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයාගෙන ඇත යන්නම බටහිර ලෝකය කලඹන ප්‍රවෘත්තියක්‌ වන බව නම් පැහැදිලිය. ඒ බටහිර ලෝකයේ බොහෝ පිරිසක්‌ ප්‍රතිකාරයක්‌ නොමැති මාරාන්තික මෙම රෝගයට ගොදුරු වී පීඩා විඳිමින් සිටින බැවිනි. රොක්‌ හඩ්සන් වැනි හොලිවුඩ් නළුවන් මෙම රෝගයට ගොදුරුව මියයැම සහ ඒ නිසාම එළිසබත් ටේලර් වැනි හොලිවුඩ් නිළියන් මෙම රෝගය නිවාරණය කිරීමේ කටයුතුවල නිරතවීම ද මෙම අවාසනාවන්ත රෝගය සඳහා සියලු දෙනාගේ අවධානය යොමු වීමට හේතුවී ඇත.

    මෙම රෝගය මාරාන්තික රෝගයක්‌ වුවත් මෙය බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ බැවින් සදාචාරය වෙනුවෙන් කටයුතු කරනා බොහෝ දෙනා මෙම රෝගය දුරාචාරයට එරෙහිව ස්‌වභාවධර්මයෙන් ලැබුණ දඬුවමක්‌ ලෙස සලකා කටයුතු කරන තත්ත්වයක්‌ ඇත. එසේ වුවත් මව් කුස තුළ සිටිනා නූපන් දරුවන්ට මෙන්ම රුධිර පාරවිලයනය මගින් පවා මෙම රෝගය බෝවිය හැකි බැවින් මෙම රෝගය දුරාචාරයට දුන් දඬුවමක්‌ සේ සලකා ඉවත බලාගෙන සිටිය නොහැක. එබැවින් ඒඩ්ස්‌ සඳහා ඖෂධයක්‌ සොයාගෙන ඇති බව දුරාචාරයේ යෙදෙන පුද්ගලයන්ට මෙන්ම සදාචාරයේ යෙදෙනා පුද්ගලයන්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක්‌ වනවා ඇත.

    එරික්‌ ගාමිණි ජිනප්‍රිය
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒඩ්ස්‌ (AIDS) වලට ඉක්මනට බෙහෙතක් හොයා ගත්තොත් හොදයි ...

    එහෙම උනොත් බඩු ගහන්න පුළුවන් ඉතින් හිතේ හැටියට ...
     
    • Haha
    Reactions: saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මට සිරි යකෝ අවුරුදු හතරට මේ අම්මන්ඩිට පින්සිද්ද වෙන්න ලංකාව අමෙරිකාවත් පහුකරලා ගිහින් තියෙන්නේ, බේත් ගන්න ෆොරිනර්සලා වැහි වැහැල......., වට්ටි අම්මල හිටං බේත් කොටනවලු ජාතික ආර්ථිකේ ඉහලටම ගෙනියන්න......හෙට අනිද්දා නොබෙල් තෑග්ගත් හම්බෙනවා කියන්නේ.......... රටට අපමණ අගයක්.
     
    • Haha
    Reactions: dhanuka1990