මචන්ලා Bajaj pulsar 220 හොදයිද?(HELP).....

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මචන්ලා Bajaj pulsar 220 හොදයිද?(HELP).....

    යාලුවනේ මට Bajaj pulsar 220එකක් අඩුවට ගන්න සෙට් වුනා. මෙ ගැන දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දීපල්ල..ලොකු උදව්වක්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ලග තියෙන්නේ පල්සර් 200 එකක්...220 බයික් ඒක හොදයි මචන්..මුලින්ම කියපන් උබ ගන්න යන බයික් එකේ අවුරුද්ද,පාට,ෆුල් මූනද නෝමල් මූනද? ගාන කියද?එතකොට කියන්නම් ඉතුරු ටික..
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ජන්තු අයියා;16691464 said:
    මගේ ලග තියෙන්නේ පල්සර් 200 එකක්...220 බයික් ඒක හොදයි මචන්..මුලින්ම කියපන් උබ ගන්න යන බයික් එකේ අවුරුද්ද,පාට,ෆුල් මූනද නෝමල් මූනද? ගාන කියද?එතකොට කියන්නම් ඉතුරු ටික..

    machan meka W number ekak 2011. orginal color eka Black dan blue color eka paint karala tiyenne. full muna..gana 1.50kata withara ganna puluwan. mata dan tiyenne GN chinese ekak. eka deela thamai ganna wenne? man Pulsar use karaka na machan. eka nisa kisima idea ekak na..
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    machan meka W number ekak 2011. orginal color eka Black dan blue color eka paint karala tiyenne. full muna..gana 1.50kata withara ganna puluwan. mata dan tiyenne GN chinese ekak. eka deela thamai ganna wenne? man Pulsar use karaka na machan. eka nisa kisima idea ekak na..

    blue kiyala pothe thiyenawanam ganin
     
    • Like
    Reactions: pubudukl
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපරාදේ බයික් ඒක පේන්ට් කරලා තියෙන ඒක නම්..මොකද ඉන්දියන් බයික් වල මාකට් ඒක තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එකත් එක්ක.කළු තමයි පල්සර් වලට ලස්සන...කමක් නෑ..මුලින්ම ඔය හොද පළපුරුදු කෙනෙක් එක්ක ගිහින් එන්ජිම චෙක් කරවා ගන්න.ටයිමින් චේන් සද්ද එහෙම හොදට බලන්න..පල්සර් වල එන විසිල් සද්දෙ හොදට එනවද බලන්න..එන්ජිම අනවශ්‍ය සද්ද එනවා නම් වැඩ ගොඩක් තියෙයි අරන් කරන්න.චේන් ස්පොකට් තත්වෙත් හොදට බලන්න..ගෙවිලා නම් 4000 ට එහා යනවා දාන්න..ඩිස්ක් දෙකත් බලන්න කැපිලද කියලා..රෝද කරකවලා බලන්න හිර ගතියක් තියෙනවද කියලා..ටයර් තත්ත්වෙත් බලන්න..ගෙවිලා නම් 15000 පනී ටයර් දෙක දාන්න.. .අනිත් දේ තමයි ෆුල් මූන හොදට පරිස්සම් කර ගන්න වෙනවා..මොකද මුන හෙන ගණන්.. අනිත් දේ තමයි ඩිජිටල් මීටරේ හොදට බලන්න වැඩ කරනවද කියලා...වයර් හනස්සත් බලන්න කපලා කොටලා එහෙම තියෙනවද කියලා..පැදලා බලන්න ඇද කුද එහෙම තියෙනවද කියලා...ස්විච් ඔක්කොමත් බලන්න වැඩද කියලා..මොකද ඕවා ඔක්කොම පාලනය වෙන්නේ බොඩි කන්ට්‍රෝල් කියලා ගැජට් එකකින්..ඕක ලෙඩ දුන්නම ලොවෙත් නෑ...12000 පනිනනවා කම්පැනි ගන්න ගියාම..

    අනිත් ලොකුම දේ තමයි පොත හොදට බලලා ගනින්...පොතේ නම්බර් වලට එන්ජින් චැසි නම්බර් ගැලපෙනවද බලන්න..පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ත් හොදට බලන්න...

    බයික් එකේ නම් කිසි වරදක් නෑ..හොද තත්වෙන් තියෙනවා නම් දෙයියනේ කියලා ලෙඩ නැතුව පදින්න පුළුවන්..වෙලාවට සාත්තුව ඕනේ..එන්ජින් ඔයිල් වෙලාවට මාරු කරන්න ඕනේ..ඔයිල් අඩුවෙන් දුවන්න එපා..

    තව දැන ගන්න ඕන ඒවා අහන්න..