මට උදව් කරහන් මචං . . .

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මචංලා මට වයස අවුරුදු 28 යි දැන්. මම දැනට කටාර් වල රැකියාවක් කරනවා ලොව පිලිගත් කාගෝ ආයතනයක. මචංලා මගෙ කතාව උබලට කියන්නයි මම මේ හදන්නෙ. මම රට ආවේ මගෙ තාත්තා නැති වෙලා මාසෙන් හරියටම. තුන් මාසේ දානෙටවත් මට ඉන්න බැරි උනා. මට ඉන්නෙ අම්මයි මල්ලි නංගී. නංගී බැදලා වෙනම ඉන්නෙ. මල්ලි දැන් 12 වසරේ. අම්මා ගෙදර ඉන්නෙ. සාමන්‍ය ජීවිතයක් ගත කරපු මිනිස්සු. සල්ලී වලින් අඩු පාඩු තිබ්බා ගොඩක්. තාත්තා නැති උනාම මම ගෙදර බර කරට ගන්න ඕන නිසා රට ආවා. තාත්තා අමි එකේ හිටියේ ෆැන්ශන් ගිහින්. තාත්තගෙ පඩියෙන් ලෝන් වලට කපිලා අම්මට මාසෙට 15ක් වගේ හම්බෙනවා. මම මචන් රට ඇවිත් දැන් අවුරුදු 04ක් වෙනවා. පලවෙනි අවුරුද්ද අඩුම අඩු පඩියකට වැඩ කරලා යාන්තන් නය ටික බේර ගත්තා. ඊට පස්සෙ මම එතනින් අයින් වෙලා දැනට වැඩ කරන ආයතනයට සම්බන්ද උනා හොද පඩියකට. මම රට ආපු දවසේ ඉදන් මේ වෙනකම් අම්මටයි මල්ලිටයි සල්ලී දැම්මා ඇති වෙන්න. හැම දේම හොයලා බලලා තාත්තා නැති අඩුව දැනෙන්න නොදි එයාලට හොදට සැලකුවා. ගෙයි වැඩත් ඔක්කොම ඉවර කලා. දැන් අපි කාටවත් නය නැතුව ජීවත් වෙනවා බං. මම බැදලා නෑ බං. මට කෙල්ලෙකුත් නෑ. නංගිටත් සැරින් සැරේ සල්ලි දැම්මා එයාගෙත් අඩු පාඩු අර ගන්න. මම නංගිට ෆ්‍රිජ් එකක් එහෙමත් අරන් දුන්නා. අම්මටත් ගෙදරට අවශය හැම බඩුවක්ම මම මෙහෙන් අරන් යැව්වා. කොටිම්ම කීවොත් අම්මටයි මල්ලිටයි මම මට පුලුවන් උපරිමයෙන් සැලකුවා මේ වෙනකම්. ඉල්ලන්නෙ මොනවද ඒ හැමදේම මම දුන්නා. දැනට එයාලා සතුටින් ඉන්නවා. අම්මා නිතර කියනවා පොතට සල්ලී දාගන්න කියලා. ඒත් මචන් මට ගෙදරට සල්ලී දාලා මගෙ මෙහෙ වියදම ගියාම ඉතුරු වෙන එකෙන් මම මට අවශය එක එක දේවල් ගත්තා. පොතට දාල තිබ්බ සල්ලී වලිනුත් මම කොරෝනා කාලේ ගෙදරට සල්ලී දාන්න නැති වෙලා එයාලට කියන්නෙ නැතුව ඒක අරන් දැම්මා මචං. දැන් පොතේ කීයක් වත් නෑ බං. අම්මා දන්නෙ නෑ ඒවා. මේ පාර කටින පිංකම අම්මා කරන්න ආසයි කීවා. මම ඒකත් කරන්න බාරගන්න කීවා අම්මගෙ ආසාව නිසා. අම්මා ගොඩක් ආගමට ලැදියි. මචං මම සල්ලී ඉතුර් කරනවා කියලා අම්මට හොරෙන් මෙහෙ ඉදන් මට ආස දේවල් අර ගත්තා. මේ තියෙන්නෙ මම ගත්ත දේවල් වලින් ටිකක්.
    Slide1.JPG


    YAMAHA RXV 585 - 01
    BOSE DOUBLE CUBE - 04
    BOSE 201 V- 02
    BOSE VCS 10 - 01


    මචං මම මේවා ගත්තේ මම ආස නිසා. අම්මා මේවා ගත්තා කියලා දන්නෙ නෑ. මම මට ගෙයක් හදා ගන්නත් ඕන. ඉඩමක් ගන්නත් ඕන. ඒත් මම ගාව ඉතිරි කරපු සල්ලී කීයක් වත් නෑ. ඉන්න ගේ මල්ලිටනේ බං දෙන්න ඕන. මට මචං ඉතිරි කරන්න හැදුවට ඒක කර ගන්නත් බෑ බං. මට පොඩි කාලේ මම ආස දේවල් අරන් දෙන්න මගෙ තාත්තට සල්ලි තිබ්බෙ නෑ බං. මම මල්ලිට ඒ දුක නොදී ඌට ඕන කියන දේවල් ඔක්කොම මම අරන් දුන්නා. මමත් ආස දේවල් මම ගත්තා. කර ගන්න බැරි උන එකම දේ මගෙ නමට සල්ලී කීයක්වත් ඉතුරු කර ගන්න බැරි උන එක බං. මට ලොකු හීන නෑ බං. අම්මායි මල්ලී මගේ ජීවිතේ තියෙනකල් බලා ගන්න ලැබුනොත් ඇති බං දුකක් නොදී.

    දැන් මචන් මට මේ දවස් වල ඔලුවට ඇවිත් තියෙන අලුත්ම ආසාව මගේම කියලා ඕන ගේමක් ලැග් නැතිව ගහන්න පුලුවන් ගේමින් මැසින් එකක් හදා ගන්න එක. එක පාර බඩු ගන්න බෑ අම්මට සල්ලී යවන්න ඕන නිසා. මම මාසෙන් මාසෙට කෑල්ල කෑල්ල ගන්නනවා. දැනට අරන් තියෙනවා මේ ටික

    Asrock B365M Phantom Gaming 4
    i5 9600K Processors
    DEEP COOL GamerStorme CASTLE 360RGB v2 Liquid Cooling System





    Slide1.JPG


    මම මුලින් ගත්ත යමහා සෙට් එකෙන් සුපිරි සරවුන්ඩ් ෆිල්ම් බලන්න ගේම් ගහන්න තමයි මේ හදන්නෙ. මචන් මේ එකක් වත් අම්මා දන්නෙ නෑ. අම්මට කීවොත් අම්මා බනින්නෙ නෑ. ඒත් එයාට දුක හිතෙයි මචං මම එයාට සල්ලී ඉතුරු කරනවා කියලා බොරු කලා කියලා. මම ගැන. මම අම්මලට කිසිම අඩුවක් කරන්නෙ නෑ බං. මම මේ හැමදේම ගත්තේ මම අම්මලට හැමදේම කරලා දීලා ඉතිරි වන සල්ලි වලින් ටික ටික එකතු කරලා බං. මේක මගෙ ආසාව බං. මම පට්ට කට්ටක් කාලා බං සල්ලී හොයන්නෙ. ඒ සල්ලී හොයලත් මට මම ආස දේවල් ගන්න නැත්නම් මොකක්ද බං මේ ජීවිතේ.... මම ලංකාවට හැම මාසෙම 50+ වඩා සල්ලී දානවා. ඊට අමතරව විශේශ දේවල් වලට වෙනම සල්ලී දානවා. මට කියලා මම කරගෙන තියෙන්නෙ මෙච්චරයි බං. මට අම්මලාව වදයක් නෙමෙයි බං. මම හරි ආසාවෙන් එයාලට සලකන්නෙ. මගෙ මල්ලී අම්මයි නංගී කියන්නෙ මට තියෙන වටිනාම දේ. මට තියෙන ප්‍රස්නේ මචෝ මම මේ කරන්නෙ මේ දේවල් අරන් වැරදි දෙයක්ද... මම මැසින් එක හදන් ඉවර උනාම සල්ලී ටිකක් පොතේ දාගන්න ඉන්නෙ. ඒත් මේක මගෙ හිතට මානසික වදයක්... මේකට මම මොකද කරන්න ඕන. අම්ම්මට බොරු කරනවා කියලා මට මගේ යටි හිත සෑහෙන්න වද දෙනවා මචං....... මට උදව් කරහන්....
     
    Last edited:

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    Pissuda ban. Mona waradakda. Yako thota kiyala jeewithayak nadda? Podi ekek nemeine. Tho onawatath wada gedarata karanawane. Matath 28 e wunata oya tharam deyakwath mama gedarata karanne na. Aththama qwoth karannema nathi tharam. Tho hondai.
    අනේ තැක්ස් බං. මට අම්මට බොරු කරන එකයි වදේ බං හිතට. ඇත්ත කීවට එයාලට මේවා තේරෙන්නෙ නෑ නෙ බං.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තරහ වෙන්න එපා මචං.තමන්ට කන්න දෙන දරුව සතුටු වෙනකොට කලකිරෙනව නම් ඒ අම්ම අම්මෙක් වෙන්න බෑ.මගේ අම්ම මට එහෙම කරොත් මම නම් ආයෙ සලකන්නෙත් නෑ.
     
    • Like
    Reactions: noisy boy12

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පිස්සුද බන්, ආස දෙයක් ගන්නෙ නැතුව සල්ලි හම්බ කරන එකේ තේරුම මොකද්ද, සල්ලි හම්බ කරන්නවත් ආසාවක් නැහැනේ එහෙම වෙනකොට

    මම නම් මගේ සල්ලි වලින් මට ඕන දෙයක් ගන්නවා, අම්මලත් දන්නවා වයිෆ්නුත් දන්නවා වයිෆ් නං ඉඳල හිටල කුනු කුනු ගානවා සල්ලි නාස්ති කරනවා කියලා, එහෙමයි කියලා ගන්න එපා කියලා දඟලන්නෙ කරන්නෙ නැහැ, ඒ ඇරෙන්න කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ බන්
    මම ගෙදර කාටත් කියලා තියෙන්නෙ තමන්ගෙ සල්ලි වලින් තමන්ට ආස දෙයක් ගන්න, ගන්න බැරි දෙයක් තියේ නං කියන්න අරන් දෙන්නං කියලා
    මොකද සල්ලි තියාගෙන හිටියට වැඩක් නැහැ ඔහොමවත් ආතල් එකක් නැතුව, ඔන්න ගෙදර අයට කන්න බොන්න නැතුව තියෙද්දි උඹ ඕව කරනවා නං වැරැද්දක කියන්න පුලුවන් එහෙම නෙමෙයිනේ බන්

    Boys don't grow up, their toys just get bigger and more expensive කියලා තියෙන්නෙ නිකන් නෙමෙයිනේ.
     

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    තරහ වෙන්න එපා මචං.තමන්ට කන්න දෙන දරුව සතුටු වෙනකොට කලකිරෙනව නම් ඒ අම්ම අම්මෙක් වෙන්න බෑ.මගේ අම්ම මට එහෙම කරොත් මම නම් ආයෙ සලකන්නෙත් නෑ.
    අනේ මචං මගෙ අම්මා එහෙම කෙනෙක් නෙමෙයි. එයා තමයි මටත් වඩා සතුටු වෙන්නෙ මම දියුනු උනොත්. මම යවන සල්ලී වලින් එයා මගෙ නමට සල්ලී ඩිපෝසිට් එකක් දාලත් තියෙනවා. අම්මා හිතයි මම මේ කරන්නෙ සල්ලී නාස්තියක් කියලා . ඒත් එයාට දුක හිතෙයි මචං මම එයාට සල්ලී ඉතුරු කරනවා කියලා බොරු කලා කියලා. ඒකයි අවුල සහෝ....
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Pissuda oi. Gedarata salakana gaman ubath jeewath wiyan. Uba wahalek neme. Gedara uba haduwa nam dekata bedala kallak uba ganin
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    අම්මා සල්ලි ඉතුරු කරන්න කියන්නෙ උබේම හොදට මිසක් යනකොට ගෙනියන්න නෙමෙයි. තමන්ගේ සතුටු වෙනුවෙන් වියදම් කලා කියලා පැහැදිලි කරලා දුන්නොත් අම්මා මොකුත් හිතන එකක් නෑ.
     

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    පිස්සුද බන්, ආස දෙයක් ගන්නෙ නැතුව සල්ලි හම්බ කරන එකේ තේරුම මොකද්ද, සල්ලි හම්බ කරන්නවත් ආසාවක් නැහැනේ එහෙම වෙනකොට

    මම නම් මගේ සල්ලි වලින් මට ඕන දෙයක් ගන්නවා, අම්මලත් දන්නවා වයිෆ්නුත් දන්නවා වයිෆ් නං ඉඳල හිටල කුනු කුනු ගානවා සල්ලි නාස්ති කරනවා කියලා, එහෙමයි කියලා ගන්න එපා කියලා දඟලන්නෙ කරන්නෙ නැහැ, ඒ ඇරෙන්න කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ බන්
    මම ගෙදර කාටත් කියලා තියෙන්නෙ තමන්ගෙ සල්ලි වලින් තමන්ට ආස දෙයක් ගන්න, ගන්න බැරි දෙයක් තියේ නං කියන්න අරන් දෙන්නං කියලා
    මොකද සල්ලි තියාගෙන හිටියට වැඩක් නැහැ ඔහොමවත් ආතල් එකක් නැතුව, ඔන්න ගෙදර අයට කන්න බොන්න නැතුව තියෙද්දි උඹ ඕව කරනවා නං වැරැද්දක කියන්න පුලුවන් එහෙම නෙමෙයිනේ බන්

    Boys don't grow up, their toys just get bigger and more expensive කියලා තියෙන්නෙ නිකන් නෙමෙයිනේ.
    තැක්ස් මචෝ. ලොකු උදව්වක් මචන් මේ වචන ටික...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    උබේ මල්ලි , නංගි රස්සා කරන වයස් වල නෙවෙයිද ? උනුත් උබ වගේ නම් පවුල ගැන හිතනේ උබට වැඩිය කට්ටක් කන්න වෙන එකක් නෑ . නැත්නම් උන් උබට කියලා කන්න බලාගෙන ඉන්න උන් ටිකක් නම් උබට ඉස්සරහට තව අමාරු වෙයි. ගෙදරට සලකපං මචන් එකෙත් සෑහෙන සතුටක් එන දෙයක්. හැබැයි උබට ඕන දේවල් ගනින්..
     

    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    pissuda bn ammatath salakanawanam uba nam salli hoyanne ubata one dewal uba gaththama mokada..... salli hoyanne mokatada neththan
     

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    Onnawata wada malli tai nangi tai karanna yanna epa.
    ammata nam marenkan hodin salakapan.
    අඩේ උන් මට සැලකුවත් එකයි නැතත් එකයි. අයියෙක්ගෙන් වෙන්න ඕන දේවල් මම කරනවා බං. නිදහසේ මැරෙන්න පුලුවන් එතකොට බං.