මට ඉක්මනින් යන්නට හැකී...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට ඉක්මනින් යන්නට හැකී...

    2i28q4p.jpg
    උවම් තාලම් නොදනිමී
    සනසන රිසින් නුඹ ගැයුවෙමී...
    ඒ අසා උන්නේ අපුලෙනී
    මා නොදැන සැමදා ගැයුවෙමී...
    නුඹ සප්ත ස්වරයම පටලැවී
    වෙණ තත් කඩා දා ගිය හැටී...
    මට හඬන්නට සිතු සේ වැටී
    මේ රැයේ කළුවර නම් මදී...

    පෙර පැතූ සේ වෙසතුරුම වී
    මගෙ සිහින වත්කම් දන් දුනී...
    වංකගිරියේ වල් වැදී
    සාගිනි නිවා රැක ගත්තෙමී...
    හිතේ තෙත නැති වනේ උන් ගෙන්
    නේක නින්දා ලැබුවෙමී ...
    නිවන නුඹ ළඟ යැයි සිතූවද
    කොතැන හෝ මට වැරදිනී...

    බෝ නිම්න තිබුනත් මල් පිපී
    නුඹ ගිරි හිසේ උන් මල සකී
    කඳුළු ඉස පර වී නොදී
    මා දිවා රෑ රැකගත් හැටී...
    දැන් ඒ මල් ගසේ විස කටු එතී
    හිත කැළැලි මට ගානක් නැතී...
    යන්න ඕනෑ නම් කියන් සකි
    මට ඉක්මනින් යන්නට හැකී...

    -දෙව්රංඟි-
    ජුලි 12, 2015

    ඉහත නිර්මාණයට සුන්දර රුවක් නිර්මාණය කල එළකිරි සහෘදයාට මගේ ප්‍රණාමය.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉමේජ් එහෙකට මේක හදලා
    උබේ නම වෝටර් මාර්ක් එහෙකට වගේ දාල දාහන් බන් :D

    නියමයි බන් :cool: Rep++++++
     
    • Like
    Reactions: Dewrangi

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි අක්කේ :)
    ඔයාගේ හැකියාව විශිෂ්ටයි.
    මම ඔන්ලයින් හෝ හැබෑ ජීවිතේ දන්න අයගෙන් මේවගේ හැකියාවක් පිහිටලා තියන්නේ ඔයාටයි දිනූෂ මලයටයි විතරයි.
    +13
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉමේජ් එහෙකට මේක හදලා
    උබේ නම වෝටර් මාර්ක් එහෙකට වගේ දාල දාහන් බන් :D

    නියමයි බන් :cool: Rep++++++

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට
     
    • Like
    Reactions: dmtx

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නියමයි අක්කේ :)
    ඔයාගේ හැකියාව විශිෂ්ටයි.
    මම ඔන්ලයින් හෝ හැබෑ ජීවිතේ දන්න අයගෙන් මේවගේ හැකියාවක් පිහිටලා තියන්නේ ඔයාටයි දිනූෂ මලයටයි විතරයි.
    +13

    ගොඩක් ස්තුතියි මල්ලි. ගොඩක් කාලෙකින් ලිව්වේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lassanai godak :P

    I think it's about a girl who believed in a love that the one she loved did not quite get..

    thinking it's well received, she kept loving in her way until the guy who couldn't go on with it anymore, bailed..probably after screwing her :D

    now, having lost her shit, she's lost herself..not knowing how to survive after her loss, she's fallen into world of depravity..cos ppl around her would not understand her..but being trapped in her love/torment, she's unable to leave that life behind..so she has no dreams of any purity..only lives for the sake of it.
     
    Nicely explained Bro. Like your way of describing it :). Thanks a lot for taking your time.