මගේ යොජනාවක්. අදහස් කියපල්ලා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මගේ යොජනාවක්. අදහස් කියපල්ලා.

මේ දවස්වල කුනු ප්‍රශ්නෙයි, කුල ප්‍රශ්නෙයි, ගන්වතුර නායයාම් ප්‍රශ්නෙයි හින්දා මට හිතුනේ මේක. වැඩේ වැරදිත් ඇති ඉතින්. නමුත්, ලන්කාවේ පලාත් අනුව ග්‍රේඩ් කලොත් නරකද? ඒ කිව්වේ දැන් තියන හැටියට ලන්කාවේ ඔනා එකෙකුට ලන්කාවේ ඔනා පලාතක ගිහින් පදින්චි වෙලා රිසොසර්ස් වලට වැඩේ දුන්නැකි. ඒක ඒ පලාත්වල ජිවත් උන, ඒ පරිසරයට අනුබද්ද මිනිස්සුන්ට කරන අසාදාරනයක් නේද? ඒකීය රටක් උනාට මේ වැඩේ වැරදියි නේද? දකුනේ එකෙක් නුවර ඇවිත් කෙලගෙන කෙලගෙන ගියොත් ඒක නුවර මිනිහට අසාදාරනයි. යම්කිසි තත්වයක් ගේන්න ඔනා පදින්චිය මාරු කරනකොට පලාත්වලින් පිට. දුප්පත් පලාතකින් පොසත් පලාතකට එනවනම් ස්කිල් එකත් එක්ක විශේශ ස්කොර් ක්‍රමයක් ගේන්න ඔනා. ඒ පලාතේ පදින්චි වෙන්න ඒ මිනිහා සුදුසුනම් විතරක් ගන්න ඔනා. සල්ලි තිබ්බ පලියට ඉඩම් දෙන්න හොද නැ. පලාතට වැඩක් කරනවා නම් පලාතේ දියුනුවට වැඩක් කරනවනම් හැරෙන්න ඉඩම් ගන්න ඇපෘව් දෙන්න හොද නැ. අනික රිසොස්වලින් පොසත් පලාත්වලට මිනිස්සු පදින්චියට එනකොට සල්ලි තිබ්බත් පලාතේ දුප්පත් මිනිස්සුන්ගේ අයිතිය උගුල්ලන්න දෙන්න හොද නැ. කොලඹ උන් සල්ලි අරන් ඇවිත් නුවර එලියේ නිවාඩු බන්ගලා ගහන එක අසදාරනයි. නුවර එලියේ මිනිස්සු තමන්ගේ උරුමය එහෙම දෙන්න හොද නැ සල්ලි වලට.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113

    දේසපාලුවන්ට පගා ගහන්න තවත් ස්කීම් එකක් :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දේසපාලුවන්ට පගා ගහන්න තවත් ස්කීම් එකක් :lol::lol::lol:
    නැ එහෙම නෙමෙයි මචන්. දැන් බලහන්. එකෙකුට ඔස්ට්‍රේලියා යන්න නම් කී දාහක් ස්කිල්ස් ඔනද? එච්චර ලොකු රටක ජනගහනය අල්ප වෙලත් උන් හැත්ත බුරුත්තම ගන්නේ නැනේ. නමුත් ඒවගේ නෙමෙයි, කොලඹ එහෙකුට බස්නාහිර පලාතේදි කරන්න බැරි වැඩ ඌ වෙන පලාතක කරනවා. රත්නපුරේ මැනික් ගරන්නේ රත්නපුරේ උන් නෙමෙයි පිටින් ආපු උන්. උන් ගරලා ගල් ටික අරන් යන්න යනවා. අන්තිමට රත්නපුරේ උන්ට ගෙයක් දොරක් හදගන්නවත් බැ ගිල බහිනවා. දැන් රත්නපුරේ වටිනාකම අඩු වෙලා. රත්නපුරේ උන්ට ලැබුන දෙයක් නැ. ඒ වගේම තමා අනිත් පැතිත්. පිටින් ආපු උන් නිදහසේ කෙලලා යනව යන්න පලාතම කාලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු ජනාධිපතිතුමනි,
    නාමිකව හෝ ඔබ මේ රටේ ජනාධිපතිවරයාය. මිනිස්සුන්ට ගොං ජෝක් සහිත යෝජනා ගෙන ඒමෙන් වැළකී තමන් ගේ රාජතාන්ත්‍රික කටයුතු වල යෙදීම මැනවි.
    ලොල් සහගත ගොංපාර්ට් ගෙන එනවාට වඩා ඉසුර දේවප්‍රිය නම් ඔබතුමා ගේ සට්ටැඹියාට කියා ගද ගමන කොළඹ සුද්ද කිරීමට කටයුතු කිරීම මෙයට වඩා හොද නැද්ද..???
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    මේ අදහස නරකම නෑ, ඒ උනාට අපේ දේශපාලුවෝ එක්ක ඕව බෑ මචන්. මේකෙන් වෙන්නේ ප්‍රාදේශීය සබ්වේ ඉන්න උනුත් අමතිලගේ ලෙවල් එකට බලතල ලැබෙන එකනේ. හිතහන්කෝ උන් මොනවා කරයිද මෙවෙ. අපිට ගෙදරක ඉන්න වෙන්නේ නෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇනුවල් ඉන්කම් එක, බදු ගෙවීම, සමාජ සුබසාදනය, ජීවන දර්ශකය, නව නිපැයුම් වගේ නිර්නායක එක්ක පලාත් ග්‍රේඩ් කරන්න ඔනා. ගොඩක් නව නීර්මාන කරන්නේ කොලඹ එවුන් නෙමෙයි. ගම්වල උන්. ඒව ගසාකන්නේ කොලඹ් උන්. මේ ක්‍රමේ නිසා හැමදාම රිසොසර්ස් පිරිච්ච දුප්පත් පලාත් සුරාකනවා පොසත් පලාත්. නමුත් සිස්ටම් එකක් ගෙනාවොත් තමන්ගේ පලාතේ සම්පත් තමන්ට කියලා. කොලඹ ගැස් බහිනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගරු ජනාධිපතිතුමනි,
    නාමිකව හෝ ඔබ මේ රටේ ජනාධිපතිවරයාය. මිනිස්සුන්ට ගොං ජෝක් සහිත යෝජනා ගෙන ඒමෙන් වැළකී තමන් ගේ රාජතාන්ත්‍රික කටයුතු වල යෙදීම මැනවි.
    ලොල් සහගත ගොංපාර්ට් ගෙන එනවාට වඩා ඉසුර දේවප්‍රිය නම් ඔබතුමා ගේ සට්ටැඹියාට කියා ගද ගමන කොළඹ සුද්ද කිරීමට කටයුතු කිරීම මෙයට වඩා හොද නැද්ද..???
    විහිලු නෙමෙයි බන්. උබම හිතපන්. කොලඹ A/C කාමරවල ඉදගෙන අනුරාදපුරේ හොටල් ගහලා අනුරාදපුරේ වනසන උන් කොච්චර ඉන්නවද? අන්තිමට පරිසරේ කාලා කාලා කොලඹට සල්ලි ටික අදිනවා. අනුරදපුරේ එකාට මුකුත් නැ. වකුගඩු ලෙඩේ බලහන්. ඒ පලාත්වල මිනිස්සු ගොවිතැන් කරලා කොටිපතියො වෙලාද? නැනේ. නමුත් අස්වැන්න වැඩි වෙන්න පොහොර ගහලා ඒ සල්ලි ගත්තේ කොලඹ උන්. අන්තිමට විදවන්නේ කොලඹ උන්ද?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගරු ජනාධිපතිතුමනි,
    නාමිකව හෝ ඔබ මේ රටේ ජනාධිපතිවරයාය. මිනිස්සුන්ට ගොං ජෝක් සහිත යෝජනා ගෙන ඒමෙන් වැළකී තමන් ගේ රාජතාන්ත්‍රික කටයුතු වල යෙදීම මැනවි.
    ලොල් සහගත ගොංපාර්ට් ගෙන එනවාට වඩා ඉසුර දේවප්‍රිය නම් ඔබතුමා ගේ සට්ටැඹියාට කියා ගද ගමන කොළඹ සුද්ද කිරීමට කටයුතු කිරීම මෙයට වඩා හොද නැද්ද..???
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ අදහස නරකම නෑ, ඒ උනාට අපේ දේශපාලුවෝ එක්ක ඕව බෑ මචන්. මේකෙන් වෙන්නේ ප්‍රාදේශීය සබ්වේ ඉන්න උනුත් අමතිලගේ ලෙවල් එකට බලතල ලැබෙන එකනේ. හිතහන්කෝ උන් මොනවා කරයිද මෙවෙ. අපිට ගෙදරක ඉන්න වෙන්නේ නෑ
    ඔව් බන්. ලන්කාවෙ ස්වබාවික සම්පත් කන තරමක් කන්නේ කොලඹ බේස් වෙච්ච සුලුතර්යක් බිස්නස්කාරයො. වැලි, ගල්, වැව්, ජලාශ, දියැලි මේ ඔක්කොම උන් අරක්ගෙන. අන්තිමට ඒවා සූරාකාලා ඊට එහා ගන්න දෙයක් නැති උනාම පලාතෙම මිනිස්සුන්ට ඉන්න බැරි කරලා උන් කොලඹට වෙලා ආතල් එකේ ඉන්නවා. ගන්වතුරට හව් සැඩ් කියලා ආහාර මල්ලක් දීලා යනවා. නමුත් මේ පලාත්වල මිනිස්සුන්ගේ දාඩියෙන් ලෙයින් තමා කොලඹ උන් ආතල් ගන්නේ. ඒ පලාත්වල උන් නැගිටපු දවසට කොලඹ උන්ට මුකුත් නැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විහිලු නෙමෙයි බන්. උබම හිතපන්. කොලඹ A/C කාමරවල ඉදගෙන අනුරාදපුරේ හොටල් ගහලා අනුරාදපුරේ වනසන උන් කොච්චර ඉන්නවද? අන්තිමට පරිසරේ කාලා කාලා කොලඹට සල්ලි ටික අදිනවා. අනුරදපුරේ එකාට මුකුත් නැ. වකුගඩු ලෙඩේ බලහන්. ඒ පලාත්වල මිනිස්සු ගොවිතැන් කරලා කොටිපතියො වෙලාද? නැනේ. නමුත් අස්වැන්න වැඩි වෙන්න පොහොර ගහලා ඒ සල්ලි ගත්තේ කොලඹ උන්. අන්තිමට විදවන්නේ කොලඹ උන්ද?
    ගරු ජනාධිපතිතුමනි,
    ඔබ කියන්නේ විව්‍යසාය, ප්‍රාග්ධනය සහ සම්පත් පිළිබද ව ප්‍රශ්නයක් ගැනය. ප්‍රාග්ධනය ඔබ හෝ මා හෝ අකමැති මුත් සංකේද්‍රණය වී ඇත්තේ බස්නාහිර කලාපයටය. ඒ සුද්දා ගේ කාලයේ සිට කොළඹ වාණිජ අග නගරය වන නිසා ය. නමුත ඛළ යුත්තේ ඔබතුමා ගේ කළවැදි යෝජනාව නොවන බව ගෞරවයෙන් සදහන් කරමි.

    ආයෝජනය් සදහා නියාමනයක් තිබිය යුතුය. ඒ නියාමනය ඇතිකළ යුත්තේ ඔබ ගේ රජයයි(රජය ඔබ ගේ නම්, අපට එවැන්නක් නොපෙනේ!) ඒ ඒ පලාත් වල යම් කර්මාන්තයක් ඇති වේ නම් එයට අවශ්‍ය ශ්‍රමය, අම්‍රදුව්‍ය ආදිය ඒ කලාපයෙන් සපයා ගැනීම, පාරිසරික නීති ක්‍රියාවේ යෙදවීම වැනි නියාමනයක් කළ යුතු අතර, ඔබතුමා යෝජනා කරන ගොංපාට් එක ක්‍රියාත්මක කළ හොත් වන්නේ පිට පලාත් වල ලබ්බට ද හෙණ ගැසීම බව ගෞරවයෙන් සදහන් කරමි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලංකාව පොඩි රටක් බන් මේකේ මොනවද ආය බෙදන්න තියෙන්නෙ.
    බෙදන්න කියන්නේ, ජාතියටවත් ආගමටවත් කුලෙටවත් නෙමෙයි බන්. ආවො ගියො වගේ අහිගුන්ටික ඩයල් එක පාර්ට පාත්වෙලා පලාත් කාලා සම්පත් සූරගෙන යනවා. අන්තිමට ගමේඑකාට මුකුත්ම නැ. වැලි ගොඩ දාන එකම බලහන්. මහින්යන්ගනේ කාලා. හැබැයි මහියන්ගනේ මිනිස්සුන්ට එකෙන් සෙතක් නැ. ඔක්කොම වැලිකාරයො මහියන්ගනෙන් පිට. උන්ට වතුර ප්‍රශ්න නැ. ඉඩම් ප්‍රශ්න නැ. උන් පිටින් ඇවිත් මහියන්ගනේට ගේම දීලා.
     
    හරි හරි ඉතින් ඔය ඔයා කියන එක තම මම කියන්නේ. මගේ බුද්දි මට්ටම ඔයාගේ තරම් නැ ඉතින් වචන ගලපන්න. ඔයා ඔය කිව්ව ශ්‍රමය, අමුද්‍රව්ය වගේ එවට නිසි වටිනාකමක් දීලා ඒ පලාතේ සම්පත් ඒ පලාතේ අබිවෘතියට දායක කරගැනීම ගැනයි කිව්වේ. වචන නම් සාර්තක නැතුව් ඇති ඉතින්. ඔබතුමාගලපලා කියන්න්කො. අදහස හරිගස්සලා..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උදේ ඉදන්ම ponnaya නාගෙන නාගෙන යනවා නේද? දැන් ඇති කබ්බො. උගේ ෆේක් එකෙන් ඌ පොස්ට් දාලා ඌම ඌව විවෙචනය කරලා පොර වෙන්න දගලන හැඩක් පේනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගරු ජනාධිපතිතුමනි,
    ඔබ කියන්නේ විව්‍යසාය, ප්‍රාග්ධනය සහ සම්පත් පිළිබද ව ප්‍රශ්නයක් ගැනය. ප්‍රාග්ධනය ඔබ හෝ මා හෝ අකමැති මුත් සංකේද්‍රණය වී ඇත්තේ බස්නාහිර කලාපයටය. ඒ සුද්දා ගේ කාලයේ සිට කොළඹ වාණිජ අග නගරය වන නිසා ය. නමුත ඛළ යුත්තේ ඔබතුමා ගේ කළවැදි යෝජනාව නොවන බව ගෞරවයෙන් සදහන් කරමි.

    ආයෝජනය් සදහා නියාමනයක් තිබිය යුතුය. ඒ නියාමනය ඇතිකළ යුත්තේ ඔබ ගේ රජයයි(රජය ඔබ ගේ නම්, අපට එවැන්නක් නොපෙනේ!) ඒ ඒ පලාත් වල යම් කර්මාන්තයක් ඇති වේ නම් එයට අවශ්‍ය ශ්‍රමය, අම්‍රදුව්‍ය ආදිය ඒ කලාපයෙන් සපයා ගැනීම, පාරිසරික නීති ක්‍රියාවේ යෙදවීම වැනි නියාමනයක් කළ යුතු අතර, ඔබතුමා යෝජනා කරන ගොංපාට් එක ක්‍රියාත්මක කළ හොත් වන්නේ පිට පලාත් වල ලබ්බට ද හෙණ ගැසීම බව ගෞරවයෙන් සදහන් කරමි.
    ඔය ටික ඉතින් උබගේ අකවුන්ට් එකෙන් ෆේක් ත්‍රේඩ් එකක කිව්වේ ඇයි කෙලින්ම ඔරිජිනල් එකෙන් ත්‍රේඩ් එක දැම්මනම් ඉවරනේ බොරුවට ජනාදිපති කියලා එකක් අටවගෙන, ඒකෙන් ගොන් පොස්ට් දාලා. මහප්‍රාන පොස්ට් ඔරිජිනල් එකෙන් දාලා පොර වෙන්න හදන්නේ. දැනටමත් එකෙක් උබේ පොස්ට් එක කොට් කරලා "well said" ගාලා ඇති. උබටත් හරි ආසයි නේ මේ දෙක පහ උන්ගෙන් පොර වෙන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙදන්න කියන්නේ, ජාතියටවත් ආගමටවත් කුලෙටවත් නෙමෙයි බන්. ආවො ගියො වගේ අහිගුන්ටික ඩයල් එක පාර්ට පාත්වෙලා පලාත් කාලා සම්පත් සූරගෙන යනවා. අන්තිමට ගමේඑකාට මුකුත්ම නැ. වැලි ගොඩ දාන එකම බලහන්. මහින්යන්ගනේ කාලා. හැබැයි මහියන්ගනේ මිනිස්සුන්ට එකෙන් සෙතක් නැ. ඔක්කොම වැලිකාරයො මහියන්ගනෙන් පිට. උන්ට වතුර ප්‍රශ්න නැ. ඉඩම් ප්‍රශ්න නැ. උන් පිටින් ඇවිත් මහියන්ගනේට ගේම දීලා.
    එහෙම නිකන් ලොරියක් අරන් වැලි අරන් යන්න බෑනේ බන් බලපත්‍ර ගන්න ඕනේ නෙ. හානියක් වෙනවනං ආණ්ඩුව පරිසර නීති අනන් මනං වලින් වැට බඳින්න ඕනේ, නැතුව ඉතින් ගමේ එකා වැලි ඇද්දත් පිට එකෙක් ඇද්දත් එන පරිසර ප්‍රශ්න එකයි නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම නිකන් ලොරියක් අරන් වැලි අරන් යන්න බෑනේ බන් බලපත්‍ර ගන්න ඕනේ නෙ. හානියක් වෙනවනං ආණ්ඩුව පරිසර නීති අනන් මනං වලින් වැට බඳින්න ඕනේ, නැතුව ඉතින් ගමේ එකා වැලි ඇද්දත් පිට එකෙක් ඇද්දත් එන පරිසර ප්‍රශ්න එකයි නෙ.
    ගමේ මිනිහා බාලිදියෙන් වැලි ගොඩ දාලා කීයක් හරි හොයාගන්න එක ගගට හානියක් නැ බන්. ගමෙන් පිට එකා ඇවිත් කන්නේ අර රත්තරන් බිත්තර දාපු කිකිලි වගේ. අන්තිමට ගමේ එකාට බාල්දියෙන් ගොඩ දාන්නත් නැ පිට උන් බැකො අරන් ඇවිත් ගොඩ දානව ගමේ එකා මාසයක් ගොඩට අදින වැලි එක දවසෙන් අරූ බැකො එකෙන් අදිනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ටික ඉතින් උබගේ අකවුන්ට් එකෙන් ෆේක් ත්‍රේඩ් එකක කිව්වේ ඇයි කෙලින්ම ඔරිජිනල් එකෙන් ත්‍රේඩ් එක දැම්මනම් ඉවරනේ බොරුවට ජනාදිපති කියලා එකක් අටවගෙන, ඒකෙන් ගොන් පොස්ට් දාලා. මහප්‍රාන පොස්ට් ඔරිජිනල් එකෙන් දාලා පොර වෙන්න හදන්නේ. දැනටමත් එකෙක් උබේ පොස්ට් එක කොට් කරලා "well said" ගාලා ඇති. උබටත් හරි ආසයි නේ මේ දෙක පහ උන්ගෙන් පොර වෙන්න.
    ලොල්......
    ඔය ජනාධිපති කියන්නේ මගෙ ෆේක් එකක් නං ජීටියට කම්ප්ලේන් කරහං කෝ.....

    මට ෆේක් හදන්න ඕන නෑ කුකුළෝ...
    මම කියන්න තියන දේ දත් කිඹුළා ලවා ම කියවනවා.....
    අනික දත් කිඹුළා කියල මගේ නම මේකේ තිබ්බට මගේ ඇත්ත නම්, ඉන්න තැන්, කරන රස්සා ආදී සියළු ම දේ මේ කිරියේ 80%ක් ම දන්නවා....කිරියේ දැනට වැඩිම සාමාජිකයන් ගානක් මුණු ගැහිලා තියෙන්නේ මට....මට මේකේ හංගන්න දෙයක් නෑ. කිරියෙ උන් මගේ දැකල නැත්තේ කිරිපල්ලයි පශ්චාත්භාගයයි විතරයි.

    මට මේකේ දෙයක් කියන්න ෆේක් ඕන නෑ. මගේ කොන්ද සහ කකුල් දෙක තාම හයියයි කියන දේ මේකෙන් කියන්න...
     
    ඒකනේ මම මුකුත් කියන්නේ නැත්තේ ඔයාට. මමත් එන්නම්කො ඔයාව හම්බ වෙන්න. දත්වල පොඩි අවුලකුත් තියෙනවා. බොලයක් දතේ වැදිලා පොඩ්ඩක් කැඩුනා. ඒකට මොකක්ද කරන්න පුලුවන්. ආයේ වවෙනවද දත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගමේ මිනිහා බාලිදියෙන් වැලි ගොඩ දාලා කීයක් හරි හොයාගන්න එක ගගට හානියක් නැ බන්. ගමෙන් පිට එකා ඇවිත් කන්නේ අර රත්තරන් බිත්තර දාපු කිකිලි වගේ. අන්තිමට ගමේ එකාට බාල්දියෙන් ගොඩ දාන්නත් නැ පිට උන් බැකො අරන් ඇවිත් ගොඩ දානව ගමේ එකා මාසයක් ගොඩට අදින වැලි එක දවසෙන් අරූ බැකො එකෙන් අදිනවා.
    මහියංගනේ වැලි තිබුන කියල මහියංගනේ මනුස්සයට ඒ වැලි වලට විශේෂ අයිතිවාසිකමක් දෙන්න බෑනෙ බන්. පෞද්ගලික ඉඩමක නං ඔන්න එකේ අයිතිකාරයට අයිතියි. වැලි ගොඩ දාන සයිට් නං ගොඩක් අයිති රජයටනෙ. ඉතින් රජය බලපත්‍ර දීල සල්ලි අරන් කාටහරි වැලි අදින්න ඉඩ දෙනව. ඒ අවස්තාව ගන්න ගමේ මිනිහට බැරි නං ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රටේ වැඩවලට වැලි ඕනේ වෙද්දී කවුරුහරි ඒ ඉල්ලුමට සැපයුම දෙන්න වැලි අදින්නත් එපැයි. ගමේ මිනිස්සු බාල්දියෙන් වැලි අදිනකන් බලන් හිටියොත් වැලි නැති පැතිවල මිනිස්සුන්ට ගෙවල් හදන්න වෙන්නෙ නෑ නෙ.