මට උන උඹලට නොවෙන්න - 2
ඉස්සෙල්ලා ත්‍රේඩ් එකට ,බලපු කමෙන්ට් දාපු හැමෝටම මගේ ආචාරය ...වගේම මට හිතවත්ව මේවා කියන්න එපා කියපු උන්ටත් එසේම ආචාරය.එත් තව එකෙක්ට හෝ මට උන දේ නොවේවා ප්රරතනයෙන් ....මට උන උඹලට නොවෙන්න - 2
දුක සැප ආදරය වයිරය සම්මිශ්‍රණ ජීවිතය ...රැකියාව එක්ක දෝලනය උනා කාලයක් ...
වැටුපට වැඩි සේවයක් එක්ක ..මගේ රැකියාව කරගෙන ගියේ ආයතනයේ ප්‍රසන්සාව එක්ක .....මොකද මගේ ජිවිතේ ..ඒ තරම් බොරු කරපු ,කියපු හොර කරපු .කාලයක් තිබ්බේ නැහැ ....( හොරකම් නෙමේ මචන්ලා ....ගාමන්ට් ෆැක් ටරි වල ශිප්මන්ට් පාස් කරගන්න කරන වැඩ ...ගාමන්ට් වල උන් දන්නවා ෆයිනල් ඉන්ස්පෙක්ෂන් කරන විදිය ) .....මම හිටියේ වෙන තැනක මාව බලෙන්ම ඇසුරුම් අංශ ප්‍රධානි කරලා ( අකමැති උනේ නිදහස අඩු නිසා ) ......
කාලය ගෙවී ගියා ප්‍රශ්න එක්ක ...පරණ උන් ගියා අලුත් උන් ආව ...මම තාම එතන ......
කළමනාකරු , මෙන්ම නිෂ්පාදන අංශ වලට අවශ්‍ය කෙසේ හෝ ඇනවුම කොහොම හරි යවන්න .....කලිසමට එක අන්ඩක් තිබුනත් ඇති ......එක උන්ගේ හැටි මොකද නැවට බදු ගිය ගමන්ම .....සල්ලි එනවා ....ඉතින් මහා උන් සෙට් එකම පාස් කොලේ අරන් ලොක්කව නාවනවා .....මම ඉතින් ප්‍රශ්න ගෙන කොහොම හරි හරි ඇදුම් ..අරගෙන ..එන උන්ට හොර කරලා .....වැඩේ රිලේසේ කරනවා ........ලක්ෂ්මන් කියල පී එම් කියල එකෙක් හිටිය ඌ මගේ එක්ක ගේමට හිටියේ මම ඩෑමේජ් පාස් කරන්නේ නැති නිසා .......ශිප්මෙන්ට් .යනකොට ..සතුටු වෙන ....නවතින්කොට මුණ හොද නැති ලොක්කෝ එක්ක කාලේ ගෙවුනා ..
දවසක් එක ශිප්මෙන්ට් එකක් රීචෙක් උන .....වැඩේ ටිකක් කල් යනවා එත් දින මදි ........අරුන් සෙට් එකම ඇවිත් .....මගේ එක්ක සුහදව ගේමක් ගහමු කොහොම හරි අරිමු , දින නැහැ .....මට වදේ වැඩේ බාගෙට රීචෙක් කරලා ආයෙත් ෆයිනල් ඉන්ස්පෙක්ෂන් කරමු කියල .......වැඩකර තැනනේ මමත් වැඩේට සෙට් වෙලා වැඩේ කලා ..චීන්නු වගයක් ආවා ඉන්ස්පෙක්ෂන් කලා ......බඩු මාට්ටු ......ආයෙත් රීචෙක් .......අනාත සාගරේ ...........අයිති කාරය ආවා ......ජි එම් ,පී එම් ඇතුළු ඔක්කම මගේ වරද කියල .....මගේ කරෙන් ඇරිය .........ලොක්කා මොකද කිව්වේ .....කවුද මෙයාව මේ සෙක්ෂන් එකට දැම්මේ කියල ( එටකොට ඖව්රුදු 02 විටර ඇවිල්ල )
දවස් 03 පොරක් මගේ සෙක්ෂන් ආවා ,වට පිට බලනවා .....මම ඇහුව ඔයා කවුද .....ඌ කිව්වා ඇසුරුම් අංශ ප්‍රධානි තනතුරට ආවා කියල .....මම කිව්වා ඉදගන්න පොඩ්ඩක් ඉන්න කියල ජි එම් ගාවට ගියා මේ මොකද්ද කියලා අහන්න ..ඌ කියපි දෙන්නෙක් හිටියම වැඩේ හොදට යයි කියලා ......මම ගිහි අලුත් එකට කිව්වා උඹ ඉදපන් මම යනවා කියල .....ඌ හොද එකා මට බල කල ඉදපන් බන් අපි දෙන්න එකට වැඩෙ කරමු මට අරුන් වැඩක් නැහැ උඹ ඉදපන් කියල ..........
එක නැවට කැප්ටන්ලා දෙන්නෙක් වැඩක් නැහැ මචන් කියල මාසෙකින් මම ගෙදර ආවා ........
පස්සේ තමා දැන ගත්තෙ - අබ්දුල් කලාම් මහතා කියල තිබුන - ඔබ රැකියාවට ආදරේ කරන්න ආයතනයට ආදරේ නොකරන්න මන්ද ඔබ නොදනී ආයතනය ඔබට ආදරය නවතන දිනය ...
ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!