මචන්ලා වැඩක පටන් ගන්න හොඳම නැකත හොඳම වෙලා&#352

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන්ලා වැඩක පටන් ගන්න හොඳම නැකත හොඳම වෙලා&#352

    මචන්ලා වැඩක පටන් ගන්න හොඳම නැකත හොඳම වෙලාව දැනගන්න කැමතිද?

    149459_249925555152221_1064514074_n.jpg
     
    • Like
    Reactions: ela billa

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    සුබ මොහොත පිළිබද බුද්ධ දේශනාව

    ලිපිය ලියන ලද්දේ March 9, 2011 දින හෑගොඩ විපස්සි හිමි
    ජ්‍යෙතීර්වේදයට අනුව සුබ මොහොත ගැන නැතහොත් සුබ මුහුර්තය ගැන කතා කරනු දැකිය හැකියි. ඒ අනුව දරුවන්ට අකුරු කියවීමේදී, විවාහයේදී, ගෙට ගෙවැදීමේදී ආදී වශයෙන් ජනතාව සුබ මොහොතට අනුව ක්‍රියා කරනු දැකිය හැකියි.
    ඒ වගේම එදිනෙදා ජීවිතයේදී මිනිස්‌සු එකිනෙකාට තම සුහදත්වය පළකිරීමේදී ද මේ සුබ මොහොතට අනුව යම් යම් ප්‍රාර්ථනා කරන ආකාරය ද අපට දැකිය හැකියි. සුබ උදෑසනක්‌ වේවා·. සුබ දහවලක්‌ වේවා·, සුබ සැන්දෑවක්‌ වේවා·
    සුබ රාත්‍රියක්‌ වේවා· ආදී වශයෙන් ජනතාව එකිනෙකාට සුබ පතා ගනිති. මෙම සුබ පැතීම්වලින් මිනිසුන්ට යම් මානසික සුවයක්‌ ඇති විය හැකියි. ඇත්තටම මෙතැනදී සිදු වනුයේ භාෂාමය ගනුදෙනුවක්‌ කියා කිවහොත් එහි වරදක්‌ නැත. හොඳ අරමුණක්‌ ඇතිව මේවා ප්‍රකාශ කරයි නම් ඒ ජනතාවට ඉන් යහපතක්‌ සැලසෙන්න පුළුවන්.
    Ven.Hegoda Vipassi Thero

    නමුත් ප්‍රශ්නය වනුයේ මෙම සුබපතන අයුරින්ම එහි ප්‍රතිඵල මිනිසුන්ට ලැබේද යන්නයි. සුබපැතීම් ලැබෙන තරමට ජීවිතය සාර්ථක වේ නම් එය කෙතරම් අගනේද? එය එසේ සිදු වන්නේ නම් මිනිසුන් අතර ඇති ගැටුම් සිත් වේදනා ඇති වන්නේ නැහැ. පවුල් සංස්‌ථා අතර ආරවුල් ගොඩනැඟෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී ඔබ අප ලබා ඇති අත්දැකීම වනුයේ කෙනෙක්‌ තවත් කෙනකුට සුබපතන තරමට එහි ප්‍රතිඵල නොලැබීමයි. එසේ ප්‍රතිඵල නොලැබීමට හේතුව කුමක්‌ද? ඒ ගැන සොයා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ සුබ මොහොත ගැන කළ දේශනා ඇසුරින් අපට මෙයට පිළිතුරක්‌ ලබාගැනීමට පුළුවන්. සුබ උදෑසනක්‌, සුබ දහවලක්‌, සුබ සන්ධ්‍යාවක්‌, සුබ නැකත, සුබ මංගල්‍යය, සුබ මොහොත ඇතිවන ආකාරය අංගුත්තර නිකායේ තික නිපාතයේ මංගල වර්ගයේ මෙසේ සඳහන් වෙනවා.
    සුබ උදෑසන
    යේහි භික්‌ඛවේ සත්තා
    පුබ්බන්හසමයං කායේන සුචරිතං
    චරන්ති, වාචාය
    සුචරිතං චරන්ති, මනසා සුචරිතං
    චරන්ති, සුපුබ්බන්හො
    භිsCඛවේ තේසං සත්තානං.
    යම් සත්ත්වයෙක්‌ (පුද්ගලයෙක්‌) පෙරවරු කාලයේදී කයින් සුචරිත පුරත්a ද, වචනයෙන් සුචරිත පුරත්ද, මනසින් සුචරිත පුරත්aද, එය සුබ උදෑසනකි.
    සුබ දහවල
    යේහි භිCඛවේ සත්තා
    මඡ්ඣන්තිකං සමයං, කායේන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, සුමඡ්Cධන්තිකෝ භිCඛවේ තෙසං සත්තානං
    යම් සත්ත්වයෙක්‌ (පුද්ගලයෙක්‌) දහවල් කාලයේදී කයින් සුචරිත පුරත්aද, වචනයෙන් සුචරිත පුරත්a ද, මනසින් සුචරිත පුරත්ද එය සුබ දහවලකි.
    සුබ සන්ධ්‍යාව
    යේහි භික්‌ඛවේ සත්තා
    සායන්aහසමයං කායේන සුචරිතං
    චරන්ති, වාචාය
    සුචරිතං චරන්ති, මනසා සුචරිතං
    චරන්ති, සුමඡ්ධන්තිකො භික්ඛවේ සත්තානන්ති.
    යම් සත්ත්වයෙක්‌ (පුද්ගලයෙක්‌) සවස්‌ කලයේදී කයින් සුචරිත පුරත්ද, වචනයෙන් සුචරිත පුරත්ද , මනසින් සුචරිත පුරත්a ද එය සුබ සන්ධ්‍යාවකි.
    මෙම දේශනාවලින් පැහැදිලිවම යමක්‌ සුබ වීමට නම් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලිව නිරවුල්ව පෙන්වාදී තිබෙනවා. යම් පුද්ගලයෙක්‌ සිතින්, කයින්, වචනයෙන් වැරැදි විදිහට ක්‍රියා කරමින් තවත් කෙනකුට සුබ උදෑසනක්‌, සුබ දහවලක්‌, සුබ සැන්දෑවක්‌ ප්‍රාර්ථනා කළාට ඉන් යහපත්a ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ නැහැ. සිතින් කයින් වචනයෙන් සංවර නොවූ අයෙක්‌ සිංහලෙන් සුබ උදෑසනක්‌ හෝ ඉංගී්‍රසි භාෂාවෙන් “ගුඩ් මෝර්නින්” කියා ප්‍රාර්ථනා කළත් ඉන් යහපත්a ප්‍රතිඵලයක්‌ ඔහුට හෝ සුබ පැතුම් ලබන්නාට ඇතිවෙන්නේ නැහැ.
    යම් පුද්ගලයෙක්‌ තවත් අයෙකු හමුවූ විට සුබ උදෑසනක්‌, නැතහොත් ඉංගී්‍රසියෙන් “ගුඩ් මෝර්නින්” කියා මූනිච්ඡාවට කීවත් සුබ පතන්නාගේ සිතුවිලි යහපත් නොවේ නම් සුබපැතුම් ලබන ඔහුට හෝ ඇයට එය සුබ උදෑසනක්‌ වන්නේ කෙසේද? මුහුණට මුණගැසුණු විට සුබ පතන ගමන් “හොඳයි මම නුඹට දෙන්නම්කෝ බැටේ” යනුවෙන් සුබ පතන්නාගේ පාපී සිතුවිලි සිත් තුළ තබාගෙන ක්‍රියා කරන්න පුළුවන්. එවැනි මිනිසුන් අපට මගතොටේදී ආයතනවලදී, සමාජයේ නොයෙකුත් තැන්වලදී කොච්චර නම් මුණගැසෙනවාද? බාහිර පෙනුමෙන් මිතුරු ලෙසක්‌a පෙන්වමින් ක්‍රියාවේදී අන්‍යයන්ට හතුරුකම් කරන ද්වේශයෙන් කටයුතු කරන පුද්ගලයන් කොපමණ නම් සිටිනවාද? මේවා අයත් වන්නේ වංචනික ධර්මවලටයි. ද්වේෂයෙන් ක්‍රියාකරමින්, සිතින්, කයින්, වචනයෙන් සුචරිතවත්ව ක්‍රියා නොකරන අයෙක්‌ තවත් කෙනකුට සුබ පැතුවාට සුබ පතන්නා හෝ ඔහුට වන සෙතක්‌ නැහැ.
    සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, ප්‍රාණඝාතය සිදු කිරීම යනාදිය කාය කර්ම හෙවත් කයින් කරන වැරැදියි. යම් පුද්ගලයකු එම වැරැදි නොකරයි නම් හා, හිත පීඩාවට පත්aවෙන දේවල් නොකියන්නේ නම්, පරුෂ වචන නොකියන්නේ නම්, බොරු නොකියන්නේ නම්, කේලාම් නොකියන්නේ නම්, බොරු පොරොන්දු නොදෙන්නේ නම් ආදී වශයෙන් වාචසිකව සිදු වන වැරැදිවලින් ඉවත්ව ක්‍රියා කරන්නේ නම් හා, මනසින් ද්වේශ සහගතව එම පුද්ගලයා ක්‍රියා නොකරන්නේ නම් එවැනි පුද්ගලයකු කරන සුබ ප්‍රාර්ථනා ලබන්නාට යහපතක්‌ වෙනවා. ඒ වගේම ඔහුටත් යහපතක්‌ වෙනවා.
    නමුත් අද මිනිසුන් අන්‍යයන්ට සුබ පතනුයේ මේ කිසිත් අවබෝධ කරගෙන නොවේ. සුබ පතන්නන් වාලේa සුබ පතන බවයි දැකිය හැක්‌කේ. සිත – කය – වචනය යන තුන්දොර සංවර කරගෙන ක්‍රියා කරන ධාර්මිකව ජීවත් වන්නන්ගේ සුබ ප්‍රාර්ථනා මිනිසුන්ට ආශිර්වාදයක්‌ වෙනවා. සුබ නැකත, සුබ මොහොත උදාවනුයේ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය මතයි. යහපත්ව සිතින් කයින් වචනයෙන් සංවර වී සුබ උදෑසනක්‌ ළඟා කරගන්නා පුද්ගලයා එය දහවල් කාලයේත් රකී නම් එතැන සුබ දහවලක්‌ නිර්මාණය වෙනවා. එම පුද්ගලයාම සන්ධ්‍යා කාලයේදීත් එම ප්‍රතිපත්තිය රකී නම් ඔහුගේ මුළු දවසම සුබ වෙනවා. එලෙස ජීවිතය හැඩ ගසා ගන්නා පුද්ගලයා දෛනිකව එය තම ජීවිතයට ළං කර ගන්නවා. ඒ අනුව ඔහු ජීවත් වෙන හැම මොහොත ම ඔහුට සුබයි. ඔහුගේ සුබ පැතුම් ලබන්නන්ට සුබ වෙනවා
    අප ඉහතින් සඳහන් කළ සූත්‍රයේදීම සුබ නැකත, සුබ මඟුල, ආදිය ඇති කර ගන්නේ කෙසේද කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

    සුනක්‌ඛත්තං සුමංගලං
    සුප්පභාතං සුඵුට්‌ඨිතං
    සුඛරො, සුදුමුත්තෝච සුයිට්‌ඨං බ්‍රහ්මචාරිසු
    යම් පුද්ගලයෙක්‌ සිත – කය- වචනය යන තුන් දොර සංවර කරගෙන ක්‍රියා කරන විට එය සුබ නැකතකි. එය සුබ මඟුලකි. සුබ හිරු උදාවකි. සුබ පිබිදීමකි. සුබ මොහොතකි. සුබ මුහුර්තයකි. මිතුරන්, ආශ්‍රය කරන්නන් කෙරෙහි මනා හැසිරීමකි.
    පදක්‌�ණං කායකම්මං වාචා කම්මං පදක්‌�ණං
    පදක්‌�ණං මනෝකම්මං පණිධියෝ පදක්‌�ණා
    පදක්‌�ණාතිs කත්වාන ලභතත්ථෙ පදක්‌�ණා

    මෙහි තේරුම මෙසේයි.
    දියුණු වූ කාය කර්ම වේ.
    දියුණු වූ වාග් කර්ම වේ
    ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේ.
    තෙ අFථලද්ධා සු�තා විරූළ්හ,
    බුද්ධශාසනේ
    අරොගා සු�තා හෝථ සහ සබ්බෙහි ඤාතිභීති
    දියුණු වූ කර්මයන් කොට දියුණුව ලබනවා, බුද්ධ ශාසනයේ වර්ධනය වූ සු�ත වූ, ලබන ලද අර්ථය ඇත්තා වූ, ඔවුන් සියලු ඥතිමිත්‍රාදීන් සමඟ නිරෝගීSව සැප ඇත්තෝ වන්නාහ.
    පියවරෙන් පියවර මෙහි දැක්‌වෙන්නේ යහපත් නැකතක්‌, යහපත් සුබ මුහුර්තයක්‌ ඇතිවන ආකාරයයි. හැම මොහොතක්‌ම සුබයි. නමුත් එය ඇති කර ගැනීම හෝ නැති කර ගැනීම ඇත්තේ තමන් අතේමයි.
    නැකත් ශාස්‌ත්‍රය අනුව නම් සුබ මුහුර්තය යනු පඤ්චාංග ශුද්ධියෙන් සුබ ග්‍රහයන් පිහිටීම අනුව ලැබෙන්නක්‌. නමුත් බුද්ධ දේශනාව අනුව පැහැදිලි වන්නේ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අනුව සුබ හෝ අසුබ කාලය උදාවන බවයි. නැතහොත් සුබ නැකත හෝ කාලය උදාවන බවයි.
    අප හඳුනාගත් වාචික කර්මයන් තියෙනවා. එම වාචික කර්ම කාය කර්මවලට හේතු වෙනවා. ඒ වගේම කාය කර්ම වාචික කර්මවලට හේතු වන අවස්‌ථාත් තියෙනවා. අප යමක්‌ ගැන සිතීම වාචික කර්මයක්‌. එම සිතන දේ ලිවීම නැතහොත් ලේඛනගත කිරීම කාය කර්මයක්‌ බවට පත්වෙනවා. රැකියාව කිරීම වගේම තමන්ගේ ගෞරවය රැක ගැනීම කාය කර්මයක්‌. පාරේ නිවැරැදිව ගමන් කිරීම, පාරේ රථවාහන නිසි ලෙස ධාවනය කිරීම, රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම යන කාරණා යහපත් කාය කර්මයන්. ඒ වගේම අප රටේ නීතිරීතිවලට ගරු කරමින් ඊට අනුගතව හැසිරීම විනය කර්මයක්‌. කාය කර්මයෙත් විනය කර්මයෙත් මිනිසා යහපත්ව ක්‍රියා කරන්නෙක්‌ විය යුතු අතර වාචික කර්මයෙන් ද මිනිසා සංවර විය යුතුයි. අප කතා කළ යුත්තේ අර්ථාන්විත වචන. හිස්‌වචන කතා කිරීමෙන් වැළකිය යුතුයි. “පෝරියාය වාචාය සමන්නාගතො” යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වී තිබෙනවා. එහි තේරුම පුරවැසි භාෂාව කතා කිරීම යන්නයිs.
    අද බොහෝ දෙනා කතා කරන්නේ හිස්‌ වචන යමෙක්‌ පොරොන්දුවක්‌ දුනහොත් එය ඉටු කළ යුතුයි. නැතිනම් එය හිස්‌ වචනයක්‌ බවට පත්වෙනවා. එය අර්ථ පූර්ණ වචනයක්‌ වෙන්නේ නැහැ. වචන භාවිත කළ යුත්තේ චිරාත් කාලයක්‌ පවත්නා සිද්ධාන්තයන් නොබිඳෙන අයුරිනි.
    සමහර අවස්‌ථාවලදී අපට “ශ්‍රම පූජා” වැනි වචන අසන්න ලැබෙනවා. ශ්‍රමය පූජා කිරීම යන්න කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එය “පූජා” යන වචනයේ අර්ථ සිඳබිඳලීමක්‌. ශ්‍රමය යන වචනය සමඟ ශ්‍රමාභිමානී වැනි අර්ථ දැක්‌වීමක්‌ අර්ථවත් වෙනවා. ඒ නිසා අප වචන භාවිතයේදී මූලික සිද්ධාන්ත බිඳ නොදැමීමට වග බලා ගත යුතුයි
    ජීවිතය සුබ කර ගැනීමට අපගේ උසස්‌ චර්යාවද ඉතා වැදගත් වෙනවා. දන්දීම, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් කටයුතු කිරීම උසස්‌ බ්‍රහ්ම චර්යාවන්. ඒ වගේ මෛථූන විරතිය (අයින්වීම), ශිෂ්ට ලෙස අඹුසැමියන් ලෙස හැසිරීම යන කාරණාත් උසස්‌ වූ බ්‍රහ්ම චර්යාවන් ලෙස හඳුනා ගැනීමට පුළුවන්. බ්‍රහ්ම චර්යාව කොටස්‌ දෙකකට බෙදෙනවා. එනම් ශාසන බ්‍රහ්ම චර්යාව සහ මාර්ග බ්‍රහ්ම චර්යාව යනුවෙන් ශාසන බ්‍රහ්ම චර්යාව භික්‍ෂූන් වහන්සේලා විසින් රැකිය යුත්තක්‌. නමුත් මාර්ග බ්‍රහ්ම චර්යාව දෙපිරිසටම පොදුයි. සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන යහපත් බ්‍රහ්ම චර්යා ජීවිතයකට හුරු වන කාහට වුවද හැමදාම එළැඹෙන්නේ සුබ දවසක්‌. ඒ ජීවිතයට හුරු වෙමු. එවිට ඔබේ ජීවිතයට සැහැල්ලුවක්‌ දැනේවි. ආධ්‍යාත්මික සුවයක්‌ දැනේවි. ඒ සුවය මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවි.

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    ධර්ම සංවාදය
    වසන්ත ලියනගේ