මට ආයෙත් ප්‍රශ්නයක් :(

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මට ආයෙත් ප්‍රශ්නයක් :(

    මචන් මම හොඳට මාස කීපයක් හිටියා කිසිම ලෙඩක් නැතුව. ඒත දැනට දවස් 03කට කලින් මට එක පාරට නිල්පාට පේන්නේ නැතුව ගියා. මට ඒක තේරුනේ මම උදේ නැගිටලා ජනේලෙන් එළිය බලබලා වතුර කෝප්පයක් බොනවා. එතකොට කොළපාට, කළුපාට ඒ සියල්ලම නිල්පාට අයින්වෙලා... එන පාට මට පේන්න ගත්තා මට හිතාගන්න බැරි උනා ඇයි එහෙම උනේ කියලා..
    නිල්පාට තියෙන තැන්වලට මට මොකවත් නැතුව නිකන් හිස් තැනක් විතරයි පේන්නේ. එදා මට ඔලුව රිදිල්ලක් ඇවිල්ලා මම ආයේ දවල් 12 වෙනකම් නිදා ගත්තා.
    පස්සේ නැගිටලා බලනකොටත් නිල්පාට නැතුව තමයි හැමදේම පේන්නේ. මට ඒක ඔලුවට හරිම බරක්.. පස්සේ මම ඇවිදලා එළියට ගියාම නිකන් පරණ MW රේඩියෝ එකක් කරකවලා ටියුන් කරනාව වගේ සද්ධයක් මගෙ ඔලුවෙන් ඇහෙන්න ගත්තා... සැරෙන් සැරේට එතකොට මට පෙන්නේ කළු-සුදු විතරයි.. එහෙම තිබිලා ආයේ ප්‍රතුර්ති තත්වයට එනවා. ආයෙත් නිල්පාට නැතිවෙලා පාට සේරම විකෘර්තිවෙලා කලු-සුදු වෙලා හරියනවා.... :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරක්කු වෙන්නේ නැතුව ගිහින් දොස්තර කෙනෙක්ව හමුවෙන්න. ඉස්සෙල්ල ඇස් පිලිබඳ specialist කෙනෙක් හමුවෙන්න. කෝකටත් ලේ වල සීනි තියනවද කියලත් බලවගන්න.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    oka ayes wala ledak wenna baha. brain matter ekak. warna andathawaya kiyanne.specialist kenek hambawenna brain sambandawa.brain mri ekak karala confirm karai. thawa test thiyenawa. nikan doctersla gawata gihin nam wadak wena ekak naha.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මට හිතෙන්නෙ උබ ඔය කියන්නෙ බොරු:yes::yes:. එහෙම නැත්තන් උබට මානසික රෝගයක්:sorry:. මම දන්න විදිහට ඇස්වල දෘශ්ඨි වර්නක (රොඩොප්සීන් හෝ ෆෝටොප්සීන්) බිද වැටීම ගැන ප්‍රශ්නය වලදි පාට අවුල් වෙනව. හැබැයි ඔහොම වෙන්නැහැ:no::no:.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බොරු නොකිය හිටහන් යකෝ,, නිල පාට පෙන්නේ නැති තැන කොහොමද හිස්ව පේන්නේ..එහෙම නිල්පාට පෙන්නේ නැත්නම් ඒ පාට තියන තැන පෙන්නේ අලුපටින්,නිකන් බයිලා නොගහ හිටහන්..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මූගේ පරණ thread check කරලා බලන්න මූ මේ Internet Explorer Browser එකට මඩ පාරක් ගෙනියන්නේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම මනෝවිද්‍යාව ඉගෙන ගන්න කාලේ clinical practice කරනකොට මට ඔය වගේම කෙනෙක්ව මුනගැහුනා.. අපිව රවට්ටන්න බොරුවක් නෙමෙයි නම් ඔයාට බොහෝදුරට තියන්නේ paranoia කියන මානසික තත්වය.. මෙක ඉක්මනින් වර්ධනය වන තත්වයක්.. counselling මගින් සනීප කරන්න පුලුවන් මේකේ මූලිකම අවදිය විතරයි. ඉක්මනින් මනො වෛද්‍යවරයෙක් හමුවන්න.. පිස්සන් කොටුවේ ඉන්න විශාල ප්‍රතිශතයක් එතනට ඇවිත් තියන්නේ paranoia තත්වය නිසා..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    යකෝ උඹලා මුට අන්දෙන්ඩ එපා. මූ ඉස්සර ඉඳලම මේ වගේ ගොන් ආතල් තමයි ගන්නේ. බලපල්ලා මුගේ පරණ ත්‍රෙඩ් සෙට් එක. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකට මඩක් ගහන්නේ මූ :lol::lol: :sorry::sorry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ අර හැප්පුනා කිව්ව කෙනත් අනිවා ඔහොම පෙනිච්ච කෙනෙක් තමා
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මචන් 6.0 වර්ශන් එක යූස් කරන්න එපා.. ඔය වගේ දේවල් වෙනවා.. 8 හරි 9 වලට හරි අප්ඩේට් කරගනින්.. නැත්නම් ක්‍රෝම් වලට මාරු වෙයන්.. ගුඩ් ලක්