මගෙත් අම්මට 2013 ඉඳල මේ ලෙඩෙන් බේත් කරනවා. මන් අත්දැකීමෙන් දන්නවා ඒ වෙලාවට මානසිකව වගේම සල්ලිවලිනුත් වැටෙන වැටිල්ල.
මගේ අම්ම 2013 කරපු ඔපරේෂන් එකෙන් පස්සේ හොඳින් හිටිය ඒත් දැන් යේම ප්රශ්න කීපයක් මතු වෙලා තියන නිසා ආපහු ඔපරෂන් කීපයක් කරන්න වෙලා තියනවා. එක නිසා මටත් ලොකු උදව්වක්නම් කරන්න බැරි වෙයි.
ඒත් මන් පුළුවන් විදියට කරන්න පුළුවන් දෙයක් කරන්නම්. අම්ම කෙනෙක් කියන්නේ සල්ලි වලින් අම්නින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මන් තනි උනා වගේ තනි වෙන්න දෙන්න හොඳ නෑ කාටවත්ම. මොකද යාළුවො කියල ඉන්න බහුතරය මේ වගේ වෙලාවට ළඟ නෑ.
සල්ලි ගැනම නෙවෙයි මන් කියන්නේ අඩුම තරමේ කතා කරලා නිකන් විස්තර අහල හිත හදන්නවත් ය නැති වෙනවා.
මන් දන්නේ නෑ ඔයාල මේ කියන සාමාජිකයා කවුද කියල. පුලුවන්නම් ඒ කෙනාව මට පී එම් කරන්න කවුද කියල.
අවසාන වශයෙන් කියන්නේ සල්ලිවලට වඩා ගොඩක් දේවල් මේ තත්වෙන් ඉන්න යට අපිට කරන්න පුළුවන්. හේතුව මන් අත්දැකීමෙන් දන්නවා තනියම විඳවන්න වෙන තරම ගැන.
මට එළකිරි එන්න වෙලාවක් නෑ මේ දවස්වල වැඩිය අම්මගේ අනිත් ඔපරෂන් එක 5 වෙනිදා තියෙන්නේ. ඔයාල කරන දෙයක් ගැන මටත් දැනුවත් කිරීමක් කරන්න. මේක ගොඩක් හොඳ වැඩක්.