මට උන උඹලට නොවෙන්න - 03

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට උන උඹලට නොවෙන්න - 03

    කාලය ඉගිලුනා ..දුක පරිප්පු ,සැප කට්ට එක්ක ...
    හිටවත් මිතුරියකගේ අනු දැනුම සපෝර්ට් මත ජොබක් සෙට් උනා ...
    රාජ්ය නොවන සංවිදාන ....උතුරේ නෙමේ දකුණේ ........
    රස්සාව නය දෙනවා ....අඩු පොලියට වසරකට 10 % ........ජොබ් එක යනවා ෆ්රී ඩම් උපරිමයට ....
    හැඩ වැඩ කැටයම් දාල හදාගෙන ......ගෙවෙනවා ..........
    හැබයි ..නය ආපසු ගෙව්ම් ......වෙන්නේ නැහැ ......අන්න මට ඔෆිස් එකෙන් ගේම ......
    මම යනවා එක්ක කතා කරනවා වලට ....ටිකක් බරට වැඩ ........
    ඔය අතරේ ......එක්කෙනෙක් ......තවත් අයගේ වාරික එක්ක එයා තියාගෙන අපිට ගෙවන්නේ නැහැ ......
    මම ගිහින් කතා කලාම බොහොම ගරු සරුව ,පින්සේන්දුවෙන් ....පොරගේ ජීවිත කතාව කිව්වා .....
    අන්න යන්තම් මෝදු වෙලා තිබුන මගේ අං ටිකක් විතර එලියට පැනපි ......
    පොර මීඩියා කාරයෙක් ...වාමාංශික , දක්ෂිණාංශික හැම පැත්තටම බර .......
    ඔය අතරේ ...මගේ පංච ඉන්ද්රියන්ගෙන්ම ,.....චේ ගුවේරා ,ලෙනින්, මැන්ඩෙලා ,ක්රිස්තුස් වහන්සේ ,බුදු රජානන් වහන්සේ
    ඉගැන්වීම් ...මග පෙන්වීම් ,කරුණාව, ආදරය එලියට පැන්නා ......
    එදා කතාව සුහදව අවසන් වෙලා ..........මම මිනිහා කියපු කතාව ඔලුට අරන් කල්පනා කලා .....
    සර් 75000 තිබුනොත් පොඩි සගරාවක් එලියට දැමු ......මම ඇඩ් ගන්නම් 150000 විතර හොයන්න පුළුවං කිව්වා
    සල්ලි දෙය්යගේ මල්ලි හින්ද ...මටත් අමතර අදායමක් හින්ද .......ටිකක් කැමැත්තෙන් හිටිය ...
    මාසයක් ගිය මම ගිය පොර හම්බවෙන්න .....නය ගෙවන්නේ නැහැ මම ඇහුව ඇයි කියලා ....ආයෙත් පරණ තැටියම ..
    මට මිනිහා සගරා විස්ටරේ කියනවා .....හැබයි මගේ හිතෙත් මේකද දැන් ආසාවක් ඇතිවෙලා .......
    දෙන්නගේ කතාවෙන් ....එකගවයකට ......පොර සගරාව කරනවා ...ඔක්කම හැන්ඩ්ල් කරන්නේ පොර මගේ ..ආයෝජනය ලාබය 50 % .............................මම මගේ ජොබ් එක කරනවා .....

    මම දැන් යෝජනා කරන බිස්නුස් කරන තැනක අදීපති ...සෙල්ලං නැහැ !!!!!
    දැන් සහයකගේ ඉල්ලීම්
    දැන් පොරට ෆෝන් එකක් ඕනේ කිව්වා .....මම පරණ එකක් අරන් දුන්න,අපි පොඩි ඔෆ්ෆිචේ කැල්ලක් ගමු නේද ? ගත්තා
    අපි මේස පුටු ගමු නේද ? ගත්ත


    අපි ලෑන්ඩ් ෆෝන් එකක් ගමු නේද ? ....ගත්ත
    ෆැ ක්ස් එකක් ගමු නේද ? ....ගත්ත
    අපි දෙකක් ගමු නේද ? ......ගත්තේ නෑ ....පරණ ඒවා ගෙවන්න ගන්න හින්ද ටිකක් ඇදිලා ගියා ..
    අපි තින්ත ,ගන්න,ප්ලාස්ටික් කාපට් දාන්න ,බෝර්ඩ් ගහන්න .....ඔක්කමත් කලා ...
    තව 50000 විතර යයි ...ප්රින්ට් එකට .....තව 75000 විතර වැඩ ගොඩයි ...
    මම කොටි වලිගයක් අල්ලාගෙන ......එත් ලිදට වැටුන එක ලින් කටින්ම ගොඩ එන්න ඕනෙනේ ......මමත් එල්ලිලා ඉන්නවා .
    අදිපතිනේ ....තාම සගරාව එලියට ආවේ නැහැනේ ආපු ගමං මාසෙන් දෙකෙන් ගොඩ ...
    මම වැඩ ..... යනවා ඒ පැත්තේ මිනිහා වැඩ ,....... ( .මේ ඇතුලේ තව විස්තර තියනවා දිග වැඩි )
    කාලය ගෙවෙනවා සගරාව මුද්රණය වෙනවා ......ටිකක් පොඩි උත්සවයක් තියලා රටේ අදටත් ප්රෙසිද්ද 4 දෙනෙක් වගේ ගෙනත් මුහුරත් උත්සවයක් තියල ඔන්න එලියට දැම්ම .....
    මම දැන් ඔෆ්ෆිචේ එකට යනකොට ......පොර නැහැ ....
    මට තුන් හතර පාරක් යනකොට මිනිහ නැහැ .......... මට දවසක් මිනිහා කතා කරලා තැනකට එන්න කියනවා ..
    එතන පත්තර ගහන තැනක් ......මට ඉදගන්න කියනවා ...
    මම මෙතැනත් වැඩ කරනවා ..ඒක අපිටත් හොදයි ....
    බය වෙන්න එපා මම දෙකම අරගෙන යනවා ....දැන් සගරාව එළියේ ..බයිලා ගොඩයිමට ඇහෙන්නේ හීනෙන් වගේ .....මගේ ලෝකෙම කඩා වැටෙනවා ....
    මොනවා කියන්නද ,මොනවා අහන්නද ,බනින්නද අඩන්නද හිතා ගන්න බැහැ
    තරහා කරගෙනත් බැහැ ..මම මේ SUBJECT ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ......
    මම හැරිලා ආවා ......මටත් නොදැනීම කදුළු බේරෙනවා ..... ඉදිරිය ගැන හිටන්න ශක්තියක් එතන නැහැ ..
    හයිය තියෙන්නේ ඉකි ගහලා අඩන්නයි දෙයියන්ට කියන්න විතරයි ......... ඒ කාලේ මම අඩපු ,දෙවියන්ට කියපු වාර ගාන මතකේ තියාගන්න අමාරු ගාණන් ...
    මට කියන්න කෙනෙක් නැහැ ,..කියපු ගමන් මට බනිනවා ,නොදන්නා මගුල් වට ගියා කියලා .
    සමහරු මට පිස්සෙක්ද ,මෝඩයෙක්ද කියලා අහනවා නොදන්නා මිනිස්සු විස්වාස කලාට ...
    ඔය හේතු හින්දම ...කාටත් නොකියාම ....දුක කදුළු එක්ක බෙදාගත්තා ....
    අතේ සල්ලි නැහැ .....මම නය වෙලා ......
    දැන් මම අර මිනිහා හම්බවෙන්න යනවා .......පුරුදු විදියටම ......බයවෙන්න එපා ...මම ඉන්නවා ...
    මාසයක් ගෙවුනා ......මම අර පොර හම්බවෙන්න යනවා .......රැකියා කරන අතර තුර .... මම දැන් මිනිහගෙන් අහනවා දැන් මොකෝ කරන්නේ මගේ සල්ලි නැහැ ....
    මිනිහ ...කියනවා මහත්තයා දැන් සගරාව එළියේ මිනිස්සුට වදින්න අපි 02 වෙනි එක ගහන්න ඕනේ .....එතකොට .....02 දැම්මම 01 සල්ලි එකතු කරන්න පුළුවන් ...
    මගේ කේන්තිය,බය,දුක,වේදනාව උතුරලා යනවා .....මම අහනවා කොහොමද එක කරන්නේ මෙච්චර සල්ලියක් එවරයි ....මා ගාව දැන් සල්ලි නැහැ ...කොහොමද විස්වාසයක් තියෙන්නේ සගරාව විකිණිලා ඇති කියල .........
    බයවෙන්න එපා අපි මේක කොළ අඩු කරලා සරල විදියට ගහමු ....එක ඉස්කෝලයක් තියනවා ඒක කවර් කරලා පිටපත් 2000 ඉස්කෝලෙට විකුනමු කියනවා .................75000 විතරින් වැඩේ ගොඩ දාමු ...
    මට විකල්ප නැහැ ....ගෙදර ගියොත් අබු නසී ,මග හිටියොත් තෝ නසී .......කියන්න කෙනෙක් නැහැ කිවොත් බැනුම්....
    සල්ලි නයට හොයනවා ...02 කොටස ගහනවා ........................... දැන් හිත ෆිට් 02 ගහනවා සල්ලි ගන්නවා නය බේරනවා .....02 ගැහුවා එලියට ගියා කාලය යනවා ..
    අමාරුවෙන් රස්සාව රස්සාව කරනවා ඒක කෙලවුනොත් ඔක්කම් ඉවරයි ...
    අර පොර බොහොම සතුටෙන් එතන අල්ලාගෙන එහන බැහැල වැඩ .....මගේ නමට එකතු උන මහත්තයා කැල්ල හැලිලා නම විතරයි ......
    දින සති වෙලා සති මාස වෙනවා ......ඉස්කෝලෙන් ප්රෙතිචාර නැහැ ..... මම ඉස්කෝලෙට යනවා ...විස්තර දැන ගන්න .....ප්රින්සිපල් කියනවා මේ මාසේ ආණ්ඩු වේ වැඩක් තිබුණා
    එක නිසා වැඩේ හරි ගියේ නැහැ පිටපත් 10 විතර ගියා කියලා ............මම එක්ක ගිය අද ලොකු තැනක ඉන්න වැඩේ පටන් ගත්ත මිනිහ මීක් නැහැ ..
    උඹලට හිතාගන්න පුලුවන්ද ?.....මගේ තත්වේ ..........
    කන්න බැහැ බඩගිනි නැහැ ,බොන්න බැහැ සල්ලි මදි ඒ තරම් බොන්න පුළුවන්මට වැටෙන්න බැහැ ......මම වැටුනොත් ....කාඩ් කුට්ටමේ කොළ ඇලේට තියලා පෙරලුවම වගේ ....
    පිටිපස්සේ ඔක්කම වැටෙනවා ..................මට උත්තර දෙන්න කව්රුත් නැහැ ..
    දෙවියෝ උත්තරක් දෙයි .........................................යනවා පරණ එදා අදටත් හිතවත් අශෝක මහතා හමුවෙන්න ...
    නවත්තගන්න බැරි කදුළු එක්ක විස්තරේ කියනවා .........................එයා වාහනේ සර්විස් කරන සර්විස් සෙන්ටෙර් එකේදී .......
    හිරි පොද වතුර ඇගේ වදිනවා ....හිත ගැහෙන ගමන්............හා හා හා ........පොර මහා හය්යෙන් හිනා වෙනවා .....
    මගේ කදුළු ඩබල් වෙනවා .........ආයෙත් කඩා වැටීගෙන යනවා ..........................
    කරට සීතල අතක්.......ඔහොම තමා බන් ...ඕකට ඉතින් ඔහොම හරි යනවද ........තව මොනවදෝ කිව්වා මට ඈතින් වගේ ඇහුනේ ..... මට ඕනේ හොද සහනදායි උත්තරයක් .........මුකුත් නැහැ ...
    පොඩ්ඩක් ඉදපන් .හරි නැගපන් ................කෙලින්ම එතුමාගේ ගෙදරට ....
    ඒ නෝනා මහත්තයගෙන් .....දුන් දාන තේ එකක් ....එඅත් මගේ හිත සීතලේ .......
    මගේ කෙරුවාවේ විස්තර බිරිද කියා කියා එතුමා .....සතුටෙන් හිනාවෙනවා ....මැතිනිය කම්පාවෙන් ...
    මම ගිහින් එන්නම් ..මිස් ...මම එලියට බහිනවා ....දුකෙන් ...
    හොදයි ගිහින් එන්න .......මට උත්තර ...
    ආයේ හෙට අනිද්දා වරෙන්....අසෝක මහතා ගෙන් ........ඔව් ඕවා ගණන් ගන්න එපා නේද ?
    * වචනයේ පරිසමාර්තයෙන් මහත්ම මහත්මීන් දෙපල මට හය්යට හිටියා මට මෙතනින් ගොඩ යන්න .කාලෙකින් හමුනොවුනත් අදටත් එහෙම ඇති .
    අමතක කරලා දැම්ම සගරා හැම මගුලම එත් ...මගේ හිත කියනවා හොයපන් මොකද උනේ කියල .හතර වටේ ගියා ලොකු පෙට්ටියක් අරන් මොකද සගරා වලට උනේ කියලා හොයන්න ........රුපියල් 30 ලැබුණා කඩේකින් .......
    සගරා නියෝජිත යන්ගෙන් ආව ,මේක කාගේද , කොහෙද අපි ලාබ මුකුත් අපි දන්නේ නැහැ ඕනෙනම් පරණ ඒවා අරන් යන්න ...
    පුළුවන් තරම් එකතු කරන ........ගෙදර ඇවිත් කුස්සියේ ගොඩ ගැහුවා .......
    කාලයක් යනකන්.......අපේ ගෙදර අසල වැසියෝ නෑදෑයෝ ......................මගේ කදුළු ,මහන්සිය එකතු වෙලා මුද්රණය උන සගරා කොලවල ...කෑමඔතාගෙන දවල්ට කන්න ගෙනගියා ....

    තවත් එක මගේ ගොන් කමක් නිමාවට පත් උනත් ..ප්රධාන චරිත ක්රියාව උඹලට වැදගත් වේවි ...මට උන උඹලට නොවෙන්න ..
    එදා මුකුත්ම නැතිව අතේ සතේ නැතිව හිටපු එකා ...මගේ ජංගම දුර කතනයෙන් තමන්ගේ .....ගිලිහි ගිය දේවල් හදා ගෙන ,මගේ කාර්යාලයෙන් දැන් තමන්ගේ තත්වය ,තමන් සොයා මිනිසුන් පැමිණෙනවා කියා .........සම්පුර්ණයෙන් තමන් ගොඩ ගිහින් ....හොද රැකියාවක් ලබාගත්ත ................... මම මේ රාජ්ය නොවන සංවිදානයේ ....වැඩ කරන කාලේ මිනිසුන්ට එදා කරපු පව් වලට වඩා ගොඩක් පින් කරගත්තා රැකියාව මාර්ගයෙන්
    විස්තර කියන්න බැහැ ..අදටත් සමහර මිනිස්සු මට ආදරෙන් කතා කරනවා ......
    මම මෙතනිනුත් අයින් වෙනවා .......සතුටෙන් ........මම ඉවත් වෙනකොට ආයතනයට මිනිස්සු නොගෙවපු ලොකු මුදලක් හිග තිබුනා ....එත් එක ආයතනයටත් ,මිනිසුන්ටත් ....පාඩුවක් උනේ නැහැ ........මගේ අතින් මිනිසුන්ට තද බල බලකිරීම් තිබුනේ නැහැ ......මම දන්නවා යථාර්තය .....මගේ අතින් නැති උනත් මගේ හිටින් මම ගොඩක් දේවල් කලා ,,,

    '' දියෙහි යන දණ්ඩට වෙතත් පිහිටක් - දුදනුන් හට නොවව් සරණක් ''

    නොදන්නා මිනුස්සු බිස්නස් වලට බැහැලා ,ගොඩ එන්න බැරි තැනට ඉස්සෙල්ල ....මට උන උඹලට නොවෙන්න 03 පිහිටක් වෙත්වා ....



    '' සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා ..
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා ''

    මොහිදීන් බෙග් මහත්තයා කියලා තිබුණා .පරණ හින්දා අමතක කරලා තිබුනා

    ජය වේවා !!!!!!!!!!!!!!!


     
    • Like
    Reactions: SMD

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ado serious scene ekak da ??

    මැරිච්ච අම්ම දිවුරන්නේ .... අම්මපා ....ඕනෙනම් ...සගරා පිටපතක් එවන්නම්
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    oya wage kalakanni innawa ban. okunta me athmedima padisan denawa...ube as issarahama...balapan boruda kiyala....duk mahansiyen hamba karapu salli aparade ban....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    2008 ඔය වගේ සීන් එකකින් 150,000/- කෙලෝ ගත්තා මම යාලුවෙකුට රෙදි කඩයක් දා ගන්න , උදව් කරලා. හැබැයි ඌට කෙලවේගෙන එද්දී ආයේ උදව් කරන්න ගියේ නෑ. හිත හදාගෙන මාරු වුනා. ඒවා ඔක්කොම පස්සේ රිකවර් කලා, වෙන බිස්නස් වලින්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    oya wage kalakanni innawa ban. okunta me athmedima padisan denawa...ube as issarahama...balapan boruda kiyala....duk mahansiyen hamba karapu salli aparade ban....

    ow.. matat ohoma polu thiyala thiyenawa rs 100 000 kata wada..

    tawa business ekakata dapu 3 mil witara enna tiyenawa. awrudu 3k 4 k yai. padui wade...

    ekata wada mata duka/taraha naya gattu un nodeepu eka. marenna watila hitiyath kisideyak denne na unta. karapu balu wade matak kala maraneth ikman karala enawa misak...:angry:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    oya wage kalakanni innawa ban. okunta me athmedima padisan denawa...ube as issarahama...balapan boruda kiyala....duk mahansiyen hamba karapu salli aparade ban....

    පොස්ට් එක පරණයි .....
    කාමරේටම වෙලා ඉන්නකොට පරණ පොස්ට් බැලුවා ,මචං
    මගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක බලලා උඹව මතක් උණා මචන්.....
    අන්න මචන් දැන් ඌ විශ්ව ශක්තියෙන් ..මොනවදෝ කරනවා ...අංගම් සටන් කලාව උගන්නනවා .
    YOU TUBE විඩියොත් තියෙනවා ..නම කියන්න බැහැ ..
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු ....................
    :(:(:(:(:(:(
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පොස්ට් එක පරණයි .....
    කාමරේටම වෙලා ඉන්නකොට පරණ පොස්ට් බැලුවා ,මචං
    මගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක බලලා උඹව මතක් උණා මචන්.....
    අන්න මචන් දැන් ඌ විශ්ව ශක්තියෙන් ..මොනවදෝ කරනවා ...අංගම් සටන් කලාව උගන්නනවා .
    YOU TUBE විඩියොත් තියෙනවා ..නම කියන්න බැහැ ..
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු ....................
    :(:(:(:(:(:(

    මනස සගරාව දාපු එකාද
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොස්ට් එක පරණයි .....
    කාමරේටම වෙලා ඉන්නකොට පරණ පොස්ට් බැලුවා ,මචං
    මගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක බලලා උඹව මතක් උණා මචන්.....
    අන්න මචන් දැන් ඌ විශ්ව ශක්තියෙන් ..මොනවදෝ කරනවා ...අංගම් සටන් කලාව උගන්නනවා .
    YOU TUBE විඩියොත් තියෙනවා ..නම කියන්න බැහැ ..
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු ....................
    :(:(:(:(:(:(


    anoj de silva da ?