මට ඉක්මනින් යන්නට හැකී...
උවම් තාලම් නොදනිමී
සනසන රිසින් නුඹ ගැයුවෙමී...
ඒ අසා උන්නේ අපුලෙනී
මා නොදැන සැමදා ගැයුවෙමී...
නුඹ සප්ත ස්වරයම පටලැවී
වෙණ තත් කඩා දා ගිය හැටී...
මට හඬන්නට සිතු සේ වැටී
මේ රැයේ කළුවර නම් මදී...
පෙර පැතූ සේ වෙසතුරුම වී
මගෙ සිහින වත්කම් දන් දුනී...
වංකගිරියේ වල් වැදී
සාගිනි නිවා රැක ගත්තෙමී...
හිතේ තෙත නැති වනේ උන් ගෙන්
නේක නින්දා ලැබුවෙමී ...
නිවන නුඹ ළඟ යැයි සිතූවද
කොතැන හෝ මට වැරදිනී...
බෝ නිම්න තිබුනත් මල් පිපී
නුඹ ගිරි හිසේ උන් මල සකී
කඳුළු ඉස පර වී නොදී
මා දිවා රෑ රැකගත් හැටී...
දැන් ඒ මල් ගසේ විස කටු එතී
හිත කැළැලි මට ගානක් නැතී...
යන්න ඕනෑ නම් කියන් සකි
මට ඉක්මනින් යන්නට හැකී...
-දෙව්රංඟි-
ජුලි 12, 2015
ඉහත නිර්මාණයට සුන්දර රුවක් නිර්මාණය කල එළකිරි සහෘදයාට මගේ ප්රණාමය.
සනසන රිසින් නුඹ ගැයුවෙමී...
ඒ අසා උන්නේ අපුලෙනී
මා නොදැන සැමදා ගැයුවෙමී...
නුඹ සප්ත ස්වරයම පටලැවී
වෙණ තත් කඩා දා ගිය හැටී...
මට හඬන්නට සිතු සේ වැටී
මේ රැයේ කළුවර නම් මදී...
පෙර පැතූ සේ වෙසතුරුම වී
මගෙ සිහින වත්කම් දන් දුනී...
වංකගිරියේ වල් වැදී
සාගිනි නිවා රැක ගත්තෙමී...
හිතේ තෙත නැති වනේ උන් ගෙන්
නේක නින්දා ලැබුවෙමී ...
නිවන නුඹ ළඟ යැයි සිතූවද
කොතැන හෝ මට වැරදිනී...
බෝ නිම්න තිබුනත් මල් පිපී
නුඹ ගිරි හිසේ උන් මල සකී
කඳුළු ඉස පර වී නොදී
මා දිවා රෑ රැකගත් හැටී...
දැන් ඒ මල් ගසේ විස කටු එතී
හිත කැළැලි මට ගානක් නැතී...
යන්න ඕනෑ නම් කියන් සකි
මට ඉක්මනින් යන්නට හැකී...
-දෙව්රංඟි-
ජුලි 12, 2015
ඉහත නිර්මාණයට සුන්දර රුවක් නිර්මාණය කල එළකිරි සහෘදයාට මගේ ප්රණාමය.
Last edited:

Rep++++++


