මට්ටකුණ්ඩලී කුමරු ගේ කථාව
මට්ටකුණ්ඩලී කුමරු ගේ කථාව - පිනක් කළෝතින් සැපමයි ලැබෙන්නේ....
පින්වත් දරුවනේ, අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතා ම ලෝභ තාත්ත කෙනෙක් හිටියා. එයා ගේ එක ම පුතා ගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කණේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. රන් කැබලි දෙකක් තමන් ම තලලා කරාබු ජෝඩුවක් හදලා ඒ පුතා ගේ කණේ පැළඳූව නිසා තමයි මට්ටකුණ්ඩලී යන නම ලැබුණේ. කෑම බීමවත් හරියකට ලැබුණේ නැහැ. අන්තිමේ දී මේ දරුවාට පාණ්ඩු රෝගය හැදුනා. මුදල් වියදම් වෙන ලෝභයට අදින්නපුබ්බක වෙදමහතුන් ළඟට ගිහින් කථා බස් කරමින් සිටිනා අතරේ "ම් ... ම් .... වෙද මහත්තයෝ පාණ්ඩු රෝගයක් හැදුනොත් මොන වගේ බෙහෙතක් ද හොඳ?" කියලා අහනවා. වෙද මහත්තුරු දැන ගත්තා මෙයා කරන්නේ කපටිකම බව. ලෙඩේ වැඩි වෙන බෙහෙත් කිව්වා. අදින්නපුබ්බක ඒ බෙහෙත් ගෙනැවිත් තම පුතාට පොවනවා. ලෙඩේ වැඩි වුණා. මරණාසන්න වුණා. ලෙඩාව බලන්න අහළ පහළ උදවිය ගෙදර ආවොතින් දේපොල වස්තුව දකීවි යන බියෙන් ගෙයි පිළිකන්නේ ලෑලි ඇඳක පුතාව නිදි කෙරෙව්වා. එදා මරණාසන්න වේදනාවෙන් පෙළුන මේ දරුවා පින්වන්ත කෙනෙක් බව බුදු රජාණන් වහන්සේ දිවැස් නුවණින් දැක්කා. දැකලා ඒ දරුවා දෙසට බුදු රැස්මාලාවක් එව්වා. ඒ දෙස බලද්දී කරුණාබර දෑස් ඇති බුදු රජාණන් වහන්සේව තමයි මට්ටකුණ්ඩලීට දකින්ට ලැබුණේ. මට්ටකුණ්ඩලීට හරි සතුටුයි. "මට තාත්තා සැළකුවෙත් නැහැ. ගෙදර කවුරුවත් ආදරය කළෙත් නැහැ. මං අමාරුවෙන් ඉන්න වෙලාවේ බුදු රජාණන් වහන්සේ මාව බලන්න වැඩියා. උන්වහන්සේ මං වගේ පොඩි දරුවන්ට කොයිතරම් ආදරේද! අනේ සාදු ! සාදු!! මමත් බුදු රජාණන් වහන්සේට තමයි ආදරේ. බුදු රජාණන් වහන්සේ ළඟ මට හැමදාම ඉන්න ඇත්නම් කොතරම් හොඳද!" මට්ටකුණ්ඩලී හැම දුකක් ම අමතක කරලා හරිම සතුටු සිතින් හිටියා. අම්මට තාත්තටත් මෙත් සිත වැඩුවා. සතුටු සිතින් මිය ගියා. දිව්*ය කුමාරයෙක් වෙලා දෙව්ලොව උපන්නා. බුදු රජාණන් වහන්සේ ඒ ගැන ගාථාවකින් වදාළේ මෙහෙමයි.
ඉතින් පින්වත් දරුවනේ, මට්ටකුණ්ඩලී මැරුණට පස්සේ තමයි ලෝභ තාත්තගේ ඇස් දෙක ඇරුනේ. එයා සොහොනට ගිහින් පුතා ගැන සිහි කර කරා අඬනවා. මට්ටකුණ්ඩලී දිව්*ය කුමාරයාට මෙය දිවැසින් දැක ගන්න ලැබුණා. "අනේ මේ මගේ තාත්තා නේද! මං අසනීපව සිටිද්දී මට ආදරේ කළේ නැහැ. මං මැරුණාට පස්සේ අඬනවා. මෙය නුවණැති කෙනෙක් කරන දෙයක් නෙවෙයි. තාත්තා මට ආදරේ නැතුවාට මං තාත්තට ආදරෙයි. තාත්තට නුවණ ලබා දීල පින් කරන්න පුරුදු කළොත් ඒකෙන් පින් සිදු වෙන්නෙත් මට ම යි" කියලා මට්ටකුණ්ඩලී දිව්*ය පුත්*රයා එදා සොහොනේ පැත්තකින් වාඩිවෙලා ඉකි ගස ගසා ඇඬුවා. අදින්නපුබ්බකට සොහොනේ අඬන දරුවා දකින්න ලැබුණා. ළඟට ගියා. ආදරයෙන් කථා කළා. "අනේ පින්වත් ලස්සන පුතේ, ඇයි ඔයා ඔය අඬන්නේ? ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්." "අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් ඕනෑ. ඒක නැතිකමටයි මං අඬන්නේ." "අය්යෝ පුතේ, ඒක සුළු දෙයක් නෙ. මට පුළුවනි ඔයා කැමැති නම් රත්තරනින් හරි, රිදියෙන් හරි ලස්සන රෝද දෙකක් හදලා දෙන්න." "එපා ... එපා ... මට නෑ ඒ රෝද නෙවෙයි. ඉරත් හඳත් දෙකක් තමයි මං කැමැති රෝද දෙක." අදින්නපුබ්බකට හිනා ගියා. "හොහ් හෝ ... මෝඩ දරුවෝ, ඔයාට තේරෙන්නේ නැද්ද ඔය ඉර හඳ දෙක රෝද හැටියට ගන්න පුළුවන් ද?" "මම ද මෝඩ? මාම ද මෝඩ? මම අඬන්නේ ඇස් දෙකට පේන දෙයක් ඉල්ලල යි. ඔයා අඬන්නේ ඇස් දෙකට නො පෙනෙන දෙයක් ඉල්ලල යි. ඉතින් මම ද මෝඩ?" අදින්නපුබ්බක කල්පනාවට වැටුණා. පුදුම හිතුනා. මේ ළමයා හරි නුවණක්කාරයෙක්. මගේ යහපතට ම යි මේ ඇවිදින් ඉන්නේ. "අනේ පුතේ, ඔයා කවුද?" ළමා වේශය නැති වෙලා දිව්*ය කුමාරයෙක් පෙනී සිටියා. "තාත්තේ, මං මට්ටකුණ්ඩලී. මාව බේර ගත්තේ බුදු රජාණන් වහන්සේ. ඉතින් තාත්තාත් බුදු රජාණන් වහන්සේව සරණ යන්න. ඔය හැඬීම නවත්වලා තියෙන මිළ මුදල් වියදම් කරලා පොඩි දරුවන්ට උදව් කරන්න. නැති බැරි අයට පිහිට වෙන්න. වෙහෙර විහාර හදන්න. එතකොට තාත්තටත් පින් රැස් කරගෙන සැප ලබන්න පුළුවන්. ලෝභකම කියන්නේ කිළුටක් මයි. ඒ නිසා ලෝභකම දුරු කරන්න." පින්වත් දරුවනේ, ඊට පස්සේ ඒ තාත්තා මහා දානපතියෙක් වුණා. ගොඩාක් පින් රැස් කරගත්තා. පින්වන්ත දරුවෙකුට මොන තරම් හොඳ දේවල් කරන්න පුළුවන් ද?