දැන් පිට මිනිස්සුන්ගේ කේලම් වලින්ද උඹලාගේ ගෙදර එවුන් ජීවත් වෙන්නේ? තීරණ ගන්නේ? ඈ? පිට එවුන්ට ඕනේ විදියටද? යකෝ පිට හැත්තට තෝ ඔය කෙල්ල බැන්ඳත් එකයි වෙන කෙල්ලෙක් බැන්ඳත් එකයි. දවසක් දෙකක් කතා කියලා උන් උන්ගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා. අපේ මෝඩ හරක් උන් කියන පලියට නටන්න ගිහින් ජීවිතේම කෙලව ගන්නවා. ලංකාවේ තරම් අනුන්ගේ කුණු හොයන රටක් මම නම් දැකලා නෑ. කෙල්ලට අකමැති වෙන්න වෙන සිද්දියක් ඇතිනේ. පිට එවුන් කේලම් කියලා තියෙන්නේ මොනවාද? ඒකි වටේ යනවා කියලාද? නිකරුනේ අකමැති වෙන්න විදියක් නෑනේ. දෙන්නට දෙන්නා ලව් නම්, ඉඳපල්ලා ඉවසලා. කෙල්ලටත් කියපන් කොච්චර ප්රෙශර් කරත් බඳින්න බැහැ කියන්න කියලා. ටික කාලෙකින් කැමැති වෙයි ගෙවල් වලින්.
ප.ලි : ජීවිතේ කවමදාවකවත් දුකින් ඉන්න කාලේක මහනවෙන්න හදන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ටික කාලේකින් හිත වෙනස් වුනාම ආයේ පරණ දේවල් මතක් වෙලා පැවිද්ද අත්හරිනවා. එහෙමත් වීර්යයක් තියෙන කෙනෙක් තමා මහණදම් එහෙම තියෙද්දිත් හරියට පුරන්නේ. ජීවිතේ ගැන තේරුම් අරන් මිසක්, දුකක් ඇති වුන පළියට මහණ වෙනවා වගේ මොඩ තීරණ ගන්න එපා. අනික ජීවිතේ කියන්නේ ආදරයම විතරක් නෙමෙයි. එක කොටසක් විතරයි. එක කොටසක් නිසා මුලු ජීවිතයක් නැති කර ගන්න එපා.