ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
