මට~ඕනෑම~වාහනයක්‌

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට~ඕනෑම~වාහනයක්‌

    මට ඕනෑම වාහනයක්‌ දැක්‌කොත්
    හදන්න පුළුවන්! ඒත් අපි දුප්පත් -
    අත දෙන්න කෙනෙක්‌ නෑ
    12 හැවිරිදි වජිර ශිෂ්‍යයා කියයි

    536098_334819866586946_328867667182166_718563_471147184_n.jpg


    වැඩකට නොමැති බොහෝ දෑ දහස් ගණනින් Share කරගන්නා ෆේස්බුක් ජාලය තුල Share කරනවනම් කලයුතු මෙවැනි ප්‍රයෝජනවත් දෑ බොහෝය.
    මෙවැනි ලක් පුතුන්ට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා............

    මිනිසාට දක්‌ෂතාව, හැකියාව, නිපුණතාව ලැබෙන්නෙ හොඳින් යම් ක්‍රියාවක නියෑළීම තුළිනි. ඒ සඳහා මිනිසා වයසින් මොහොරා යා යුතුය. එවිට එම අංග ප්‍රගුණ කළ හැකිය. එහෙත් අපේ රටේ පාසල් වයසේ දරු දැරියන් විටින් විට විවිධ අංශ ඔස්‌සේ තම දක්‌ෂතා ලොවට පෙන්වා ඇත්තේ වයසින් මොහොරා නොගොස්‌ය. මනස හොඳින් මෙහෙයවා දක්‌ෂතා පෙන්නූ අපේ තවත් දරුවකු දකුණු පළාතෙන් හමුවිය.

    ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කොස්‌ගොඩ හෑගල්ල මහ විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී. ඩබ්. වජිර මධුසංක වයස අවුරුදු දොළහමාරක දරුවෙකි. ඔහු කුඩා කල සිටම සෙල්ලම් වාහනවලට නිතර ප්‍රියකර ඇත. මව සමඟ පොළට යන වජිර මධුෂංකගේ සිත ඇදී යන්නේ සෙල්ලම් කාර්, ඩෝසර්, ට්‍රැක්‌ටර්, ත්‍රීවීල් රථ වෙතය. මව තම දරුවාගේ සිතිවිලිවලට බාධා කළේද නැත.

    වජිර මීට වසරක පමණ සිට තමා දකින රථ වාහන නිර්මාණය කිරීමට පෙළඹුණි. ඔහු ඒ සඳහා භාවිත කළේ කාඩ්බෝඩ්, මැලියම්, රබර් කැබලි, කුඩා තහඩු කැබලි සහ වර්ණ ගැන්වීමට කුඩා පාට පෙට්‌ටියක්‌ පමණි. මෙහි ඇති විශේෂත්වය නම් මොහු දකින ඕනෑම රථ වාහනයක්‌, බැකෝ යන්ත්‍රයක්‌, ත්‍රිරෝද රථ ඇතුළු ඕනෑම වාහනයක්‌ නිර්මාණය කිරීමට පෙළඹීමය. ඒ සඳහා සුවිශේෂි හැකියාවක්‌ ඔහු සතුව පවතී. නිර්මාණවලට උපරිම තාත්වික බවක්‌ ගෙන ඒමට ඔහු ක්‍රියා කරයි. මේ වන විට ඔහු ත්‍රිරෝද රථ 04 ක්‌, බස්‌ රථයක්‌, අත්ට්‍රැක්‌ටරයක්‌ නිර්මාණය කර අවසන්ය. ඒ සඳහා වජිර මධුෂංකට ගතවන්නේ සති දෙකක්‌ වැනි සුළු කාලයකි.

    මෙම නිර්මාණ සිදුකරන ආකාරය පිළිබඳ වජිර මධුෂංක මෙසේ විස්‌තර කර සිටී. "මම මුලින්ම මේ වගේ නිර්මාණයක්‌ කරන්න හිතුවෙ මගේ අයිය මට කිව්ව දවසක්‌ කැසට්‌ පීස්‌ එකක්‌ දීලා ඒකෙ වාහනයක්‌ වගේ සයිඩ් කණ්‌ණාඩි දාල හදන්න කියලා. ඉතිං මම හැදුවා. පසුව මම දකින වාහන හදන්න හිතුවා. මම නිතර දකින ත්‍රිරෝද රථය මට මුලින්ම හදන්න හිතුනා. මම ලස්‌සනට හැදුවා. මට ඒකට කාඩ්බෝඩ්, මැලියම්, පාට කූරු ඕන වුණා. ඒ ත්‍රීවීල් එකේ ඉස්‌සරහ අසුන උත්සන්නත් පුළුවන්. පිටුපස දොර අරින්න පුළුවන්. ඇත්ත එකක්‌ වගේම තමයි මට සති එකහමාරක්‌ ගියා ඒකට. මම ත්‍රීවීල් 04 ක්‌ හදලා තියෙනවා. නෝන කෙනෙක්‌ ඒ එකක්‌ මගෙන් රුපියල් 500 ට මිලදී ගත්තා. මම බස්‌ එකක්‌ හැදුවා. ලෑන්ඩ් මාස්‌ටර් එකකතුත් හැදුවා. මගේ පාසලේ ගුරුතුමියක්‌ කිව්ව කාර් එකක්‌ හදලා දෙන්න කියලා. මම පොරොන්දු වුණා හදලා දෙන්න. මට ඕනෑම වාහනයක්‌ දැක්‌කොත් හදන්න පුළුවන්. මට මේ දේවල් හදන්න අම්ම, තාත්තා උදව් කරනවා. අපි දුප්පත්. ඒත් අපේ අම්ම මට අවශ්‍ය දේවල් අරන් දෙනවා. මට උදව් කරන්න කවුරු හරි ඉන්නව නම් මම හොඳ නිර්මාණ කරන්න කැමැතියි."

    වජිර එසේ කියද්දී වජිරගේ මව දුකෙන් බලා සිටියේ වජිරට උදව් කරන්න කවුරු හරි නොලැබුනොත් දරුවගෙ දක්‌ෂතාවන් එළිදක්‌වන්න බැරිවේය යන සිතිවිල්ල ඇතිව බව දැනුණි. ඔහුගේ මව වන එම්. රමණී මෙන්ඩිස්‌ මහත්මිය කියාසිටියේ දරුවා දක්‌ෂතා පෙන්වමින් සිටින කාලය තුළ තමාට කුලී නිවසක සිටීමට සිදුවීම එම දරුවාට උදව් කිරීමට බාධාවක්‌ වී ඇති බවය. ඔ`හුගේ පියා වන පී. ඩබ්. ප්‍රසන්න සරත්චන්ද්‍ර මහතා ද කුලී රැකියා කරන්නෙකි. වජිරගේ අයියාද සමේ රෝගයකින් පෙළෙන දරුවෙකි. දුප්පත් පවුලක දක්‌ෂ දරුවෙකු ලෙස පාසල් වයසේදී මොහු කර ඇති දේ සුළු පටු නොවේ. සැබැවින්ම අගය කළ යුතුය. අපේ රටේ අනාගත කාර්මික ඉංජිනේරුවකු හෝ දක්‌ෂ නිමැවුම්කරුවකු බිහිවීමේ පෙරනිමිති වජිරගේ චරිතය තුළ ඇත. එහෙත් ඒ සඳහා වජිරට උපකාර, උදව් අවශ්‍යම වේ. වජිර මධුෂංක, කොස්‌ගම පොලිසිය අසල කුලී නිවසක වෙසෙන අයෙකි. ඔහුට උදව් කළ හැකිනම් ජංගම දු. අංක 0725748026 ට අමතන ලෙස ඔහු ඉල්ලා සිටී.

    බෙන්තොට - දර්ශන කරුණාරත්න

    --------------------------------------

    ආණ්ඩුව ඉන්දියාවේ ඉන්න වේස බඩු ගෙනත් රටේ මිනිසුන්ගේ කාලේ සල්ලි කාබාසිනියා කරන වෙලාවේ නරකද මේ වගේ ළමයෙකුට උදව්වක් උපකාරයක් කරොත්? මෙයාලගෙන් රටට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද පස්සේ. තව මේ වගේ දක්ෂ ළමයි කොච්චර ඉන්නවා ඇතිද ලංකාවේ? කෝ මේවට නිසි වැඩ පිළිවෙලක් ලංකාවේ? කොමිස් හම්බු වෙන ඒවාට විතරක් හොම්බ දාන ඇමතිලා මේවා ගැන උනන්දු වෙයිද? පුළුවන් පුළුවන් කව්රු හරි ඉන්නවා නම් මේ ළමයට උදවු උපකාරයක් කරන්න. මම උපකාරයක් කරා හිතේ සන්තොසෙන්ම.
     
    Last edited:

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    bump machan.me wage tawa godak aya innawa.kawruth udaw nati hinda ekko e golla igena gena rata yanawa.ehema natnam dakshathawaya pattakin tiyala podi job ekak karan jeewath wenawa :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර අතේ තියාගෙන ඉන්න ඒවා බලපන්කො. ඇත්ත ඒවා වගේමනෙ. අපේ උන්ට ඕවගේ අගේ තේරෙන්නේ නෑ බන්.

    ඔව් බන්. අපේ උන්ට දැන් බිපාෂා, ප්‍රීටිගේ රෙද්ද වල් ලොකු කරගෙනනේ. මම මේ ඔය නිලියෝන්ට බනිනවා නෙමේ. අපේ උන්ට බනින්නේ.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ලංකාවේ හැම වයස් කාණ්ඩයකම හොඳ නිර්මානාත්මක හැකියාවන් ඇති අය බිහිවෙනවා. මේ පොඩ්ඩත් ඒ වගේ. ඒත් අවාසනාවට අපේ රටේ වගකිවයුතු අය කරන්නේ සීත කාමරවලට වෙලා රටේ මහජනතාවගේ සල්ලි කාබාසිනියා කරන එක විතරයි. හැකියාවන් ඇති අයට අතදෙන්න සුදානමක් නෑ.

    මේ පොඩ්ඩට හොඳ අනාගතයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා :)

    Rep 5+
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපෙ රජතුමා එතුමාගෙ දරුවන්ට පිස්සු කෙලින්න වියදම් කරන සල්ලිවලින් 1% මේවගෙ දරුවෙක් වෙනුවෙන් වියදම් කලානම් මෙ ළමයි ලොකු වෙනකොට කොච්චර වටින නිර්මාණ කරයිද..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇත්තටම රජයක් විදියට මේවගේ දරුවන්ව ඉදිරියට ගන්න අත්‍යාවශයි. මේ වගේම දක්ෂ සුලු අබාධ තත්වයක් තියෙන තරුණයෙක් ගැන අයි ටී එන් වෙනස වැඩසටහනින් සති කිහිපයකට කලින් පෙන්නුවා. ඇත්තටම සුපිරි වැඩ කරුවෙක්. ඩිපෙන්ඩර් එකක් හදල තිබුන ඇත්තම එකක් මචන්.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෙ රජතුමා එතුමාගෙ දරුවන්ට පිස්සු කෙලින්න වියදම් කරන සල්ලිවලින් 1% මේවගෙ දරුවෙක් වෙනුවෙන් වියදම් කලානම් මෙ ළමයි ලොකු වෙනකොට කොච්චර වටින නිර්මාණ කරයිද..

    1% වැඩි මචන්. 0.1% උනත් හොඳටම ඇති.