මගේ Postpaid Bill එකේ අවුල ලිහලා දෙන්න පුලුවන් කෙනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,120
    10,318
    113
    36
    මගේ Postpaid Internet බිල් එකේ ගැටළුවක් තියෙනවා මේක මට ලිහා ගන්න බෑ කොම්පැනියේ අය එක එක කතා කියනවා සැරෙන් සැරේට
    මට මේක පුළුවන් කෙනක් තෙරුන් කරන්න මේ මාසයේ මම කියක් ගෙවන්න ඕනේ ද කියලා
    ඒ වගේම මේ පටලැවිල්ල ,මොකක් ද කියලා මම බිල් වලට වැඩියත් එක්ක ගෙවලා එත් තවත් ගෙවනවා කියලා තේරෙනවා මට.

    හැම මාසේම 14 වෙනිදාට තමයි මගේ බිල් එක හැදෙන්නේ ඔය පහතින් තියෙන්නේ 2024-02-14 බිල් එක මගේ

    XoCp68JG44.png
    eX522s2Z6k.png


    ඉහත බිල් එක සම්පුරණයෙන් මම ගෙව්වා 2024-02-16 වෙනිදා. අය මම පොඩ්ඩක් වත් නය නැහැ

    ඊට පස්සේ 1Mbps Unlimited එකේ සිට > 2Mbps Unlimited පැකේජ් එකට Upgrade කරගත්තා මම 2024-02-16 වැනිදා රු 2750 පැකේජ් එක Tax එක්කම රු 3396.25 විය යුතුයි

    අය මම 2024-03-04 වැනිදා රු 1500 ක Payment එකක් කළා එක -1500 ලෙස පෙන්නුවේ එක මම කරේ 14 වෙනිදා හදන බිලෙන් අඩු වෙන්න.

    දැන් ඔය පහත තියෙන්නේ 2024-03-14 ආපු බිල් එක එක ආවේ රු 6574.39 ලෙස නමුත් ගෙවන්න තිබුනේ රු 5065.48 ක මුදලක් එතන රු 5065.48 කට අඩු වුනේ අර මම වැඩි පුර ගෙවපු 1500 නිසා නේද ? කොහොම හරි 2Mbps Unlimited පැකේජ් එක දෙසැරයක් Active කරලා තිබුණා ඒගොල්ලෝ 2024-02-17 වැනිදා පැකේජ් එකක් Active කරලා තිබුණා මම පැකේජ් එක Upgrade කර ගත්තේ 2024-02-16 වැනිදා.

    ඉතින් මම 2024-03-23 Customer Care එකට කතා කරලා ඔය වැරදියට ආපු මගේ බිල් එක ගැන කිව්වාම බිල් එක අඩු කළා RENTAL WAIVER එකක් කියලා -3,279.13 ඊට පස්සේ 2024-03-23 මට එයාලා රු 1,786.35 ක ඉතුරුයි කිව්වා එක නිසා මම රු 1786.35 Payment එක කලා. දැන් කොහොම හරි ඒ මාසයේ බිල් එක ඔකොම ගෙව්වා මම.


    DAv2gLmQir.png
    8fTm2X2I49.png


    අය මම රු 1500 Payment එකක් කළා 2024-03-31 වැනිදා එක වැඩි පුර ගෙවීමක් එතකොට මගේ මේ මාසේ බිල් එක රු 2334 වෙනවා

    2024-04-14 බිල් එක තමයි යට තියෙන්නේ. මට දැන් ගැටළුවක් තියෙනවා මේ මාසේ බිල් එක රු 2334.48 වුනේ කොහොමද කියලා මම 2024-03-31 වැනිදා ගෙවපු වැඩි පුර Payment එක නිසා අඩු වුනා නම් රු 2334.48 කට මට තියෙන ගැටළුව රු 2334.48 එකතු කළාම අර වැඩි පුර ගෙවපු රු 1500 ක මුදල රු 3834.48 වෙනවා එහෙම වෙන්නේ කොහොමද ? Tax එක්කම බැලුවත් රු 3396.25 විය යුතුයි නේද ? එතකොට මේ මාසේ බිල් එකේ තියෙන රු 555.35 මොකක් ද ? මම මේ ගැන Customer Care එකෙන් ඇහුවම කියනවා ඔය රු 555 තමයි ගෙවන්න ඕනේ කියලා ඉතින් මම එක ගෙව්වා දැන් මට SMS එකක් එනවා මම තව රු 1778.48 ගෙවන්න ඕනේ කියලා මට දැන් පිස්සු වගේ මේක

    OLAbzmlQoO.png
    AiCtT82RuH.png


    මේ තියෙන්නේ චැට් එකෙන් මම ඇහුවාම ඒගොල්ලෝ මේ ගැන දුන්න Reply එක එකත් මට තේරෙන්නේ නැහැ


    මාසේ බිල් එක රු 555.35 වුනාම ඇයි මෙයාල රු Rs.2334.37 වෙනවා කියලා කියන්නේ ? මේ මාසේ බිල් එක රු 555 නොවේ ද ? නැත්තම් රු 2334 ද මට මේ හරුපේ තේරෙන්නේ නැහැ

    Mema masa bill period ekata adala mudala Rs.555.35k bawa karunawen danwamu.
    Ese wu wita obage mema masa bill eka Rs.2334.37k bawa karunawen danwamu.


    bR0wgSVe3G.png
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,115
    1
    40,283
    113
    ප*යාගල
    sorry.com
    Okun pissu kelinwa bn. hodama de ODD times wala bill walata salli danna epa. mamath okunge post paid ekak aran salli gewanwa gewanawa iwarauk na kochchara karath bill ekathu wenwa. allala wisi kara 5000 ganaka bilak thiynwa gewwe na mn dn 4 yrs
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,120
    10,318
    113
    36
    Okun pissu kelinwa bn. hodama de ODD times wala bill walata salli danna epa. mamath okunge post paid ekak aran salli gewanwa gewanawa iwarauk na kochchara karath bill ekathu wenwa. allala wisi kara 5000 ganaka bilak thiynwa gewwe na mn dn 4 yrs
    ඔව් බන් එපා වෙලා ඉන්නේ උන්ම කියනවා බන් system එකේ අවුලක් කියලා මම මේක අයින් කරලා Prepaid ගන්න හදන්නේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,082
    2,382
    113
    Sri Lanka
    කිසිම වෙලාවක මගින් මැදින් ගෙවන්න එපා. බිල ෆුල් හැදුනම එක පාර ගෙවල zero කරන්න. ආයෙ බිල් එනකන් ඉඳල ආයෙ zero කරන්න.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    480
    700
    93
    ඔය වගේ ඒවා කෝල් සෙන්ටර් එකේ උන් එක්ක විසදාගන්න ගියාම වැඩේ දෙක වෙනවා, උන්ට පැහැදිලි කරලා අපේ කාලය නිකන් යනවා.
    ආකේඩ් එකකට ගිහින් කතා කරන්න, ආකේඩ් එකකින් ඕක එක දවසෙන් විසදාගන්න පුළුවන් දෙයක්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,198
    113
    ඩොටේ
    ඔය වගේ ඒවා කෝල් සෙන්ටර් එකේ උන් එක්ක විසදාගන්න ගියාම වැඩේ දෙක වෙනවා, උන්ට පැහැදිලි කරලා අපේ කාලය නිකන් යනවා.
    ආකේඩ් එකකට ගිහින් කතා කරන්න, ආකේඩ් එකකින් ඕක එක දවසෙන් විසදාගන්න පුළුවන් දෙයක්.
    මේක තමයි ඔය වගේ ප්‍රශ්න විසඳගන්න ලේසිම විදිය. Call කරලා chat කරලා විසඳන්න ගියොත් එක වැඩේ දෙක තුන වෙනවා මේ වගේ අපැහැදිලි ප්‍රශ්න වලදි

    කිසිම වෙලාවක මගින් මැදින් ගෙවන්න එපා. බිල ෆුල් හැදුනම එක පාර ගෙවල zero කරන්න. ආයෙ බිල් එනකන් ඉඳල ආයෙ zero කරන්න.
    ඔව් bill එක හැදෙන්න කලින්, මැදින් ගෙවන්නත් හොඳ නෑ, වැඩිපුර ගෙවන්නත් හොඳ නෑ. ගාණට අන්තිම සතේට වෙනකන් ගෙවල zero කරාම ප්‍රශ්න අඩුයි.
    අපේ ගෙවල්වල මිනිස්සුත් එක්ක කොච්චර කිව්වත් ඕක කරන්න බෑ, town ගිය වෙලාවට branch එක ළඟින් ගියොත් එදාට bill එකෙ තියෙන ගාණට කිට්ටුවෙන් රවුම් ගාණක් ගෙවලා එනවා. ඊට පස්සෙ නඩු විසඳන්න ඕනි අපි 🤦‍♂️
     
    • Like
    Reactions: Nadun26 and lilman

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,379
    113
    I pay our Dialog bills on the 1st of every month, but billing cycles differ, so I have to call them and get an estimate every time. It's a headache.

    However, with the unlimited anytime packages, it's somewhat easier now.

    It changes when folks exceed the normal data quota for the Netflix router or when the drivers misuse the phone assigned to them.

    Also, when the boss man travels overseas and makes IDD calls back home, I usually have to top up the postpaid credit limit to keep it active.

    Well, yeah, sometimes their billing data makes no sense at all, but we keep paying because we have no other choice.
     
    • Like
    Reactions: Nadun26

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,586
    739
    113
    In La Srinka
    eka billing cycle ekak iwara wenakal idala bill eka hadunata passe total due bill eka pay karala settle karapan. ehen mehen tika tika pay karanna giyama okun pissu kelinawa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,120
    10,318
    113
    36
    thank you
    thank you
    කිසිම වෙලාවක මගින් මැදින් ගෙවන්න එපා. බිල ෆුල් හැදුනම එක පාර ගෙවල zero කරන්න. ආයෙ බිල් එනකන් ඉඳල ආයෙ zero කරන්න.
    එක තමා මට පෙන්නේ වෙලා තියෙන්නේ උන් අමතරව ගෙව්වම බිල් එක වැඩි කරනවා 2012 ඉදලා ගෙව්වේ එහෙම මේ මාස දෙකේ වැඩියෙන් ගෙවලා තමා කෙල වුනේ.
    ඔය වගේ ඒවා කෝල් සෙන්ටර් එකේ උන් එක්ක විසදාගන්න ගියාම වැඩේ දෙක වෙනවා, උන්ට පැහැදිලි කරලා අපේ කාලය නිකන් යනවා.
    ආකේඩ් එකකට ගිහින් කතා කරන්න, ආකේඩ් එකකින් ඕක එක දවසෙන් විසදාගන්න පුළුවන් දෙයක්.
    ඔව් , ඇත්ත බන් මම Call කරලයි Whatsapp කරලා අහුවා අහන්න අහන්න පැහැදිලිව කියන්නේ නැහැ නොතේරෙන විදියට කියනවා මොන කොම්පැනියෙත් ශාකා වට ගියත් අවුල් බන් මට ඇහිලා තියෙනවා මිනිස්සු බිල් ගැන කියනකොට උන් කතා කරන හැටි මිනිස්සුව කින් කොන් කරලා අත අරින්නේ
    ඔය සිංහලෙන් කියල තියෙන්නෙ
    එතන මුදල අවුලක් තියෙනවා උන් එක ගැන කියන්නේ නැතුව උත්තර දෙන්නේ
    මගේ බිල් එක tax එක්කම රු 3396.25 වෙන්න ඕනේ නමුත් මේ මාසේ බිල් එක රු 2334.48 වෙනවා.
    මම වැඩි පුර 1500 ගෙව්වා 2024-03-31 වැනිදා ඉතින් බන් රු 3396.25 අර 1500 අඩු කොලොත් රු 1896.25 තමා මට එන්න ඕනේ නමුත් දැන් එවලා තියෙන්නේ මට රු 2334.48 නේ එතකොට එකට අර 1500 එකතු කොලොත් රු 3834.48 වෙනවා එතකොට රු 3396.25 වඩා වැඩිනේ බිල් එක ? ඕක මන් ඇහුවට තේරෙන විදියට කියන්නේ නැහැ

    මේක තමයි ඔය වගේ ප්‍රශ්න විසඳගන්න ලේසිම විදිය. Call කරලා chat කරලා විසඳන්න ගියොත් එක වැඩේ දෙක තුන වෙනවා මේ වගේ අපැහැදිලි ප්‍රශ්න වලදි


    ඔව් bill එක හැදෙන්න කලින්, මැදින් ගෙවන්නත් හොඳ නෑ, වැඩිපුර ගෙවන්නත් හොඳ නෑ. ගාණට අන්තිම සතේට වෙනකන් ගෙවල zero කරාම ප්‍රශ්න අඩුයි.
    අපේ ගෙවල්වල මිනිස්සුත් එක්ක කොච්චර කිව්වත් ඕක කරන්න බෑ, town ගිය වෙලාවට branch එක ළඟින් ගියොත් එදාට bill එකෙ තියෙන ගාණට කිට්ටුවෙන් රවුම් ගාණක් ගෙවලා එනවා. ඊට පස්සෙ නඩු විසඳන්න ඕනි අපි 🤦‍♂️
    හ්ම්ම්
    go arcade ban
    no point calling them
    හරි
    I pay our Dialog bills on the 1st of every month, but billing cycles differ, so I have to call them and get an estimate every time. It's a headache.

    However, with the unlimited anytime packages, it's somewhat easier now.

    It changes when folks exceed the normal data quota for the Netflix router or when the drivers misuse the phone assigned to them.

    Also, when the boss man travels overseas and makes IDD calls back home, I usually have to top up the postpaid credit limit to keep it active.

    Well, yeah, sometimes their billing data makes no sense at all, but we keep paying because we have no other choice.
    hmm
    thank you
    eka billing cycle ekak iwara wenakal idala bill eka hadunata passe total due bill eka pay karala settle karapan. ehen mehen tika tika pay karanna giyama okun pissu kelinawa
    ඔව් මට තේරුණා කලින් එහෙම තමා ගෙව්වේ බන්
    කලින් මම රු 1800 පැකේජ් එකක් බන් Use කරේ
    3400 එක පාර ගෙවන්න බැරි නිසා මම කොටස් දෙකක් විදියට ගෙවන්න 1500 දැම්මේ
    මුන් දෙගුණ කරලා එව්වා අය ගෙවන්නේ නැහැ එහෙම මට තේරුණා එක තමා කියල අවුල.

    up
    ------ Post added on Apr 25, 2024 at 5:27 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,239
    22,637
    113
    චී ලංකාව
    කෑලි කෑලි ගෙවන්න එපා. උපරිම දෙසැරයකට ගෙවන්න round number value වලින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,361
    3
    117,376
    113
    Gampaha
    අය මම රු 1500 Payment එකක් කළා 2024-03-31 වැනිදා එක වැඩි පුර ගෙවීමක් එතකොට මගේ මේ මාසේ බිල් එක රු 2334 වෙනවා

    මට සේරටම කලින් කියපන්...
    හිතුන හිතුන වෙලාවට අමතරව සල්ලි ගෙවන්න,
    උඹට දාඩිය බිබිලිද...??

    ඔය ගෙවන ඒව හරියට මාසෙට, හරියට එන ගාන ගෙවල ගනුදෙනුව ඉවර කරන්න...
    හිතුන හිතුන වෙලාවට 1500වල් දැම්මම, ඒක මේ මාසෙන් අඩු වෙනවද, එන මාසෙන් අඩු වෙනවද කියල උන්ට හොයන්නත් බෑ, අපිට හොයන්නත් බෑ...

    ඊට පස්සෙ ඔය උඹට හැමදාම වෙනව වගේ පැටලිලි විතරයි ඉතුරුවෙන්නෙ...

    ප්‍රිකල් හීට් වලට ලැක්ටො කැලමයින් හොඳයි...
     
    • Haha
    Reactions: KandyMalli

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,120
    10,318
    113
    36
    මට සේරටම කලින් කියපන්...
    හිතුන හිතුන වෙලාවට අමතරව සල්ලි ගෙවන්න,
    උඹට දාඩිය බිබිලිද...??

    ඔය ගෙවන ඒව හරියට මාසෙට, හරියට එන ගාන ගෙවල ගනුදෙනුව ඉවර කරන්න...
    හිතුන හිතුන වෙලාවට 1500වල් දැම්මම, ඒක මේ මාසෙන් අඩු වෙනවද, එන මාසෙන් අඩු වෙනවද කියල උන්ට හොයන්නත් බෑ, අපිට හොයන්නත් බෑ...

    ඊට පස්සෙ ඔය උඹට හැමදාම වෙනව වගේ පැටලිලි විතරයි ඉතුරුවෙන්නෙ...

    ප්‍රිකල් හීට් වලට ලැක්ටො කැලමයින් හොඳයි...
    මචන් මම මේ සිම් එක 2012 ඉදලා Use කරනවා කලින් රු 690 පැකේජ් එකක් Use කළා ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකම්

    ඊට පස්සේ රු 1560 පැකේජ් එකක් Use කළා

    ඒවගේ බිල් එක මම එක පාර ගෙව්වා, දැනුත් මාසික බිල් එක එක පාර ගෙවනවා.

    මම රු 1500/- ගෙව්වේ අලුතින් හදන බිල් එකෙන් අඩු වෙන්න , සල්ලි වැඩි වෙලා නමේ මචං මට එක පාර ගෙවන්න බෑ රු 3400 විතර එක නිසා අතේ තියෙන වෙලාවට මම සිම් එකට දැම්මා අලුතින් හදන බිලෙන් අඩු වෙන නිසා. ඕවා අතේ තියාගෙන ඉන්න බෑ බැංකුවෙන් හොරාට කපනවා මචන් සල්ලි මම බැංකුව එක්ක වලි දාගෙන තියෙනවා උන් මගේ සල්ලි හොරාට දෙපාරක් කැපුවා. උන්ම පිලි අරගෙන අය දුන්නා එක නිසා මම වියදම් කරන්න තියෙන හැමදේට කලින් කරනවා කෙල වෙන නිසා
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    680
    705
    93
    ඕවා අතේ තියාගෙන ඉන්න බෑ බැංකුවෙන් හොරාට කපනවා මචන් සල්ලි මම බැංකුව එක්ක වලි දාගෙන තියෙනවා උන් මගේ සල්ලි හොරාට දෙපාරක් කැපුවා. උන්ම පිලි අරගෙන අය දුන්නා එක නිසා මම වියදම් කරන්න තියෙන හැමදේට කලින් කරනවා කෙල වෙන නිසා
    අප්පගේ බැංකුනෙ බන් ඒවා. මොකක්ද බැංකුව ?