මගේ හිතට

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    6798367501_381da8ce88_b.jpg



    ගේ හිතට
    මහා තනිකමක්
    දැනෙද්දි
    මගේ හිත මටත් හොරෙන්
    දූවගෙන ගිහින්
    ඔබ හිටපු තැනක නතර උනා
    ඉස්සර වාගෙමයි
    පුන්චිම වෙනසක් වත්
    එතන තිබුන් නෑ
    ඒත් එකම එක වෙනසක්
    මගේ හිතට
    තදින්ම දැනුනා
    ඒ ඔබ නැති
    " හිස්කම "...

    ඔබව මට මුනගැහෙනකොට
    ඔය ඇස් වල
    දුක පිරිල තිබුනා
    මොකක්දෝ වේදනාවකින්
    මූන මිරිකෙමින් තිබුන
    කතා කරනකොට
    දුක හන්ගගෙන වචන එකතු කර කර
    පරිස්සමට ...
    ඒත් අන්තිමට ඔබ ඇත්තම කිව්ව
    " මම මගේ ජීවිතය අතැරල දාල තියෙන්නෙ "

    පස්සෙ කාලෙක
    ඔයා යන්න ගියා..
    නොකියාම නොබලාම
    සමහර විට ඔබ අදත්
    ඔබ ඉන්න තැන ඉදන්
    මේ කතාව කියවනව ඇති...

    පහුගිය දවසක
    මම
    අපි
    නිතරම
    ඇවිදන් ගියපු පාරෙ
    තනියට ඇවිදන් ගියා
    වේලිච්ච හුලග
    වලාකුලු නැති අහස
    මගේ තනිකම
    තවත්
    වැඩි කලා...

    ජීවිතයේ මග හැරුන යමක්
    හදා ගන්න බැරි තරමට
    නෙතු අගින් වැටුනා
    යම් දුකකට කියා ගන්න බැරි තරමට
    මම නුඹට ආදරය කරා
    කවුරුවත්
    ආදරය නොකරන තරමට...

    මම උත්සහ කලා
    ඔය හිතට ජීවත් වෙන්න
    හේතුවක් හදල්ල දෙන්න ..
    ඒත් අත්හැරපු
    ජීවිතය ගැන
    ඔබ නිතරම කතාකලා
    දවසක් ඔබ
    කෝපි මල් හිනාවක් එක්ක මා ලගට ඇවිත්
    " මම ආයෙත් ජීවත් වෙන්න තීරනය කලා "
    ඒ දුක අත් හැරපු සතුටටද වෙනත් කාරනාවකටද කියන්න මට අදටත් බැහැ...

    අපි
    ආදරය කරපු දවස් වල
    මූණෙන් මූණ බලාගෙන
    මුමුණපු කතන්දර
    අතීතයක් විතරයි ..
    ඒත්
    මූණෙන් මූණ
    බලන් හිටපු තැන්
    තාමත් එහෙමමයි
    ...

    :love: :love: :love: :love: :love:


    Code:
    Lonely lovers(. ආදර රැහැනින් තනි වුනු පෙම්වතුන්.)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මූණෙන් මූණ බලාගෙන මුමුණපු කතන්දර අතීතයක් විතරයි .. :( :( :(