පට්ට බ්‍රෝ. යාලුවෙක්ගෙන් මැසේජ් එකක් ආවා එලකිරි එකේ පට්ට ත්‍රෙඩ් එකක් වැටිල පොඩ්ඩක් බලපන් කියල. දැන් මේකට reply එකක් දාන්න එනකොට PM තියෙනව බර ගානක්. ඔක්කොටොම reply දාලයි මෙතනට ආවේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මෙත්ඩ් එක පට්ට, අත්දැකීමෙන් කියන්නේ. මචන් ඔය income එක පට්ට, හේතුව social media වලින්ම එන ට්‍රැෆික් එකක් උබ හරියටම conversion කරනව buying වලටම. ඒක කරන්න පුලුවන් knowledge එක, experience එක හොදටම හදපු කෙනෙක්ට මචන්. ඒ ගැන සතුටුයි මුලින්ම. මගේ ට්‍රැෆික් sources organic + reddit, twitter එන්නෙ. දැනට මගේ 35K$+ monthly එනව sales වලින්. paid traffic use කරන්නේ නෑ. developers ලා hire කරල මිනිස්සුන්ට ඕනම කරන tools set එකක් හැදුවා. දැන් මම සයිට් එකට වැඩ කලත් නැතත් සමහර monthly subscriptions වැඩ බන්. ඒ වගේම ලක්ෂ ගානක් යට කරල දැනට mas project එකක් යනව ඒක internet marketing වලටම ඕන කරන tool එකක්. ඒකත් next year එලියට දානව.
ඔය සයිට් එකේම උබට affiliate traffic increase කරගන්න නම් මචන් ඔය income එකෙන්ම ගානක් යොදවපන් affiliate manager කෙනෙක්ව hire කරගන්න. මම එහෙම කලා, දැන් ඌ මම වෙනුවෙන් affiliate program එක ලිස්ට් කරල තියෙන්නේ worldwide top affiliate sites කීපයකම. මට පොරව සෙට් වුනේ wealthy affiliate forum එකෙන්. ඒක follow up එකක් දාපන් උබට idea එකක් ගන්න ඕන නම්. ඊලගට හොද genuine software වල affiliate offers තියෙනව මචන්. ex: vpn software මේව මචන් මම කරන්නෙ මගේ ටූල්ස් ඇතුලේ wrap කරනව adware විදියට. එතකොට installation එකේදි user ට කැමති නම් මේක skip කරන්න පුලුවන්. or එයාට පුලුවන් ඒක install කරන්නත්. වැඩේ genuine. ඉන්කම් එක 2X වගේ වැඩි වෙනව මේ method එකෙන්. පොඩි idea එකක් මේක. මේ මොන දෙයින් සල්ලි හම්බ කලත් මචන් ඒවා හරිම දේවල් වලට යොදවන්න ඕන. වාහන අරන් ශෝඕෆ් දාන්න කලින් passive income methods ටික හදලා ඉන්න ඕන ඕනම කෙනෙක්. මම උබට කියන්නෙත් real estate වලට බැහැපන්. මේ income ඒවට flow කරපන්. apartments, ගෙවල් අරන් rent එකට දාන එකේ ආතල් එක මන් දැන් ගන්නව. මේ year එකේ target එක බත්තරමුල්ලෙන් තව එකක් අරන් දාන්න. ඒකත් කරනව year end වෙද්දී. මාරම ආතල් එකක් එනව බන් වැඩ නොකර සල්ලි එනකොට පස්සෙ කාලේ.
PayPal හිර වෙන එකටත් මම හොදම solution එකක් කිවුවා එක ත්‍රෙඩ් එකක මට මතකයි බන්. ආයේ ටයිප් කරන්න කම්මැලියි වගේ එක. කවුරුහරි ඒක දැක්කොත් ඒක මෙතනට දාන්න reply එකක් විදියට.
edit:
https://elakiri.com/threads/paypal-ගිනුමක්-හදන-ක්‍රමය.1940620/
ලංකාවේ drop shipping කරන අයටත් මම හැමදාම දෙන ඇඩ්වයිස් එක දීලා යන්නම් ආයෙත් මෙතනත්. එක එක ඩයල් වලට සල්ලි පූජ කරන්න එපා 20,000, 30,000 ගනන් වලින් dropshipping, social media marketing ඉගෙන ගන්න. සල්ලි වැඩියි වගේ නම් එහෙම ඉගෙන ගත්තට කමක් නෑ. ඒත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ කොහේවත්. ඒ සල්ලි වලින් හොද internet package එකක් ගහල knowledge එක අරගනින් කියන එක විතරයි මම කියන්නේ. ඇති වෙන්න resources තියෙනව ඕන තරම් internet එකේ. ඕන වෙන්නේ නොසැලෙන අධිශ්ටානයයි, කැපවීමයි විතරයි. ඒ වගේම drop shipping කරනවනම් ට්ර්යි කරන්න තමන්ගෙම product එකක් market එකට දාන්න, worldwide යවන්න. foreign company එකක් එක්ක PLR agreement එකකට ගිහින් හරි කමක් නෑ තමන්ගේ brand name එකක් drop ship කරනවනම්. ඒකේ value එක තමන්ට දැනෙනවා ඒ product එක හිට් වෙලා sales එද්දී. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ internet කියන්නේ දැනුම ඕනේ තරම් තියෙන තැනක්. නිකන් ගන්න තියෙන සල්ලි පූජ කරල ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය course කරයින්ට දුවන්න දෙනව මම next year launch කරන project එකකින්. free knowledge sharing විතරයි focus කරන්නේ.
ජය වේවා උබේ වැඩ තව සාර්ථක වෙන්න ඕනේ.