මට~ඕනෑම~වාහනයක්
මට ඕනෑම වාහනයක් දැක්කොත්
හදන්න පුළුවන්! ඒත් අපි දුප්පත් -
අත දෙන්න කෙනෙක් නෑ
12 හැවිරිදි වජිර ශිෂ්‍යයා කියයි
වැඩකට නොමැති බොහෝ දෑ දහස් ගණනින් Share කරගන්නා ෆේස්බුක් ජාලය තුල Share කරනවනම් කලයුතු මෙවැනි ප්‍රයෝජනවත් දෑ බොහෝය.
මෙවැනි ලක් පුතුන්ට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා............
මිනිසාට දක්ෂතාව, හැකියාව, නිපුණතාව ලැබෙන්නෙ හොඳින් යම් ක්‍රියාවක නියෑළීම තුළිනි. ඒ සඳහා මිනිසා වයසින් මොහොරා යා යුතුය. එවිට එම අංග ප්‍රගුණ කළ හැකිය. එහෙත් අපේ රටේ පාසල් වයසේ දරු දැරියන් විටින් විට විවිධ අංශ ඔස්සේ තම දක්ෂතා ලොවට පෙන්වා ඇත්තේ වයසින් මොහොරා නොගොස්ය. මනස හොඳින් මෙහෙයවා දක්ෂතා පෙන්නූ අපේ තවත් දරුවකු දකුණු පළාතෙන් හමුවිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොස්ගොඩ හෑගල්ල මහ විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී. ඩබ්. වජිර මධුසංක වයස අවුරුදු දොළහමාරක දරුවෙකි. ඔහු කුඩා කල සිටම සෙල්ලම් වාහනවලට නිතර ප්‍රියකර ඇත. මව සමඟ පොළට යන වජිර මධුෂංකගේ සිත ඇදී යන්නේ සෙල්ලම් කාර්, ඩෝසර්, ට්‍රැක්ටර්, ත්‍රීවීල් රථ වෙතය. මව තම දරුවාගේ සිතිවිලිවලට බාධා කළේද නැත.
වජිර මීට වසරක පමණ සිට තමා දකින රථ වාහන නිර්මාණය කිරීමට පෙළඹුණි. ඔහු ඒ සඳහා භාවිත කළේ කාඩ්බෝඩ්, මැලියම්, රබර් කැබලි, කුඩා තහඩු කැබලි සහ වර්ණ ගැන්වීමට කුඩා පාට පෙට්ටියක් පමණි. මෙහි ඇති විශේෂත්වය නම් මොහු දකින ඕනෑම රථ වාහනයක්, බැකෝ යන්ත්‍රයක්, ත්‍රිරෝද රථ ඇතුළු ඕනෑම වාහනයක් නිර්මාණය කිරීමට පෙළඹීමය. ඒ සඳහා සුවිශේෂි හැකියාවක් ඔහු සතුව පවතී. නිර්මාණවලට උපරිම තාත්වික බවක් ගෙන ඒමට ඔහු ක්‍රියා කරයි. මේ වන විට ඔහු ත්‍රිරෝද රථ 04 ක්, බස් රථයක්, අත්ට්‍රැක්ටරයක් නිර්මාණය කර අවසන්ය. ඒ සඳහා වජිර මධුෂංකට ගතවන්නේ සති දෙකක් වැනි සුළු කාලයකි.
මෙම නිර්මාණ සිදුකරන ආකාරය පිළිබඳ වජිර මධුෂංක මෙසේ විස්තර කර සිටී. "මම මුලින්ම මේ වගේ නිර්මාණයක් කරන්න හිතුවෙ මගේ අයිය මට කිව්ව දවසක් කැසට් පීස් එකක් දීලා ඒකෙ වාහනයක් වගේ සයිඩ් කණ්ණාඩි දාල හදන්න කියලා. ඉතිං මම හැදුවා. පසුව මම දකින වාහන හදන්න හිතුවා. මම නිතර දකින ත්‍රිරෝද රථය මට මුලින්ම හදන්න හිතුනා. මම ලස්සනට හැදුවා. මට ඒකට කාඩ්බෝඩ්, මැලියම්, පාට කූරු ඕන වුණා. ඒ ත්‍රීවීල් එකේ ඉස්සරහ අසුන උත්සන්නත් පුළුවන්. පිටුපස දොර අරින්න පුළුවන්. ඇත්ත එකක් වගේම තමයි මට සති එකහමාරක් ගියා ඒකට. මම ත්‍රීවීල් 04 ක් හදලා තියෙනවා. නෝන කෙනෙක් ඒ එකක් මගෙන් රුපියල් 500 ට මිලදී ගත්තා. මම බස් එකක් හැදුවා. ලෑන්ඩ් මාස්ටර් එකකතුත් හැදුවා. මගේ පාසලේ ගුරුතුමියක් කිව්ව කාර් එකක් හදලා දෙන්න කියලා. මම පොරොන්දු වුණා හදලා දෙන්න. මට ඕනෑම වාහනයක් දැක්කොත් හදන්න පුළුවන්. මට මේ දේවල් හදන්න අම්ම, තාත්තා උදව් කරනවා. අපි දුප්පත්. ඒත් අපේ අම්ම මට අවශ්‍ය දේවල් අරන් දෙනවා. මට උදව් කරන්න කවුරු හරි ඉන්නව නම් මම හොඳ නිර්මාණ කරන්න කැමැතියි."
වජිර එසේ කියද්දී වජිරගේ මව දුකෙන් බලා සිටියේ වජිරට උදව් කරන්න කවුරු හරි නොලැබුනොත් දරුවගෙ දක්ෂතාවන් එළිදක්වන්න බැරිවේය යන සිතිවිල්ල ඇතිව බව දැනුණි. ඔහුගේ මව වන එම්. රමණී මෙන්ඩිස් මහත්මිය කියාසිටියේ දරුවා දක්ෂතා පෙන්වමින් සිටින කාලය තුළ තමාට කුලී නිවසක සිටීමට සිදුවීම එම දරුවාට උදව් කිරීමට බාධාවක් වී ඇති බවය. ඔ`හුගේ පියා වන පී. ඩබ්. ප්‍රසන්න සරත්චන්ද්‍ර මහතා ද කුලී රැකියා කරන්නෙකි. වජිරගේ අයියාද සමේ රෝගයකින් පෙළෙන දරුවෙකි. දුප්පත් පවුලක දක්ෂ දරුවෙකු ලෙස පාසල් වයසේදී මොහු කර ඇති දේ සුළු පටු නොවේ. සැබැවින්ම අගය කළ යුතුය. අපේ රටේ අනාගත කාර්මික ඉංජිනේරුවකු හෝ දක්ෂ නිමැවුම්කරුවකු බිහිවීමේ පෙරනිමිති වජිරගේ චරිතය තුළ ඇත. එහෙත් ඒ සඳහා වජිරට උපකාර, උදව් අවශ්‍යම වේ. වජිර මධුෂංක, කොස්ගම පොලිසිය අසල කුලී නිවසක වෙසෙන අයෙකි. ඔහුට උදව් කළ හැකිනම් ජංගම දු. අංක 0725748026 ට අමතන ලෙස ඔහු ඉල්ලා සිටී.
බෙන්තොට - දර්ශන කරුණාරත්න
--------------------------------------
ආණ්ඩුව ඉන්දියාවේ ඉන්න වේස බඩු ගෙනත් රටේ මිනිසුන්ගේ කාලේ සල්ලි කාබාසිනියා කරන වෙලාවේ නරකද මේ වගේ ළමයෙකුට උදව්වක් උපකාරයක් කරොත්? මෙයාලගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද පස්සේ. තව මේ වගේ දක්ෂ ළමයි කොච්චර ඉන්නවා ඇතිද ලංකාවේ? කෝ මේවට නිසි වැඩ පිළිවෙලක් ලංකාවේ? කොමිස් හම්බු වෙන ඒවාට විතරක් හොම්බ දාන ඇමතිලා මේවා ගැන උනන්දු වෙයිද? පුළුවන් පුළුවන් කව්රු හරි ඉන්නවා නම් මේ ළමයට උදවු උපකාරයක් කරන්න. මම උපකාරයක් කරා හිතේ සන්තොසෙන්ම.

Last edited: