මචං පරිසරය වනසන්න එපා... yana yana thana kunu daanna epa

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං පරිසරය වනසන්න එපා... yana yana thana kunu daanna epa

    මට මේ ත්‍රෙඩ් එක දන්න හිතුනේ පහත තියෙන පින්තුරෙ දැක්කට පස්සේ... ගොඩක් දෙන පුරුදු වෙලා ඉන්නවා විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාම අරගෙන යන දේවල් මග තැන තැන දාල එන්න.... සමහර වෙලාවට පාරවල් හොයාගන්න බැරි තැන්වල පවා ප්ලාස්ටික් බෝතල්, බෑග් නිසා කියන්න පුළුවන් මේ මිනිස්සු ගිහපු පාරක් කියල.

    මේ එහෙම සිරී පාද අඩවියේ එකතු උන කුණු....

    934081_10151640010756934_2037125414_n.jpg

    මට තවමත් සතුටෙන් කියන්න පුළුවන් මම කිසිම තැනක මේ වගේ කුණු දාල නෑ... ඔක්කොම ගෙදර අරගෙන එනවා කොහේ ගියත්.

    ප. ලි.

    මට හිතෙන විදිහට මේක මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක වෙනස් වෙන දෙයක්.... මටත් හිතෙන්නේ සුපිරි දඩ ටිකක් ගැහුවනම් මේක නිකම්ම වෙනස් කරගන්න පුළුවන් කියල.

    උදා.

    කාලෙකට ඉස්සර අපේ පැත්තේ මිනිස්සු පාරේ, කානු ගාව කුණු දැම්ම... කොහොම හරි පහුවෙලා මෙහෙම කුණු දාන අයව උසාවි දාල රු.5000 දඩයක් ගැහුවා. මම දන්නා අන්කල් කෙනෙකුත් දඩ ගෙව්වා. මෙහෙම දෙතුන් දෙනෙකුට උනාට පස්සේ කවුරුවත් පාර අයිනේ තැන් තැන් වල, කානු අස්සේ කුණු දාන්න ගියේ නැ....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරාවටම බන් ලංකාවෙ මිනිස්සු ඉන්දියාවෙ ඉන්න බල්ලො වගෙ වෙලා දැන් කාපු තැන රෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවටම බන් ලංකාවෙ මිනිස්සු ඉන්දියාවෙ ඉන්න බල්ලො වගෙ වෙලා දැන් කාපු තැන රෙනවා

    සින්ගපුරු නීහි ටික ලන්කාවට ගේන්න ඔනා බන්..

    Chewing Gum: S$500 ($375 U.S.)
    Littering: S$300 ($225)
    Jaywalking: S$500 ($375)
    Smoking in illegal area: S$200 ($150)
    Pack of Cigarettes not declared: S$500 ($375)
    Spitting in Public: S$500 ($375)
    Eating in a public bus or MRT: S$500 ($375)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කතාව ඇත්ත මචන්. දුකෙන් උනත් කියන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක් ඕක. ඉන්දියාව තරම් නැති උනොත් ලෝකේ දියුණු රටවල් එක්ක ගත්තොත් අපේ මිනිස්සු හිතන්නේ නැතුව හැමතැනම කුණු දානවා වැඩියි.
    මෙහෙ මිනිස්සු ටොපි කොළයක්වත් වාහනේ යනකොට එලියට විසි කරන්නේ නෑ. park එකක හැමතැනම කිනු දාන්නේ නෑ. එකේ ගස් වල අතු කඩන්නේ නෑ. ඒකට ලංකාවේ පාරනෙ නගරසභාව. park පෙන්නන්න බෑ.
    හුඟක් දියුණු රටවල් වල රජයවල් පොඩ්ඩක් ආත්මාර්ථකාමී තමයි. එත් මිනිස්සු මට්ටමින් පොඩ්ඩක් හොයල බැලුවම පේනවා ඒ රට දියුණු වෙන්න කලින් මිනිස්සුන්ගේ හැදියාව දියුණු වෙච්ච බව.
    ලාංකිකත්වය කියන එක ඇත්ත. එත් ඔය හැමතැනම කුණු දාන එක ඉස්සර අපේ රටේ තිබිල නෑ. අඩු පාඩු තියනවනම් අනෙක් අය දිහා බලල හරි ඒවා හදා ගන්න එකත් තමයි ලාංකිකත්වය කියන්නේ.:yes:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    සින්ගපුරු නීහි ටික ලන්කාවට ගේන්න ඔනා බන්..

    Chewing Gum: S$500 ($375 U.S.)
    Littering: S$300 ($225)
    Jaywalking: S$500 ($375)
    Smoking in illegal area: S$200 ($150)
    Pack of Cigarettes not declared: S$500 ($375)
    Spitting in Public: S$500 ($375)
    Eating in a public bus or MRT: S$500 ($375)

    :yes: