මට කෙලවුනා.....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,256
    74,646
    113
    ලංකාවේ ජිවත් වෙනවා නං අනුන්ට උදවු කරන්න යන මානසිකත්වය අයින් කරගෙන වැඩ කරපන්.
    Ohoma kiyanna epa huththo, etakota jeppo komada rassawak nokara nikan kaka bibi inne 🤭🤭?
     
    • Haha
    Reactions: 2osama

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    loku company ekaka aithi karayek, muslim. e manussya hodai mn wisthare kiwama katha karala udau karannam kiwa. baya wennepa kiwa.


    Uba otha permanent da ? HR eken ubata email ekk ewwa da?
    ow mama permanant den 8 years, mage nama kethw enawa meka eheta meheta kiwama aru.... hr manager kiwa eyata thama ehema mokuth infromd karala nelu, e nisa baya wennepa ehema mokuth wenne nethi wei kiyala thama eya kiyanne.
    ------ Post added on Mar 12, 2023 at 7:33 PM
     
    Last edited:

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    මචන් මේකයි සීන් එක ඔය කතාව ආපස්සට ගිහින් උබ අර pocuh එක ගෙදර ගේන්නේ නැතුව ඒකට ඕනේ මගුලක් කරගනින් කියලා බස් එකේ කොන්දට දීලා ආවා නම් උබේ ජොබ් එකත් තියෙනවා,පොලිස් බල්ලොන්ගෙන් කතා අහගන්න ඕනෙත් නෑ.උබ මොකටද බන් අනුන්ගේ රෙද්දවල් පරිස්සම් කරලා උන්ට බාර දෙන්න යන්නේ? ඕකට තමා කියන්නේ කල හොඳ පස්සෙන් එලවනවා කියලා.මේක ලංකාව බන්.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඔය වගේ පොඩි දේකට රෑ 12 කිට්ටු කරලා ඔයාව හියන් එන්න තරං සම්පත් නැහැ ලංකාවේ පොලිසියට, ඔයා මෙතන නොකියන වෙන ලොකු දෙයක් තියෙනවා ඇරෙන්න.
    ow ara mama enna ba kiwwama e manussya kiyala thiyenawa 'e emallita enna bainam mama wahanayak aran yanna e gedarata kiyala, police huttala denna epa kiyala' passe thama mata hethuwa meter une, e manussya arakath aran policiyen eliytawa awata passe e manussayaa yanna hadnakota katha karala pettaakata ada gahala monado kiwa, ita passe ara manussya salli liyum kawara dkeka dile ara police dial dekata. aithi karaya re wela mawa hoyan aawanam mama bag eka dneawa, ehema noth ara police keriyo dennata kiyakwath kadagannata beri wenawane.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබට එක දෙයක් කියන්නද... වැඩ කරන තැන ඉන්නෙ යාලුවො කියල හිතාගෙන ඉන්නවනම් දැම්මම ඒක වෙනස් කරගනින්. වැඩ කරන තැන්වල ඉන්නෙ යාලුවො නෙවේ. ඒ වෙලාවට හම්බෙන උන් ටිකක් විතරයි. වැඩ කරන වෙලාවෙ විතරක් ඒ ගනුදෙනු තියාගනින්. අනික ඔය කියන විදිහට අම්පැනියෙ උන් උබත් එක්ක ඉන්නෙ එච්චර හිත හොදකින් නෙවේ වගේ. ඔව්ව සාමාන්ය දේවල්. කම්පැනියකට අපි තව එක සේවකයෙක් විතරයි. ඒ හින්ද කොයිම වෙලාවකවත් ඕනවට වඩා කරන්න යන්න එපා. වෙලාව ඇතුලත තියන වැඩ ටික හරියට කරල ගෙදර වරෙන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔයාට ඔචර එක ගැන කැක්කුමක් තියෙනවා නම් ඔයාට තිබ්බේ කොන්දොස්තර ගේ අතට ඕක දීලා බස් එකෙන් බහින්න නේ

    එහෙම අයිතිකාරයෝ නැති පාර්සල් ලග මමනම් වාඩි වෙන්න බයයි , කුඩු පාර්සල් එකක් එහෙම තියලා තිබ්බා නම් කවුරු හරි උබටම ගේමක් දෙන්න උබ ඉවරයි, අන්න එක නිසා මමනම් බස් එකේදී බෑග් එකක් දුන්නත් අතට ගන්නේ නැහැ නිකන් ඉල්ලන්න කන්න බැනේ
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඔයාට ඔචර එක ගැන කැක්කුමක් තියෙනවා නම් ඔයාට තිබ්බේ කොන්දොස්තර ගේ අතට ඕක දීලා බස් එකෙන් බහින්න නේ

    එහෙම අයිතිකාරයෝ නැති පාර්සල් ලග මමනම් වාඩි වෙන්න බයයි , කුඩු පාර්සල් එකක් එහෙම තියලා තිබ්බා නම් කවුරු හරි උබටම ගේමක් දෙන්න උබ ඉවරයි, අන්න එක නිසා මමනම් බස් එකේදී බෑග් එකක් දුන්නත් අතට ගන්නේ නැහැ නිකන් ඉල්ලන්න කන්න බැනේ
    atta bro katahwa etta.... hdaoata hithata gatta mama
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    ow mama permanant den 8 years, mage nama kethw enawa meka eheta meheta kiwama aru.... hr manager kiwa eyata thama ehema mokuth infromd karala nelu, e nisa baya wennepa ehema mokuth wenne nethi wei kiyala thama eya kiyanne.
    ------ Post added on Mar 12, 2023 at 7:33 PM
    මට පේන්නේ උබ ඕනවට වඩා හිතල දැන්.. මෙහෙම වෙයි කියල .. එච් ආර් එකෙන් අවුලක් නැත්නම් .. අනිත් උන් අදාල කර ගන්න එපා.
    නැති උන ටැබ් අනම් මනම් ගැන උබට උඩින් ඉන්න කෙනාට දන්වල නම් තියෙන්නෙ එච්චරයි... ඇහුවත් ඒක කියපන්.
    හැබයි මට පේන්නේ ඔතන ඉන්න උන් උබත් එක්ක ප්‍රශ්න තියනව වගේ
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන

    :dull: තමන්ට අදාල දෙයක් නෙමෙයි නම්, තමන්ගෙ දෙයක් නෙමෙයි නම් මමනම් මලාට කිසිම මහත්තයෙක්ට උදවුවක් කරන්න යන්නෙ නෑ.. මමත් මීට ගොඩ කාලෙකට කලින් ඔහොමමයි.. උබේ ලෙවල් එකට කෙලවෙලා නැතත් කෙලවීගෙන එද්දිම පාඩම් ඉගෙන ගෙන ඔය එකේකාට පැනල උදවු කරන උණ මං විසින්ම සනීප කරගත්තු නිසා දැන්නම් හිතේ සනීපෙන් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙනව.. පාරක accident එකක් වෙලා ඉන්න මනුස්සයෙක්ව වත් තමන්ගෙ වාහනේක දාන් hospital අරන් ගියොත් ලංකාවෙ පකේ නීතියෙන් ඒ උදවු කරපු මනුස්සයට නස්තෙටම උකවල තමයි නවතින්නෙ...
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ලංකාවේ පණ අදින එකෙක් උනත් මැරෙන්න ඇරලා නිකං ඉදපන් . ඌව ඉස්පිරිතාලෙ එක්කන් ගියත් චාටර් කන්න පොලිසිවලට යන්න වෙන්නේ අපිට . අප්පෝ ඔය මල් වට්ටි වලටනම් සම්මාදම් වෙන් නෑ. බස් එකේ දෙයක් උනත් නොදැක්කා සේ යනවා . ස්ව ආරක්ශාවට තර්ජනයක් නම් නෙලුවා සට පට ගාල මාරු උනා. යකාගේ හැටියට විමානේ

    උබේ HR එකට ඕම කරන්න බෑ කියපන් කම්කරු දෙපාර්තමේන්තුව යනවා කරන්න පුලුවන් දෙයක් කරපන් කියලා. පෞද්ගලික දේකට කොම්පැනියට කිසිම දෙයක් කරන්න බෑ විශේශ හේතුවක් නැතුව හෝ කොඩ් ඔෆ් කන්ඩක්ට් වයලේශන් එකක් නැතුව
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Meka pahadili karapan
    බුදුරදුන් දෙව්රමෙහි වැඩසිටින සමයෙක පාප කර්මයෙන් සොරකමට යොමු වූ එක්තරා සොර කණ්ඩායමක් රාත්‍රියක නගරයෙහි ජලය බැහැරට ගලා යන කාණුවක් දිගේ රහසින් පැමිණ, මහා ධනවතකුගේ නිවසට ඇතුළු වූහ. එහි තිබූ බොහෝ රන් රිදී මසු කහවණු සියල්ල පැහැර පැමිණි මග දිගේම ආපසු පිටත්ව ගියහ. ඔවුහු රාත්‍රියෙහි කුඹුරක් අසලට ගොස් මෙම සොරා ගත් දෑ බෙදා හදා ගන්නට වූහ.

    මෙම සොරුන් අතරෙහි වූ එක් නීච හොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන සේ කහවණු දහසක් වෙනම පොට්ටනියක් සේ බැඳ තම උකුලෙහි තබා ගනිමින් අනෙක් රන්මිණි මුතු මැණික් බෙදාලීමෙහි යෙදුණේ ය. උදෑසන පහන් වන්නට ආසන්න වූ හෙයින් ඔවුහු ධනය කොටස් කොට ගෙන ඉක්මණින්ම යාමට පිටත් වූහ. කහවණු දහසේ පොදිය උකුලෙහි තබා සිටි නීච සොරා නැගිටින විට එය අමතක වී බිමට වැටිණි. එය ආපසු ගන්නට ඔහුට නොහැකි විය. ඒ බව නොදත් සොරු තම තමන්ගේ ගම් බිම් වෙත ළඟා වූහ.

    එදින අලුයම් වේලෙහි ලොව බලා වදාරන බුදුරදුනට මේ මුදල් තොගය වැටී තිබූ තැන ඇති කුඹුරෙහි සී සාන්නට එන ගොවියෙකු මේ මුදල් ටික අහුලා ගැනීම නිසා සොරෙකු ලෙස චෝදනාවට ලක්වන අයුරු දැක මෙම ගොවියාට සෝවාන් වීමේ වාසනා මහිමයද ඇති හෙයින් මොහු එයින් මුදා ගනිමියි සිතා බුදුපියාණෝ අනඳ තෙරුන් සමඟ මෙම කුඹුර දෙසට වඩින්නට වූහ. පාන්දරින් ම කුඹුරට එන්නට පුරුදුව සිටි ගොවියා එදිනද වෙනදා මෙන්ම සී සෑම උදෙසා කුඹුරට ළඟා විය. සී සාන්නට කුඹුරට බට ගොවියාට තම කුඹුර අසලින් බුදුහිමියන් වඩින බව දැක සී සෑම නතර කොට වහාම ගොඩට විත් බුදුරදුන්ට නමස්කාර දක්වා ආපසු සීසාන්නට වූහ.

    මේ අතරෙහි ඒ ආසන්නයෙහිම වැටී තිබූ කහවණු පොදිය දුටු බුදුපියාණෝ ගොවියාට ඇසෙන්නට ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැයි’ කිහිප විටක්ම ඇසූහ. ස්වාමීනි ඒ විෂ ඝෝර සර්පයා දුටුවෙමි’යි ආනන්ද තෙරණුවෝද කිහිප විටක් පිළිතුරු දුන්හ. අනතුරුව මේ ප්‍රකාශයෙන් මෙම ගොවියාට මහත් සෙතක් වන බව දත් බුදුපියාණෝ එතැනින් නික්ම ගියහ. බුදුහිමියන්ගේ මෙම කතාව අසා සිටි ගොවියා සී සෑම නතර කොට තම කුඹුරෙහි කවර තැනෙක හෝ විෂඝෝර සර්පයෙකු වෙති’ යි සිතා ඌ මරා දමමි’යි මුගුරක් ද රැගෙන කුඹුරෙන් ගොඩට පැමිණ ඔබ මොබ සොයන්නට විය. එහෙත් සර්පයෙකු නොදුටු ඔහුට කාසි පොදිය හමුවිය. විශාල මුදලක් හිමි වූ බව සිතා ගත් ගොවියා තම පාදයෙන් වළක් කැණු එහි මසුරන් පොදිය බහා පසින් වසා ආපසු කුඹුරට බැස සී සාන්නට විය.

    සොරුන් බිඳි ධනවත් නිවසෙහි ඇත්තෝ උදෑසන පිබිද තමන්ට සිදුව ඇති විපත දැක මහත්සේ කම්පාවට පත්වූහ. අනතුරුව නිවැස්සෝ සොරුන් පැමිණ ඇති මාර්ගය පා සටහන් ඔස්සේ සොයන්නට වූහ. එම පා සටහන් ඔස්සේ සොයා ගෙන පැමිණි ගෙහිමියනට සොරුන් නැවතී මුදල් බෙදා ගත් තැන හමු විය. එතැනින් සොරුන් විසිරී ගිය හෙයින් පා සටහන් සෙවිය නොහැකි විය. ධනවතුන් කල්පනා කළේ මෙම කුඹුරෙහි සී සානු ලබන්නේ ඒකාන්තයෙන් ම මෙම සොරා විය යුතුය කියාය. ඔවුන් තවදුරටත් පා සටහන් විමස විමසා යද්දී ගොවියාගේ පාදයෙන් පොළව සාරා තිබූ ස්ථානය හසු විය. එය කැණ බැලූ විට කහවණු පොදිය හමු විය. ගොවියා සොරා බවට පත්විය. රාත්‍රියෙහි තම නිවස බිඳ ධනය සොරකම් කොට රැගෙන විත් දහවල ගොවියෙකු සේ රඟ දක්වන්නේ යයි චෝදනා කොට තලා පෙළා රජතුමන් ඉදිරියට රැගෙන ගියේ ය.

    සියල්ල රජු හමුවට ඉදිරිපත් කළ විට ඒකාන්තයෙන්ම මොහු සොරා යයි නිශ්චය කොට මරණ දඬුවම නියම කළේ ය. රාජ පුරුෂයෝ ඔහු අල්වා බැඳ කසවලින් පහර දිදී වධ බන්ධනයට ලක් කරමින් මරණයට රැගෙන ගියහ. කසයෙන් තැලුම් කන ගොවියා කිසිත් නොකියා බුදුරදුන් වදාළ ‘ආනන්ද සර්පයා දැක්කෙහිද? එසේය ස්වාමීනි විෂඝෝර සර්පයා දුටුවෙමි” යන්න පමණක් කාටත් ඇසෙන ලෙස කියන්නට විය. මේ කවර කතාවක්දැයි රාජපුරුෂයන් විමසූ විට ගොවියා පළ කළේ එය බුදුරදුන්ගේ කතාවක් බවයි. එය කවරක්දැයි විමසූ විට එය රජුන් හමුවේ පමණක් කියන්නෙමි’යි කීය. එවිට රාජපුරුෂයෝ මෙම ගොවියා නොතලා ආපසු රජුන් හමුවට රැගෙන විත් මොහු මෙවන් දෙයක් කියන්නේ යයි පැමිණිලි කළෝ ය.

    ඒ කියන කතාව කිමෙක්දැයි රජතුමා ගොවියාගෙන් ප්‍රශ්න කළේ ය. එවිට තමා සොරෙකු නොවන බවත් අහිංසක ගොවියෙකු වන බවත් උදෑසනම කුඹුරට පැමිණ, සී සෑමෙහි දී යෙදුණු බවත් එදින සිදු වූ සිදුවීමත් රජතුමාට කියා සිටියේ ය. රජතුමා මොහුගේ කතාව පරීක්‍ෂා කරමි’යි සිතා එදින සවස් යාමෙහි ගොවියාද රැගෙන දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්ස, අද උදයෙහි ඔබවහන්සේ අනඳ තෙරුන් ද සමඟ මේ ගොවියා සී සාන කුඹුර අසළට වැඩි සේක්දැයි විමසා සිටියේ ය. එසේය මහරජ තමන් වහන්සේ වැඩියෙමි යි පිළිවදන් දුන්හ. එහිදී ‘යමක් දුටුවෙහිද? භාග්‍යවතුන් වහන්ස’ යනුවෙන් රජතුමා නැවත ඇසීය. එසේය මහරජ තමන් දහසින් බැඳි පියල්ලක් වැටී තිබෙනු දැක මෙම ගොවියා ඒ ඔස්සේ විපතට වැටෙනු දැන’ ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් කී බවත් ආනන්ද තෙරුන් එයට දුන් පිළිතුරත් බුදුහිමියෝ රජුට වදාළහ.

    ඒ ඇසූ රජතුමා මෙම ගොවියා ගැන මහත් සේ සතුටුව ඔහු සොරෙකු නොවන බව දැන තථාගතයන් වහන්සේ කී වචනම එලෙසම කිය කියා මරණයට ගිය හෙයින් එම වචනයේ බලයෙන් ම ජීවිතය ලද බවත් නැතහොත් මොහු සොරෙකු සේ සලකා මරණයට ලක් වන අයුරුත් රජතුමා බුදුහිමියන්ට කියා සිටියේ ය. එවිට බුදුහිමියන් වදාළේ යම් නුවණැත්තෙකු යමක් කොට එයින් පසුතැවිල්ලට හේතු වන්නේ ද එවන් දෑ කිසි විටෙකත් නොකළ යුතු බවයි. මේ දහම ඇසූ ගොවියා සෝවාන් වී සසර කෙටිකර ගත්තේ ය.

    අන්‍යයන්ගේ මුදල් සර්පයෙකු වූයේ පෙර අතීතයෙහි පමණක් නොවේ. මේ දහම සාර්වත්‍රිකය. කවර කාලයක වුව අන්‍යයන්ගේ මුදල් නොනිසි මාවත් ඔස්සේ තමා සතු කර ගන්නට කුමන්ත්‍රණ කරන කවරෙකුට වුව ගොවියා විඳි දුක් ගැහැට විඳින්නට සිදුවනු ඒකාන්තය.
    www.budusarana.lk


     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මට පේන්නේ උබ ඕනවට වඩා හිතල දැන්.. මෙහෙම වෙයි කියල .. එච් ආර් එකෙන් අවුලක් නැත්නම් .. අනිත් උන් අදාල කර ගන්න එපා.
    නැති උන ටැබ් අනම් මනම් ගැන උබට උඩින් ඉන්න කෙනාට දන්වල නම් තියෙන්නෙ එච්චරයි... ඇහුවත් ඒක කියපන්.
    හැබයි මට පේන්නේ ඔතන ඉන්න උන් උබත් එක්ක ප්‍රශ්න තියනව වගේ
    yes dear,

    i am the responsibe person for their progress data, so if they have not achived it sometime they try to hide it or show fake data in systems for reports, most of the time i refuse to amend data, but if they have valid reason i will do the needfull with out any hesitation. so refusing times are more, than the accepting in my hand. so even they are in top level, some times i refuse.